Pages

Sunday, December 3, 2017

වැදගත් සිදුවීම් රැසක් වූ උඳුවප් පොහොය අදයි! සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි!

වසරේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් ලොව පුරා බෞද්ධ සැදැහැවත්හු වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙති.

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ද අද වැනි පොහෝ දිනෙක සිදු විය.

බුදුන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුමැතිය ලැබ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස ජය ශ්‍රී මහා බෝ සමිඳුන් දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවන්නේ ඒ අනුව ය.

එවක පටන් බෞද්ධාගමික පුනර්ජීවණය ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරු‍ණේ, මෙරට මෙහෙණි සස්නෙහි ඇරඹුම ද සනිටුහන් කරමිනි.

මේ අතර උඳුවප් පුර පසළොස්වක පොහෝයත් සමග සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වේ.

http://www.colombotoday.com/40232-262/

0 comments: