Pages

Saturday, March 24, 2018

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි.

“ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය හා දළදා මාලිගාව පිහිටා තිබෙන පූජනීය නගරය වන මහනුවර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර දැඩි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ වසර 30ක් දීර්ඝ යුද්ධය අවසන් වී වසර 6ක් ගතවී තිබේ. එම වසර 6ක ප්‍රගතිශීලී සාමය බිඳ දැමුවේ කවර බලවේගයක් යනුවෙන් ඔවුන් ප‍්‍රශ්න කර තිබේ.

දිවයිනේ නැගෙනහිර වෙරළ හා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පැවති සන්සුන් බව බිදී ගොස් ඇත. නැගෙනහිර පළාතේ අම්පාර සහ පූජනීය මහනුවර මෙන්ම ඒවායේ උප නගරයන්ද සතියකට වඩා වැඩි කාලයක සිට කැරලි කෝලාහලවලින් පිරී ගොස් ඇතග රටේ මහජාතිය වන සිංහල කලහකාරී පිරිස් රටේ දෙවන විශාලතම සුළු ජාතිය වන මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ කඩ සාප්පු පහරදුන් බව වාර්තා වෙයි.

එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර දෙදෙනෙක් රෝහල් ගතකර තිබේ. අමිත් ජීවන් වීරසිංහ නැමති ප්‍රධාන සැකකරු ඇතුළු 81 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවමත් ජාත්‍යන්තර මාධ්‍ය අති බහුතරය විශේෂයෙන්ම මැදපෙරදිග සම්බන්ධ මාධ්‍ය සිද්ධිය ලේ පිපාසිත සිංහලයන් හා ගොදුරු බවට පත්වූ මුස්ලිම්වරුන් ලෙස වාර්තා කරමින් අතිශයෝක්ති ගත චිත්‍රයක් සමාජගත කරමින් සිටී. නමුත් වියෝන් අපි ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල විශ්ලේෂකයන්ට කතා කරමින් අප සොයාගන්නා චිත්‍රය තරමක් වෙනස් එකකි.

සිංහලයන්ගේ නොඉවසිල්ල වැඩිවී ඇති අතර මෙවර එහි ඉලක්කය දමිල ජාතිකයන් නොව රටේ වෙසෙන මිලියන දෙකකට ආසන්න මුස්ලිම්වරුන් බව සත්‍යයකි. ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. නමුත්, 2009 සිට මුස්ලිම්වරුන් පිළිබඳව රට තුළ වර්ධනය වන අවිශ්වාසයට මූලික වූ හේතුව විමසා බැලිය යුතුය.

එයට මූලික හේතුව වී ඇත්තේ ලොව ඉව්සිලිවන්තම හා සාමකාමීම මුස්ලිම් ප්‍රජාවන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතර වහාබිවාදය පැතිර වීමයි.

ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියා වන මාලදිවයින ඒකාධිපති ජනාධිපතිවරයාගේ ආශිර්වාද මධ්‍යයේ දැනටමත් සෞදි අරාබියේ ධනය හා රැඩිකල් ඉගැන්වීම්වලින් පීඩා විඳින බව නොරහසකි.

සෞදි අරාබිය ඉංග්‍රීසි කතා කරන වහාබි දේශකයන් පුහුණු කරමින් ලොව වටා රටවල්වලට පිටත්කර යවන අතර ඒ සඳහා විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන දකුණු ආසියාව තරම් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් වෙනත් කලාපයක් නැත.

ස්මයිල් මින්ක්, සාකිත් නායක් හා තාරික් ජමීල් යනු සෞදිය විසින් පුහුණුකර යැවූ එවැනි මතභේදාත්මක කථිකයන් අතරින් කිහිප දෙනෙකි. මින්ක්ට එක්සත් රාජධානියට හා සිංගප්පුරුවට පිවිසීම තහනම් කර ඇති අතර සාකිත් නායක් ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක් කර ඇත.


ශ්‍රී ලාංකික වාර්තාකරුවන් රිස්වි මුෆ්ති සහ මුයිස් බුඛාරී වැනි වහාබි දේශකයන් වෙත ඇඟිල්ල දිගු කරයි. දැන් මෙම සංඛ්‍යා ලේඛන දෙස අවධානය යොමු කරමු. මදර්ශාහ් (ඉස්ලාම් ආගම උගන්වන ආයතන) 749ක්, ඉස්ලාම් විශ්වවිද්‍යාල එකක්, අවම වශයෙන් ප්‍රධාන මුස්ලිම් පල්ලි 10ක් හා දුසිම් ගණනක් කුඩා මුස්ලිම් පල්ලි ශ්‍රී ලංකාව තුළ ඇත. ඒ අතරින් මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි දේශකයන්ගේ ග්‍රහණයේ පවතින අතර ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනෙක් පමණ ඉස්ලාම් ජනපද ISIS ත්‍රස්ත ව්‍යාපාරයට බැදී ඇති බව වාර්තා වෙයි.


සිංහලයන්ගේ නොඉවසිල්ල වර්ධනය වීමට මූලිකම හේතුව ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ඉවසිලිවන්ත ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැසිරීමේ දක්නට ලැබුණ වෙනස්කම් නිසා බවයි.


මුස්ලිම් දේශකයන්ගේ වර්ධනය වන කර්කශ බව හා හිජාබය දිවයිනේ ප්‍රචලිත කිරීම එම වෙනස්කම්වලට මග පාදා තිබේ.


එහෙත් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ කැරැල්ලට මග පෑදු තවත් විශ්මිත අංගයක් පසුගිය 08 වන දා ලංකන් ඩේලි වෙබ් අඩවිය සඳහා ඔහු දායක වූ ලිපියක පෙන්වා දුන්නේය.


කෙසේ හෝ ශ්‍රී ලංකාව කෑලි වලට කැඩීමට අපේක්ෂාවෙන් සිටින විදේශ බලවේගයන් දෙසට හෙතෙම ඇඟිල්ල දිගු කරයි.

එම සංසිද්ධිය ඉන්දියන් සාගරය මධ්‍යයේ, තීරනාත්මක තෙල් නැව්ගත කිරීමේ නාවික ගමන් මාර්ගයක, පිහිට තිබෙන ශ්‍රී ලංකාව තරම් හොඳින් කිසිදු රටක් අත්දැක නැත.

වියෝන් ප්‍රවෘත්ති අංශයේ සිට පද්මා රාඕ සජීවීව දැන් මා හා සම්බන්ධ වනවා.

සුබ සන්ධ්‍යාවක් පද්මා, වසර ගණනාවක දමිල අන්තවාදයෙන් පසු දැන් අප බලමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනය දෙස.

ත‍්‍රස්ථවාදය මෙහෙය වූ දමිල ජනතාව අතර ත්‍රස්තවාදය හා එකම තලයක තැබීමට තරම් දුරට මා යන්නේ නෑ. එයට දෙමළ ත්‍රස්තවාදය කීම එතරම් ගැලපෙන්නෙ නෑ, මොකද එම ත්‍රස්තවාදය තිබුනේ දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය ආධාර, සහාය සහ අනුබලය ලැබුණු පුද්ගල කණ්ඩායමක ග්‍රහණයේ.

එම නිසා අපි එවැනි සංසන්දනයක් නොකර ඉමු.

නමුත් නිසැකවම ඔව්, මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනයක් තිබෙනවා, ඒක විශ්ලේෂකයොත් පෙන්වා දෙන්නේ. 2009 යුද්ධය අවසන් වූ දා සිට එය වර්ධනය වෙමින් තිබෙනවා.

ඒ වගේම ඔබ දන්නවා දේශ සීමා, බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ සිදුරු සහිත දේශ සීමා හා ආගමන පාලකයන් එවැනි රැඩිකල්වාදීන් රට තුළට ඇතුල් වීම හා ක්‍රමයෙන් ඔවුන්ගේ ඉගැන්වීම් ව්‍යාප්ත කරමින් ලොව ඉවසිලිවන්තම මුස්ලිම් ප්‍රජාවකගේ මනසට විෂ ඇතුල් කිරීම වැලක්වීමට ගන්නා පියවර ප්‍රමාණවත් නොවීම පිළිබඳවය.

ඔබ දන්නවා මාලදිවයින වැඩි ඈතක නොවෙයි තිබෙන්නේ, දිශාවන් දෙකෙන්ම එනම් මාලදිවයිනෙන් සහ කොළඹ ගුවන් තොටුපොලෙන් වහාබි දේශකයන්ගේ ඇතුල්වීම සිදුවෙමින් තිබෙනවා. ඔවුන් මිනිසුන් මුණගැසෙමින්, රැස්වීම් පවත්වමින් වහාබ්වාදය උගන්වමින් සිටිනවා.

සාමාන්‍ය ගම් වැසියන් මේ චිත්‍ර දෙකක් දැක, කතාවක් ගොඩනගාගෙන තිබෙන්න අනුමාන වශයෙන්, ඔවුන් ඉස්ලාම් ජනපදය දකිනවාල ඒවගේම ඔවුන් අහල තිබෙනවා.

ISIS ත්‍රස්තවාදයට එක් වූ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනා පිළිබඳව. මේ කුඩා ගම්වල සාමාන්‍ය වැසියෝ බියට පත්වෙනවා ඔවුන්ගේ ප්‍රදේශවලට, එම කලාපයට ආවේණික නොවන සලකුණු දකින විට. එනම් පල්ලිවල වහාබි දේශකයන්, වැඩි වැඩියෙන් මුහුණ ඇතුළු මුළු සිරුරම ආවරණය කරගත් කාන්තාවන් දකින විට. ඔබත් දන්නව මේවා විදේශ මෙහෙයවීම්, එවැනි විදේශීය බලපෑම් එල්ලවන විට මිනිස්සු කලබලයට පත්වීමේ නැඹුරුවක් තිබෙනවා.

කෙසේ වුවත් මීට පෙරත් කියූ පරිදි, මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, කිසිදු ප්‍රජාවකට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට, බහුතරය හෝ සුළුතරය වේවා වියෝන් සහාය නොදක්වන බව.

නමුත්, අවාසනාවකට අපට සිදුවෙනවා මෙවැනි සිදුවීම්වල මූලය දෙස බැලීමට.

අපට බෑ සියලුම සිංහලයන් හා සියලුම මුස්ලිම්වරුන්ට එකම ලේබලයක් ගහල වර්ග කරන්න ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය සතියක කාලය තුළ සිට කරමින් ඉන්නවා වගේ.”

උපුටා ගැනීම – අද දෙරණ

Source

සබැඳි ලිපි -
[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

]

Tuesday, March 6, 2018

තෙල්දෙනිය කුඔුක්කදුරේ සිංහල පවුල් ඉල්ලක්ක කර මුස්ලිම් ප්‍රහාරයක්

තෙල්දෙනිය කුඔුක්කදුර ප්‍රදේශයේ ජීවත්වෙන සිංහල ජනතාවට මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ප්‍රහාර දීමට පටන්ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වෙන අතර, මුස්ලිම් පවුල් 800 ක් සහ සිංහල පවුල් 70 ක් පමණක් ජීවත්වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

තුවාල ලැබූ කිහිප දෙනෙකු මේවනවිට රෝහල් ගත කර ඇත.

තෙල්දෙණිය ප්‍ර දේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිංහල තරුණයෙකු අමානුෂික ලෙස පහර දි ඝාතනය කෙරුණු උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියාගේ අවසන් කටයුතු යෙදී තිබුණු අද දිනයේදී තෙල්දෙනිය, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි නොසන්සුන් තාවයක් හටගත්තා.

කලබලකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් අද (5) තෙල්දෙණිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. මේවන විට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට(06) පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

http://www.colombotoday.com/232424-23/

සබැඳි ලිපි -
[

තෙල්දෙණිය සිංහල ගම්මානයට ප්‍රහාර! පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට! අගමැති උලමා සමග විශේෂ සාකච්ඡාවක...http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_66.htmlඔහු දුප්පත් අහිංසක මුසලුවන්ටත් උදව් කළ තරුණයෙක්. මදාවි මුසලුවන් පළාතටම වදකාර වූ පිරිසක්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_6.htmlමුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_2.html
]

තෙල්දෙණිය සිංහල ගම්මානයට ප්‍රහාර! පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට! අගමැති උලමා සමග විශේෂ සාකච්ඡාවක...

මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ විශාල මුස්ලිම් ජාතික පිරිසක් කොල්ලුපිටියේ පල්ලිය අසලට රැස්වී විරෝධතාවය දැක්වූහ.

මුස්ලිම් ජාතික පිරිසකගේ අමානුෂික පහරදීමක් හේතුවෙන් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මුස්ලිම් ජාතික වෙළදසැල්වලට පහර දීමක් දක්වා දිරදිග ගියේය.

මේ අතර ඊයේ රාත්‍රියේ තෙල්දෙණිය කුඹුක්කදුර සිංහල ගම්මානයේ නිවාස කිහිපයකට කලහකාරීන් පිරිසක් පහරදී ඇති අතර, පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

http://www.colombotoday.com/45192-263/

සබැඳි ලිපි -
[

ඔහු දුප්පත් අහිංසක මුසලුවන්ටත් උදව් කළ තරුණයෙක්. මදාවි මුසලුවන් පළාතටම වදකාර වූ පිරිසක්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_6.htmlමුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_2.html
]

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

කොළඹ ප්‍රධාන පෙළේ රෝහල්වල සායනවලට පැමිණෙන බෞද්ධ කාන්තාවන් සඳහා ටිකට්‌ පතක් ලබාදී නොමිලේ බුෆේ කෑම සපයන සංවිධානය පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහති පවසයි.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල් ඉදිරිපිට මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක සිට ආහාර ලබාදෙන බව ඒ මහතා කියා සිටී. මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතු බවත් මේ ස්‌ථානවල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතු බවත් ඔහු අවධාරණය කරයි. යෑයි සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අසේල සම්පත් මහතා,

“දැන් මේ නොමිලේ ලබාදෙන ආහාර ශරීර සෞඛ්‍යයට හොඳද කියන එක ගැන රජයේ බලධාරීන් කිසිම ප්‍රකාශයක්‌ කරන්නේ නැහැ. මේක ජාතිවාදය අවුස්‌සන දෙයක්‌ නොවෙයි. මේක ශරීර සෞඛ්‍ය ගැන තිබෙන ප්‍රශ්නයක්‌. දැන් කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල, කාසල්, සොයිසා කියන රෝහල්වල සායනවලට දුරබැහැරින් එන රෝගීන්ට මේ සංවිධානයේ අය ගිහින් ටිකට්‌ එකක්‌ දීලා දවල්ට කෑම කාලා යන්න එන්න කියනවා. ඉතිං අපේ තරුණියන්, කාන්තාවන් ඒ තැන්වලට ගිහින් කෑම කනවා. ඒ කෑම දෙන ස්‌ථානයේ ගහලා තියෙනවා කෑම පිටතට රැගෙන යාම තහනම් කියලා. එතැන කුකුළ් මස්‌, හරක්‌ මස් ,‌ මාළු, එළවළු යනාදිය තියෙනවා. මේවායේ සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න කොන්දක්‌ ඇති පී. එච්. අයි. මහත්වරුන් යොදවන්න. එහෙටයි මෙහෙටයි වැනෙන අය අපිට එපා. කෙලින් තීරණ ගන්න පුළුවන් අය පත්කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

http://www.colombotoday.com/45212-26/

නූතන ලෝක ධර්ම සන්නිවේදනයේ පුරෝගාමියා වූ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම මාහිමියෝ

ලොව පුරා විසිර සිටින බෞද්ධයනට ශ්‍රී සද්ධර්මය සන්නිවේදනය කළ නූතන යුගයේ ධර්මසන්නිවේදකයාණන් වහන්සේ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්‌වාමින් වහන්සේ යෑයි කීම අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත. සාසනමාමකත්වයත්, ශ්‍රද්ධා සීල ගුණ සම්පන්තියත්, සංවිධාන ශක්‌තියත්, ආත්ම විශ්වාසයත්, නිර්භීතභාවයත්, උපායශීලිත්වයත්, මහජන ආකර්ෂණ සම්පත්තියත්, කරුණා මෛත්‍රි ගුණයත් දරණාගම කුසලධම්ම නම් වූ ඒ ප්‍රතාපවත් භික්‍ෂු ප්‍රතිරූපය සම්බෝධි සත්මහල් පහය මෙන් ශක්‌තිමත්ව ගොඩනැගෙන්නට ඉවහල් වූ සාධකයන්ය.

 1989 වසරේ නොවැම්බර් මාසයේ දී මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට කුසලධම්ම හිමියන් පැමිණෙන්නේ පරමපූජනීය අග්ගමහා පණ්‌ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ යටතේ තම ජීවිතය සකසාගෙන සිය පැවිදි දිවිය ශාසනානුලෝමව ගොඩනගාගැනීමේ බලාපොරොත්තුවෙනි.

 එවකට මා මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ උපස්‌ථායකයා වූ බැවින් කුසලධම්ම හිමියන් නා සමිඳුන්ට මුණගැස්‌වීමේ වගකීම පැවරෙන්නේ මා වෙතය. මෙම තරුණ භික්‍ෂූන් වහන්සේට මහරගම ධර්මායතනයේ හා වජිරාරාම භික්‍ෂු සම්ප්‍රදාය ගැන පහදා දී ඊට එකඟව සිටිය හැකි නම් අප ආයතනයක විසිය හැකි බව පැවසූ මහනාහිමියෝ මේ භික්‍ෂු නම අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවන්ට මුණගස්‌වන ලෙස මට පැවරූහ.

 අතිපූජනීය අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේ වැඩසිටි සීමාමාලකය අසල කුටිය වෙත කැඳවාගෙන ගොස්‌ කුටියේ දොරට තට්‌ටු කළෙමි. උන්වහන්සේ කහ පැහැති සිවුරක්‌ පොරවා කෙස්‌ මදක්‌ වැවී තිබුණු මෙම තරුණ භික්‍ෂූන් වහන්සේ දෙස බලා මගෙන් විස්‌තර විමසූහ. නැවත වරක්‌ කුසලධම්ම හිමියන් වෙත බලා තමා හමුවීමට කලින් කෙස්‌ රැවුල් බාල පිළිවෙළකට එන්න යෑයි කියා කාමරය තුළට ගිය ලොකු හාමුදුරුවෝ රේසරයකුයි තුවායකුයි සබන් කෑල්ලකුයි කසට පැහැ ඇති අඳනයක්‌ සහ සිවුරකුයි ගෙන එළියට විත් බාල්දිය ද දී ළිඳට එක්‌කරගෙන යන ලෙස නියම කළහ.

 ධම්මකුසල හිමියන් මගෙන් ඇසුවේ රාහුල හාමුදුරුවෝ මහානායක හාමුදුරුවන්ට වඩා ගොඩක්‌ සැරයි නේද කියල. ලොකු හාමුදුරුවන්ගේ ඒ දැඩි ශික්‍ෂණ ක්‍රමය ගැන පැහැදිලි කරමින් නාන ළිඳට ගිය මා කුසලධම්ම හිමියන්ගේ කෙස්‌ බා ස්‌නානයෙන් පසු නැවතත් ලොකු හාමුදුරුවන් වෙත යොමු කළෙමි. ලොකු හාමුදුරුවෝ දහවල් දානයට වඩින විට කුසලධම්ම හිමියන් කැටුව විත් මේ භික්‍ෂුනමට පාත්තරයක්‌ සොයා දෙන ලෙස නියම කොට දාන ශාලාවට වැඩිය අතර දහවල් දානයෙන් පසු කුසලධම්ම හිමියන් මහනුවර හන්තාන කඳු මුදුනේ පිහිටි බෝවලවත්ත වජිරාරාම ආරණ්‍යය සේනාසනය වෙත කැඳවාගෙන යනු ලැබිණි.

 අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේගේ හා පූජ්‍ය කටුගස්‌තොට සනාථවිහාරි හිමියන්ගේ ආශ්‍රයෙන් වසරක පමණ කාලයක්‌ ධර්ම විනය හා වත් පිළිවෙත් මැනවින් ඉගෙන ගත් පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ උසස්‌ අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහා කොළඹට යැමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ.

 අතිගරු අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ද ප්‍රසාදය දිනාගත් දරණාගම කුසලධම්ම හිමියෝ අතිපූජ්‍ය මඩිහේ මහ නාසමිඳුන්ගේ මගපෙන්වීමෙන් බම්බලපිටිය වජිරාරාමයට පැමිණ උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරත වූහ.

 ගිලානෝපස්‌ථානයට රුචිකත්වයක්‌ දැක්‌වූ කුසලධම්ම හිමියෝ වජිරාරාම වාසීව වැඩ සිටි අතිපූජනීය පියදස්‌සි නාහිමියන්ව ඉතා හොඳින් 

 රැකබලාගත් අතර උන්වහන්සේගේ ශාස්‌ත්‍රීය කටයුතුවලට ද සහාය විණි. මඩිහේ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ උපදෙස්‌ පරිදි විඡේරාම මාවතේ පිහිටි සම්බෝධි විහාරය පියදස්‌සි නාහිමියන් වෙත පැවරීමෙන් පසු දරණාගම කුසලධම්ම හිමියන් ද පියදස්‌සි නාහිමියන්ගේ දෙස්‌ විදෙස්‌ ධර්මදූත මෙහෙවරට සහාය වීමට වජිරාරාමයෙන් සම්බෝධි විහාරයට වැඩම කෙරිණි. අතිපූජනීය පියදස්‌සි නාහිමියන් ඉතා හොඳින් රැකබලාගත් දරණාගම කුසලධම්ම හිමියෝ පියදස්‌සි මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු සම්බෝධි විහාරස්‌ථානයේ භාරකාරත්වයට පත්වූහ.

 අතිපූජනීය පානදුරේ අරියධම්ම මාහිමියන් වහන්සේ, අතිපූජනීය වජිරාරාමවාසී පියදස්‌සි මාහිමියන් වහන්සේ වැනි සංඝ පීතෘන් වහන්සේලා වැඩසිටි මෙම සම්බෝධි විහාරයේ ස්‌වර්ණමය යුගය උදාවූයේ අනතුරුවය. ඒ පූජනීය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දූරදර්ශී නායකත්වයෙනි.

 විවිධ අභියෝග හමුවේ විවිධාකාර විවේචන නින්දා ප්‍රසංශා ඉවසීමෙන් දරාගෙන තමන් වහන්සේගේ ඉලක්‌කය වෙත ගමන් කොට බෞද්ධයනට ම අනන්‍ය වූ බෞද්ධයා රූපවාහිනිය නමින් නාලිකාවක්‌ ආරම්භ කොට පසුකාලීනව එය ස්‌වාධීන ආයතනයක්‌ බවට පත් කොට මනා පරිපාලන ව්‍යqහ ඇතිකොට ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙන්ම විද්යුත් මුද්‍රිත හා අන්තර්ජාල ආදී තාක්‍ෂණ භාවිත කරමින් ධර්මය සන්නිවේදනය කළහ.

 ශ්‍රී ලාංකේය භික්‍ෂු වංශ කථාවේ නව පරිච්ඡේදයක්‌ ලියමින් වත්මන් භික්‍ෂුවකගේ කාර්යභාරය මැනවින් ඉටු කළ දරණාගම කුසලධම්ම මාහිමියෝ භික්‍ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරය වෙනුවෙන් දේශ දේශාන්තර වැඩම කරවනවා වෙනුවට එක තැනක සිට ලොව පුරා දහම් බෙදාදෙන ධර්ම සන්නිවේදන ආයතනයක්‌ බිහිකිරීම රන් අකුරෙන් ඉතිහාසගත වනු ඇත. අතිපූජනීය දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා.

ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත රජවැල්ලේ සුභූති හිමි, විපස්‌සි බෞද්ධ මධ්‍යස්‌ථානය
http://divaina.com/daily/index.php/puwath-2/8355-2018-03-05-15-36-61

ඔහු දුප්පත් අහිංසක මුසලුවන්ටත් උදව් කළ තරුණයෙක්. මදාවි මුසලුවන් පළාතටම වදකාර වූ පිරිසක්!

මහනුවර තෙල්දෙණිය නගරය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවීමට බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් පැහැදිලි කිරීමන් කර ඇත.

සිය ෆේස්බුක් ගිණුම මගින් උන් වහන්සේ සදහන් කර ඇත්තේ මෙවන් අදහසකි.

තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක (ඩිලිවරි වාහනයක ) රැකියාව කරපු කෙනෙක්. ඔහුගේ කාර්ය අදාල සමාගමේ බඩු කඩවල්වලට දැමීම. ජිවත් වෙන්න වෙනත් අදායම් මාර්ග නැතිව දුප්පත්කම හේතුවෙන් ඔහු මේ රස්සාව තෝරාගෙන ඇත්තේ මාසෙකට රු.15000 ක් වැනි සුළු වැටුපකට. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම ඉන්නේ අසනීපෙන්.ඔහුට සහෝදරයෙක් ඉන්නවා ඔහුත් යම් අසනීප තත්වයෙන් පෙළෙන්නෙක්. මේ හැමෝම ගැන බලන්නේ අරවගේ කුලී රැකියාවකින් ලබන සොච්චම් වැටුපෙන්. ඒ හැරුණු විට ඔහු විවාහකයෙක්. මේ තමයි බොහෝ සිංහල පවුල්වලට තියෙන ජිවන ඉරණම.

මේ තරුණයා ප්‍රදේශයේ ජාති භේදයකින් තොරව මුස්ලිම් ජනතාවටත් උදව් උපකාර කරපු ගුණයහපත් තරුණයෙක්. ඒ බව අපි නෙමෙයි කියන්නේ ඒ ප්‍රදේශයේ ඔහු ගැන දන්නා මුස්ලිම් පිරිස්මයි. ගම ඇතුළට ගමනාගමන පහසුකම් අඩු නිසා ඔහු වැඩ කරන වාහනේ සිංහල මුස්ලිම් භේදයකින් තොරව හැමෝම කැටුව ගිහින් බස්සවන බව මුස්ලිම් ජනතාවම සාක්ෂි කියනවා. ඔහු රැකියාව ගැන පමණක් නොව මනුෂ්‍යත්වය ගැනද සලකා බැලූ තරුණයෙක් බව මේ තුළින් පැහැදිලියි.

නමුත් පසුගිය දා තෙල්දෙණිය සෙඩ් එකින් ඉන්ධන ගසා වාහනය හරවා ගැනීමට රිවස් කරනවිට පිටුපස තිබුණු ත්‍රිරෝද රථයේ කණ්ණාඩිය කැඩී තිබෙනවා. එහි සිට ඇත්තේ මත්වතුර බී ගත් මුස්ලිම් තරුණයන් හතර පස්දෙනෙක්. එම තරුණයන් ප්‍රදේශයේ මුස්ලිම් ජනයාගේ පවා අප්‍රසාදයට ලක්වූ මදාවියන් බව ඇතැම් මුස්ලිම් ජනයාම කියනවා. සිංහල තරුණයා අතේ එවෙලේ තිබී ඇත්තේ රු. 1000 ක් පමණයි. බහින් බස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු එය ත්‍රිරෝද රථයේ සිටි මුස්ලිම් තරුණයන්ට දී කියා ඇත්තේ දැනට මගේ අතේ තියෙන්නේ මෙච්චරයි යනුවෙන්. ඒත් අර පිරිස ඊට සංවේදී වී නැහැ. මග රැකලා ඔහුට අමානුෂික ලෙස පහර දීලා. හිසට බරපතල විදිහට හානි වෙලා. ඔහු පැය කීපයකින් ජීවිතය සමග පොරබදා පසුව මිය යනවා.

ඊට පස්සේ මේ සිදුවීම සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ප්‍රදේශය ගිනි ගන්නවා. විශාල දේපළ හානියක් සිදුවෙනවා. මාධ්‍ය තුළින් මේ සිදුවීම හරියාකාරව වාර්තා කරන්නේ නැහැ.නමුත් සිදුවී ඇති විනාශය ප්‍රවෘත්ති වලින් දෙන තරමට වඩා අති විශාලයි. තත්ත්වය පාලනය කිරීමට ඇදිරිනීතියත් දැම්මේ ඒකයි.

මේ වෙලාවේ මේ අවාසනාවන්ත සිදුවීම එක එකාගේ ගිණුම් වලට බැර කරලා දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්නත් එපා. යම් සිදුවීමක් වෙලා ඊට දක්වපු ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය සමානයි මේ විනාශය. මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ කටින පෙරහැරකට මුස්ලිම් තරුණයන් පිරිසක් ගල්ගහලා සිදුවෙන්න ගිය මහ විනාශයක්ද විහාරස්ථානයේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගත්තා. දෙමළ ජාතිවාදය එක්ක මේ රට අවුරුදු 30 ක්ම ගිනි ගත්තා. අවුරුදු 30 ක් ම ලේ ගැලුවා.මේ ප්‍රශ්නයත් වර්ධනය වෙන්න ඉඩ නොදී නවතින්නේ කවදා ද ?

රත්තනදෙණියේ මේධානන්ද හිමි
Lanka C News

Pic Source

සබැඳි ලිපි -
[
මුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_2.html
]

Monday, March 5, 2018

මුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!

මුස්ලිම් ජාතික පිරිසකගේ පහරදීම නිසා සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර, කුපිත වූ පිරිස් විසින් ව්‍යාපාරික ස්ථාන කිහිපයකටද ගිනිතබා තිබෙන බවට වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ තෙල්දෙණිය උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියෙක් වන අතර පහරදීමෙන් පසු දැඩි කැපුම් තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු 3වැනිදා අළුයම මියගොස් තිබුණා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් ආරක්ෂාව දැඩිකර තිබෙන අතර කැරළි මර්ධන ඒකකයද කැදවා ඇති බවයි පැවසෙන්නේ.

දින කිහිපයකට පෙර තෙල්දෙණිය ප්‍රදේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයකට ඉදිරිපසින් ගිය, මියගිය තරුණයා පැදවූ ලොරි රථය මාර්ගයේ ඉඩ නොදීමේ සිද්ධියක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත.

තෙල්දෙණියේ ඉන්ධන පිරවුම්හලකට අයත් අදාළ ලොරි රථය රාත්‍රියේ එහි නවතා රියදුරු ඒ තුළ නිදාගෙන සිටියදී නැවත පැමිණි මුස්ලිම් ජාතික පිරිස ඔහුට පහර දී කපා කොට දමා ඇත. එම අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ සිංහල සේවකයන් බලා සිටියදීම මෙම පරදිම සිදුකර ඇතැයි වාර්තාවේ.

අදාළ සිදුවීමේ සීසීටීවී දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙළදසැල්වලට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දස දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

http://www.colombotoday.com/45115-26/

වඳ පෙත්ත ගැන වද වෙන්න හේතුව මෙන්න

වඳ පෙති කථාව කරළියට එන්නේ කලක සිටය. තැන් තැන්වලින් ඇති හෝටල් වලින් වඳ පෙති දමන බව විටින් විට අවස්‌ථා ගණනාවකම තොරතුරු ආනාවරණය විය. දියතලාව ප්‍රදේශයේදී මාස කිහිපයකට පෙර මෙවැනි කථාවක්‌ ඇති වුණි. සියඹලාකොටුව ප්‍රදේශයේ ආපන ශාලාවකද මාස 03 කට ඉහතදී මෙවැනි කතාවක්‌ මතු විනි. ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුවකු මීට මාස කිහිපයකට පෙර මා හට පැවසුවේ අයියේ ලැබෙන කෑම ගැනනම් කියලා වැඩක්‌ නැහැ. අපට සමහර දවස්‌වල එළවළු වල පෙති තිබිලත් හමුවුණා යනුවෙනි. නමුත් අයියේ මේක පත්තරේ දාන්න එපා. මොකද අපිට ලොකුම ගැටලුව තියෙන්නේ පාරිපාලනයත් එක්‌ක. මේවා දැම්මොත් අපිට තවත් ගැටලුවක්‌ වෙයි යනුවෙන් ඔලුවිල් විශ්වවිද්‍යාලෙයේ සිසුවෙක්‌ පැවසුවේය. මේ ආකාරයෙන් තවත් බෙහෝ තැන් වලින් ඇසුන වඳ පෙති කතාව මෙකක්‌ද යනුවෙන් හැමෝටම ගැටලුවක්‌ව පැවතිණී.

මේ කතා කුමක්‌ වුවත් වද පෙත්තක කතාවක්‌ නිසා පසුගියදා අම්පාර නගරය ගිනියම් වූවේය.

අම්පාර නගරයේ පන්සල් හංදියට නුදුරින් ඇති කාසීම් හෝටලයට බොහෝ දෙනෙක්‌ ගොඩවදින්නේ කටට රසට හොඳ කොත්තුවක්‌ කෑමටය. එසේ නැතිනම් ෆ්‍රයිඩ් රයිස්‌ එකක්‌ කෑමටය. පසුගියදා තරුණයන් තුන්දෙනෙක්‌ අම්පාර කාසීම් හෝටලයට ගොඩවූයේ වෙනදා මෙන් රසට කොත්තුවක්‌ කෑමටය. කොත්තු කතාව මෙච්චර දුරක්‌ යෑයි කියා එම තරුණයින් ද සිතන්නට නැතිව ඇත. හෝටලයට ගිය පසු මද වේලාවක්‌ යද්දී ඔවුනට දුම් දා සුවඳ හමන කොත්තුවක්‌ ලැබෙන්නට විය. ඒ සමග ලබා දුන් මස්‌ හොද්ද නිසා හෝටල් හිමියන් කිසිදා අපේක්‌ෂා නොකළ සිදුවීමක්‌ ඇතිවන්නට වූහ. එහි තිබුණ භාගෙට දියවුණ යමක්‌ මෙම තරුණයන්ගේ නෙත ගැටුණි. මොනවද භාගෙට දිය වෙලා තියෙන්නේ. මුන් අපට වඳ පෙති දාලාවත් දෙනවාද කියා ඔවුන්ට සිතුණි.

සැනෙකින් මුදල් අයකැමිගෙන් මේ පිළිබඳ විමසා සිටින්නට වූහ. ඇත්ත කියපල්ලා උඹලා කෑමවලට වඳ පෙති දානවා නේද? යනුවෙන් විමසා සිටියදී නිරුත්තරුවූ ඔහු නෑ නෑ යනුවෙන් පවසා සිටින්නට වූවේය. නැවතත් තරුණයන් ඇත්ත කියනවා මේ වඳ පෙති නේද උඹලා මේවා කෑමවලට දානවා නේද? යනුවෙන් දැඩිව පවසා සිටි කල ඔව් යනුවෙන් ඔහු පවසා සිටියේය.

මොහොතක්‌ ගත වුණි. මෙම සිදුවීම දැනගත් සැනින් එම ස්‌ථානයට සියකට ආසන්න තරුණයන් පිරිසක්‌ එකතුවී වඳ පෙති දමා අහාර දුන්නා යෑයි කියු වෙළෙඳසලට පහරදී කඩා බිඳ දමන්නට වූහ. ඒ ආසන්නයේ තිබූ වෙළෙඳසලේ තිබූ ගෝනි ගෙන මහා පාරට දමා ගිණී තබන්නට වූහ. ඉන් නොනැවතී එම ස්‌ථානයට මදක්‌ දුරින් තිබුණු ආගමික මධ්‍යස්‌ථානයට සහ තවත් වෙළෙඳසල් දෙකකට සහ පහර දෙන්නට මෙම පිරිස පිටත්වන්නට විය. අම්පාර නගරයේ මළ ගෙවල් කිහිපයක්‌ තිබෙන අතර ඒවාට සහභාගි වෙමින් තිබුණු ඇතැම් පිරිස්‌ සහ එහෙන් මෙහෙන් දැනගත් විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණෙන්නට වූහ. මෙම ආගමික ස්‌ථානය ආසන්නයේ වෙළෙඳසලට පහර දෙන්නට උත්සාහ කරන විට පොලිසීය එය පාලනය කරන්නට දැඩි උත්සාහයක්‌ ගන්නා ලදී. නමුත් කෙසේ හෝ කලහකාරී පිරිස මෙම වෙළෙඳසලට පහර දුන් අතර ගිනි තබන්නට පොලිසියෙන් ඉඩ නොදෙන ලදී.

ඒ අවස්‌ථාවේදී සැනකින් පිරිස ආගමික මධ්‍යස්‌ථානය තිබුණු භූමියට පැන යන්නට වූහ. සිද්ධිය එසේ වන විට කලහකාරීන් පාලනය කරන්නට පොලිසිට නොහැකි වන ලදී. එහි තිබුණු වෑන් රියක්‌ පෙරළා ගිනි තැබූ අතර ලොරි රථ තුනකට සහ යතුරුපැදි කිහිපයටද පහර දෙන්නට වූහ. එම ආගමික මධ්‍යස්‌ථානයේ තාප්පයටද පහරදී පෙරළා දමන්නට වූහ. එම අවස්‌ථාවේ සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ගෙන්වා කලහකාරී පිරිස පාලනය කරන්නට පොලීසිය විසින් කටයුතු යොදන්නට වූහ. මෙම සිදුවීම නිසා එම අවස්‌ථාවේ ආගමික සිද්ධස්‌ථානයේ සිටි තිදෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කරන්නට විය.

මෙම සිදුවීම සිදුවු ස්‌ථානයට ඒ මොහෙතේ පැමිණි අම්පාර මහා දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා සහ අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඇතුළු පොලිස්‌ නිළධාරීන් සහ 24 වැනි සේනාංකයේ සේනාංකාධිපති මහින්ද මුදලිගේ මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිළධාරීන් සමග අලුයම 4.00 වන තෙක්‌ මෙම ස්‌ථානයේ සිට මෙම ගැටුම දුර දිග යැම වැලැක්‌වීම සඳහා ගතයුතු පියවර යොදා මාර්ගවලට විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නට වුහ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක්‌ මතු නොවුනි. ඒ නිසා වෙරළබඩ තීරය ඇතුළු ප්‍රාදේශවල තත්ත්වය සාමන්‍ය ලෙස පැවතුනි. මනා ආරක්‌ෂක පියවරක්‌ තිබීමද එයට එක්‌ හේතුවක්‌ වන්නට ඇත.

27 වැනිදා උදෑසන මෙම සිදුවීමට විරෝධය පාමින් අම්පාර අක්‌කරපත්තුව මාර්ගයේ කොළතාවලි හංදියේ ටයර් සහ කොන්ක්‍රීට්‌ කණු දමා මාර්ගය හරස්‌ කර තිබුණ අතර විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් ඒවා ඉවත් කරන ලදී. කෙසේ නමුත් අම්පාර දිස්‌ත්‍රික්‌කය පුරා දැඩි විරෝධයක්‌ ඇතිවෙන බවට විවිධ කටකතා දිගින් දිගටම ප්‍රචාරය වෙමින් එහේ ගහනවා මෙහේ ගහනවා යනුවෙන් විවිධ අදහස්‌ වේගයෙන් පැතිරෙන්නට විය. නමුත් යුද හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‌ෂක නිළධාරීන් ඉතා හොඳින් සිද්ධිය පාලනය කරමින් මෙම සිදුවීම පිළිබඳව එම ආහාර මිලදී ගත් තරුණයකු අම්පාර පොලිසියටද පැමිණීලි කර තිබෙන අතර එම ආහාර සාම්පලය අධිකරණ නියෝගයක්‌ ගෙන වැඩිදුර පරීක්‌ෂාව සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කරන බව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිළධාරියකු පැවසුවේය.

මෙම ගැටලුව විසඳීම සඳහා 27 වැනිදා දහවල් අම්පාර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‌ෂක අංශ සහ අදාළ පාර්ශවයේ දේශපාලන නායකයන් සාකච්ඡාකර මෙම ගැටලුව සාමකාමිව විසඳීමට කටයුතු කිරීමට සාකච්ඡා 'කරන ලදී. දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ශ්‍රියානි විඡේවික්‍රම, ඇතුළු පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. මේ වන විට අම්පාරේ ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී අයුරින් පවතින අතර ප්‍රදේශයේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා දැඩි ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ යොදා ඇත. ඒ නිසා බොහෝ ප්‍රදේශවලට සහ ආගමික මධ්‍යස්‌ථානවලට දැඩි රැකවල් යොදවා ගැටුම් ඇතිවීම පාලනය කරන්නට වූහ.

මේ සම්න්ධයෙන් රිෂාද් බදියුදීන් ඇමැතිවරයා විසින් ජනපතිට සහ අගමැතිවරයාට නිසි පරීක්‌ෂණයක්‌ කර අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටින්නට විය. ඒ අනුව මෙම කලහාකාරී සිදුවීමට සම්බන්ධ අය සොයා පොලිසිය විසින් පරීක්‌ෂණ ආරම්භ කරන්නට වූහ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 05 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 02 වැනිදා සවස අම්පාර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර 02 වැනිදා වනතෙක්‌ රක්‌ෂික බන්ධනාගාර ගතකොට නැවතත් 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

ඒ සමගම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා අම්පාරේ භීක්‌ෂූන් වහන්සේලා සහ පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් උන්නදුවෙන් කටයුතු කරන්නට වුහ. මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකාච්ජා කිරීම සඳහා පොළොන්නැරුව ජනාධිපති මැඳුරු වෙත වාහන හය හතකන් විශාල පිරිසක්‌ යන ලදී. ඒ අතර ගිරිතලේ ගුණානන්ද නාහිමි, කිරිඳිවල සෝමරතන නාහිමි, සේනාපතියේ ආන්නද, සුහදගම සිලරතන යන හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා 15 කට ආසන්න ප්‍රමාණයක්‌ සහ දේශපාලන අධිකාරියේ විශාල පිරිසක්‌ පිටත්ව ගියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්‌ථාව නොලැබ නැවතත් හිස්‌ අතින් ආපසු හැරී එන්නට සිදුවූහ.

මේ අත්අඩංගුවට පත්වූයේ ඇත්තටම මෙයට සම්බන්ධ පිරිසද යනුවෙන් ගැටලුවක්‌ මේ වන විට පැන නැඟී තිබුණී. කෙසේ නමුත් එම පිරිස ඇප ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක්‌ ප්‍රබල උත්සාහයක්‌ ගනිමින් සිටින ලදී. මෙය සටහන් තබන 02 වැනිදා දහවල් වන විටත් එම පිරිස නැවතත් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. මේ වන විටත් මෙයට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මගින් පරීක්‌ෂණ පවත්වමින් සිටිති.

කෙසේ නමුත් මුස්‌ලිම් පුජකවරයෙක්‌ගෙන් මේ ගැන විමසූ විට මෙසේ පවසුවේය.

මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම ගැන අපි කනගාටු වෙනවා. කුඩා පිරිසක්‌ තමයි මේ ආකාරයෙන් මේ දේට සම්බන්ධ වුණේ. ඔය හෝටලයේ හිමිකරුට සිංහල වැඩිය බැහැ. ඒ වෙලේ බයට තමයි එහෙම කියලා තියේනනේ. මේ කාරනේ ඇත්ත කියලා ඔප්පු නුණොත් ඔහුට දඬුවම් කරන්න. අපි සිංහල ජනතාවත් එක්‌ක සුහදතාවෙන් තමයි කටයුතු කරන්නේ. යනුවෙන් ඔහු පවසා සිටියේය.

මේ වන විට මෙම ගැටුම නිමා නොවුණත් උණුසුම පහව ගොස්‌ ඇත. යළිත් මෙවන් කතන්දර ඇතිවන්නට ඉඩ ඇත. ඒ නිසා ජාතියක්‌ වඳ කරන වඳ පෙති කථාව සහජීවන කඩතුරාව යටින් සොයාගත යුතුය. එය එසේ නොවුණහොත් මේ වඳ පෙති කතාව සැබෑ නම් මේ ගැන ජාතියට දැනෙන්නේ තවත් වසර පනහක්‌ පමණ ගිය පසුය. ඒ අපි මහජාතිය නොවුණ විටය.

සුසන්ත අමර බන්දු
http://divaina.com/sunday/index.php/visheshanga1/2645-2018-03-02-12-06-63

Pic Source