Pages

Tuesday, March 26, 2013

‘ලංකා දේව සභාව’ට භික්‍ෂු විරෝධතාවයක්

නීත්‍යානුකූල නො වන පරිදි කොට්ටාව නගරයට ආසන්නව පවත්වාගෙන යන බව කියන ලංකා දේව සභාව නමැති ආගමික ස්ථානයක් ඉවත් කරගන්නා ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේලා හා ප‍්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරත වූහ.

කොට්ටාව මහල්වරාව අතරතුර නගරයට ආසන්නව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ වසරකට වැඩි කාලයක සිට මෙම ආගමික ස්ථානය පවත්වාගෙන ගොස් තිබේ. එය නීත්‍යානුකූලව කිසි ම ආයතනයක ලියාපදිංචි වී නැති බැවින් එවැන්නක් පවත්වාගෙන යාමට ඉඩ දිය නො හැකි බව උද්ඝෝෂකයෝ පැවසූහ.

මීට පෙර ද උද්ඝෝෂණයට මැදිහත්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් කොට්ටාව පොලිසියේ පැමිණිල්ලක් කර මොවුන් ඉවත් කරන ලෙස ද ඉල්ලා ඇත.

දේව සභාව පැවැති ස්ථානයට පැමිණි උද්ඝෝෂකයෝ දේව සභාවේ පිරිසට ඉවත්ව යාමට විනාඩි 10ක කාලයක් ලබා දුන්හ. එහෙත් එය නොතකා ආගමික වතාවත් ආරම්භ කළ පසු උද්ඝෝෂකයෝ අවිස්සාවේල්ල – කොළඹ ප‍්‍රධාන බස් මාර්ගයේ වාඩිවී විරෝධය දැක්වූහ. මේ හේතුව නිසා වාහන ගමනාගමනය ද සුළු වේලාවකට ඇණහිටින පසුව පොලිසිය මැදිහත්ව දේව සභාවේ පිරිස අදාළ ස්ථානයෙන් ඉවත් කර පිටත් කළ පසු පිරිස විසිර ගියහ.

March 26, 2013 at 10:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92335/

රිzවාන්ල ගාව තිබ්බ මන්න දෙක කැලේට විසිකරල, දරුවො දෙන්නත් එක්ක මම පොලිසියට ගියා... - බීමත් මුස්ලිම් සැමියාගෙන් මරණයෙන් ගැලවුණු චාමලී

"පිරිමියෙක්‌ නැතිව ගැහැනියෙකුට ජීවත් වෙන්න බැරිකමක්‌ නෑ. ඒත් දරු පැටව් දෙන්නෙක්‌ එක්‌ක ඒ ගැහැනියම මේ ජීවිතයේ තනි වුණොත්... සමාජය හැම වෙලේම බලන්නෙ ඒ ගැහැනිය වරදට පොළඹවා ගන්න. දැන් මගේ වයස 28 යි. මේ විසිඅට අවුරුද්දට මං ඒ වගේ අවුරුදු 60 ක අද්දැකීම් ලබලා තියෙනවා. හැබැයි එක වතාවක්‌ හරි වරදට යොමු වුණොත් ඉතිං ගැලවිල්ලක්‌ නෑ. සමාජයෙන් හැමදාම අපවාද තමයි." මම මේ කතාව මේ විදියට කියන්න හිතුවේ ඒකයි.

ඒ චාමලි. හුරුබුහුටි පුංචි දැරිවියක්‌ කරපින්නාගෙන තවත් පුංචි එකියක්‌ අතින් අල්ලාගෙන චාමලි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් හිටියේ නිවාස ආධාරයක්‌ ගැනීමටය. සිරිපුර හරහා මහියංගනයට දිවෙන බසයක්‌ එනතුරු සිටි ඇය තමන්ගේ සිතේ කැකෑරෙන වේදනාව එළියට දැම්මේ එයින් හෝ මානසික සහනයක්‌ අත්වේ යෑයි සිතාය.

ගැහැනු දරුවන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැනි දරුවාව උපන් ඇයට "දුක" යනු උපතේ සිටම පසුපසින් පැමිණියක්‌ය. මඳකින් හෝ එය ගෙවී ගියේ රත්නපුර ගමේ ගෙවූ ජීවිතයට සමුදී මහවැලියේ පදිංචියට පැමිණි නිසාය. දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශයේ මහවැලි ඉඩමක පදිංචිව ගොවිතැන් බතක්‌ කරමින් ජීවත් වූ චාමලිගේ පවුලට කුඹුරෙන් ලැබුණු ආදායම පෙරට වඩා ජීවිතය හොඳින් ගෙන යැමට ප්‍රමාණවත් විය.

"ගෑනු ළමයිම හතර දෙනෙක්‌ නිසා අපේ පවුලේ හැමෝම අතර පුදුම බැඳීමක්‌ තිබුණේ. කුඹුරෙන් ලැබෙන ආදායමෙන් තාත්තා අපිට අඩුවක්‌ නැතිව කන්න අඳින්න දුන්නා. පුළුවන් දුරට ඉගැන්නුවා. තාත්තට වකුගඩු රෝගයක්‌ හැදිලා නැති වෙනකොට මට අවුරුදු දහයයි. ඒ වෙනකොට සාමාන්‍ය පෙළ ලියල හිටිය ලොකු අක්‌කා ගාමන්ට්‌ එකක රස්‌සාව කළා. මේ කාලේ වෙනකොට අපි හිටියේ ඉලුක්‌ සෙවිලි කළ මැටි ගෙදරක. ගෙවල් හදනවට වඩා අම්මයි තාත්තයි හම්බ කළ හැම සතේම වැය කළේ අපිට උගන්වන්න. තාත්තා නැතිවෙලා අවුරුද්දක්‌ යනකොට ලොකු අක්‌කත් විවාහවෙලා වෙනම පදිංචියට ගියා. පවුලේ බර කරට ගත්ත මද්දුම අක්‌කයි අම්මයි කුඹුරේ වැඩට හරි හරියට මහන්සි වුණා. මේ අතරේ අම්මට කොන්දෙ අමාරුවක්‌ හැදුනා. මද්දුම අක්‌කත් කොළඹ ගාමන්ට්‌ එකකට ගියා. මමයි නංගියි පුරුදු විදියට ඉස්‌කෝලෙ ගියා. මද්දුම අක්‌කත් අපිට පුළුවන් විදියට වියදම දුන්නා.

පුංචි කාලේ ඉඳන් මගේ හීනය වෙලා තිබුණේ අපි හැමෝම ලස්‌සන ගේ පොඩ්ඩක ඉන්නව දකින්න. සාමාන්‍ය පෙළ ලියපු ගමන් මද්දුම අක්‌කගෙ යාළුවෙකුගෙ උදව්වෙන් මම කටුනායක ගාමන්ට්‌ එකකට එන්නෙ ඒකයි. ඔයාලා විශ්වාස කරනවද...? ගාමන්ට්‌ එකට යන්න කලින් අක්‌කල දෙන්නා මට ගොඩක්‌ අවවාද දුන්නා. හැබැයි ඒ එකක්‌වත් හිතට ගත්තු නැති එකට මම අද විඳවනවා. එක අතකට ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ මැටි ගෙදර වෙනුවට ලස්‌සන ගේ පොඩ්ඩක්‌ හදලා අම්මට දුකක්‌ නොදී ජීවත් කරවන්නෙ කොහොමද කියන එක. මේ කාලේ වෙනකොට මද්දුම අක්‌කත් කුරුණෑගල පැත්තෙ කෙනෙක්‌ එක්‌ක විවාහ වෙලා. මම අවුරුදු හතරක්‌ කටුනායක ගාමන්ට්‌ එකක රස්‌සාව කළා. ඒ කාලේ ඇතුළත මං ගෙදරට අත්තිවාරම් දැම්මා. නංගිගෙ ඉස්‌කෝලෙ වැඩවලට වියදම් කළා. මම මටම කියල පර්චස්‌ විස්‌සක්‌ සල්ලිවලට ගත්තා.

ඔහොම ඉන්නකොට තමයි ගාමන්ට්‌ එකේ සුනිල් සර් මං ගැන උනන්දු වෙනව කියල මට දැනුණේ. මගේ යාළුවො සර්ගෙ නම කියල මට විහිළු කළා. උඩින් නොපෙන්නුවට ඒ දේ වලින් මම කාටත් හොරා හිතින් සතුටක්‌ වින්දා. සර්ගෙ තිබුණ නිහතමානි ගති පැවතුම්වලට ඒ වෙනකොට මගේ හිත සර් ගැන පැහැදීමක්‌ ඇති කරල තිබුණේ. එයා අපේ ආයතනයේ සහකාර කළමනාකරුවෙක්‌. සර්ගෙ පෞද්ගලික ජීවිතේ ගොඩාක්‌ දුක්‌ බරයි කියල දවසක කිව්වාම ආයෙත් ඒ ගැන මම හාර හාර මොනවත් අහන්න ගියේ නෑ. ඒ සර්ගෙ හිත රිදෙයි කියලා බයට. මාස හයක්‌ විතර අපි එහෙම ආශ්‍රය කරන්න ඇති. පෝය නිවාඩු දවස්‌වලට අපි මීගමු ගිහිං විනෝද වුණා. මගේ බෝඩිමේ හිටිය අනෝමා අක්‌ක සර්ලගෙ ගම් පළාතේ. එයා දවසක්‌ නිවාඩුවට ගමේ ගිහිං ඇවිත් කිව්ව කතාවකින් මගේ මුළු ජීවිතේම කඩා වැටුණා කියලා දැනුණා. නංගි සුනිල් සර් බැඳපු මනුස්‌සයෙක්‌. උඹ ඔය සම්බන්දෙ නතර කරපන්. නැත්තං දරුවො දෙන්නෙක්‌ එක්‌ක ගෑනියෙක්‌ පාරට වැටෙනවා. ඒ වචන අහපු මට දැනුණේ මගේ ඔළුව කැරකෙනවා විතරයි. අනෝමා අක්‌කාගේ උරහිසට හේත්තුවෙලා මං පැය භාගයක්‌ විතර අඬන්න ඇති. මම දුක තුනී වෙනකන් ඇඬුවා. පස්‌සේ හෙට උදේම ගමට යනවා කියල තීරණයකට ආවා.

අනෝමා අක්‌කා මට වඩා අවුරුදු පහකින් වැඩිමල්. එයා අම්මා කෙනෙක්‌ වගේ ඒ වෙලාවේ මට අවවාද කළා. මං සර්ගෙන් ටික ටික ඈත් වුණා. සර්ට කවුරු හරි කියල මං එයා ගැන දැනගත්තා කියලා. ඔහොම ඉන්නකොට අපේ µeක්‌ටරියට පිරිමි ළමයෙක්‌ ආවා. ඒ රිස්‌වාන්. ටික කලක්‌ යනකොට එයා මගෙන් යාළුවෙන්න ඇහුවා. ඒ වෙනකොට එයා මගේ හොඳ යාළුවෙක්‌ වෙලා හිටියේ. මම ගත් කටටම කිව්වේ මට මුස්‌ලිම් ආගමට එන්න බෑ කියලා. එයාගෙත් තාත්තා මුස්‌ලිම්. අම්මා සිංහල බෞද්ධ. රිස්‌වාන් ඉගෙනගෙන තිබුණෙත් සිංහල මාධ්‍යයෙන්. එයා කිව්වා මගේ ආගමික නිදහසට බාධාවක්‌ කරන්නෙ නෑ කියල. රිස්‌වාන් ගැන අපේ පවුලෙ කාටවත් මම කිව්වේ නැහැ. එහෙම වුණානම් මට කවදාවත් ගෙදර අය මේ සම්බන්දෙට කැමති වෙන්නෙ නෑ. හැබැයි ඒක තමයි මම මුලින්ම වරද්ද ගත්ත තැන. ටික කාලයක්‌ යනකොට අපි දෙන්නට දෙන්නා නැතුව බැරිවුණා. 2006 අවුරුද්දෙ දෙසැම්බර් මාසේ අපි බැන්දා. බැඳලා ගෙදර ගියාට පස්‌සේ අම්මා හොඳටම ඇඬුවා. ඒ කඳුළුවල පවද දන්නෙ නෑ. මම අද මේ ගෙවන්නෙ. අම්මා කෙනෙක්‌ට දුවෙක්‌ එහෙම දුකක්‌ දෙන්න එපා. අම්මා කොච්චර ඇඬුවත් මට හිත රිදෙන වචනයක්‌ කිව්වේ නෑ. අක්‌කල දෙන්න නම් ටෙලිෙµdaන් එකටවත් උත්තර දුන්නෙ නැහැ. මේ මගේ ලොකු දුව දිව්‍යා සත්සරණි. ලැබුණේ 2007 අවුරුද්දේ. මං ගාමන්ට්‌ එකෙන් අයින්වෙලා ගෙදර ආවේ දුව ලැබුණට පස්‌සේ. රිස්‌වාන් දිගටම වැඩ කළා.

එයා මාසයකට සැරයක්‌ ගෙදර ආවා. ඒ එන කොට හොඳටම බීල එන්නේ. මුස්‌ලිම් අය මත්පැන් පාවිච්චියක්‌ නෑ කියන විශ්වාසයත් එයා කඩ කළා. ගෙදර ඇවිත් ඉන්න දවස්‌ කීපයෙම එයා මගෙත් එක්‌ක රණ්‌ඩු වෙනවා. බැරිම තැන අපේ අම්මා කිව්වා මගේ ඉඩමේ කාමරයක්‌ හදාගෙන යන්න කියලා. මම බැංකු පොතේ තිබුණ රුපියල් ලක්‍ෂ එකහමාර අරගෙන කාමර දෙකක්‌ හදල ලයිට්‌ අරගෙන අලුත් ගෙදරට ගියා. ඊට පස්‌සේ රිස්‌වාන් මට හිරිහැර කරන එක නතර කළා.

පොඩි දුව ලැබුණේ 2009 අවුරුද්දේ. ඒත් එක්‌කම අපේ පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩි වුණා. රිස්‌වාන් මට කිව්වා දරුවො දෙන්නා අම්මා ළඟ තියල රට යන්න කියලා. මට දරුවො දාල යන්න බැහැ කිව්වම එයා නිතර රණ්‌ඩු වුණා. එයා මාසයක්‌ ගානේ ගෙදර එන එක මාස තුන හතරින් එන්න පුරුදු වුණා. මම පොඩි එවුන්ගේ බඩ පිරෙව්වේ කුලී වැඩ කරල. රිස්‌වාන් ගෙදර ආව දවසටත් මාව නිකරුණේ සැක කරලා මට ගහන්න බනින්න පටන් ගත්තා. ඒකට ගමේ කීප දෙනෙකුත් වග කියන්න ඕන. මගේ ළඟට එන්න හදල ඒක කරගන්න බැරිවුණ කීපදෙනෙක්‌ තමයි මම වැරදි ගෑනියෙක්‌ කියල බොරු ගොතල රිස්‌වාන්ගෙ කනේ තියල තියෙන්නේ. එයා ඒවා සේරම විශ්වාස කළා. රිස්‌වාන් නීති විරෝධී වැඩකට සම්බන්ධ වෙලා රිමාන්ඩ් වුණේ ඔය කාලෙදී. ඒකෙන් එයාට ගාමන්ට්‌ එකේ රස්‌සාවත් නැති වුණා. ඒ දවස්‌වල මම ජීවත් වුණේ කුලියට ගොයම් කපන්න ගිහින්. ගෙදර කුඹුරත් අපිම කළා. පොඩි දෙන්නා බලාගත්තෙ අම්මා.

රිමාන්ඩ් එකෙන් එළියට ආවත් රිස්‌වාන් දරුවොවත් බලන්න පැත්ත පළාතෙ ආවෙ නෑ. මම කෝල් එකක්‌ ගත්තටවත් උත්තර දුන්නෙ නෑ. මුල ඉඳන්ම මම එයාගෙ පවුලෙ කා එක්‌කවත් දැන හැඳුනුම්කමක්‌ තියන් හිටියෙ නෑ. ඒ නිසා එයා ගැන මට කිසිම තොරතුරක්‌ හොයාගන්නත් බැරි වුණා.

එසේ කියූ චාමලී අරමුණකින් තොර වූ බැල්මකින් ඈත අහස්‌ කුස දෙස බලා සිටියාය. උකුල මත සිටි පුංචි දැරිය හැම විටම උත්සාහ කළේ අම්මාගෙ උකුලෙන් පැන ගැහෙන දෙපා පොඩි තබා නිදහසේ දිව යැමටය. ඒ හැම මොහොතකම චාමලී දැරිය තුරුලුකර ගත්තේ නිරායාසයෙන් ය. එහෙත් මෙවර දැරියගේ දඟකාරකම අම්මාගේ කල්පනා ලෝකය බිඳ දැමුවාය. මොහොතකින් යළි ඇය අතීතය දිග හැරියාය.

එදා දෙදහස්‌ දොළහ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ දවසක්‌. නොසිතූ විදියට රිස්‌වාන් වෑන් එකකින් ගෙදර ආවා. එයත් එක්‌ක තව මුස්‌ලිම් යාළුවෙකුයි සිංහල යාළුවෙකුයි හිටියා. එදා ගෙදරට අවශ්‍ය කරන තුනපහ පැකට්‌ එකේ ඉඳන් හැම දේම ගෙනත් තිබුණා. එයා මටයි දරුවන්ටයි එදා කතා කළේ හරිම ආදරෙන්. ඒත් ඒ ආදරේ ඇතුළේ අපේ ඉරණම හැංගිලා තියනව කියල මට තේරුම් ගන්න බැරි වුණා. ඒත් ඒක අවබෝධ වෙන්න වැඩි වෙලා ගියේ නෑ. ඒක තමයි මගේ ජීවිතේ කාලකණ්‌නිම රාත්‍රිය. හවස්‌ වෙනකොට අම්මා මහ ගෙදරට ගියා. මගෙ මනුස්‌සයා ආව මිනිස්‌සු දෙන්නා එක්‌ක දෙහිඅත්තකණ්‌ඩියෙ ගිහිං අරක්‌කු ගෙනාවා. ඊට පස්‌සෙ තුන්දෙනාම වැවට ගියා නාන්න. මම ඒ අතර වෑන් එක ඇරල බැලුවා. වෑන් එකේ ලීටර් තිහේ තිස්‌පහේ විතර කෑන් එකක පෙට්‍රල් තිබුණා. 

මන්නා පිහි දෙකක්‌ වෑන් එකේ කාපට්‌ යට තිබුණා. මට ලොකු සැකයක්‌ ඇති වුණා. මම මොකුත් නොදන්න ගානට නාල බීල ආව තුන්දෙනාට උයල කන්න දුන්නා. කාල ඉවර වුණාට පස්‌සෙ මම මගේ මනුස්‌සයගෙන් ඇහුවා පෙට්‍රල් ගෙනාවේ ඇයි කියලා. ඒක අහපු ගමන් එයා කේන්තියෙන් මට බැන්නා. මාවයි දරු දෙන්නවයි මරල පුච්චන්න ගෙනාවෙ කියල කිව්වා. එහෙම කියල මේ තිරිසන් මනුස්‌සයා මට කිව්වා යාළුවො දෙන්නා එක්‌ක ඉන්න කියල. මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා වැඳලා ඇඬුවා. බැරිම තැන දරුවො දෙන්නා නිදා ගන්න තුරු ඉන්න කිව්වා. ටික වෙලාවකින් පුංචි දරුවො නිදා ගත්තා. අපේ ගෙදර කාමරයයි කුස්‌සියයි විතරයි තියෙන්නේ. මම නාන්න ළිඳට ගියේ පැය දෙක තුනකට පස්‌සෙ. අරමුණක්‌ නැති ගානට මම පැයක්‌ විතර නාන්න ඇති. නාල හොරෙන් ඇවිත් බලන කොට වාහනේ ඩ්‍රැයිවර් වෑන් එකේ නිදි. මගෙ මිනිහා කුස්‌සියෙ දොර ළඟ මන්නෙ තියාගෙන නින්ද ගිහිං අනිත් මිනිහ ඉස්‌සරහ දොර මුල මන්නෙ තියාගෙන නින්ද ගිහිං. 

මං හෙමිහිට ළං වෙලා මන්න දෙකම අරං අල්ලපු වත්තට විසි කළා. දුවල දෙන්න ළඟට ගිහිං ලොකු දුවගෙ කනට කරල කිව්වා තාත්තා අපිව මරන්න යනවා කෑනොගහ ඉන්න කියලා. එයාව වඩාගෙන ගිහිං පාරෙ තියලා ඇවිත් චූටි දුව නින්දෙ ඉද්දිම වඩාගෙන ගියා. මගේ මනුස්‌සයාගෙ ඇඟට උඩින් පැනල යනකන් ඌ දන්නෙ නෑ වෙරි මතේට නින්ද ගිහිං. මම පාරට ගිහිං පොලිසියට යන්න පයින් ගියා. එහෙම යනකොට බල්ලො බුරන්න ගත්තා. එතකොට පාන්දර දෙකට විතර ඇති. බල්ලො බුqරන සද්දෙට මගෙ මනුස්‌සයා ඇහැරිලා ටෝච් එක ගහල හතර වටේ බැලුවා. මම පාරෙන් කැලේට පැනලා වැව පැත්තට දිව්වා. චූටි දුවත් ඇහැරුණා. එයාටත් කිව්වා කෑ නොගහ ඉන්න කියලා. වැවට පැනලා දරුවො දෙන්නම වඩාගෙන වැව අයිනෙන් ආවේ පාරෙන් ආවොත් අහුවේවි කියන බයට. ප්‍රධාන පාරට එන්න පැය භාගයක්‌ විතර යන්නැති.

ඊට පස්‌සෙ එතන තිබ්බ අඳුරන ගෙදරකට කතා කරල දරුවො දෙන්න තියාගන්න අපිව මරන්න කට්‌ටියක්‌ එනවා කියලා කිව්වා. ඒ අය කිව්වා දරුවො භාරගන්න බෑ කියලා. අපි තුන්දෙනා එතකොට හොඳටම තෙමිලා දරුවො සීතලේ වෙව්ලනවා. මම ඊට පස්‌සෙ තවත් ගෙදරකට ගියා. ඒ ගෙදර අය අපිට අඳින්න ඇඳුම් දීලා ඒ ගෙදර නතර කරගෙන 119 ට කථා කරල විස්‌තරේ කිව්වා. එහෙම කියලා පොලිසියට ගියා. පොලිසියට යනකොට පාන්දර 4.30 ට විතර ඇති. පොලිසියේ මහත්තුරු ඒ වෙනකොටත් අපේ ගෙදරට ගිහිං උදේ 5 විතර වෙනකොට තුන්දෙනාම ගෙනැත් කූඩුවට දැම්මා.

ඔවුන් කරන්න සැලසුම් කරපු දේවල් සේරම පොලිසියට කිව්වා. පොලිසියෙ මහත්තුරුන්ටයි 119 වැඩ කරන අයටයි පිංසිද්ධ වෙන්න අද අපි ජීවත් වෙනවා. මේ තුන්දෙනා කාලයක්‌ රිමාන්ඩ් වෙලා හිටියා. දැන් ඒ අයට නඩු දාල තියෙනවා. මමත් දික්‌කසාදය ඉල්ලලා වෙනම නඩුවක්‌ දැම්මා. මගෙ ගෙදර දෙහිඅත්තකණ්‌ඩියෙ අයියා කෙනෙකුට විකුණලා මම අම්මගෙ ඉඩමට ආවා. ඒත් මේ පැටව් දෙන්නත් එක්‌ක මම තාමත් ඉන්නෙ දෙගිඩියාවෙන්. අර මනුස්‌සයා කොයි වෙලාවක හරි ඇවිත් අපි හැමෝම මරල දායිද කියන බය තාම තියෙනවා.

අද මම මෙච්චර විඳවන්නෙ දෙමාපියන්ගෙ කීමට පිටින් ගිහින් කරගත්තු හිතුවක්‌කාර කසාදය හින්දා. ඒ වැරැද්දට අද මගේ අහිංසක දරු දෙන්නගෙ ජීවිතෙත් අඳුරු වෙලා.

වෙළෙඳ කලාපෙ රස්‌සාව නරක දෙයක්‌ නෙවෙයි. ඒත් පොඩ්ඩක්‌ හරි වරද්ද ගත්තොත් ගැලවීමක්‌ නෑ. මම මේ දේවල් කීවෙ තවත් ගෑනු ළමයෙකුට මේ වගේ දෙයක්‌ නොවෙන්න ඕන හින්දා. ආර්ථික ප්‍රශ්න නිසාම නෙමෙයි, මිනිස්‌සුන්ගෙ උගුල් වලට අහුවෙලා අපේ කෙල්ලො තමන්ගෙ ආත්ම ගෞරවය කෙළෙස ගන්නවා. ගමට වෙලා අම්මත් එක්‌ක කුඹුරක්‌ කරගෙන හිටිය නම් මෙහෙම දෙයක්‌ වෙන්නෑ නේද කියලා මට දැන් හැම වෙලාවෙම හිතෙනවා.

එසේ කියූ චාමලී දිගු හුස්‌මක්‌ පිටකළාය. කදුරුවෙල සිට සිරිපුර දෙහිඅත්තකණ්‌ඩිය මාර්ගයේ මහියංගනය දක්‌වා දිවෙන බස්‌ රථයක්‌ ඈතින් එනු පෙනිණ. පුංචිම දැරිය වඩාගත් චාමලී අනෙක්‌ දැරියගේ අතින් අල්ලාගෙන බසයට ගොඩවූවාය.

"ඔය ළමයා වඩාගෙන නැග්ග අම්මාට සීට්‌ එකක්‌ දෙන්න" කොන්දොස්‌තරගේ ඒ හඬ ඇසුණේ බසයේ ගොරහැඩි හඬ පරයමින් ය.

මෙහි එන නම් පමණක්‌ මනඃකල්පිතයි

තිස්‌ස ගුණතිලක
ප්‍රසන්න සිල්වා - දිඹුලාගල - දිවයින
FB - http://www.facebook.com/photo.php?fbid=285852898211800&set=a.257871241009966.62024.257729497690807&type=1&theater
[
සබැඳි ලිපි -
නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2548.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
ආදරණිය නංගී,
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9212.html
]

අනාථ දරුවන් ලවා ඌරන් මැරවූ දේවගැතිවරයා අත්අඩංගුවට

තිස්සමහාරාම බෝගහපැලැස්ස ළමා නිවාසයේ දරුවන් ලවා ඌරන් සහ කුකුළන් ඝාතනය කරවන බව කියන දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර දේවගැතිවරයා අද දිනයේ තිස්සමහාරාම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දේවගැතිවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ළමා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටින ළමයින් ලවා මෙම සතුන් ඝාතනය කරන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට වීමත් සමඟ කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඊයේ දිනයේම ළමාරක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ළමා නිවාසය වෙත යොමු කිරීමට කටයුතු කර තිබිනි.

March 26, 2013 at 9:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92339/

ඉතිහාසයේ පසුපසට යන සෞදි ආගමික ගෝත්‍රවාදය

පණිවුඩ යැවීමේ අන්තර්ජාල යෙදුම් පාලනය කිරීමට අපහසු නිසා සවුදි රජය ඒවා තහනම් කරන බවට තර්ජනය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ට්වීටර් තහනම් කරන බව මාධ්‍ය හා සංස්කෘතික ඇමතිවරයා විසින් තහවුරු කර මසකින් පසු මේ වාර්තාව ලැබී ඇත.

තහනම වලක්වා ගැනීමට නම් නීතිමය අවශ්‍යතාවයන් සපුරා ලන ලෙස සන්නිවේදන හා තොරතුරු කමිටුව අදාල ආයතන වලින් ඉල්ලා ඇතැයි sabq පුවත් වෙබ් අඩවියේ කියා ඇත.

ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක‍්‍රියා කාරකම් සලකා බැලීම සඳහා ආයතන වලට සතියක් කල් දී ඇත. මේ තීරණය වාණිජ හේතු නිසා ගෙන ඇති බවට පවතින වාර්තා ප‍්‍රතික්ෂේප කල ආරංචිමාර්ග කියා සිටියේ මෙය නීතිමය අවශ්‍යතාවයක් බවයි.

Skype, WhatsApp හා viber වැනි පණිඩුඩ යවන අත්තර්ජාල සේවා මෙම තහනමේ අවදානමට මුහුණ දී ඇතැයි අල් අරාබියා වාර්තා කලේය.

දැඩි මතධාරී ගල්ෆ් රාජ්‍යය විසින් ගන්නා ලද නවතම ක‍්‍රියාමාර්ගය මෙයයි. ගිය මසදී ට්වීටර් තහනම් කල සවුදි මාධ්‍ය හා සංස්කෘතික ඇමති අබ්දෙල් අසිස් කෝගා කියා සිටියේ මිනිසුන් ට්වීටර් හි ලියන දේවල් ගැන ප‍්‍රවේශම් සහගත විය යුතු බවයි. මේ සමාජ ජාලයට එක්වන මිලියන තුනක පමන පිරිසක් නිරීක්ෂණය කිරීමට අපහසු බවද ඔහු සඳහන් කර ඇත.

මෙම ට්වීටර් තහනම නිසා ‘ඉස්ලාමයට නිගා කිරීම’ යනුවෙන් ලිපියක් සිය ට්වීටර්  පිටුවෙහි පල කල ලේඛක ටර්කි අල් හමාඞ් අත් අඩංගුවට ගැනුනේ ආගමික ආයතනයකින් උපදෙස් ලබන අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා විසිනි.

සවුදිය තුල බ්ලැක්බෙරි දුරකථන වලින් පණිවුඩ යැවීමද තහනම් කර ඇත්තේ ඒවා ගැන සොයා බැලීමේ අපහසුතාවයක් පවතින බැවිනි.


ස්කයිප් හා වෙබ්ඇප් ඇතුළු පණිවුඩ ජාල සවුදියේ තහනමක්
March 26, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/92338/

Monday, March 25, 2013

සිරියාවේ සුන්නි මුස්ලිම් පල්ලියකට ප‍්‍රහාරයක්… 42ක් මියයයි

සිරියානු අගනුවර පල්ලියක සිදුවු බෝම්බ පිපිරීමකින් සුන්නි දේවගැතිවරයකු වන ෂෙයික් මොහොමඞ් සයිඞ් රාමඩාන් අල් බූටි ඇතුළු හතලිස් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 84 ක් තුවාල ලබා ඇත.

ඩැමස්කසයේ මස්රා හි මුස්ලිම් පල්ලියට මෙම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල වූ බව රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කලේය.

රොයිටර් හි අරාබි වාර්තාකරු කමෙල් සැක්ඩි ඩැමස්කසයේ සිට වාර්තා කලේ ප‍්‍රහාරය එල්ල වන විට ඉස්ලාම් පාඩමක් ඉගැන්වෙමින් තිබූ අතර මිය ගිය බොහෝ දෙනෙක් සිසුන් බවයි.

යාඥා සිදුවන අතර මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල විය. අසල ප‍්‍රදේශවල වැසියන් සිතා ඇත්තේ එය මෝටාර් ප‍්‍රහාරයක් බවයි. සටන් වැද සිටින රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර මෝටාර් හුවමාරු වන බව සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය කියයි.

83 හැවිරිදි බූටි සිරියාවේ ඉස්ලාමීය විද්‍යාර්ථී සංගමයේ සභාපති සහ ජනපති බෂාර් අසාද්ගේ ආධාර කරුවෙක් විය. සිරියානු විපක්ෂය කුණු ගොඩක් ලෙස දැක්වූ ඔහු රජයේ හමුදාවන්ට සහය දෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ මරණය රජයට දැඩි පහරක් වනු ඇත. රොයිටර් වෙත අදහස් පල කල අෆ්ෂින් රට්ටන්සි කියා සිටින්නේ මෙය නේටෝවේ අනුග‍්‍රහය ලත් රුසියානු කලාපයේ අස්ථාවරත්වයේ ප‍්‍රතිඵලයක් බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කැරලි කරුවන්ට අරමුදල් සැපයිම නවත්වන තෙක් මෙම ත‍්‍රස්ත ක‍්‍රියා නොනවතින බව ඔහුගේ අදහසයි.

March 23, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/92215/

බෞද්ධ ඉස්ලාම් ගැටුම්වලින් බුරුමය යළිත් ගිනි ගනී

බෞද්ධ සහ මුස්ලිම් පිරිසක් අතර දින කිහිපයක් තිස්සේ පවතින ආගම්වාදී ගැටුම් හේතුවෙන් බුරුමයේ මෙයික්ටිලා නගරයට හදිසි නීතිය පනවා තිබේ.

බුරුම ජනපති තියෙන් සෙන් විසින් ගනු ලැබූ මෙම තීරණය එරට රාජ්‍ය රූපවාහිනිය හරහා නිවේදනය කෙරිණ. ඒ අනුව ගැටුම් හටගෙන ඇති ප‍්‍රදේශයන්හි පාලනය එරට හමුදාවන් අතට පත්වනු ඇත.

මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එහෙත් මියගිය ගණන නිශ්චිත නො වන බව සඳහන් ය. බී.බී.සී. වාර්තාකරු සඳහන් කර ඇත්තේ මුස්ලිම් ජාතිකයන්  20 දෙනෙකුගේ පමණ සිරුරු ඔහු දුටු බව ය.

ගැටුම්වලට සම්බන්ධ වූයේ යැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇතැයි මෙයික්ටිලා නගරයේ මන්ත‍්‍රී චීන් හෙයින් බී.බී.සී. පුවත් සේවයට සඳහන් කර ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින්ගෙන් බහුතරය බෞද්ධයන් බව සඳහන් ය.

March 25, 2013 at 1:45 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/92317/

[ඉල්ලාමීය අන්තවාදීන් වාර්ගික ශුද්ධය සඳහා තායිලන්ත බෞද්ධ ඝාතන රැල්ලක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_2484.html
]

තමිල්නඩුවේ සිටින මෙරට සිසුන් අනතුරේ – රාවණ බලය

ඉන්දියාවේ විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුවී ඇති බව රාවණා බලය සංවිධානය පවසයි. එරට සිටින ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයින්ට ඉදිරියේදී ප‍්‍රහාරවලට ලක්වීමේ අවදානමක මතුව ඇති බව එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

රටේ ස්වෛරී භාවය සහ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරමින්  දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් පිරිසක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ බවටද පැවසූ උන් වහන්නේ ඔවුන්ට එරෙහිව ගන්නා වූ ක‍්‍රියාමාර්ගය කුමක්දැයි මෙම කථානායකවරයාගෙන් ප‍්‍රශ්න කරති.

March 25, 2013 at 3:42 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92321/

උලමාවරු බොරු කිවුවොත් බකමූණන් කරනවා - ඥාණාදාර හිමි

හළාල් සහතික නිකුත් කිරීම නවතා දැමුවේ යයි පවසමින් තම සංවිධානය සහ රටත් ජනතාවත් රවටන්නට සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය කටයුත කලහොත් උලමාවරුන් බකමූණන් කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ සම ලේකම් පූජ්‍ය ගලබොඅත්තේ ඥාණාදාර හිමියන් මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති බොදු සමුළුව අමතමිනි.

තම සංවිධානය දිය කර හැරීමට තවත් සංවිධාන ගණනාවක් අටවා ඇති බවද පැවසූ උන් වහන්සේ ඒ සම්බන්ධයෙන් අසතුටක් නැති බවත් පැවසූහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ කියා සිටියේ ෆැෂන් බග්, නෝ ලිමිට් ආයතනවල සේවයට තම දියණියන් සේවයට නොයවන්නට සිංහල දෙමවුපියන් වග බලාගත් යුතු බවත්, පොහොය දිනවල සියළු මුස්ලිම් ව්‍යාපාරික ආයතනද වසා දැමිය යුතු බවද කීහ.

March 25, 2013 at 1:04 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92286/

සිංහලයන් තරම් අසරණ වූ ජාතියක් මේ ලෝකේ තවත් නෑ - දයාරතන හිමි

‘‘ආණ්ඩුවෙන් කප්පම් ගන්න සංවිධානයක් තියෙනවා නම් ආණ්ඩුව අත්අඩංගුවට ගන්න  ඕන. බදු අය කරන්නේ සාමාන්‍යයෙන් රටක රජය විතරයි. අපිට බදු අය කරන්න බෑ. අපි බදු අය කරනවා නම් ඒක කප්පම් ගැනීමක්. එහෙනම් ජමිඉයියතුල් උලමා කරන්නේ කප්පම් ගැනීමේ වැඩ පිළිවෙළක්’’ යැයි සංිහල රාවය සංවිධානයේ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ පසුගිය දා ගාල්ලේ දී පැවැති සාමකාමී පා ගමනකින් පසුව ගාල්ල ක‍්‍රීඩා මණ්ඩප ශාලාවේ දී පැවැති බොදු සමුළුව අමතමිනි.

සිංහල රාවය සංවිධානය හා ගාල්ල බෞද්ධ සංවිධානය විසින් ගාල්ල  ඕල්කට් මාවතෙන් ආරම්භ කරනු ලැබූ පා ගමනින් ක‍්‍රීඩා මණ්ඩප ශාලාවට පැමිණි බොදු සමුළුව පවත්වනු ලැබුණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ වැඩිදුරටත් මෙසේ පැවැසූහ.

‘‘අද ජම්ඉයියතුල් උලමා සංවිධානය කරන්නේ කප්පම් ගැනීමේ වැඩ පිළිවෙළක්. අපි ආණ්ඩුවට අභියෝග කරලා තියෙනවා මොකද අද ජම්ඉයියතුල් උලමා මේ හැම භාණ්ඩයක් ම හලාල් කරලා ඉවරයි. මේ හැම භාණ්ඩයක ම හලාල් ලාංඡුනය ගහන්න එක ආයතනයකට එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් අඩු ම වශයෙන් ගෙවිය යුතුයි. ලංකාවේ තියෙන භාණ්ඩවලින් 4856 හලාල් කරලයි තියෙන්නෙ. කෝටි දහදහසකට වඩා වැඩි ප‍්‍රමාණයක් සිංහල බෞද්ධයන්ගේ සල්ලි මේ ජම්ඉයියතුල් උලමා සංවිධානයට බැර කරනවා. ඒ මුදල් මොනවට ද වැය කරන්නේ, මුස්ලිම් ව්‍යාප්තවාදය සඳහායි පල්ලි ඉදිකරන්නයි. ජම්ඉයියතුල් උලමාලා මේ භාණ්ඩවලින් බදු අය කරනවා. ඒක නීතිවිරෝධීයි, අපි රජයට බලකර කියනවා, ජම්ඉයියතුල් උලමලා කියන කප්පම්කාරයෝ වහා ම අත්අඩංගුවට ගන්න රජය ක‍්‍රියාත්මක වෙන්න  ඕන කියලා.

සමහර වෙලාවට අපි නැගිට්ටම ආණ්ඩුව බය වෙලා. බුද්ධි අංශ බය වෙලා. රටේ නායකයෝ බය වෙලා. අපේ රට වෙනුවෙන් කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. ජම්ඉයියතුල් උලමාලා තමයි සිංහල බෞද්ධ ජනතාව හා මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කළේ.

අපි වෙනුවෙන් හඬක් නඟන්න පාරට බහින්න කවුරුවත් නෑ. සිංහල ජාතිය තරම් අසරණ වූ පිරිසක් මම හිතන්නෙ නෑ මේ ලෝකේ තව ඉන්නවාදැයි කියලා’’ යැයි අක්මීමන දයාරත්න හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

March 24, 2013 at 2:05 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92278/

ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් හදමු! - JHU

ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය නොතකන ඉන්දියාවට ව්‍යාපාරික හෝ රාජ්‍යතාන්ත‍්‍රික හෝ වරදාන ලබා නොදෙන ලෙස ජාතික හෙළ උරුමය රජයෙන් ඉල්ලා සිටී.

ණිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් මත පදනම් වූ විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනගන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවයි.

නිවේදනයේ මෙසේද දැක්වේ.

ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් බටහිරට යට නොවූ ආර්ථික සහජීවනයක් ගොඩනගමු

ශී‍්‍ර ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කර සෑම ජන කණ්ඩායමකටම ජීවිත අභය දානයත්, සහජීවනයත්, සාමයත් ලබාදීමේ වරදට ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව එක්වී නැවතත් ශී‍්‍ර ලංකා විරෝධී යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කරගෙන ඇත. එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ මානව විරෝධී ත‍්‍රස්තවාදයට ගැති බලගතු පීඩනය ඉදිරියේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඡුන්දය ලබාදුන් සියලූ රටවලට අපගේ ප‍්‍රණාමය පල කරමු. මෙවැනි බලහත්කාරී කි‍්‍රයාවන්ගෙන් අප බියගැන්විය නොහැකි බවත්, අප එයින් තවත් ආත්මීය ලෙස ශක්තිමත් වන බවත්, එක්සත් ජනපදයට හා ඉන්දියාවට සමස්ත ජාතිය ලෙසට දැනුම් දෙමු.

එක්සත් ජනපද-ඉන්දීය යෝජනාව මගින් සිදුවූවා යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙසට කර ඇති යෝජනාවන් උගත් පාඩම් කොමිසම සිය වරම ඉක්මවා සිදුකර ඇති බලය බෙදීම වැනි  ශී‍්‍ර ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබද යෝජනා කි‍්‍රයාත්මක කරන ලෙස බල කිරීමත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලේකම්වරිය පක්‍ෂග‍්‍රාහී බව නැවත නැවත ඔප්පු වී තිබියදී ඇයගේ මැදිහත් වීම අනිවාර්යකර තිබීමත්, විදේශීය නිරීක්‍ෂකයිනට ශී‍්‍ර ලංකාවේ නීතිය හා සාමය පිළිබද කටයුතුවලට මැදිහත්වීමට ඉඩ විවර කිරීමත් අප ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් හා සමාජයක් ලෙස තරයේ හෙලා දකිමු.

කොටි සංවිධානය 2009 සිට මේ දක්වා පැවතුනානම් වසරකට ජිවිත 5000 බැගින් ජීවිත දස දහස් ගණනක් විනාශ වීමට ඉඩතිබූ බවද වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනයෙන් පසු මේ දක්වා එකම සාමකාමී දෙමළ සිවිල් වැසියෙකු හෝ ශී‍්‍ර ලංකා හමුදාව ඝාතනය නොකිරීමෙන් පෙනී යන්නේ ශ‍්‍රී ලංකා හමුදාව කිසිසේත් දෙමළ විරෝධී නොවන බවත්, අපි එක්සත් ජනපදයට හා ඉන්දියාවට පෙන්වා දෙමු.

පළමුව එක්සත් ජනපදය හා ඉන්දියාවට මානව හිමිකම් පිළිබදව කතා කිරීමේ අයිතියක් නොමැති බව අවධාරණය කරමු. මේ මොහොතේත් ඉරාකයේත්, ඇෆ්ගනිස්තානයෙත් ජන ඝාතනවල වග උත්තරකරු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය හා එක්සත් යුරෝපයයි. ඉන්දීයාව කාෂ්මීරයේත්, නාගලන්තය හා මිසෝරාවයේත් සමාජවාදී කැරලිකරුවන් සටන්වදින ප‍්‍රාන්ත 14 කදී ජන ඝාතන ගෙන යන්නේ, සමූහ මිනී වලවල් නිර්මාණය කරන්නේත්, නීති විරෝධී අතුරුදහන්වීම් සිදුකරන්නේත් ඉන්දියාව බවද අපි අවධාරණය කරමු.

එමෙන්ම දෙමළ කොටි ත‍්‍රස්තවාදය ගැන ස්වාධීන පරීක්ෂණයක් නිවැරදිව කළ යුත්තේ ඉන්දියාවටයි. ඒ 1983 සිට ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉන්දීය ජනතාවගේ වැඩි මුදලින් දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පුහුණු කිරිම, ජන ඝාතන යුද්ධයක් දියත් කිරීම, ලක්ෂයකට අධික ශී‍්‍ර ලාංකික පුරවැසියන් ඝාතනයට එමගින් ඉඩ හසර විවර කිරීම විශේෂයෙන් දෙමළ ජනයා වාසය කරන ප‍්‍රදේශවල සංවර්ධනයට පොදුවේ රටේ සංවර්ධනය ද ආඩාල කිරීම ආදිය පිළිබදව සවිස්තර වාර්තාවක් එමගින් සපයා ගතහැකි නිසාය. නියම යුධ අපරාධකරුවන් කවුරුන්දැයි එහිදි තමිල්නාඩුවේ කරුණානිධි හා ජයලලිතාටද, ඉන්දීය කොන්ග‍්‍රසයේ ගාන්ධි පවුලටද කණ්ණාඩියක් ඉදිරියට ගියා සේ දැකගත හැකිවනු ඇත. ඉන්දීය සෙබළුන් දහස් ගණනකගේ ජීවිත බිලි දෙමින්, රජිව් ගාන්ධි ඝාතනය කරමින් කොටි ත‍්‍රස්තවාදීන් කළ ව්‍යවසනයට තමිල්නාඩු දෙමළ ජනයා ඉදිරියේද වග උත්තර සැපයිය යුත්තේ ඔවුන්මය.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිදුවන ශී‍්‍ර ලාංකික විරෝධී මිලේච්ඡු ප‍්‍රහාරද, එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යයයේ සිදුවන ශ‍්‍රී ලංකා විරෝධී ප‍්‍රචාරයන්ද සිදුකරන්නේ නැවත ප‍්‍රති සංවිධානය වන දෙමළ ඊළාම් කොටි නම් වූ නව නාසි වාදී සංවිධානයම බව අපි නැවත අවධාරණය කරමු. මේ මිලේච්ඡුයින් ශී‍්‍ර ලංකාවට එරෙහිව මෙහෙය වීමෙන් තමිල්නාඩුව හා ඉන්දියාව නැවත වරක් ලේ වලින්ම පාඩම් ඉගෙන ගන්නා බව සහතිකය.

මේ නිසා මේ අයුක්ති සහගත කි‍්‍රයාදාමයට එරෙහිව නැගී සිටින්නැයි අපි යුක්ති සහගත, අවිහංසාවාදය අගයන, නේරු විසින් හදුන්වා දෙන ලද පංචශිල ප‍්‍රතිපත්තිය සිය විදේශ ප‍්‍රත්පත්තිය කරගත් සියලූ ඉන්දීය පුරවැසියන්ගෙන් ඉල්ලමු.

කිසිදු විදේශ නියෝජිතයෙකුට ශී‍්‍ර ලංකාව පිළිබද කිසිදු පරීක්ෂණයකට ඉඩ නොදෙන ලෙස අපි ශී‍්‍ර ලංකා රජයෙන් බලකර ඉල්ලා සිටිමු.

එමෙන්ම අපට සතුරු තමිල්නාඩුව සමග කිසිදු ව්‍යාපාරික සංචාරක සබදතාවයක් පැවැත්විය යුතු නැති බවද අවධාරණය කර සිටිමු.

තවද ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය නොතකන ඉන්දියාවට ව්‍යාපාරික හෝ රාජ්‍යතාන්ත‍්‍රික හෝ වරදාන ලබා නොදෙන ලෙස රජයෙන් අපි තරයේ ඉල්ලා සිටිමු.

ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් පදනම් වූ විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනගන ලෙසද රජයෙන් ඉල්ලා සිටිමු.

ඊළගට එන බටහිර ආර්ථික ආක‍්‍රමණයට ඔරොත්තු දෙන දකුණු ඇමරිකාව, අප‍්‍රිකාව, නැගෙනහිර ආසියාව පදනම් කරගත්  ”ආර්ථික සහජීවනයක්” ගොඩනැගීමට කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටිමු.

March 22, 2013 at 1:00 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92190/

Friday, March 22, 2013

වෙනම රටක් අවැසි දමිළ සොයුරනි, පිහිටවමු අපි නව දමිළ රටක්...

ලාංකේය දෙමළ ජනයාගේ දුක දැක උණු වුණු ඉන්දීය බුරුල්ල මේ දිනවල නිරන්තරයෙන් කිරෙන් නැහැවෙමින් පවතී. ඒ කිරි බොන්නට ලංකාවේ දෙමළ ජනයා හැර අන් සියළු බොරු ඇඬිලිකාරයෝ නොයෙක් විජ්ජාවන් දමති. ලංකාවේ පමණක් නොව සමස්ත දෙමළ ජනයාගේම යහපත් සුඛවිහරණයන් උදෙසා  අන් සැවොම එක්ව අවසන් පියවර ගත යුතුය. ඒ සඳහා කවර හෝ කැපකිරීමක් සිදුකර මේ ප‍්‍රශ්නය අවසන් කළ යුතුය. මේ මහා සද්ගුණවත් ඉන්දීය අරමුණ (එනම් දෙමළ ජනයාගේ දුක නිවීම) උදෙසා අප සැවොම අපට හැකි පමණින් දායක විය යුතුය. එය අද දවසේ අවශ්‍යතාවයයි.

කැප කිරීම ආරම්භ කළ යුත්තේ ලොකු තැනිනි. ඒනිසා – ඉන්දියාව එන්න, අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු. පකිස්තානය, බංගලාදේශය බිහි කළාට වඩා හොඳින්, ඊට වඩා විද්‍යාත්මකව අද දවසේ එය කළ හැකිය. ඉන්පසු ඒ තමිල් ඊළමේ සියළු දෙමළ ජනයාට නිදහසේ ද, සිතුමතේ ද , සකලශ‍්‍රියෙන් ආඪ්‍යවද ජීවත්විය හැකිය. ලොවපුරා වෙසෙන දමිළ ජනයාට තමන්ගේම කියා දේශයක් හිමිවනු ඇත. ඔවුනගේ ප‍්‍රමාණය අනුව ලංකාවේ උතුරු නැගෙනහිර හැරෙන්නටත් මදිබව  ඕනෑම කෙනෙකුට පසක් වේ. එනිසා අපි ඒ ප‍්‍රායෝගික විසඳුමට එකඟවෙමු. ආදරණීය අවංක සත්ගුණවත් ඉන්දියාවේ අශිර්වාදය සහිතව හිස ඔසවන තමිල්නාඩුවේ කොටි බලවේග ද මේ විසඳුමෙන් සුරතාන්තයට පත්වනු ඇත.

ඉන්පසු යාපනයේ දෙමළ ජනයාගේ යැපීම් මාර්ග අවහිරකොට ඔවුන් සැබෑ ලෙසම දුකට පත් කරන ඉන්දීය ධීවර ප‍්‍රශ්නය කියා ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇත. ලංකාවේ දෙමළ ජනයාගේ පරම්පරා හතරක්ම කැලයට දැක්කා, ඔවුනට ආයුධ පුහුණුව ලබා දී ලංකාවේ පරිපාලන කටයුතු වලින්ද, අධ්‍යාපන අවස්ථාවන්ගෙන්ද, සමාජ දායකත්වයෙන්ද ඔවුන් එළවා දැමීමට මුල් වීමේ පාපයට ඉන්පසු ඉන්දියාවට සමාව ලැබෙනු ඇත. තම රාජ්‍යයේවත් නැති ආකාරයේ බලය බෙදාදීමක් ලංකාවට යෝජනා කර ලංකාවේ පළාත් සභා අටවා නටන්නට ගිය නිමක් නැති තොවිලය ඉන්පසු අවශ්‍ය නොවනු ඇත. ලංකාවේ සදාකාලිකව මිනීමරාගන්නා දේශ සිමාවක් ඇති කිරිමද ඉන් වැළකෙනු ඇත. දෙමළ ජනයාගේ කදුළු පිසින්නටද, කිරිපල්ල අතගාන්නටද,සොටු සූරන්නටද , නැව් නැඟ ලංකාවට ඒම මින්පසු අවශ්‍ය නොවනු ඇත. බයිසිකලයකට හුලං ගසාගෙන වුවද දෙමළ ජනයාගේ දුක සැප බැලීමට යාමට ඉන්දියාවට ඉන්පසු හැකිවනු ඇත. අධිරාජවාදීන්ගේ පදයට නටනවා යැයි එක එකාගෙන් කතන්දර අහන්නටද ඉන්පසු ඉන්දියාවට සිදු නොවනු ඇත.

එපමණක් නොවේ අළුත් දෙමළ රාජ්‍යයට නොගොස් යාපනයේ ඉතිරි වන දෙමළ ජනයාගේ අල ළුණු ටික ලංකාවේ ඉතිරි ප‍්‍රදේශ වලට ලබාගතහැකිවන පරිදි ඉන්දියාවෙන් අඩු මිලට  ඒවා ලංකාවට පැටවීමද නතර කළ යුතුය. සීපා, සාටිස් වැනි ගිවිසුම් හරහා කෝටි ගණන් ජනයා ලංකාවට එවීමට ගන්නා උත්සාහයද අතහැරිය යුතුය. ලංකාවේ තිබෙන රැකියාවන් ලංකාවේ වෙසෙන දෙමළ ජනයාට ජීවත්වීමට අවශ්‍ය වන බැවිණි.

ලංකාව මෙහිදී එක් දේශපාලන පියවරක් අනුගමනය කළ යුතුයx එනම් 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරිමයි. නැතහොත් අළුතින් පිහිටුවන දෙමළ රාජ්‍යය හෙවත් තමිල් ඊළමයේ කාට හෝ අසමජ්ජාතියෙකුට උතුරු නැගෙනහිර සමග ඒකාබද්ධව කටයුතු කිරිමට අදහසක් පහළ විය හැකි බැවිනි. එය දෙමළ ජනයාගේ විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනයාගේ අයහපතට හේතුවිය හැකි බැවිනි.

මේ මහා විප්ලවීය කර්තව්‍යය එක් කුඩා ලිපියකින් මුළුමනින්ම පැහැදිලි කිරීම ඉන්දියාව නමැති ඉබ්බාගෙන් සද්භාවයේ පිහාටු ඉල්ලනවාටත් වඩා අසීරු කාර්යයකි. නමුත් ආරම්භයක් ලෙස මේ අදහස සමාජගත වීම අවශ්‍යය. මන්දයත් සියළු ඓතිහාසික සාධක ගොනුවී තිබෙනුයේ තමිල්නාඩුවේ ඊළම පිහිටුවීම සාධාරණීකරණය කරමින් වන බැවිනි.

- අඛිල මහගමගේ

ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු…
March 22, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92157/

Thursday, March 21, 2013

තමිල්නාඩු තව්හිද් ජමාඅන් සංවිධානය සමඟ සබඳතාවක් තිබෙන බව ඇත්ත. නමුත් අපි අන්තවාදීන් නොවේ! - තව්හීද් ජමාඅන්

ශ‍්‍රී ලාංකීය භික්‍ෂූන්ට තමිල්නාඩු ප‍්‍රාන්තයේ දී පහරදීම පිටුපස ශ‍්‍රී ලංකා තව්හීද් ජමාඅන් සංවිධානය සිටින බවට නඟන චෝදනාව තරයේ හෙළාදකින බව එම සංවිධානයේ ලේකම් අබ්දුර් රාසින් රෆික්දීන් පවසයි.

චෙන්නායිහි දී හා තමිල්නාඩුවේ දී භික්ෂූන්ට එරෙහිව සිදු කරන ලද ම්ලේච්ඡු ප‍්‍රහාරය දැඩිව හෙළාදකින බවත් අනාගතයේ මෙවැනි අමිහිරි සිදුවීම් සිදුවීමට කිසිදු අයුරකින් ඉඩ නො තැබිය යුතු බවට තමිල්නාඩු ප‍්‍රාන්ත රජයටත් ඉන්දියානු මධ්‍යම රජයටත් දැඩි ලෙස අවධාරණය කරන බව ද කියා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ තව්හිද් ජමාඅන් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික් රෆික්දීන් ‘අපි තමිල්නාඩු තව්හිද් ජමාඅන් සංවිධානය සමඟ සබඳතාවක් තිබෙන බව ඇත්ත. නමුත් අපි කිසි තැනක අන්තවාදී දේ කරලා නෑ. අපි දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නැගුවා. අපි ජිනීවා යෝජනාවලටත් ලංකාවට පත්වෙයි කතා කරන්නේ. ඒ වගේ ම අපි අභියෝග කරනවා අපිට කළ චෝදනාව ඔප්පු කරන්න කියලා’ යයිද කියයි.


තමිල්නාඩුවේදී භික්ෂූන්ට පහරදීම පිටුපස අපි නෑ – තව්හීද් ජමාඅත්
March 21, 2013 at 3:21 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92151/

සබැඳි ලිපි
[
තමිල්නාඩුවේදී මෙරට භික්‍ෂූන්ට පහර දී ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් - BBS
http://denethharinna.blogspot.com/2013/03/bbs_19.html
]

තමිල්නාඩුව සමඟ කිසිම ගනුදෙනුවක්‌ නෑ - ගෝඨා

තමිල්නාඩුව සමඟ මින් ඉදිරියට ශ්‍රී ලංකාව කිසිම ගනුදෙනුවක්‌ නොකරන බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා "දිවයින"ට ඊයේ (20 දා) පැවැසීය.

තමිල්නාඩුව අපේ ශ්‍රී ලාංකිකයන්ට කරන හිරිහැර අනුව මින්පසු තමිල්නාඩුවේ සිට පැමිණෙන ද්‍රවිඩයන්ට උපරිම මට්‌ටමෙන් නීති ප්‍රකාර දඬුවම් දෙන බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

මානව දයාව අනුකම්පාව නැතැයි කොටි හිතවාදීන් අපට චෝදනා කරනවා. ඒත් එම මානව දයාව සහ අනුකම්පාව නැත්තේ ඔවුන් ළඟයි. අපේ මිනිසත්කමෙන් ඔවුන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

මම හිතනවා, ශ්‍රී ලංකා වැසියන්ට සහ බෞද්ධ හිමිවරුන්ට හිරිහැර කරන කොටි හිතවාදීන් අල්ලා ගැනීමට ඉන්දීය මධ්‍යම රජය මෙහෙයුම් කරයි කියලා. ඔවුන් අත්අඩංගුවට ගෙන උපරිම නීතිමය දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි, යෑයිද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන - දිවයින
http://www.divaina.com/2013/03/21/news23.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

සියළු රජයේ ආයතන ආපනශාලාවලින් හලාල් ඉවතට

සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව ද සඳහන් කරන අසේල සම්පත් මහතා එය සියලූ දෙනාට ම සාධාරණ ක‍්‍රියාමාර්ගයක් බව ද කීය.

අද වන විට හලාල් භාණ්ඩ පාරිභෝගිකයන් මිල දී ගැනීමට මැළිකමක් දක්වන බවත් වෙනත් ආදේශක ඒ වෙනුවට වෙළෙඳපොළට පැමිණ ඇති බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

March 21, 2013 at 11:54 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92130/


සැබැඳි ලිපි වලින් සමහරක් (මෙහි හලාල් උදෘතය යටතේ සියළු ලිපි අන්තර්ගතව ඇත)හලාල් හරාම්! - 
හලාල් අහෝසියි! අසාධාරණයට එරෙහි වූ සැමට තුති!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4099.html
]

Wednesday, March 20, 2013

ඉන්දියාව අප වෙනුවෙන් පෙනී සිටි මොහොතකි මේ

ඉතාම නරක ප්‍රවණතාවක්‌ ගොඩනැඟෙමින් පවතී. ඒ වූ කලී තමිල්නාඩුවේ සංචාරය කරන සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට දෙමළ අන්තවාදී කොටස්‌ විසින් පහර දෙනු ලැබීමයි. පසුගිය 16 වැනිදා තමිල්නාඩුවේ කෝවිලකට ගිය බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට පහර දෙන ලදී. ඉන්දියානු පොලීසිය මැදිහත් වී ඒ සිද්ධියට සම්බන්ධ කොටි හිතවාදීන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්දියානු මධ්‍යම රජය මැදිහත් වී ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කර ඇත. මේ අතර ඉකුත් 18 වැනිදා ද තවත් සිංහල බෞද්ධ භික්‍ෂුවකට පහර දෙන ලදී. මේ සියලු විස්‌තර පුවත්පත්වල පළ විය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට පක්‍ෂපාත වැඩිම පිරිස සිටින්නේ තමිල්නාඩුවේ ය. ඊළඟට කැනඩාවේ ය. කැනඩාවේ සිටින කොටි හිතවතුන් යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට එරට වෙසෙන සිංහල ප්‍රජාවට හැකි ය. සාමාන්‍යයෙන් කැනඩාවේ දෙමළ කොටි හිතවාදීන් පහර දෙන්නේ කොටින්ට විරුද්ධ දෙමළ ජනයාට පමණි. අප කොතරම් බයිලා ගායනා කළ ද සභ්‍යත්වය පැත්තෙන් ගත් කල යුරෝපීය ජනයා සමහර අවස්‌ථාවලදී ආසියාවට ඉදිරියෙන් සිටී.

තමිල්නාඩුවේ ඇත්තේ දෙමළ ජාතියට ආදරය කිරීමේ ව්‍යාපාරයක්‌ නොව වෙනම න්‍යාය පත්‍රයකි. එය වයිකෝ, නෙදුමාරන්, ජයලලිතා සහ මුතුවේල් කරුණානිධි වටා භ්‍රමණය වන න්‍යාය පත්‍රයකි. මේ අයගෙන් යන එනමං නැති දේශපාලනඥයන් දෙදෙනකු වන වයිකෝ සහ නෙදුමාරන් හැමදාමත් කොටි සංවිධානය සමඟ සිටියහ. ඔවුන් නඩත්තු වුණේ කොටින්ගෙනි. ඔවුන්ගේ එදා වේල දේශපාලනය සඳහා ආධාර කළේ තමිල්නාඩුවේ කොටි හිතවාදී දෙමළ මාළු මුදලාලිලා ය. කරුණානිධි සහ ජයලලිතා කාලයකට කොටින් සමඟ හොඳ ය. තවත් කාලයකට කොටින් සමඟ තරහ ය. එය විටෙක කැමැතිය, විටෙක අකැමැති ය. සිද්ධාන්තය යටතේ ක්‍රියාත්මක වන තත්ත්වයකි. කලකට පෙර ජයලලිතා එල්. ටී. ටී. ඊ. ය සමඟ කොතරම් තරහෙන් සිටියේද යත්, එල්. ටී. ටී. ඊ. ය ඇය මරන්නට පවා සැලසුම් කළේ ය. එහෙත් දේශපාලනය යනු ඉතා කරුමක්‌කාර බලවේගයකි. ඒ නිසා තීරණාත්මක අවස්‌ථාවකදී තම ඡන්ද පදනමට බලපෑමක්‌ සිදුවේය යන පදනම මත ඔවුන්ට කොටි සංවිධානයේ පැත්ත ගන්නට සිදු වේ. ශ්‍රී ලංකාව බෙදෙනවාට ඉන්දියානු රජය ස්‌වල්පයක්‌වත් කැමැති නැති බව අපි දනිමු. ඊළම බිහිවුණොත් වැඩිම කරදරය ඉන්දියාවට ය. එවිට තමිල්නාඩුව ද වෙනම රටක්‌ වීමට සටනක්‌ පටන් ගන්නවා ඇත. මෙබඳු බෙදුම්වාදී සටන් කිහිපයක්‌ම ඉන්දියාවේ තිබේ. ඒ හැම සටනක්‌ම ඉන්දියන් මධ්‍යම රජය විසින් මර්දනය කරනු ලැබ ඇත. ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තේත් එයයි. රටක්‌ ලෙස නැඟී සිටින්නට නම් ඉන්දියාවේ ප්‍රාන්ත සියල්ලම එකමුතු විය යුතු ය.

මෙයට කලකට පෙර ඔස්‌ටේ්‍රලියාව පුරා ඉන්දියන් විරෝධයක්‌ පැනනඟිණ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඉන්දියානු තරුණයන් රැසකට පහර දෙන ලදී. මේ ප්‍රහාරයට හේතුව රැකියා අවස්‌ථා පිළිබඳ ප්‍රශ්නයකි. ඉන්දියානු තරුණයන් ඔස්‌ටේ්‍රලියාවේ රැකියා අවස්‌ථා පැහැර ගන්නේය යන මතය සුද්දන්ගේ ඔලුවට වැටිණ. එය මෝඩ මතයකි. ඉන්දියානුවෝ මහන්සි වී වැඩ කිරීමට කැමැති ය. සුද්දෝ අන් අය ලවා වැඩ කරවීමට මිස තමන් මහන්සි වීමට කැමැති නැත. මේ අනුව ඔස්‌ටේ්‍රලියාවේ කර්මාන්තකරුවන් ඇඟ මහන්සි වී වැඩ කරන ඉන්දියානුවන්ට තැන දුන්නේ ය. ඔවුන්ට ප්‍රහාර එල්ල වූ විට ඔස්‌ටේ්‍රලියන් රජය එම ප්‍රශ්නයට මැදිහත් විය.

ඉන්දියාව අපගේ වැඩිමහලු සහෝදරයා ය. වයිකෝ, නෙදුමාරන්, ජයලලිතා, කරුණානිධි මේ නටන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගැනීම සඳහා වූ වාර්ගික නාඩගමයි. අපේ සෑම දුෂ්කර අවස්‌ථාවකදීම ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව අපේ පැත්ත ගෙන කටයුතු කළේ ය. ඉදිරියටත් එය එසේම වන බව අපි දනිමු.

දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/03/20/editor.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

අත්‍යවශ්‍ය කරුණකට හැර තමිල්නාඩුවට එන්න එපා

- චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානාධිකාරි හිමි

මේ දිනවල තමිල්නාඩුවේ පවතින වාතාවරණය නිසා ශ්‍රී ලාංකිකයන් අත්‍යවශ්‍යම කරුණකට හැර තමිල්නාඩුවට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බව චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානාධිකාරී කලවානේ මහානාම හිමියෝ ඊයේ (19 දා) "දිවයින"ට පැවසූහ.

මහාබෝධි මධ්‍යස්‌ථානය හරහා චෙන්නායි එන ශ්‍රී ලාංකික දඹදිව වන්දනා කණ්‌ඩායම්වලට පොලිසිය සමග සාකච්ඡා කර විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ දියත් කර ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එහෙත් වෙනත් අවශ්‍යතා සඳහා පෞද්ගලිකව තමිල්නාඩුවට පැමිණෙන අයට එවැනි ආරක්‍ෂාවක්‌ සැපයීමේ හැකියාවක්‌ නොමැති නිසා ඔවුන් මේ දිනවල තමිල්නාඩුවට පැමිණීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මහා බෝධිය හරහා චෙන්නායි එන වන්දනා නඩවලට දුම්රිය ස්‌ථානයේ සහ ගුවන් තොටුපළේ සිට චෙන්නායි මහා බෝධි මධ්‍යස්‌ථානයටත්, නැවත චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානයේ සිට දුම්රියපළට හෝ ගුවන් තොටුපළටත් විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ සපයා තිබෙනවා. තමිල්නාඩුවේ පොලිස්‌ කොමසාරිස්‌තුමා සමග සාකච්ඡා කර මේ ආරක්‍ෂක වැඩපිළිවෙළ දියත් කර තිබෙනවා යෑයි උන්වහන්සේ අවධාරණය කළහ.

පෙරේදා (18 දා) චෙන්නායි මධ්‍යම දුම්රිය පළේදී ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ නමකට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසූ බවද උන්වහන්සේ තවදුරටත් "දිවයින"ට ප්‍රකාශ කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/03/20/news21.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

චෙන්නායි කොළඹ ගුවන් ගමන් 50%කින් අඩු කෙරේ

චෙන්නායි නුවර සහ කොළඹ අතර ගමන් කරන මගීන් සංඛ්‍යාව අඩුවීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර ගණන හෙට (21 වැනිදා) සිට හරි අඩකින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇති බව ඊයේ (19 වැනිදා) නිවේදනය කර ඇත.

ඒ අනුව මෙතෙක්‌ සතියකට කොළඹ - චෙන්නායි අතර ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 28 සිට 14 දක්‌වා අඩු කෙරේ.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2013/03/20/news06.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

තමිල්නාඩුව ශ්‍රී ලාංකිකයන්ට තහනම් කලාපයක්‌ කරන්න - සංඝ සම්මේලනය

තමිල්නාඩු ප්‍රාන්තය ශ්‍රී ලාංකිකයන්ට තහනම් කලාපයක්‌ බවට පත්කරන ලෙස ජාතික සංඝ සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ට දිගින් දිගටම තමිල්නාඩුවේදී එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාර මැඬපැවැත්වීම සඳහා වහාම ඉන්දීය මධ්‍යම රජය සමඟ ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ යුතු බවත් ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් දොඹගොඩ සාරානන්ද හිමියෝ පැවසූහ.

තමිල්නාඩු ප්‍රාන්තයේ අන්තවාදීන් මෙලෙස ම්ලේච්ඡ ලෙස හැසිරුණත් ඉන්දියාවේ අනිකුත් ප්‍රාන්ත ශ්‍රී ලාංකිකයන් සමඟ එක්‌ව කටයුතු කරන බව ද එම නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවන පහරදීම් නැවැත්වීමට මධ්‍යම රජය මැදිහත් විය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මීට පෙර ද තමිල්නාඩුවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය පළ කළ බවත් අවස්‌ථා ගණනාවකදීම වන්දනාකරුවන්ට ප්‍රහාර එල්ල කළ බවත් එමෙන්ම භික්‍ෂූන් වහන්සේලාටත් එරට පිහිටි ශ්‍රී ලාංකික ගොඩනැඟිලිවලටත් ප්‍රහාර එල්ල වූ බවත් සඳහන් කරන උන්වහන්සේ එම තත්ත්වය මැඬපැවැත්වීමට ඉන්දීය මධ්‍යම රජය ක්‍රියාමාර්ග නොගත් බවත් කීහ. මෙමගින් පෙනී යන්නේ මධ්‍යම රජය ද කොටි හිතවාදීන් ආරක්‍ෂා කිරීමේ පිළිවෙතක්‌ අනුගමනය කරන බව යෑයි උන්වහන්සේ පැවසූහ.

මේ කාරණයේදී ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නැතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය සහ ඉන්දීය තානාපති කාර්යාලය වහාම මැදිහත් වී ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කළයුතු බව ද සාරානන්ද හිමියෝ කියා සිටියහ.

තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම් සිදුවුවහොත් තම සම්මේලනය ද මීට එරෙහිව ජනතාව අතරට ගොස්‌ මහජන මතයක්‌ ගොඩනඟන බව පැවසූ උන්වහන්සේ ඉදිරි දිනවල කොටි අන්තවාදීන්ට එරෙහිව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයක ජාතික සංඝ සම්මේලනයේ මැදිහත්වීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාර සිදුකරන බව ද පැවසූහ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/03/20/news03.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.html
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

බුදු තෙමඟුල සිදුවූ ඉන්දියාවේ බුදු පුතුන්ට කළ නින්දිත පහර දීම තරයේ හෙළා දකිනවා - JNP

එදා සුදු අධිරාජ්‍යවාදීන් යටත් විජිත සමයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රචණ්ඩ පිළිවෙත අද ඉන්දියා රජය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එසේම තමන් මෙතෙක් කලක් අනුගමනය කළ මහත්මා ගාන්ධිතුමන්ගේ අවිහිංසාවාදී පිළිවෙත අත්හැර දමා තිබේදැයි එම පෙරමුණ ඉන්දීය රජයෙන් ප‍්‍රශ්න කර සිටී.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා අද (20) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

‘ඉන්දියාවේදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට ඉතාමත් නින්දිත ලෙස පහරදීම ජාතික නිදහස් පෙරමුණ ලෙස දැඩි සේ හෙළා දකිනවා. මෙය අහඹු සිදුවීමක් නොවෙයි. සැලසුම් සහගත ක‍්‍රියාවලියක ප‍්‍රථිඵලයක්. ඉන්දියාව කියන්නේ බුදුරජාණන්වහන්සේගේ උපත, බුදුවීම, පරිනිර්වාණය යන සියලූ උතුම් කාරණා සිදු වූ පුණ්‍ය භූමියයි. එවැනි පුණ්‍ය භූමියකදී මෙසේ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාට පහරදීම කිසිසේත් සුළුකොට නොතකන ලෙස අපි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිනවා. ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන්ට කිසිවිටෙකත් බුදුන් උපන් බිමට පැමිණ ඒ උතුම් වූ සිද්ධස්ථාන වන්දනාමාන කිරීම අතහැර දැමීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සඳහා ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් සැලසීම ඉන්දීය රජයේ අත්හල නොහැකි වගකීමක්.

සුදු අධිරාජ්‍යවාදීන් එදා අපේ මාතෘභූමිය වෙනුවෙන් පෙනී සිටි කුඩාපොළ හිමියන් වැනි භික්‍ෂූන්වහන්සේලා මරා දැමුවා, පන්සල් ගිනි තැබුවා, භික්‍ෂූන්වහන්සේලාට පහර දුන්නා. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පිළිවෙතයි. මේ සුදු අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේදී කටයුතු කළෙත් ඒ ආකාරයටමයි. නමුත් එදා මහත්මා ගාන්ධිතුමන් මේ සුද්දාගේ ප‍්‍රචණ්ඩ පිළිවෙතට පිළිතුරු දුන්නේ අවිහිංසාවාදයෙන්. සුදු අධිරාජ්‍යවාදියාගේ ග‍්‍රහණයෙන් මිදුණු ඉන්දියාව සිය පිළිවෙත ලෙස අනුගමනය කළේ මහත්මා ගාන්ධිතුමන්ගේ අවිහිංසාවාදී පිළිවෙතයි.

නමුත් අද ඉන්දියාවේදී එනම් බුදු උපන් බිමේදී බුද්ධ පුත‍්‍රයන් තැලූම් කනවා. හිංසනයට ලක් වෙනවා. ඒ අනුව පෙනී යන්නේ අද ඉන්දියාව තුළ මහත්මා ගාන්ධිතුමන්ගේ අවිහිංසාවාදී පිළිවෙත වෙනුවට සුදු අධිරාජ්‍යවාදියාගේ ප‍්‍රචණ්ඩ පිළිවෙත ක‍්‍රියාත්මක වන බවයි. අද සුද්දගේ පිළිවෙතයි, ඉන්දියාවේ පිළිවෙතයි අතර වෙනසක් නැහැ. අද ඉන්දියාව සහ සුදු අධිරාජ්‍යවාදියා අතර වෙනසක් නැහැ. අද ඉන්දියාව බටහිර අධිරාජ්‍යවාදය සමග එකට සිටගෙන අපට පහර දෙනවා. අමතක වෙලා නම් අපි ඉන්දියාවට මේ අවස්ථාවේදී මහත්මා ගාන්ධි පිළිවෙත පිළිබඳව මතක්කර දෙන්න කැමතියි.

අප සිතන්නේ අද ඉන්දියාව එක්තරා නාටකයක් ර`ග දක්වන බවයි. ඔවුන් තම ඔත්තු සේවා පවා මේ නාටකයේ රංගන ශිල්පීන් ලෙස යොදා ගෙන තිබෙනවා. තමිල්නාඩුව තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අතීතයේ නොවූ විරූ විරෝධයක් උද්ගතව ඇති බව ලෝකයාට පෙන්වීමටයි අද ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ. මේ නාටකයේ ප‍්‍රධාන චරිතයක් ර`ගන කරුණානිධිගේ ඞී. එම්. කේ. පක්‍ෂය අද ආණ්ඩුවෙන් ඉවත් වෙලා. ඔවුන් බලකරනවා ඉන්දීය රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය රැගෙන එන ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දිය යුතුයි කියලා. එම නාටකයේ තවත් ජවනිකාවක් විදියට තමයි, ශ‍්‍රී ලංකාවේ බුද්ධ පුත‍්‍රයන්ට බුදුන් උපන් බිමේදී මෙසේ පහර දෙන්නේ.

රුසියාව මධ්‍යම ආසියාවේ බලවතා, චීනය නැගනහිර ආසියාවේ බලවතා, එසේම ඉන්දියාව දකුණු ආසියාවේ බලවතා. මේ විදියට ආසියාකරයෙන් රුසියාව, චීනය, ඉන්දියාව වැනි රටවල් මහා බලවතුන් ලෙස නැ`ගී සිටීම අප වැනි ආසියාවේ කුඩා රටකට බලවත් සතුටක්. ඒ වගේම ශක්තියක්. එසේ තිබියදී ඉන්දියාව අපට මෙසේ පහර දෙනවා. එය බාල වැඩක්. එසේ කිරීමෙන් ලෝකයා ඉදිරියේ හෑල්ලූවට ලක්වන්නේ ඉන්දියාවයි.

ඇත්ත කතාව, දකුණු ආසියාවේ කිසිදු රටක් සමාජ, ආර්ථික වශයෙන් හිස ඔසවනවාට ඉන්දියාව කැමති නැහැ. එම රටවල් ස්ථාවරව ඉදිරියට යනවාට ඉන්දියාව කැමති නැහැ. ඒ නිසයි ඔවුන් මෙසේ අපේ රට අරාජික කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදයට සහාය දේනනේ.

ඉන්දියාවේ පාලක කොංග‍්‍රස් පක්‍ෂයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය කියනවා, ශ‍්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ‘සාධාරණ ස්වාධීන පරීක්‍ෂණයක්’ තබන්න කියලා. එදා කොටි ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්ව මියගිය හිටපු ඉන්දීය අගමැතිවරයකු මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාද වූ රාජිව් ගාන්ධි මහතා සම්බන්ධයෙන්වත් එවැනි පරීක්‍ෂණ ඉල්ලා නොසිටි ඇය අද මෙසේ හැසිරෙන්නේ ඇයි? වෙන කිසිවක් නිසා නොවෙයි, තමිල්නාඩුවේ ඡුන්ද පදනම රැකගැනීම සඳහායි, මෙසේ හැසිරෙන්නේ. අද රාජිව් ගාන්ධි මරාදාපු, ප‍්‍රභාකරන් මියයාම පිළිබඳ ‘සාධාරණ ස්වාධීන පරීක්‍ෂණයක්’ ඉල්ලන තැනට ඉන්දීය පාලක පක්‍ෂය පහත වැටී තිබෙනවා.

මේ තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් රැගෙන ආ යෝජනාවලිය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එම යෝජනාවලිය මගින් ශ‍්‍රී ලංකාවේ නිදහසට, ස්වෛරීභාවයට සහ ස්වාධිනත්වයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවද පෙන්වා දීමට කැමතියි’’

මෙම මාධ්‍ය හමුවට ජාතික පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මහතාද එක්ව සිටියේය.


එදා සුද්දා අපට කළ දේ අද ඉන්දියාව කරනවා
March 20, 2013 at 3:21 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92103/

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.html
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

ඉන්දීය රජ්‍ය තාන්ත්‍රික භාවයේ අමු නිරුවත ලොවට පෙන්වන ලාංකීයයන්ට ආරක්ෂාව දීමේ ඉන්දීය ප්‍රතිචාරය

තමිල්නාඩුවේ මේ වනවිට නිර්මාණය වී තිබෙන තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකාවෙන් යන සංචාරකයන්ට සිදුවිය හැකි හිරිහැර පිළිබඳ ව අවධානය යොමු කරමින් තමිල්නාඩුවේ සංචාරය කිරීම අවදානම් සහගත බැවින් ශ‍්‍රී ලාංකිකයන් එහි සංචාරය නො කළ යුතු බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය දිනවල තමිල්නාඩු ප‍්‍රාන්තයේ විවිධ ප‍්‍රදේශවල දී විවිධ හිරිහැරවලට ශ‍්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවීමෙන් පෙනී යන්නේ ඉන්දීය ආරක්ෂක අංශවලට මෙම ක‍්‍රියාමාර්ග වළක්වා ගැනීම අපහසු වී ඇති බව යයිද ඒ මහතා සඳහන් කරයි.

එවැනි අවදානම් සහගත තත්ත්වයක් තිබිය දී මෙම ප‍්‍රදේශයේ සංචාරය කිරීම අනතුරුදායක බවත් දකුණු ඉන්දියානු ප‍්‍රදේශවලට ගමන් කිරීමෙන් වැළකීම නුවණට හුරු බවත් ඔහු පෙන්වා දෙයි. එහි දී තවදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ යම් අයකුට ඉන්දියාවේ සංචාරය කිරීමට හෝ වන්දනාමාන කිරීමට අවශ්‍ය නම් දකුණු ඉන්දියාව මඟ හැර වෙනත් ප‍්‍රාන්තයක ගුවන් තොටුපළකින් අදාළ ස්ථාන වෙත සේන්දු වීම ආරක්ෂාකාරී විය හැකි බව ය.

‘ශ‍්‍රී ලංකාවෙන් යන යම් හෝ පුද්ගලයෙකුට අනතුරක් වුණොත් රජයයක් ලෙස ඔවුන්ගේ ජීවිතවලට වගකිව යුතුයි. ඒ සඳහා ඉන්දීය රජයෙන් අපට නිසි සහතිකයක් ලැබී නැහැ. එබැවින් මේ තත්ත්වය තුළ දකුණු ඉන්දියාවේ සංචාරය නො කරන ලෙසයි මා ඉල්ලා සිටින්නේ’ යනුවෙන් ද ඔහු මෙහි දී තවදුරටත් සඳහන් කළේ ය.

ඉන්දියාවෙන් සහතිකයක් නෑ… තමිල්නාඩු යන්න එපා
March 20, 2013 at 11:54 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92083/

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.html
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!

ඉන්දීය රජය තමිල්නාඩුවේ සංචාරය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තවදුරටත් අපොහොසත් වන්නේ නම් නැවත වරක් සංචාරක අනතුරු ඇඟවීම නිකුත් කිරීමට සිදුවනු ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

තමිල්නාඩුවේ දී ශ‍්‍රී ලාංකියන්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වය පිළිබඳ ව වහා සාකච්ඡ කරන ලෙසත් වර්තමානයේ ශ‍්‍රී ලාංකිකයන් ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන ලෙසත් විදේශ අමාත්‍යංශය ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

චෙන්නායි දුම්රියක් තුළ දී සහ දුම්රිය ස්ථානයේ දී තවත් ශ‍්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකට අමානුෂික ලෙස ප‍්‍රහාර එල්ල වීමෙන් පසුව විදේශ අමාත්‍යංශය මෙම පියවර ගත්තේ ය. ඒ අනුව අමාත්‍යංශයෙන් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් තානාපති නිලධාරීන් ඉන්දීය රජයේ විදේශ අමාත්‍යංශය සමඟ සාකච්ඡුා කිරීමට පියවර ගත් බවත් මෙම විදේශ අමාත්‍යංශ නිලධාරියා තවදුරටත් පැවැසීය.

එමෙන් ම මෙම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය රජයට පොරොන්දු වූ අයුරින් මෙරට සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපොහොසත් වුවහොත් යළිත් ශ‍්‍රී ලාංකිකයන්ට තමිල්නාඩුවේ සංචාරය කිරීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට සිදුවිය හැකි බව ය. 

ශ‍්‍රී ලාංකිකයන්ට තමිල්නාඩු සංචාරක අනතුරු ඇඟවීම නැවත වරක්
March 20, 2013 at 7:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92062/

ඉන්දීය රජයට විරෝධය දක්‌වන්න - ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ට විදේශ ඇමැති ජී. එල්. කියයි

භික්‍ෂූන් වහන්සේලා දෙනමකට අවස්‌ථා දෙකකදී තමිල්නාඩුවේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජයට දැඩි ලෙස විරෝධය දක්‌වන්නැයි එරට සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට උපදෙස්‌ දුන් බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මේ පහරදීමට එරෙහිව තමන් සියලු පියවර ගෙන ඇතැයි ද අවශ්‍ය කටයුතු සම්බන්ධව එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට උපදෙස්‌ දුන් බව ද ඇමැතිවරයා කීය.

කොළඹ දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

තමිල්නාඩුවේදී මෙරට භික්‍ෂූන් වහන්සේලාට පහර දීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර කවරේදැයි කරුණානායක මහතා විමසා සිටියේය.

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/03/20/news02.html

සබැඳි ලිපි
[
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html

මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.html
]