Pages

Tuesday, March 19, 2013

මෙරට බෞද්ධයන්ගේ ඉන්දීය විරෝධී හැගීම් බුර බුරා ඇවිලෙනවා

ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එල්ල කළ අමානුෂික, තිරස්චීන ප‍්‍රහාර සම්බන්ධව රට තුළ සිංහල බෞද්ධ ජනතාව තුළ ඉන්දීය විරෝධී හැගීම් බුර බුරා උත්සන්න වෙමින් ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂය පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට සිදුවූ ව්‍යසනයන්ට තමිල්නාඩුව ඇතුළු ඉන්දිය මධ්‍යම ආණ්ඩුවද වගකිව යුතු අතර, කොටි සංවිධානයට ඔවුන් ලබාදුන් අනුග‍්‍රහය ද නැවත මතක් කල දිය යුතුව ඇති බවය.

නිවේදනය සම්පූර්නයෙන්ම මෙසේය.

ඉන්දියාව තුළ සිදුවන ශී‍්‍ර ලංකා විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධවයි

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තීජි නගරයේදි පුරාවිද්‍යා සමීක්ෂණයක යෙදී සිටි ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් වන 46 හැවිරිදි පත්බේරියේ ඥාණාලෝක හිමියන්ට  කොටි හිතවාදී තමිල්නාඩු දෙමළ දේශපාලන කි‍්‍රයාකාරකයින් පිරිසක් පහර දී ඇත. පහර කෑමට ලක් වූ ඥාණාලෝක හිමියන්ගේ ආරක්ෂාව පතා උන්වහන්සේ ඇද සිටි චීවරය ඉවත්කර වෙනත් ඇදුමක් අන්දවා පොලිස් ආරක්ෂාව මැද තංජවූර් ගුවන්තොටුපොළ වෙත පිටත්කර හැරීමට පොලීසිය කටයුතු කර ඇත. එම සිදුවීමේ උණුසුම නිවී යන්නටත් පෙර තමිල්නාඩුවේ කොටි හිතවාදීන් පිරිසක් පසුගිය 18 වනදා චෙන්නායි මධ්‍යම දුම්රියපොළේදී තවත් ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේනමකට තිරස්චීන ලෙසත්, අමාණුෂික ලෙසත් පහරදෙන ලදි. මෙම පහරදීමේ රූපරාමු දැකීමෙන් ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාව බලවත් කම්පනයටත්, කෝපයටත්, සංවේගයටත් පත්ව ඇති බව ඔබතුමා වෙත දන්වා සිටීමට කැමැත්තෙමු.

මෙම සිදුවීම් දෙකට ප‍්‍රථම චෙන්නායිහි මහා බෝධියට (2012 ජනවාරි) පහර දී අපගේ ශී‍්‍ර ලාංකික භික්ෂුන් වහන්සේලා තෙනමකට ශාරීරික හිරිහැර කරන ලදි. 2012 ජීනීවා මානව හිමිකම් සැසියට සමාන්තරව ආරම්භ වූ ශී‍්‍ර ලංකා විරෝධී ප‍්‍රහාරක වටය දැන් වඩාත් තීව‍්‍ර ලෙසත්, වඩාත් ප‍්‍රචණ්ඩ ලෙසත්, සාහසික ලෙසත් සිදුවෙමින් පවතින බව අපගේ නීරීක්ෂණයයි. පෞද්ගලික වන්දනා ගමනක නියලූණු අපගේ ජනාධිපතිතුමාද, විවිධ මැති ඇමතිවරුද,  ව්‍යාපාරිකයෝද, වන්දනාකරුවන්ද , කී‍්‍රඩා කණ්ඩායම්ද, කලාකරුවන්ද, රාජ්‍ය ආයතනද, ශී‍්‍ර ලංකා තානාදිපති කාර්යාලයද මෙලෙස අඛණ්ඩ ප‍්‍රහාරයන්ට හා හිරිහැරයන්ට ලක්විය. මෙය දිගින් දිගටම සිදුවෙද්දී ශී‍්‍ර ලංකා රජය රාජ්‍ය ත‍්‍රාන්ති‍්‍රක මට්ටමින් ඉන්දියාවේ තමිල්නාඩු කි‍්‍රයා කලාපය සම්බන්ධව ගනු ලැබූ පියවර ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැක.  මෙම ප‍්‍රහාර ශී‍්‍ර ලාංකිකයන්ගේ ජීවිත බිලිගන්නා තැනට වර්ධනය වන තෙක් බලා සිටිනවාද? එසේ නැතිනම් ඊට ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ‍්‍රී ලංකාවේ අභිමානය හා ආත්මගරුත්වය රැුකගැනීමට නොපමාව කටයුතු කරනවාද?

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ශී‍්‍ර ලංකාවේත් ශී‍්‍ර ලංකා පුරවැසියන්ගේත් ගෞරවය අභිමානය ආරක්ෂා කරදීමට කටයුතු කිරීම ඔබතුමා සතු වගකීමකි. ශී‍්‍ර  ලාංකිකයින් ලෙස අප කිසිවිටකත් ඉන්දියාවෙන් ශී‍්‍ර ලාංකාවට පැමිණෙන දේශපාලඥයන්ට, කී‍්‍රඩකයන්ට, ව්‍යාපාරකයන්ට, සංචාරකයන්ට, සංචාරක වෙසින් එන ආර්ථික සරණාගතයන්ට, කලාකරුවන්ට, ව්‍යාපාරික ආයතන වලට ආරක්ෂක සාමාජිකයන්ට හිරිහැර, හිංසා පීඩා කර නැත. ඒ අප සතු උසස් බෞද්ධ මානව ගුණාංගයන් නිසාය. එය නිවට කමක් හෝ බයාදු කමක් ලෙස ඔවුන් වටහාගෙන ඇත්නම් එය නිවැරදි නොවන බවත් අපගේ ඉවසීම හා කරුණා ගුණයට සීමා මායිම් ඇති බවත්, රටක්, ජාතියක් ලෙස ආත්ම ගරුත්වයෙන් යුතුව ජිවත්වීමට අපට ඇති අයිතිය, ඉන්දියාවේ ශී‍්‍ර ලංකා විරෝධීන්හට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින්  අපගේ ස්ථාවරය ප‍්‍රකාශ කල යුතු බව අපගේ අදහසයි. එමෙන්ම ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තියේ අඩංගු පංචශීල ප‍්‍රතිපත්තියද, නොබැඳි සමුළුවේ ප‍්‍රතිපත්තියද, දකුණු ආසියානු සහයෝගීතා සමුළුවේ මූලධර්මයන්ද ඉන්දියාවට නැවත සිහිපත් කල යුතුව ඇත. ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට සිදුවූ ව්‍යසනයන්ට තමිල්නාඩුව ඇතුළු ඉන්දිය මධ්‍යම ආණ්ඩුවද වගකිව යුතු අතර, කොටි සංවිධානයට ඔවුන් ලබාදුන් අනුග‍්‍රහය ද නැවත මතක් කල දිය යුතුව ඇත.

අවසාන වශයෙන් ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එල්ල කළ අමානුෂික, තිරස්චීන ප‍්‍රහාර සම්බන්ධව අප රට තුළ සිංහල බෞද්ධ ජනතාව තුළ ඉන්දීය විරෝධී හැගීම් බුර බුරා උත්සන්න වෙමින් පවතින බව ඔබතුමාගේ අවධානයට යොමුු කිරීමට කැමැත්තෙමි. එසේම මෙම තත්වය පාලනය කිරීම සදහා ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා කැදවා නිල ලෙස අප‍්‍රසාදය පල කිරීමට කටයුතු කරන ලෙසත්, තමිල්නාඩුවට යන හා තමිල්නාඩුවෙන් ශී‍්‍ර  ලාංකාවට එන සියළු දෙනා සදහා මෙම තත්වය සමහන් වන තෙක් සංචාරක තහනමක් පැනවීමට අවධානය යොමුකරන ලෙසත්, ශී‍්‍ර ලංකාවේ ගරුත්වය හා අභිමානය ආරක්ෂාකරලීම සදහා විශේෂ අවධානය යොමුකරන ලෙසත් මෙත් සිතින් ඉල්ලා සිටිමු.

March 19, 2013 at 2:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D/

සබැඳි ලිපි
[

තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.html
ශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]

0 comments: