Pages

Monday, March 25, 2013

සිංහලයන් තරම් අසරණ වූ ජාතියක් මේ ලෝකේ තවත් නෑ - දයාරතන හිමි

‘‘ආණ්ඩුවෙන් කප්පම් ගන්න සංවිධානයක් තියෙනවා නම් ආණ්ඩුව අත්අඩංගුවට ගන්න  ඕන. බදු අය කරන්නේ සාමාන්‍යයෙන් රටක රජය විතරයි. අපිට බදු අය කරන්න බෑ. අපි බදු අය කරනවා නම් ඒක කප්පම් ගැනීමක්. එහෙනම් ජමිඉයියතුල් උලමා කරන්නේ කප්පම් ගැනීමේ වැඩ පිළිවෙළක්’’ යැයි සංිහල රාවය සංවිධානයේ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ පසුගිය දා ගාල්ලේ දී පැවැති සාමකාමී පා ගමනකින් පසුව ගාල්ල ක‍්‍රීඩා මණ්ඩප ශාලාවේ දී පැවැති බොදු සමුළුව අමතමිනි.

සිංහල රාවය සංවිධානය හා ගාල්ල බෞද්ධ සංවිධානය විසින් ගාල්ල  ඕල්කට් මාවතෙන් ආරම්භ කරනු ලැබූ පා ගමනින් ක‍්‍රීඩා මණ්ඩප ශාලාවට පැමිණි බොදු සමුළුව පවත්වනු ලැබුණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ වැඩිදුරටත් මෙසේ පැවැසූහ.

‘‘අද ජම්ඉයියතුල් උලමා සංවිධානය කරන්නේ කප්පම් ගැනීමේ වැඩ පිළිවෙළක්. අපි ආණ්ඩුවට අභියෝග කරලා තියෙනවා මොකද අද ජම්ඉයියතුල් උලමා මේ හැම භාණ්ඩයක් ම හලාල් කරලා ඉවරයි. මේ හැම භාණ්ඩයක ම හලාල් ලාංඡුනය ගහන්න එක ආයතනයකට එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් අඩු ම වශයෙන් ගෙවිය යුතුයි. ලංකාවේ තියෙන භාණ්ඩවලින් 4856 හලාල් කරලයි තියෙන්නෙ. කෝටි දහදහසකට වඩා වැඩි ප‍්‍රමාණයක් සිංහල බෞද්ධයන්ගේ සල්ලි මේ ජම්ඉයියතුල් උලමා සංවිධානයට බැර කරනවා. ඒ මුදල් මොනවට ද වැය කරන්නේ, මුස්ලිම් ව්‍යාප්තවාදය සඳහායි පල්ලි ඉදිකරන්නයි. ජම්ඉයියතුල් උලමාලා මේ භාණ්ඩවලින් බදු අය කරනවා. ඒක නීතිවිරෝධීයි, අපි රජයට බලකර කියනවා, ජම්ඉයියතුල් උලමලා කියන කප්පම්කාරයෝ වහා ම අත්අඩංගුවට ගන්න රජය ක‍්‍රියාත්මක වෙන්න  ඕන කියලා.

සමහර වෙලාවට අපි නැගිට්ටම ආණ්ඩුව බය වෙලා. බුද්ධි අංශ බය වෙලා. රටේ නායකයෝ බය වෙලා. අපේ රට වෙනුවෙන් කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. ජම්ඉයියතුල් උලමාලා තමයි සිංහල බෞද්ධ ජනතාව හා මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කළේ.

අපි වෙනුවෙන් හඬක් නඟන්න පාරට බහින්න කවුරුවත් නෑ. සිංහල ජාතිය තරම් අසරණ වූ පිරිසක් මම හිතන්නෙ නෑ මේ ලෝකේ තව ඉන්නවාදැයි කියලා’’ යැයි අක්මීමන දයාරත්න හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

March 24, 2013 at 2:05 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92278/

0 comments: