Pages

Tuesday, March 19, 2013

තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයි

චෙන්නායි මධ්‍යම දුම්රියපළේදී ඊයේ (18) තවත් ශ්‍රී ලාංකික භික්‌ෂුන්වහන්සේ නමක්‌ දෙමළ ක්‍රියාකාරීන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්‌ව ඇත.

ශ්‍රී ලාංකික වන්දනා නඩයක්‌ සමඟ ගමන් කරමින් සිටි මහනුවර ප්‍රදේශයේ එම හිමිනම පහර කෑමට ලක්‌ව ඇත්තේ දුම්රියක්‌ තුළ දීය.

ප්‍රහාරයෙන් බේරීම සඳහා දුම්රියෙන් එළියට පැමිණි අවස්‌ථාවේදී දුම්රිය වේදිකාවේදී ද උන්වහන්සේට පහර දී ඇති අතර ප්‍රහාරයෙන් බේරීම සඳහා දුම්රිය පොළේ සිට නාට්‌ටමි කෙනෙකුගේ උපදෙස්‌ පරිදි සිවුර ගලවා සීතලට අඳින වෙනත් ඇඳුමක්‌ ඇඳගැනීමට ද උන්වහන්සේට සිදුව ඇත.

වන්දනා නඩයේ සිටි පිරිස්‌ දුම්රිය පළේ පොලිසියට මේ ගැන දැනුම්දීමෙන් පසු පොලිසිය පැමිණ උන්වහන්සේ ඇතුළු පිරිස ආරක්‌ෂා සහිතව චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානය වෙත රැගෙන ගොස්‌ ඇත.

චෙන්නායි මහා බෝධි මධ්‍යස්‌ථානාධිකාරී පූජ්‍ය කලවානේ මහානාම හිමියෝ සිද්ධිය ගැන චෙන්නායි පොලිසියත් සමඟÊසාකච්ඡා කර ශ්‍රී ලාංකික වන්දනා පිරිස්‌වල ආරක්‌ෂාව සඳහා පියවර ගෙන තිබේ.

භික්‌ෂූන් වහන්සේට පහර දෙන අවස්‌ථාවේදී තවත් පුද්ගලයෙක්‌ එය ඡායාරූප ගන්නා අයුරුද දැකගැනීමට ලැබී ඇත.

මෙය තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික භික්‌ෂූන් වහන්සේ නමකට එල්ල වූ දෙවන ප්‍රහාරයයි. මීට පෙර ඉකුත් 16 වැනිදා තමිල්නාඩුවේ තන්ජපුර්හි කෝවිලකට පුරාවිද්‍යා අධ්‍යයන චාරිකාවක්‌a සඳහා ගොස්‌ සිටි පත්බේරියේ ඥණලෝක ස්‌වාමින් වහන්සේටද මෙවැනිම ප්‍රහාරයක්‌ එල්ල විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/03/19/news19.html

සබැඳි ලිපි
[

මෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]

1 comments:

prasad hewagamage said...

unge lokkekuge family ekak hoyagena lankawedi e behethama dunnama prashnaya navatheevi asipiya gahannath kalin