Pages

Tuesday, March 5, 2013

කළු සුද්දන් හැදූ ව්‍යවස්‌ථාව හා මතවාද නිසා අපේ මිනිස්‌සු මංමුළාවෙලා - ඥනසාර හිමි

කළු සුද්දෝ හැදූ ව්‍යවස්‌ථාව හා මතවාද සමග අපේ මිනිස්‌සු මංමුළා වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ 65 වැනි නිදහස්‌ දින සැමරුම නිමිත්තෙන් පසුගියදා මුල්ලේරියාව ශ්‍රී සාරානන්ද දහම් පාසලේ පැවැති විශේෂ සමරු උත්සවයේ ආරාධිත දෙසුම පවත්වමිනි.

එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

65 වැනි නිදහස්‌ දිනය සමරන අභීත ජාතියක්‌ විදිහට අනාගතයේ මුහුණ දීමට සිදුවන අඳුරු සෙවනැලි ද මතුවෙමින් පවතින බව අපේ මිනිසුන්ට බුද්ධිමත්ව සිතන්න කාලය එළඹිලා තියෙනවා. අතීතයේ ඔය වැඩිහිටියෝ කරපු වැරදි නිසයි මේ සෙවණැලි මතුවෙමින් තිබෙන්නේ. අද දහම්පාසල් පවත්වන්න ඕනි දරුවන්ට නෙමේ වැඩිහිටි ඔයාටලයි. අද වෙනකොට අපේ ජාතියේ නොලියවුණු ඉතිහාසය අවුරුදු 25000 කට වැඩියි. ඒත් අද අපේ ජාතිය ලෝකය හමුවේ මංමුළා වෙලා. අපේ ශිෂ්ටාචාරය මත ගොඩනැඟුණු අපේ සංස්‌කෘතියක්‌ තිබෙනවා. එහෙත් අද කෝ ඒ සංස්‌කෘතිය. අද අපේ ජාතියට දායාද වෙලා තියෙන්නේ කළු සුද්දොa හදපු ව්‍යවස්‌ථාවයි. මතවාදයි. ඒ මතවාද එක්‌ක අපේ මිනිස්‌සු මංමුළා වෙලා. ලෝකයේ වැව් 64000 කට වඩා ගොඩනඟපු කෘෂිකර්මාන්තය මත පදනම් වූ ජීවන වෘත්තියක්‌ නිර්මාණය කළ මිනිස්‌සු බිහි වුණ මුල්ම ජාතිය මේ සිංහල රටෙයි හිටියේ. ඒ ජාතිය අද වැළලිලා යන්නේ ලෝකය හමුවේ දීන ජාතියක්‌ විදිහට. මේ තත්ත්වය උදාවුණේ අපේ මිනිස්‌සු රූපවාහිනියට ඇබ්බැහි වෙලා අද පොත පත කියවීමෙන් ඈත්වුණු නිසයි.

අද වන කොට මෙතරම් වටිනා ඉතිහාසයකට හිමිකම් කියන මේ මවුබිම, රණවිරු දූ පුතුන් ජීවිත කැපකරලා නිදහස්‌ නිවහල් රටක්‌ ලෙස රැකගත් මේ මාතෘභූමිය පාලනය කරන්නේ කළු සුද්දොa ගෙනා එංගලන්තේ නීතිය අනුවයි. වැව් ටික පාලනය කරන්නේ එංගලන්තේ පනත්වලට අනුවයි. වාරිමාර්ග පනත, පුරාවිද්‍යා පනත, වැනි පනත්වලින් ක්‍රියාත්මක වන්නේ මේ සුද්දන්ගේ නීතියයි. හදන්න අපේ සිංහල මිනිසුන්ට ගැළපෙන සිංහල අණපනත්, අද අපේ සිංහල අහිංසක මිනිස්‌සු පොඩි වරදකටත් උසාවි ගානේ, පොලිසි ගානේ රස්‌තියාදු වෙන්නේ මේ එංගලන්තේ නීති පද්ධතිය නිසයි. අද මේ සිංහල රටේ රාජ්‍ය නොවන සංවිධාන 10 කට වැඩිය ක්‍රියාත්මක වනවා. ඒ මදිවට හලාල්. මේ යන රටාවට වගකියන්න ඕනි අපේ මේ ඔලමොට්‌ටල දේශපාලනඥයෝයි. අප ළඟ දේශපාලනය නෑ. අපි අපේ ජාතිය වෙනුවෙන් හරි දේ කියනවා. මේ අල්ලක්‌ වගේ වටින සිංහල රට රැකගන්න පුළුවන් එකම මග ගමේ පන්සලයි. එකතු වන්න ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ වටා. වෙනත් ආගම්වලට බැණ බැණ ඉඳලා වැඩක්‌ නෑ. අපි ගමේ පන්සලට එකතු වෙනව නම්, රටේ නිෂ්පාදනවලට ආදරය කරනවා නම් යූ.එන්.පී/ඡේවීපී කියලා නොබෙදී එකම ජාතියක්‌ විදිහට ඇන කොටා නොගන්නව නම් මේ මාතෘ භූමිය විනාශ වෙන්නේ නෑ.

දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය අජිත් පුෂ්පකුමාර මහතා,

අපේ මාතෘ භූමියේ 1503 පෘතුගීසින් ආරම්භ වූ ආක්‍රමණ පසුව ලන්දේසි, ඉංගී්‍රසි ආක්‍රමණ දක්‌වා ගෙන යමින් අපේ අතීත මුතුන් මිත්තන් ලේ ඩහදිය කැප කරලා ජීවිත පරිත්‍යාගයෙන් 1948 පෙබරවාරි මස 4 වන දින නිදහස ලැබූ රාජ්‍යයක්‌ ලෙස උදම් ඇනුවත් එය පරිපූර්ණ නිදහසක්‌ වුණේ නෑ. එම අධිරාජ්‍යවාදීන් මේ රටේ කළු සුද්දොa 20000, 30000 ක්‌ බිහිකරලයි ගියේ. අද මේ අම්මා තාත්තා පය ගහලා ඉන්නා පිං බිම අයිති රමණීය වූ මුල්ලේරියාව ගම එදා 11 වන රාජසිංහ යුගයේ පටන් ඓතිහාසික වටපිටාවකට හිමිකම් කිව්වත් එදා මේ මුල්ලේරියා සටන් බිම අද හඳුන ගන්නේ හඳුන්වන්නේ අංගොඩ මානසික රෝහල නිසයි.

දැන් නිදහසේ ජීවත්වන මේ නිවහල් දේශයේ අවුරුදු 30 ක්‌ පැවැති කුරිරු රුදුරු ත්‍රස්‌තවාදය අවසන් කරන්න අපේ රණ විරු දූ පුතුන් ජීවිතය කැප කළා. එසේ කැප කිරීම කරලා රැකගත් මේ මවු බිම දැන් දැන් විනාශය කරා ගෙන යනවා. අපේ මේ ඔලමොට්‌ටල දේශපාලකයෝ නිසා. අද අපේ සිංහලයෝ සුළු ජාතියක්‌ බවට පත්වෙද්දී අනෙක්‌ ජාතීන් රටේ බහු ජාතීන් බවට පත්වෙමින් තිබෙනවා. එය සැබෑ සිංහලයෙකුට දරා ගත හැකිද? අද සමාජයේ වැඩි කතා බහට ලක්‌වෙන මුස්‌ලිම් ජාතික කාන්තාවක්‌ වූ රිසානාගේ ඉරණම විසඳුනු අයුරු මතක නම්, හෙට දවසේ අපේ ඉරණම කෙබඳු විය හැකි ද හිතන්න මේ ගැන.

මෙම අවස්‌ථාවට සාරානන්ද දහම් පාසල් ප්‍රධාන අනුශාසක ස්‌වාමීන් වහන්සේ ප්‍රධානාචාර්ය ආචාර්ය සියඹලාපිටියේ සුබෝධ හිමි, කොටිකාවත්ත පුස්‌තකාලාධිපති කල්Hdනි ගුරු මහත්මිය, දහම් පාසලේ දුවා දරුවන් හා දෙමාපියෝ විශාල පිරිසක්‌ සහභාගි වූහ.

රත්නමාලි නූපේආරච්චි - කොළොන්නාව
http://www.divaina.com/2013/03/05/news27.html

0 comments: