Pages

Monday, March 4, 2013

සිංහල රාවය උපසභාපති පූලියද්දේ සුධම්ම හිමි ඝාතන තැත වරදී

අද වන විට බුදුන්ගේ දේශයේ බුද්ධාගමටත් බෞද්ධයාටත් සිද්ධ වී ඇති ව්‍යවසනය ගැන නිද්‍රාශීලී බෞද්ධයන් දැනුවත් කරමින් රටපුරා ධර්මදේශන පවත්වමින් බෞද්ධයන් අවදි කරමින් සිටින අපේ පිංවත් පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන්ගේ විහාරස්ථානයට අද උදෑසන ආයුධ සන්නද්ධ මැර කණ්ඩායමක් කඩාවැදී අපේ පිංවත් ස්වාමින් වහන්සේගේ ජීවිතයට හානියක් කිරීමට උත්සාහ දරා ඇත. අපේ පිනට උන්වහන්සේ එම අවස්ථාවේ විහාරස්ථානයේ වැඩ සිට නොමැති අතර පොඩි හාමුදුරුවරුන්ට අඩන්තේට්ටම් කිරීමට තරම් මේ නරුම පව්කාර කාලකණ්නි රොඩී මැරයන් කටයුතු කර ඇත. 

සිංහල බෞද්ධ සංස්කෘතියත් සිංහල රටේ අතීතයේ සිටම සිංහලකම සහ බෞද්ධකම රැකගෙන ඒමට කහ සිවුරේ ශක්තිය හා ආශිර්වාදය නිබඳව හිමිවිය. එහෙයින් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපේ ජාතියේ මුරදේවතාවන් කියා හැඳින්වෙති. අද තත්ත්වයද ඉතා කණගාටුදායක එකකි. මීට ප්‍රථම අපේ පිංවත් සෝම හාමුදුරුවෝ අපේ සිංහල ජාතියට ප්‍රාණවායුව සැපයූ අයුරින්ම අද කාලයේ අපේ සිංහල බෞද්ධයා අවදිකිරීමේ මහා ජාතික ශාසනික මෙහෙවරෙහි යෙදෙන අපේ පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන්ගේ ජීවිතයට ඇති මෙවන් තර්ජන ඉතාම දැඩිව පිළිකුලෙන් යුතුව හෙලාදකිමු. 

මෙම කාරණය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඉතාම දැඩිව ක්‍රියාකළ යුතුවෙනවා පමණක් නොව අපේ ස්වාමින් වහන්සේගේ සුරක්ෂිතභාවය තහවුරු කරදිය යුතුවෙනවා ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සියළුම දෙනා හට හැකි ඉක්මනින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අප තදින් විශ්වාස කරමු. 

අතිගරු ජනාධිපතිතුමනි, ගරු ආරක්ෂක ලේකම්තුමනි, මෙය ඉතා බරපතල තත්ත්වයකි. ජාතියේ පිනට පහළ වූ අපේ පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන්ගේ සුරක්ෂිතභාවය අනාගත සිංහලයාගේ සුරක්ෂිතභාවය වනු ඇත. එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ පෞද්ගලික අවධානය යොමු කරනු ඇතැයි අපි තදින් විශ්වාස කරමු.

අනන්ත වූ තෙරුවන් ගුණ බෙලෙන් අපේ පූජ්‍ය පූලියද්දේ සුධම්ම ස්වාමින් වහන්සේට කිසිදු කරදරයක් නොවේවා... රෝහල්ගත කර ඇති ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම මේ සිංහල දේශයේ කහ සිවුරේ සුරක්ෂිතභාවය තහවුරු වේවා...

තෙරුවන් සරණයි...

සටහන : රජරට බොදු හඬ 
http://www.facebook.com/photo.php?fbid=563019543715670&set=a.542000755817549.126235.507457555938536&type=1&theater

තවත් තොරතුරු | සිංහල රාවය ජාතික සංවිධානය
http://www.facebook.com/photo.php?fbid=277294735734335&set=a.220316801432129.53399.150902081706935&type=1&theater

0 comments: