Pages

Monday, March 4, 2013

සේවකයකුට පහර දුන්නැයි පුත්තලම නගර සභා මන්ත්‍රී එහියා කාන්ට, බදියුදීන්ගේ සම්බන්ධීකාරක සබ්රිට එරෙහිව චෝදනා

පුත්තලම නගර සභාවේ සුළු සේවකයෙකුට පහර දීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී එහියා කාන් මහතා ඊයේ (03 වැනිදා) උදෑසන පොලිසියට භාර වී තිබේ.

පුත්තලම නගර සභාවේ සුළු සේවකයකු වන µdරිස්‌ නමැති අයට පෙරේදා (02 දා) පුත්තලම නගරයේ දී පහර දුන් බවට නගර සභා මන්ත්‍රීවරයාට හා අමාත්‍ය රිසාද් බදියුදීන් මහතාගේ පුත්තලම දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරක සබ්රි මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. ඔවුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පුත්තලම නගර සභා සේවකයෝ පෙරේදා සන්ධ්‍යාවේ පුත්තලම නගරයේ විරෝධතාවක පවා නිරත වූහ. ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පෙරේදා රාත්‍රියේම යොදවා තිබිණි. ඒ අනුව නාගරික මන්ත්‍රීවරයා ඊයේ පෙරවරුවේ පොලිසියට භාර වූ අතර සෙසු සැකකාර සම්බන්ධීකාරකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

සේවකයකුට පහර දුන්නැයි චෝදනා ලත් පුත්තලම නගර සභා මන්ත්‍රී පොලිසියට භාර වෙයි
සාලියවැව- සුබසිංහ බණ්‌ඩාර 
http://www.divaina.com/2013/03/04/provin04.html

0 comments: