Pages

Tuesday, March 12, 2013

රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර

ලිපියේ මූලාශ්‍රය - https://www.facebook.com/photo.php?fbid=464536643660798&set=pcb.464537096994086&type=1&theater
පසුගිය දශක තුනකට ආසන්න කාලයේදී මෙරට පැවැති යුද්ධයෙන් අවතැන් වූ සිංහල, දෙමළ හා මුස්‌ලිම් යන ජන කොටස්‌ සිටියදී ජාති, ආගම් බේද ඇති කිරීමේ අරමුණින් මුස්‌ලිම් ජනතාවට පමණක්‌ වෙන් වූ පාරිශුද්ධ කලාපයක්‌ වෙන් කිරීමට මේ ඇමැතිවරයා උත්සාහ කිරීම මගින් පාරිසරික හා සමාජයීය ගැටලු ඇති වීම වැළැක්‌විය නොහැකි දෙයක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසීය.

පසුගියදා පරිසර සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ නීතිඥ ජගත් ගුණවර්ධන මහතා උතුර නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එසේ තිබියදීත් ඉන් පරිබාහිරව මෙම අමාත්‍යවරයා කිරීමට උත්සාහ කරන මේ ක්‍රියාවලිය අපිට අනුමත කරන්න බැහැ. 

ඒ අනුව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස්‌ කර ගැනීම සම්බන්ධව 2013-01-15 වැනි දින කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ ලේකම් සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මෙම සාකච්ඡාවට අනුව කුලන්කුලම්, නම්බදා මූසලික්‌කාඩු, මෙතන්වැලි, පන්චාරවේලි, පුනච්චිකුලම්, පුතුවෙලි, මූසාලි හා නායකුලි යන ගම්මානවල අවතැන්වූවන් සඳහා ඔරිට්‌ටුකඩි සහ සිලාවතුර මාර්ගයේ කිලෝමීටර් 23-29 යන කණු අතර මීටර් 250 පළලට සිටින සේ බිම් තීරුවක්‌ වෙන් කිරීමටත් අහත්තිටුරිප්පු, නිඩ්ඩායිවන්නියාකුලම්, පොට්‌කර්නි වෙප්පන්කුලම් යන ගම්මානවල අවතැන් වූවන් සඳහා පිච්චායි, වන්නියාකුලම් යන ප්‍රදේශවලින් ගම්මානවලට යාබදව මීටර් 200 ක්‌ පළල බිම් තීරුවක්‌ ද, තීරණය වී ඇත. එසේම සන්තාර්, විචනල්තිව් යන ප්‍රදේශයෙන් අක්‌කර 300 ක්‌ මේ වන විටත් නිදහස්‌ කර ඇත. ඉදිරියේදී අවශ්‍යතාව අනුව ඉතිරි භූමි ප්‍රමාණය ද නිදහස්‌ කිරීමට තීරණය කර ඇත.

මෙම ඉඩම්වලට අමතරව මේ වන විටත් අවතැන් වූ මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මන්නාරම් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර 1080 ක්‌, මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර 983 ක්‌ සහ වවුනියාව දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර 325 ක්‌ ඇතුළුව ඉඩම් අක්‌කර 2388 ක්‌ නිදහස්‌ කර ඇති බැව් වන සංරක්‍ෂණ ජනරාල්වරයා 2013.02.14 දින ලිපියකින් මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා වෙත දන්වා සිටී.

මේ සම්බන්ධව ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයකු විසින් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්වරයාට යවන ලද ලිපියකින් උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදාදීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්‌ඩලය තීරණය කර තිබියදීත් මුස්‌ලිම් පවුල් 1455 ක්‌ සඳහා කැලෑ ඉඩම් අක්‌කර 850 ක්‌ බෙදාදීමට ඔබ විසින් කටයුතු කරනු ලැබීම ගැටලු සහගතය. එබැවින් රජයේ ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පනවා ඇති නීති රෙගුලාසි අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බැව් කාරුණිකව දන්වමි යනුවෙන් එම ලිපියේ සඳහන් වෙයි. එම ලිපියේම තවදුරටත් උතුර නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් බොහෝදුරට අවසන් වී ඇති බැවින් ඉහත ඉඩම් බෙදාදෙන්නේ කවර පුද්ගලයන්ට ද යන්න පැහැදිලි කරගත යුතු බැවින් එA පිළිබඳ සවිස්‌තර වාර්තාවක්‌ කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් අවතැන්වූ පවුල් 2008/04 චක්‍ර ලේඛයට අනුව තෝරා ගැනීම කළේද යන්න විශේෂයෙන් සඳහන් කර එවන මෙන්ද සඳහන් කරමි යනුවෙන් සඳහන් කර ඇත.

මෙවන් තත්ත්වයක්‌ සඳහන්ව තිබියදී අමාත්‍යවරයාගේ අවශ්‍යතාව අනුව අදාළ ඉඩම් පරීක්‍ෂා කර ලැයිස්‌තු සකස්‌ කරන ලෙස වන සංරක්‍ෂණ ජනරාල්වරයා විසින් මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට දන්වා සිටීම බරපතළ වරදක්‌ බැව් නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

අමල් උඩවත්ත
උතුර - නැගෙනහිර ඉඩම් බෙදාදීම අත්හිටුවා තිබියදීත් යළි බෙදාදීම ගැටලු සහගතයි
http://www.divaina.com/2013/03/12/feature05.html


සබැඳි ලිපි -
[
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
]

0 comments: