Pages

Wednesday, March 6, 2013

මේක බෞද්ධ රටක්. ෂරියා නීති මෙහෙ බෑ - ඥානසාර හිමි

හලාල් සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ට එම සහතිකය ඉවත් කරගැනීම සඳහා ඔවුන්ට දැනුම්වත් කිරීම දිගින් දිගට ම සිදුකරන බව බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

එසේ ම මේ වන විට හලාල් සහතිකය ලබාගෙන ඇති බොහෝ සමාගම් එයින් ඉවත් වී ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

‘හලාල් සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ට එය ඉවත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට අපි ඔවුන්ව දිගින් දිගට ම දැනුම්වත් කරනවා. මේ වනවිට ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු එයින් ඉවත්වෙලා තියෙනවා. අලූතෙන් සමාගම් හලාල් සහතිකය ඉල්ලනවා කියන්නේ බොරුවක්’ යැයි උන්වහන්සේ පැවැසූහ.

එසේ ම හලාල් සහතිකය ඉවත් කරගන්නා තෙක් ම එයට එරෙහි ව සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බව ද ඥානසාර හිමියෝ සඳූහන් කළහ.

‘මුස්ලිම්වරු මීට ඉහත දී හලාල් ක‍්‍රමයට ආහාර ගත්තා නමුත් ඔවුන් හලාල් සහතිකයක් මීට කලින් නිකුත් කළේ නෑ. හලාල් සහතිකයක් අවශ්‍ය නෑ. මේක බෞද්ධ රටක්. ඒක නිසා ෂරියා නීතිය මෙහෙ ක‍්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නෙ නෑ. ලාංඡුන අවශ්‍ය නෑ. හලාල් ක‍්‍රියාවලි අවශ්‍ය නෑ. මේක බෞද්ධ රටක්. අරාබියක් කරන්න දෙන්න බෑ.’ යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.


අලූතින් හලාල් සහතික ඉල්ලනවා කියන්නේ බොරුවක්
March 6, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91360/

0 comments: