Pages

Tuesday, March 5, 2013

සුධම්ම හිමි ඝාතනයට ආවේ ගිනිඅවි සහිත මුහුණු වසාගත් මැරයන් 7දෙනෙක්

සාමණේර හිමියන්ට තර්ජනය කර පහර දී පලා ගිහින්

සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති වන තමන්ගේ උතුරු කළුතර මොරගහහේන බුදුමග සෙනසුන විහාරස්‌ථානයට ඊයේ (4 දා) අලුයම කඩා වැදුණු සන්නද්ධ කණ්‌ඩායමක්‌ විහාරවාසී කළුතර සුමංගල සාමණේර හිමියන්ට තර්ජනය කර පහරදී නායක හිsමියන්ට සිංහල රාවය සංවිධානයෙන් ඉවත්වන ලෙස තර්ජනය කර පලාගොස්‌ ඇතැයි මොරගහහේන බුදුමග සෙනසුන විහාරාධිපති පුලියද්දේ සුදම්ම හිමියෝ පවසති. 

ගිනි අවි රැගෙන මුහුණු ආවරණය කර ගෙන පැමිණි 7 දෙනකුගෙන් පමණ සමන්විත මෙම මැර කණ්‌ඩායම විහාරාධිපති හිමියෝ කොහිදැයි අසමින් විහාරයට පැමිණ ඇතැයිද පුලියද්දේ සුදම්ම හිමියෝ පැවසූහ. 

තමන් ඒ අවස්‌ථාවේ පන්සලේ වැඩ සිටියත් සුමංගල හිමියන් තමන් පන්සලේ නැතැයි ප්‍රකාශ කර ඇතැයිද තම වාහනය විහාරස්‌ථානයේ නොතිබීම නිසා පැමිණි පිරිස තමන් පන්සලේ නැතැයි සිතා පිටව ගොස්‌ ඇතැයිද උන්වහන්සේ පවසති.

මැර පිරිසගේ පහර කෑමට ලක්‌වූ 15 හැවිරිදි සාමණේර හිමියෝ කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

සිද්ධිය පිළිබඳව උතුරු කළුතර පොලිsස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක අජිත් කුමාර පිටිගල මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පවත්වයි.

"සිංහල රාවය" උප සභාපති හිමිගේ විහාරයට මැර පිරිසක්‌ කඩා වදිති 
විජයසිරි විද්‍යාසේකර -කළුතර සමූහ
http://www.divaina.com/2013/03/05/news17.html

සබැඳි ලිපි - 
[
සිංහල රාවය උපසභාපති පූලියද්දේ සුධම්ම හිමි තැත වරදී
]

0 comments: