Pages

Monday, March 25, 2013

ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් හදමු! - JHU

ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය නොතකන ඉන්දියාවට ව්‍යාපාරික හෝ රාජ්‍යතාන්ත‍්‍රික හෝ වරදාන ලබා නොදෙන ලෙස ජාතික හෙළ උරුමය රජයෙන් ඉල්ලා සිටී.

ණිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් මත පදනම් වූ විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනගන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවයි.

නිවේදනයේ මෙසේද දැක්වේ.

ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් බටහිරට යට නොවූ ආර්ථික සහජීවනයක් ගොඩනගමු

ශී‍්‍ර ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කර සෑම ජන කණ්ඩායමකටම ජීවිත අභය දානයත්, සහජීවනයත්, සාමයත් ලබාදීමේ වරදට ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව එක්වී නැවතත් ශී‍්‍ර ලංකා විරෝධී යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කරගෙන ඇත. එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ මානව විරෝධී ත‍්‍රස්තවාදයට ගැති බලගතු පීඩනය ඉදිරියේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඡුන්දය ලබාදුන් සියලූ රටවලට අපගේ ප‍්‍රණාමය පල කරමු. මෙවැනි බලහත්කාරී කි‍්‍රයාවන්ගෙන් අප බියගැන්විය නොහැකි බවත්, අප එයින් තවත් ආත්මීය ලෙස ශක්තිමත් වන බවත්, එක්සත් ජනපදයට හා ඉන්දියාවට සමස්ත ජාතිය ලෙසට දැනුම් දෙමු.

එක්සත් ජනපද-ඉන්දීය යෝජනාව මගින් සිදුවූවා යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙසට කර ඇති යෝජනාවන් උගත් පාඩම් කොමිසම සිය වරම ඉක්මවා සිදුකර ඇති බලය බෙදීම වැනි  ශී‍්‍ර ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබද යෝජනා කි‍්‍රයාත්මක කරන ලෙස බල කිරීමත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලේකම්වරිය පක්‍ෂග‍්‍රාහී බව නැවත නැවත ඔප්පු වී තිබියදී ඇයගේ මැදිහත් වීම අනිවාර්යකර තිබීමත්, විදේශීය නිරීක්‍ෂකයිනට ශී‍්‍ර ලංකාවේ නීතිය හා සාමය පිළිබද කටයුතුවලට මැදිහත්වීමට ඉඩ විවර කිරීමත් අප ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් හා සමාජයක් ලෙස තරයේ හෙලා දකිමු.

කොටි සංවිධානය 2009 සිට මේ දක්වා පැවතුනානම් වසරකට ජිවිත 5000 බැගින් ජීවිත දස දහස් ගණනක් විනාශ වීමට ඉඩතිබූ බවද වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනයෙන් පසු මේ දක්වා එකම සාමකාමී දෙමළ සිවිල් වැසියෙකු හෝ ශී‍්‍ර ලංකා හමුදාව ඝාතනය නොකිරීමෙන් පෙනී යන්නේ ශ‍්‍රී ලංකා හමුදාව කිසිසේත් දෙමළ විරෝධී නොවන බවත්, අපි එක්සත් ජනපදයට හා ඉන්දියාවට පෙන්වා දෙමු.

පළමුව එක්සත් ජනපදය හා ඉන්දියාවට මානව හිමිකම් පිළිබදව කතා කිරීමේ අයිතියක් නොමැති බව අවධාරණය කරමු. මේ මොහොතේත් ඉරාකයේත්, ඇෆ්ගනිස්තානයෙත් ජන ඝාතනවල වග උත්තරකරු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය හා එක්සත් යුරෝපයයි. ඉන්දීයාව කාෂ්මීරයේත්, නාගලන්තය හා මිසෝරාවයේත් සමාජවාදී කැරලිකරුවන් සටන්වදින ප‍්‍රාන්ත 14 කදී ජන ඝාතන ගෙන යන්නේ, සමූහ මිනී වලවල් නිර්මාණය කරන්නේත්, නීති විරෝධී අතුරුදහන්වීම් සිදුකරන්නේත් ඉන්දියාව බවද අපි අවධාරණය කරමු.

එමෙන්ම දෙමළ කොටි ත‍්‍රස්තවාදය ගැන ස්වාධීන පරීක්ෂණයක් නිවැරදිව කළ යුත්තේ ඉන්දියාවටයි. ඒ 1983 සිට ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉන්දීය ජනතාවගේ වැඩි මුදලින් දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පුහුණු කිරිම, ජන ඝාතන යුද්ධයක් දියත් කිරීම, ලක්ෂයකට අධික ශී‍්‍ර ලාංකික පුරවැසියන් ඝාතනයට එමගින් ඉඩ හසර විවර කිරීම විශේෂයෙන් දෙමළ ජනයා වාසය කරන ප‍්‍රදේශවල සංවර්ධනයට පොදුවේ රටේ සංවර්ධනය ද ආඩාල කිරීම ආදිය පිළිබදව සවිස්තර වාර්තාවක් එමගින් සපයා ගතහැකි නිසාය. නියම යුධ අපරාධකරුවන් කවුරුන්දැයි එහිදි තමිල්නාඩුවේ කරුණානිධි හා ජයලලිතාටද, ඉන්දීය කොන්ග‍්‍රසයේ ගාන්ධි පවුලටද කණ්ණාඩියක් ඉදිරියට ගියා සේ දැකගත හැකිවනු ඇත. ඉන්දීය සෙබළුන් දහස් ගණනකගේ ජීවිත බිලි දෙමින්, රජිව් ගාන්ධි ඝාතනය කරමින් කොටි ත‍්‍රස්තවාදීන් කළ ව්‍යවසනයට තමිල්නාඩු දෙමළ ජනයා ඉදිරියේද වග උත්තර සැපයිය යුත්තේ ඔවුන්මය.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිදුවන ශී‍්‍ර ලාංකික විරෝධී මිලේච්ඡු ප‍්‍රහාරද, එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යයයේ සිදුවන ශ‍්‍රී ලංකා විරෝධී ප‍්‍රචාරයන්ද සිදුකරන්නේ නැවත ප‍්‍රති සංවිධානය වන දෙමළ ඊළාම් කොටි නම් වූ නව නාසි වාදී සංවිධානයම බව අපි නැවත අවධාරණය කරමු. මේ මිලේච්ඡුයින් ශී‍්‍ර ලංකාවට එරෙහිව මෙහෙය වීමෙන් තමිල්නාඩුව හා ඉන්දියාව නැවත වරක් ලේ වලින්ම පාඩම් ඉගෙන ගන්නා බව සහතිකය.

මේ නිසා මේ අයුක්ති සහගත කි‍්‍රයාදාමයට එරෙහිව නැගී සිටින්නැයි අපි යුක්ති සහගත, අවිහංසාවාදය අගයන, නේරු විසින් හදුන්වා දෙන ලද පංචශිල ප‍්‍රතිපත්තිය සිය විදේශ ප‍්‍රත්පත්තිය කරගත් සියලූ ඉන්දීය පුරවැසියන්ගෙන් ඉල්ලමු.

කිසිදු විදේශ නියෝජිතයෙකුට ශී‍්‍ර ලංකාව පිළිබද කිසිදු පරීක්ෂණයකට ඉඩ නොදෙන ලෙස අපි ශී‍්‍ර ලංකා රජයෙන් බලකර ඉල්ලා සිටිමු.

එමෙන්ම අපට සතුරු තමිල්නාඩුව සමග කිසිදු ව්‍යාපාරික සංචාරක සබදතාවයක් පැවැත්විය යුතු නැති බවද අවධාරණය කර සිටිමු.

තවද ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය නොතකන ඉන්දියාවට ව්‍යාපාරික හෝ රාජ්‍යතාන්ත‍්‍රික හෝ වරදාන ලබා නොදෙන ලෙස රජයෙන් අපි තරයේ ඉල්ලා සිටිමු.

ඉන්දියාව නැති ආසියානු සහෝදරත්වයක් පදනම් වූ විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනගන ලෙසද රජයෙන් ඉල්ලා සිටිමු.

ඊළගට එන බටහිර ආර්ථික ආක‍්‍රමණයට ඔරොත්තු දෙන දකුණු ඇමරිකාව, අප‍්‍රිකාව, නැගෙනහිර ආසියාව පදනම් කරගත්  ”ආර්ථික සහජීවනයක්” ගොඩනැගීමට කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටිමු.

March 22, 2013 at 1:00 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92190/

0 comments: