Pages

Wednesday, March 20, 2013

බුදු තෙමඟුල සිදුවූ ඉන්දියාවේ බුදු පුතුන්ට කළ නින්දිත පහර දීම තරයේ හෙළා දකිනවා - JNP

එදා සුදු අධිරාජ්‍යවාදීන් යටත් විජිත සමයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රචණ්ඩ පිළිවෙත අද ඉන්දියා රජය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එසේම තමන් මෙතෙක් කලක් අනුගමනය කළ මහත්මා ගාන්ධිතුමන්ගේ අවිහිංසාවාදී පිළිවෙත අත්හැර දමා තිබේදැයි එම පෙරමුණ ඉන්දීය රජයෙන් ප‍්‍රශ්න කර සිටී.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා අද (20) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

‘ඉන්දියාවේදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට ඉතාමත් නින්දිත ලෙස පහරදීම ජාතික නිදහස් පෙරමුණ ලෙස දැඩි සේ හෙළා දකිනවා. මෙය අහඹු සිදුවීමක් නොවෙයි. සැලසුම් සහගත ක‍්‍රියාවලියක ප‍්‍රථිඵලයක්. ඉන්දියාව කියන්නේ බුදුරජාණන්වහන්සේගේ උපත, බුදුවීම, පරිනිර්වාණය යන සියලූ උතුම් කාරණා සිදු වූ පුණ්‍ය භූමියයි. එවැනි පුණ්‍ය භූමියකදී මෙසේ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාට පහරදීම කිසිසේත් සුළුකොට නොතකන ලෙස අපි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිනවා. ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන්ට කිසිවිටෙකත් බුදුන් උපන් බිමට පැමිණ ඒ උතුම් වූ සිද්ධස්ථාන වන්දනාමාන කිරීම අතහැර දැමීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සඳහා ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් සැලසීම ඉන්දීය රජයේ අත්හල නොහැකි වගකීමක්.

සුදු අධිරාජ්‍යවාදීන් එදා අපේ මාතෘභූමිය වෙනුවෙන් පෙනී සිටි කුඩාපොළ හිමියන් වැනි භික්‍ෂූන්වහන්සේලා මරා දැමුවා, පන්සල් ගිනි තැබුවා, භික්‍ෂූන්වහන්සේලාට පහර දුන්නා. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පිළිවෙතයි. මේ සුදු අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේදී කටයුතු කළෙත් ඒ ආකාරයටමයි. නමුත් එදා මහත්මා ගාන්ධිතුමන් මේ සුද්දාගේ ප‍්‍රචණ්ඩ පිළිවෙතට පිළිතුරු දුන්නේ අවිහිංසාවාදයෙන්. සුදු අධිරාජ්‍යවාදියාගේ ග‍්‍රහණයෙන් මිදුණු ඉන්දියාව සිය පිළිවෙත ලෙස අනුගමනය කළේ මහත්මා ගාන්ධිතුමන්ගේ අවිහිංසාවාදී පිළිවෙතයි.

නමුත් අද ඉන්දියාවේදී එනම් බුදු උපන් බිමේදී බුද්ධ පුත‍්‍රයන් තැලූම් කනවා. හිංසනයට ලක් වෙනවා. ඒ අනුව පෙනී යන්නේ අද ඉන්දියාව තුළ මහත්මා ගාන්ධිතුමන්ගේ අවිහිංසාවාදී පිළිවෙත වෙනුවට සුදු අධිරාජ්‍යවාදියාගේ ප‍්‍රචණ්ඩ පිළිවෙත ක‍්‍රියාත්මක වන බවයි. අද සුද්දගේ පිළිවෙතයි, ඉන්දියාවේ පිළිවෙතයි අතර වෙනසක් නැහැ. අද ඉන්දියාව සහ සුදු අධිරාජ්‍යවාදියා අතර වෙනසක් නැහැ. අද ඉන්දියාව බටහිර අධිරාජ්‍යවාදය සමග එකට සිටගෙන අපට පහර දෙනවා. අමතක වෙලා නම් අපි ඉන්දියාවට මේ අවස්ථාවේදී මහත්මා ගාන්ධි පිළිවෙත පිළිබඳව මතක්කර දෙන්න කැමතියි.

අප සිතන්නේ අද ඉන්දියාව එක්තරා නාටකයක් ර`ග දක්වන බවයි. ඔවුන් තම ඔත්තු සේවා පවා මේ නාටකයේ රංගන ශිල්පීන් ලෙස යොදා ගෙන තිබෙනවා. තමිල්නාඩුව තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අතීතයේ නොවූ විරූ විරෝධයක් උද්ගතව ඇති බව ලෝකයාට පෙන්වීමටයි අද ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ. මේ නාටකයේ ප‍්‍රධාන චරිතයක් ර`ගන කරුණානිධිගේ ඞී. එම්. කේ. පක්‍ෂය අද ආණ්ඩුවෙන් ඉවත් වෙලා. ඔවුන් බලකරනවා ඉන්දීය රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය රැගෙන එන ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දිය යුතුයි කියලා. එම නාටකයේ තවත් ජවනිකාවක් විදියට තමයි, ශ‍්‍රී ලංකාවේ බුද්ධ පුත‍්‍රයන්ට බුදුන් උපන් බිමේදී මෙසේ පහර දෙන්නේ.

රුසියාව මධ්‍යම ආසියාවේ බලවතා, චීනය නැගනහිර ආසියාවේ බලවතා, එසේම ඉන්දියාව දකුණු ආසියාවේ බලවතා. මේ විදියට ආසියාකරයෙන් රුසියාව, චීනය, ඉන්දියාව වැනි රටවල් මහා බලවතුන් ලෙස නැ`ගී සිටීම අප වැනි ආසියාවේ කුඩා රටකට බලවත් සතුටක්. ඒ වගේම ශක්තියක්. එසේ තිබියදී ඉන්දියාව අපට මෙසේ පහර දෙනවා. එය බාල වැඩක්. එසේ කිරීමෙන් ලෝකයා ඉදිරියේ හෑල්ලූවට ලක්වන්නේ ඉන්දියාවයි.

ඇත්ත කතාව, දකුණු ආසියාවේ කිසිදු රටක් සමාජ, ආර්ථික වශයෙන් හිස ඔසවනවාට ඉන්දියාව කැමති නැහැ. එම රටවල් ස්ථාවරව ඉදිරියට යනවාට ඉන්දියාව කැමති නැහැ. ඒ නිසයි ඔවුන් මෙසේ අපේ රට අරාජික කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදයට සහාය දේනනේ.

ඉන්දියාවේ පාලක කොංග‍්‍රස් පක්‍ෂයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය කියනවා, ශ‍්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ‘සාධාරණ ස්වාධීන පරීක්‍ෂණයක්’ තබන්න කියලා. එදා කොටි ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්ව මියගිය හිටපු ඉන්දීය අගමැතිවරයකු මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාද වූ රාජිව් ගාන්ධි මහතා සම්බන්ධයෙන්වත් එවැනි පරීක්‍ෂණ ඉල්ලා නොසිටි ඇය අද මෙසේ හැසිරෙන්නේ ඇයි? වෙන කිසිවක් නිසා නොවෙයි, තමිල්නාඩුවේ ඡුන්ද පදනම රැකගැනීම සඳහායි, මෙසේ හැසිරෙන්නේ. අද රාජිව් ගාන්ධි මරාදාපු, ප‍්‍රභාකරන් මියයාම පිළිබඳ ‘සාධාරණ ස්වාධීන පරීක්‍ෂණයක්’ ඉල්ලන තැනට ඉන්දීය පාලක පක්‍ෂය පහත වැටී තිබෙනවා.

මේ තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් රැගෙන ආ යෝජනාවලිය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එම යෝජනාවලිය මගින් ශ‍්‍රී ලංකාවේ නිදහසට, ස්වෛරීභාවයට සහ ස්වාධිනත්වයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවද පෙන්වා දීමට කැමතියි’’

මෙම මාධ්‍ය හමුවට ජාතික පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මහතාද එක්ව සිටියේය.


එදා සුද්දා අපට කළ දේ අද ඉන්දියාව කරනවා
March 20, 2013 at 3:21 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92103/

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.html
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments: