Pages

Tuesday, March 12, 2013

මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි

මුලතිව් දිස්ත‍්‍රික්කයේ කුලාපුරිප්පු රක්ෂිතයෙන් අක්කර 1300 ක් ප‍්‍රදේශයේ ජනතාවට බෙදාදීම බව පවසමින් රක්ෂිතයේ පිහිටි වටිනා ශාක ඩෝසර් කරමින් තිබෙන බව ස්වාභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු ගයාන් විජේතුංග මහතා සදහන් කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම රක්ෂිත ප‍්‍රදේශය තුළ මෙවැනි කටයුත්තක් සිදුකරන්නේ කිසිදු පාරිසරික ඇගයීම් වාර්තාවක්වත් සකස් නොකර බවද ඔහු පවසා සිටියේය.

මීට අමතරව රක්ෂිතයෙන් ඉවත් කරන වටිනා ශාක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ දැව සංස්ථාවේ නිලධාරියෙකුගේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව ඉවත් කරගැනීම සිදුවන් බවද ගයාන් මහතා සදහන් කළේය.

මෙම නීති විරෝධී කටයුත්ත පිළිබදව පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ ජනරාල්වරයා දැනුවත් කළත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔහු පවසා සිටියේය.


මුලතිව් කුලාමුරිප්පු රක්ෂිතයෙන් අක්කර 1300 ක ශාක ඩෝසර් කරයි
March 12, 2013 at 7:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91657/


සබැඳි ලිපි -
[
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
]

0 comments: