Pages

Monday, March 11, 2013

පාකිස්ථානයේ අන්තවාදය වේදිකාගත කිරීම

පකිස්තානයේ කරච්චි, මුල්තාන් ඇතුළු පාකිස්තාන නගර ගණනාවක උද්ඝෝෂණ පැවැත්වුණේ ලාහෝරයේ ක‍්‍රිස්තියානි නිවෙස් කොල්ල කා නිවාස ගණනාවක් ගිණි තැබීමට විරෝධය පල කිරීම සඳහාය.

ක‍්‍රිස්තියානි පුද්ගලයෙක් මහම්මත් තුමාට අපහාස කර ඇතැයි යන ආරංචිය පැතිර යාම නිසා මෙම ක‍්‍රියා ඇතිවූ බව පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

ලාහෝරයේ ක‍්‍රිස්තියානින් ආරක්ෂා කිරීමට පන්ජාබ් රජය මීට වඩා දෙයක් කල යුතුව කිබුණු බව කරච්චි නගරයේ ක‍්‍රිස්තියානි පිරිසක් කියා සිටියහ.

බලපෑමට ලක්වූ මිනිසුන් ගැන බලන ලෙසත් ඔවුන්ගේ දේපල ගිණිතබා ඇති බවත් කරච්චියේ ශාන්ත පැටි‍්‍රක් පල්ලියේ පීටර් ජෝන් පියතුමා කියා සිටියේය. ඔවුන්ට යම් වන්දියක් ලැබිය යුතුයයි පියතුමා කියයි. අපහාස කිරීම පාකිස්තානයේ මරණ දඬුවම පවා ලැබිය හැකි බරපතල වරදකි.

සිකුරාදා රාත‍්‍රියේ විශාල පිරිසක් අපහාස කල පුද්ගලයාගේ නිවසට ගිය අතර පිරිස සංසුන් කිරීමට ඔහු අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදු විය.

සිද්ධියට බියවූ බොහෝ ක‍්‍රිස්තියානු වරු නිවෙස් හැර ගිය අතර සෙනසුරාදා පැමිණි කලහකාරීන් නිවෙස් කොල්ලකා ඒවා ගිණිතබා ඇත. සුන්නි මුස්ලිම්වරු ප‍්‍රධාන වන පාකිස්තානයේ ජනගහණයෙන් 2% ක් පමණ කි‍්‍රිස්තියානිවරු වෙති.

ක‍්‍රිස්තියානුවෙක් නබිතුමන්ට අපහාස කරලා… පකිස්තානයේ උද්ඝෝෂණ
March 11, 2013 at 11:31 am | lanka C news

0 comments: