Pages

Wednesday, March 13, 2013

චම්පිකට දැනුම නෑ – ජමිය තුල් උලමා

හලාල් ලාංඡනය ඉවත්කලද හලාල් ක්‍රියාවලියෙන් ඉවත්වී නොමැති බවත් ලාංඡනය නොමැතිව හලාල් ප්‍රචලිත කිරීමේ උත්සාහයක් පවතින බවත් හලාල් ක්‍රියාත්මක වන්නේ ශරීයා නීතියට අනුව බවත් ඒ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධානයට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කල අභියෝගය සම්බන්ධයෙන් ප‍්‍රතිචදාර දක්වමින් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසන්නේ රණවක මහතාගේ දැනුම සම්බන්ධයෙන් අනුකම්පා කරන බවයි.

ඇමතිවරයා තම නොදැනුවත්කම ආභරණයක්කොට සැලකීම කණගාටුවට කරුණක් බවත් තමා ත්‍රිපිටකයේ අන්තර්ඝත කරුණු දන්නා බවට පවසමින් අමාත්‍යවරයාට ඔවැනි අභියෝගයක් කලද එයද එයාකාරයේම අභියෝගයක් බවත් ඕනෑම අයෙකුට අන්‍යාගමක් පිළිබඳව දැනුම ලබාගත හැකි සීමාවක් පවතින බවත් එහි එම සංවිධානයේ සාමාජික එම්.එම්.ඒ. දහ්ලාන් මහතා කියා සිටියේය.

March 13, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91723/

0 comments: