Pages

Monday, March 18, 2013

ශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙති

සිවුර ගලවා බේරෙන ලෙස පොලිසිය උපදෙස්‌ දෙයි.

ඉන්දියාවේ පුරාවිද්‍යාව හදාරන ශ්‍රී ලාංකික භික්‍ෂුවක්‌ වන පත්බේරියේ ඥණාලෝක හිමියන් සිය සහෝදර ශිෂ්‍ය පිරිසක්‌ සමඟ තමිල්නාඩුවේ තන්ජවුර් ශ්‍රී බ්‍රිහා දීශ්වරාර් කෝවිලේ අධ්‍යයන චාරිකාවක යෙදී සිටින අතරතුරදී කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයකට ලක්‌වී ඇත.

නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ සිසුන් 19 දෙනකු තන්ජවුර්හි පිහිටි මෙම දේවාලයේ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත්තේ පසුගිය සෙනසුරාදාය.

කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයෙන් ඥණාලෝක හිමියන් බේරාගැනීම සඳහා උන්වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිස අසළ පිහිටි පුරාවිද්‍යා කාර්යාලය වෙත ගෙනගොස්‌ ඇත. එවිට කොටි හිතවාදීහු එම කාර්යාලය ද වටකර ඥණාලෝක හිමියන් වහා එළියට දෙන ලෙස බල කර ඇත.

කොටි හිතවාදීන්ගේ ප්‍රහාරවලින් බේරීම සඳහා ඥණාලෝක හිමියන්ට සිවුර ගලවා වෙනත් ඇඳුමකින් සැරසෙන ලෙස පොලිසියෙන් උපදෙස්‌ ලැබී ඇත.

ඥණාලෝක හිමියන් ඇතුළු පිරිස තිරුවි ගුවන්තොටුපළ වෙත පොලිස්‌ ආරක්‍ෂාව යටතේ ගමන් කරද්දී නැවත වරක්‌ මේ පිරිස ගමන් කළ වෑන් රථ දෙක ගල් ප්‍රහාරයට ලක්‌වී ඇති අතර එක්‌ රථයක වීදුරු ද බිඳීගොස්‌ තිබේ.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරන මෙම පිරිසට තායිලන්ත, චීන හා උතුරු ඉන්දීය ශිෂ්‍යයෝ ඇතුළත් වෙති.

46 හැවිරිදි ඥණාලෝක හිමියන් හින්දු පුවත්පතට ප්‍රකාශයක්‌ කර ඇත්තේ තමන් වහන්සේ 2011 සිට මෙම පුරාවිද්‍යා පාඨමාලාව හදාරන බවයි. 

ඥණාලෝක හිමියන්ට පහර දුන් කොටි හිතවාදීන් 11 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2013/03/18/news02.html

සබැඳි ලිපි
[
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]

0 comments: