Pages

Wednesday, March 20, 2013

තමිල්නාඩුව ශ්‍රී ලාංකිකයන්ට තහනම් කලාපයක්‌ කරන්න - සංඝ සම්මේලනය

තමිල්නාඩු ප්‍රාන්තය ශ්‍රී ලාංකිකයන්ට තහනම් කලාපයක්‌ බවට පත්කරන ලෙස ජාතික සංඝ සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ට දිගින් දිගටම තමිල්නාඩුවේදී එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාර මැඬපැවැත්වීම සඳහා වහාම ඉන්දීය මධ්‍යම රජය සමඟ ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ යුතු බවත් ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් දොඹගොඩ සාරානන්ද හිමියෝ පැවසූහ.

තමිල්නාඩු ප්‍රාන්තයේ අන්තවාදීන් මෙලෙස ම්ලේච්ඡ ලෙස හැසිරුණත් ඉන්දියාවේ අනිකුත් ප්‍රාන්ත ශ්‍රී ලාංකිකයන් සමඟ එක්‌ව කටයුතු කරන බව ද එම නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවන පහරදීම් නැවැත්වීමට මධ්‍යම රජය මැදිහත් විය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මීට පෙර ද තමිල්නාඩුවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය පළ කළ බවත් අවස්‌ථා ගණනාවකදීම වන්දනාකරුවන්ට ප්‍රහාර එල්ල කළ බවත් එමෙන්ම භික්‍ෂූන් වහන්සේලාටත් එරට පිහිටි ශ්‍රී ලාංකික ගොඩනැඟිලිවලටත් ප්‍රහාර එල්ල වූ බවත් සඳහන් කරන උන්වහන්සේ එම තත්ත්වය මැඬපැවැත්වීමට ඉන්දීය මධ්‍යම රජය ක්‍රියාමාර්ග නොගත් බවත් කීහ. මෙමගින් පෙනී යන්නේ මධ්‍යම රජය ද කොටි හිතවාදීන් ආරක්‍ෂා කිරීමේ පිළිවෙතක්‌ අනුගමනය කරන බව යෑයි උන්වහන්සේ පැවසූහ.

මේ කාරණයේදී ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නැතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය සහ ඉන්දීය තානාපති කාර්යාලය වහාම මැදිහත් වී ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කළයුතු බව ද සාරානන්ද හිමියෝ කියා සිටියහ.

තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම් සිදුවුවහොත් තම සම්මේලනය ද මීට එරෙහිව ජනතාව අතරට ගොස්‌ මහජන මතයක්‌ ගොඩනඟන බව පැවසූ උන්වහන්සේ ඉදිරි දිනවල කොටි අන්තවාදීන්ට එරෙහිව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයක ජාතික සංඝ සම්මේලනයේ මැදිහත්වීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාර සිදුකරන බව ද පැවසූහ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/03/20/news03.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.html
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments: