Pages

Saturday, March 2, 2013

සුන්නත් වූ වික්‍රමබාහු ප්‍රභාකරන්ගේ හඬ - JHU

අමාත්‍ය චම්පික රණවක මහතා සම්බන්ධව වික්‍රමබාහු කරුණාරත්න මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් ජාතික හෙළ උරුමය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ වික්‍රමබාහු කරුණාරත්න මහතා මුස්ලිම් තොප්පි පැළඳ සුන්නත් වූවාට, හලාල් වූවාට තම පක්ෂයට ගැටළුවක් නැති බවයි.

චම්පික රණවක ඇමතිවරයා මෙරට සිංහල බෞද්ධ නායකයෙක් මෙන්ම හැමදාමත් රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බව මුළු රටම දන්නා කරුණක් බව නිවේදනයේ සඳහන්ය.

එම පක්‍ෂ ප්‍රචාරක ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ.

‘පසුගිය දිනක වික්‍රමබාහු කරුණාරත්න මහතා විසින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ නමට අගින් මොහොමඩ් කෑල්ලක් පූට්ටු කර ඇත. හැමදාමත් සිංහල බෞද්ධයන්ට එරෙහිව, රටට එරෙහිව කට මැද දොඩවන බයිසිකල් පක්ෂයේ නායක වික්‍රමයක් නැති බාහුගේ මෙවැනි විහිලු කතා රටම දනී.

වික්‍රමබාහු මත්මයාට අප එකක් කියන්න කැමතියි. ඒ ඔබතුමා මතක තබා ගත යුතු කරුණක් ඇත. භඨධ මුදල් වලින් යැපෙමින් රට තුළ සිටිමින් මාතෘ භූමියට එරෙහිව කුමන්ත්‍රණය කරන දේශද්‍රෝහියෝ කවුරුන්ද යන්න ඉතිහාසයට එක්වී හමාරය.

වේළුපිල්ලේ පිරබාහරන්ට කත් ඇද දෙපා ලෙවකෑ හිවලුන් ඉදිරියේ චම්පික රණවකයන් සිංහයෙකි. වික්‍රමබාහු කවුරුන්ද යන්නත් පාඨලී චම්පික රණවක කවුරුන්ද යන්නත් මේ රට හොදින් දනී.

ඒ බව අප අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අවසාන වශයෙන් එකක් කිව යුතුව ඇත. එනම් වික්‍රමබාහු කරුණාරත්නයන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හඬ බවට පත්වී ඇති බව රටට නොරහසකි.’


වික‍්‍රමබාහු මුස්ලිම් තොප්පි දාලා සුන්නත් කරගෙන හලාල් වෙලා
March 2, 2013 at 11:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91218/

1 comments:

ප්‍රතිවාදියා said...

වික්‍රමබාහු කියන්නේ උග්‍ර මාක්ස්වාදියෙක් මාක්ස්වාදීන් කිසි දිනක ලෝකේ කිසිම ජාතිකත්වයක් හරියට පිලිගන්නේ නෑ.