Pages

Saturday, March 16, 2013

සෞදි අරාබි ගුරුවරුන් වහාම පිටුවහල් කල යුතුයි - චම්පික

දිගු කලක් තිස්සේ රැදී සිටිමින් ආරාබි භාෂාව උගන්වමින් මෙරට රැුඳී සිටින සෞදි ජාතිකයින් (මද්ද්‍රසා) වහාම පිටුවහල් කල යුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ පැමිණි 700ක් පමණ පිරිසක් මුස්ලිම් දහම් පාසල් වල උගන්වමින් සිටින බවත් මෑත කාලයේ ඇතිවූ අර්බුදවලට ඔවුන් සම්බන්ධ බවට තහවුරු වී ඇති බවත් ඇමතිවරයා කීය.
ඊයේ කොළමදී පැවති ‘අල් ජිහාද් අල් කයිදා’ කෘතියේ නව සංස්කරණය එළිදැක්වීමේ උත්සවයේදී ඒ මහතා පෙන්වා දුන්නේ හලාල් අර්බුදයට මෙන්ම මුස්ලිම් කාන්තාවට කළු ඇදුම් ඇන්දවීම ව්‍යාප්ත කිරීමද වෙනත් අන්තවාදී ක්‍රියාවලටද මෙම  ‘මද්ද්‍රසා’ලා සම්බන්ධ බවයි.
මාලදිවයිනේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එරට වැසියන් දහස් ගනනක් මේවනවිට දෙහිවල, රත්මලාන, නුගේගොඩ ආදී ප්‍රදේශවලට පැමිණ පදිංචිව සිටින බවත්, දේශපාලන රැකවරණ පතා පැමිණි ඔවුන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවට බරපතල ප්‍රශ්නයක් විය හැකි බවත් අනාවරණය කල අමාත්‍යවරයා බුරුමය හා බංග්ලාදේශ අතර දේශ සිමාවේ පවතින දරුණු ගැටුම් වලදී බුරුම හමුදා ප්‍රහාර හේතුවෙන් පලායන මුස්ලිම් ජාතිකයින් ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතා පැමිණ ඇති බවත් එසේ දේශපාලන රැකවරණ පතා පැමිණ සිටින සියලු විජාතිකයින් පිළිබඳව වහාම සංගණනයක් කර ඔවුන් පිටුවහල් කල යුතු බවත් අවධාරණය කලේය.
 
March 16, 2013 at 1:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91830/

1 comments:

Anonymous said...

not only the maldivians and bangladeshis, there are pakistanis alsoas asylum seekers, and they are living in negombo. please watch on them too.. please fight against this invading and budding treat to the nation soon...