Pages

Friday, March 8, 2013

යුද්ධ කාලයේ කරකොළ කමින් බෞද්ධ උරුමය ආරක්‌ෂා කළා

- මල්දෙණියේ ජිනාලංකාර හිමි

පුනානි පංච මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය හා සංඝාවාසය සඟසතු කිරීම ගල්කිස්‌ස බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති දිවියාගහ යසස්‌සි නාහිමිපාණන් විසින් සිදුකරනු ලැබීය.

එහිදී අදහස්‌ දැක්‌වූ දිවියාගහ යසස්‌සි නාහිමි (

යුද්ධය නිසා ත්‍රස්‌තවාදීන්ට බියේ ගම්මාන අතහැර ගියා. යළිත් වජිරාලංකාර හිමි හා පියතාලංකාර හිමි විහාරය ගොඩනැඟුවා. අප බෞද්ධ සමිතිය මෙම විහාරය ඇතුළු පන්සල් අටක්‌ අංගසම්පූර්ණ ලෙස සංවර්ධනය කළා.

මල්දෙණියේ ජිනාලංකාර හිමි (

යුද්ධයේ දී අපේ නායක හාමුදුරුවන් සමග 18 දෙනකු මරා දැමුවා. 32 නමක්‌ සිවුරු හැර දමා හමුදාවට බැඳුණා. නාහිමි මරා දැමීම නිසා අපි දින 12 ක්‌ කරකොළ හා දලු වර්ග කමින් කැඳ බොමින් ජීවත් වුණා. කිසිම කෙනෙක්‌ දානේ ගෙනාවේ නෑ යුද්ධයට බයේ. පන්සල් 88 ක හිමිවරු දුක්‌ විඳගෙන පන්සල් ආරක්‌ෂා කළා. අද අපට අවශ්‍ය දේ පිංවතුන් ලබාදෙනවා. පන්සල් පිංබිම් ඉදිකරන පිනෙන් ඔබලා මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා. මේ ඝෝරබිය සසරෙන් එතෙර වෙන්න පිං රැස්‌කර ගන්න.

ගල්කිස්‌ස බෞද්ධ මධ්‍යස්‌ථානයේ දායක පිරිස්‌ පන්සලට අවශ්‍ය සියලුම උපකරණ ලබාදුන් අතර පංච මහා විහාරය රටටම හෙළි කළ "දිවයින" පුවත්පතටද විශේෂ ස්‌තුතිය පිරිනැමීය.

දිවියාගහ යසස්‌සි නාහිමි ඇතුළු හිමිවරු, යුද හමුදා නිලධාරීන් හා රාජ්‍ය අංශ ප්‍රධානීහු රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

එල්. පී. ඩී. බන්දුරත්න - වැලිකන්ද
http://www.divaina.com/2013/03/08/provin02.html

0 comments: