Pages

Wednesday, March 6, 2013

100%ක් බෞද්ධයන් සිටි ඉන්දුනීසියාවේ අද 84%ක් ම ඉස්ලාම් ආගමිකයන්

‘මීට ටික කලකට පෙර ඉන්දුනීසියාවේ 100% ක් බෞද්ධයන් සිටියද අද 84%ක් සිටින්නේ ඉස්ලාම් භක්තිකයන්. ඉතිරි 16% සම්පූර්ණයෙන් බෞද්ධයන් නො ව විවිධ ආගමිකයන් අතරේ බෙදී යනවා. බෞද්ධ දර්ශනය එල්ල වී ඇති ඛේදවාචකය මෙයින් පැහැදිලි වෙනවා’ යැයි දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි මහතා පැවැසීය.

ගාල්ල ප‍්‍රදේහයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙසේ ද කීය.

‘අප ආගම් බේද ඇති කරනවා නොවෙයි. අප ජාතියක් හැටියට එකමුතු විය යුතු යි. මානුෂීය මෙහෙයුමේ දී අපේ හමුදා භටයන් තමන්ට ලැබුණු කිරි ආදිය පවා සතුරන්ට දුන්නා. අපේ සෙබළුන් දහම් පාසල් ගිය අයයි. මේ ගුණධර්ම හදවතේ රැඳී තිබූ නිසා අඩු පිරිසකුයි අපෙන් මියගියේ. ඉක්මනින් රට බේරා ගැනීමට හැකි වූයේ ඒ නිසයි.

අද හලාල් ගැන කතා කරනවා. මම පසුගිය දා ගාල්ලේ රැස්වීමකට ගියා. එහි දී උලමා සංවිධානයේ කැසට් පටයක් මට ගෙනැත් දුන්නා. කොළඹ ගිහින් යෝගට එකක් ගන්න කඬේකට ගියා. ඒ මුදලාලි දන්නෙත් නැතිලූ විකුණන යෝගට්වල හලාල් ලාංඡුනය තිබුණා ද නැද්ද කියා. යෝගට් දාන අය කිව්වලූ කලින් ඒවායේ තිබුණා දැන් නැතැයි කියා. මේ ගැන බොහෝ අයට දැනුම් මදියි. මේවා කියන්නේ ආගම් බේද ඇති කිරීමට නො වෙයි.’

March 6, 2013 at 1:46 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91375/

0 comments: