Pages

Friday, March 8, 2013

හලාල් සහතිකය කුරාණයට නිගාවක්.. නැතිනම් ඔප්පු කරනු! - චම්පික

සමස්ත ලංකා ජයියතුල් උලමා සංවිධානය විසින නිකුත් කරන හලාල් සහතිකය කුරානයට අනුව සිදුකරන ක‍්‍රියාවලියක් නම් එය ඔප්පු කර පෙන්වන ලෙස තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේය.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාතප්‍යවරයා මෙසේද කීය.

‘කුරානයේ 173,174,256 වගන්ති අනුව එම සංවිධානයට කිසිම අයිතියක් නෑ මුස්ලිම්වරුන්ට පවා හලාල් ලබාගැනීමට බලකරන්න. කවුරු හරි දේශපාලඥයෙක් එහෙම කියනවා නම් මේක අනිවාර්යයෙන් ලබාගන්න කියලා එය කුරානයට එරෙහිව යාමක්.

මුළු  ලෝකයෙන්ම හලාල් නිකුත් කරන්නේ එකම ආගමික වියතුන්ගෙන් යුතු  සංවිධානය ජම්ඉයියතුල් උලමා සංවිධානය පමණයි. අනිකුත් සෑම සංවිධානයක්ම වාණිජ සංවිධාන.

පාරිභෝගික අධිකාරිය 2006-12-13 අංක 09 නියෝගයෙන් හලාල් සදහා අවසර ලබාදුන්නද 2007-09-06 දින නැවත පාරිභෝගික අධිකාරිය විසින් එය අවලංගු කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේ තිබියදී පාරිභෝගික අධිකාරියේ පවා අනුමැතියකින් තොරව රටේ නීතිය අභියෝගයට ලක් කරමින් හලාල් නිකුත් කිරීම පිළිබදව අවශ්‍ය නම් නඩු පැවරීමේ හැකියාව තිබෙනවා.

නඩු මගට අවතීරණ වීමට  කළින් ස්වේච්ජාවෙන්ම හලාල් ක‍්‍රියාවලියෙන් ඉවත්වන ලෙස අපි උලමා සංවිධානයෙන් ඉල්ලා සිටිනවා’

March 7, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91416/

0 comments: