Pages

Friday, August 30, 2013

රතුපස්වලට හමුදාව කැඳවූයේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින්

බීමට ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ජනතාව සිදුකළ මහජන උද්ඝෝෂණය විසුරුවා හැරීමට යුද හමුදා නිලධාරීන් කැඳවනු ලැබුවේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින් බව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (29දා) හෙළිදරව් විය.

මේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ බීමට ජලය ඉල්ලා වැලිවේරිය ජනතාව සිදු කළ උද්ඝෝෂණයට පහරදීමට හමුදාව කැඳවීමට තීරණය කළේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් හෙළිදරව් වී නොමැති බවයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ උද්ඝෝෂණය මැඬ පැවැත්වීම සඳහා පොලිසියට සහායවීමට හමුදාව කැඳවනු ලැබ ඇත්තේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින් බවයි.

වැලිවේරිය සිද්ධියට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා හමුවේ ඊයේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ මේ බව අනාවරණය විය.වැලිවේරිය සිද්ධිය ඇති වූ අගෝස්තු 01 වැනිදා සිට ඊයේ (29දා)  වන තෙක් දින 29ක් ගතවනතුරු ජනතා උද්ඝෝෂණය මැඬලීමට හමුදාව කැඳවනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ අනාවරණය වී නොතිබිණි. ඊයේ දිනද වැලිවේරිය උද්ඝෝෂකයන්ට එල්ල වූ ප්‍රහාරයේදී පීඩාවට පත් තිදෙනකු අධිකරණය හමුවේ සාක්කි දුන්හ.
එම නඩුව සැප්තැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඉෂාර රත්නකාර
http://www.mawbima.lk/35-34299-news-detail.html

පෝක් සමුද්‍ර සංධිය හෑරීමේ 'සේතු සමුද්‍රම්' ව්‍යාපෘතිය - විශාල හානියක්, ආර්ථික වටිනාකමකුත් නෑ – ඉන්දියාවෙන්ම චෝදනා

ඉන්දියානු හා ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ ඉදිකෙරෙන සේතු සමුද්‍රම් ඇළ මාර්ගය මගින් පරිසරයට විශාල බලපෑමක් සිදු වන බවත්,එම ඇළ මාර්ගයේ ආර්ථික වටිනාකමක් නොමැති බවත් ඉන්දීය පරිසර සංරක්ෂණ සංවිධානයක් යළි අනාවරණය කළ බව ”ද හින්දු”පුවත් සේවය වාර්ථා කරයි.

වෙරළ කි‍්‍රයාකාරී ජාලය (Coastal Action Network CAN) නම්වූ මෙම සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ ව්‍යාපෘතිය හරහා ලෝක භූ විද්‍යාත්මක උරුමයක් වශයෙන් හදුනාගෙන ඇති ආදම්ගේ පාලමට (රාම් සේතු) විශාල වශයෙන් හානි පැමිණිය හැකි බවයි.එසේම මෙම ව්‍යාපෘතිය හරහා සාමුද්‍රික-ජෛව පරිසරයට විහාල වශයෙන් ගැටලූ ඇතිවන බව ඔවුන් සදහන් කර ඇතැයිද හින්දු පුවත් සේවය වාර්ථා කළේය.

මේ අතර ඉන්දු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ගෝපාල කි‍්‍රෂ්ණන් පවසන්නේ යෝජිත නෞකා ඇළ මාර්ගය හේතුවෙන් මන්නාරම් බොක්කේ මුහුදු පතුලටද දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බවයි.

මෙම ව්‍යාපෘතියට 2007 වසරේ විරෝධතා එල්ලවීමත් සමග එම විරෝධතා සලකා බැලූවද ඉන්දීය මහඅධිකරණය ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සදහා අවසර ලබා දුන්නේය. නමුත් ඉන් අනතුරුව නැවත වරක් එම තීරණයට එරෙහිව පරිසර සංවිධානය විසින් අභියාචනාවක් ගොනුකළ අතර,අභියාචනාධිකරණය තීරණය සදහන් කළේ ව්‍යාපෘතියට අදාළව පරිසර තත්ත්ව වාර්තාවක් සකස් කරන ලෙසයි.

August 30, 2013 at 4:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/100222/

රතුපස්වල සිද්ධිය - බි‍්‍රගේඩියර් සහ කර්නල් තිදෙනෙකුගේ තනතුරු අත්හිටුවයි

පානීය ජල ප‍්‍රශ්ණයක් මුල් කර ගනිමින් පසුගියදා වැලිවේරියේදී කල වෙඩි තැබීමට අණු දුන් බව පැවසෙන යුද හමුදාවේ බි‍්‍රගේඩියර්වරයෙකු සහ ලුතිනන් කර්නල්වරුන් තුන්දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක රුවන් වනිගසූරිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති මූලික විමර්ශනයෙන් නිලධාරීන් විසින් වරදක් සිදුකර ඇති බවට තහවුරුවීම හේතුවෙන් යුධ හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටී.

යුද හමුදාපතිවරයා විසින් තවදුරටත් නියම කර ඇත්තේ අදාළ නිලධාරීන්ට එරෙහිව යුද අධිකරණයක් හමුවේ නඩු විභාග කිරීමට අදාළ ප්‍රමාණවත් සාක්ෂි තිබේ ද යන්න සොයා බලන ලෙසටත් එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කිරීමටත්ය.

August 30, 2013 at 9:54 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/100238/

තවත් "ටුවරිස්‌ට්‌" කෙනකුගේ ලංකාගමනය - පිල්ලේ ගමන පිලිබඳ දිවයින කතුවැකිය

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය දොස්‌තර රාජිනී තිරාණගම බයිසිකලයේ නැඟී ගෙදර යමින් සිටියදී කොටින් විසින් වෙඩි තබා මරන ලද බව ඇය දන්නේද? අරන්තලාවේදී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මන්න සහ කැතිවලින් කපා සංහාරය කළ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය විසින් රජීව් ගාන්ධි මැරූ හැටි, ආර්. ප්‍රේමදාස ඝාතනය කළ හැටි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට බෝම්බ ගැසූ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය වසර 30 ක යුද සමය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා කළ හැටි, සංචාරක ව්‍යාපාරය ඉන්දියන් සාගරයට දැමූ හැටි ඇය දන්නේද?

නවනීදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා ගමන තවත් ටුවරිස්‌ට්‌ කෙනකු ආ ගමනක තත්ත්වයට පත්ව නිමාව කරා ගමන් කරනු පෙනෙයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඒජන්සියක වැටුප් ලබන සේවිකාවක වන එතුමිය තම ලංකා ගමන පිළිබඳව වාර්තාවක්‌ සාදා එය එක්‌සත් ජාතීන්ගේ මහලේකම්තුමාට ඉදිරිපත් කරනවා ඇත. එම වාර්තාව ආණ්‌ඩු විරෝධී, යුද විරෝධී, සිංහල විරෝධී, බෞද්ධ විරෝධී න්‍යාය පත්‍රයක්‌ වීම කිසිසේත්ම නොවැළැක්‌විය හැකිය. පිල්ලේ මහත්මිය සමඟ සාකච්ඡා කළ රාජ්‍ය නොවන සංවිධාන, යුද්ධයෙන් බඩ වඩා ගනිමින් සිට යුද්ධය නැති නිසා දැනට එදා වේල ටුවර්ස්‌ පාරක්‌ දමාගෙන සිටින සිවිල් ප්‍රජා කණ්‌ඩායම්, සෑම මැතිවරණයක්‌ම ප්‍රචණ්‌ඩ වේවා'යි ප්‍රාර්ථනය කරන මැතිවරණ නිරීක්‌ෂණ කණ්‌ඩායම්, හමගිය දේශපාලන නායකයන් යනාදී කොටස්‌ තම තමන්ගේ න්‍යාය පත්‍රවලින් චුට්‌ට චුට්‌ට ඇගේ න්‍යාය පත්‍රයට දමා ඇති හැටි එකී වාර්තාව ඉදිරිපත් කළ විට බලා ගැනීමට හැකිය. 

නවනීදන් පිල්ලේ හිටපු විනිශ්චයකාරවරියකි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයේ මූල බීජය මේ රට කරවූ දේශපාලනඥයන් විසින් පිළිසිඳවන ලද මුල් කාලයේදී එතුමිය ඉපදිලාවත් නැත. උතුරේ බලකාමී දේශපාලනඥයන් බෙදුම්වාදී යුද්ධයක්‌ කිරීම සඳහා උතුරේ දෙමළ තරුණයන්ට දේශන පවත්වන කාලයේදී නවනීදන් පිල්ලේ නීතිඥවරියකි. කෙසේ වුවත් මෑතක්‌ වනතුරු මේ රටේ ජනවාර්ගික අර්බුදය සහ දෙමළ ත්‍රස්‌තවාදය ගැන ඇය කිසිවක්‌ දැන සිටියේ නැති බව අපට විශ්වාසය. එම ඉතිහාසය නොදැන හදිසියේ මෙහි ගොඩ බැස හමුවන හමුවන මිනිසා හෝ ගැහැනිය සමඟ කතාකර පවත්නා ප්‍රශ්නය, එහි ස්‌වභාවය, එය දැනට තිබෙන්නේ කොතැනකද යන කාරණා ගැන දැනුමක්‌ ලබාගැනීමට නොහැක. ශ්‍රී ලංකාවේ තිබුණේ ජනවාර්ගික ප්‍රශ්නයකට වඩා ත්‍රස්‌තවාදී ප්‍රශ්නයකි. උතුරේ බැංකු තුන හතරක්‌ කොල්ලකා ගනුදෙනුවක්‌ සොයාගත් දෙමළ තරුණ කණ්‌ඩායමක්‌ එම මුදල් පොලිතින් කොළයක ඔතා යට ඇඳුමේ සඟවාගෙන පෝක්‌ සමුද්‍රසන්ධිය හරහා පීනා ගොස්‌ ඉන්දියාවට ගොඩබැස ආයුධ මිලට ගැනීමත් සමගම දෙමළ ත්‍රස්‌තවාදයට අවශ්‍ය පදනම වැටිණ. එම ආයුධ ද, පොලිසි දෙක තුනකින් කොල්ල කා ගත් ආයුධ ද, එකතු කර 1983 දී යාපනයේ යුද හමුදා රථයකට වෙඩි තබා සිංහල සෙබළුන් 13 දෙනකු ඝාතනය කිරීමත් සමගම දෙමළ ත්‍රස්‌තවාදයේ ක්‍රියාත්මක ස්‌වරූපය හට ගනී. එතැන් සිට එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් සිංහලයන් කී දහසක්‌ සංහාරය කරනු ලැබ ඇද්දැයි නවනීදන් පිල්ලේ මහත්මිය දන්නේද? දෙමළ ත්‍රස්‌තවාදයට විරුද්ධ දෙමළ ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල උගතුන් කී දෙනෙක්‌ ප්‍රභාකරන්ගේ වෙඩි පහරින් මිය ගියේ දැයි ඇය දන්නේද? යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය දොස්‌තර රාජිනී තිරාණගම බයිසිකලයේ නැඟී ගෙදර යමින් සිටියදී කොටින් විසින් වෙඩි තබා මරන ලද බව ඇය දන්නේද? අරන්තලාවේදී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මන්න සහ කැතිවලින් කපා සංහාරය කළ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය විසින් රජීව් ගාන්ධි මැරූ හැටි, ආර්. ප්‍රේමදාස ඝාතනය කළ හැටි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට බෝම්බ ගැසූ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය වසර 30 ක යුද සමය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා කළ හැටි, සංචාරක ව්‍යාපාරය ඉන්දියන් සාගරයට දැමූ හැටි ඇය දන්නේද?

මේ කරුණු ගැන හරිහැටි දන්නවා නම් ශ්‍රී ලංකාව ආරාධනා කළත් නොකළත් මෙහි ඒමෙන් වැළකී සිටීමට නවනීදන් පිල්ලේ ස්‌ථිරවම පියවර ගන්නවා ඇත. ඇය සිටින්නේ කොටි සංවිධානයට ආවැඩීමට හෝ යුද්ධය පරාජය කිරීමට හෝ විරුද්ධව වචනයක්‌වත් කතා කළ හැකි තත්ත්වයක නොවේ. ඇය හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන ගැහැනියක නම් පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙනම අමාත්‍යංශයක්‌ යටතට පත් කළේ ඇයි දැයි නිකමටවත් අහන්නේ නැත. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අයින් කළ යුතු බවට අපිට බල කරන්නේ ද නැත. 

යුද්ධය පැවැති කාලයේදී ආර එදමරසිප හෙවත් යුද සංචාරක ව්‍යාපාරය යනුවෙන් සංකල්පයක්‌ ලංකාවේ බිහි විය. එරික්‌ සෝල්හයිම් මෙරටට එන එවැනි යුද සංචාරකයෙකි. නවනීදන් පිල්ලේ මෙහි පැමිණ සිටින්නේ පශ්චාත් උaර ඔදමරසිඑ කෙනකු ලෙසය. එ බැවින් මේ ගමනට වටිනාකමක්‌ නැත.

http://www.divaina.com/2013/08/30/editor.html

සබැඳි ලිපි වලින් කිහිපයක් -
[
තම්බිමුත්තුගේ තාර්කික වාග් ප්‍රහාර පිල්ලේ නිහඬ කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6660.html
කොටි සංවිධානයේ කුරිරු බව තමා තරම් දන්නා කෙනෙකු නෑ. පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන්න - කතෝලික පූජකවරයකු හඬාවැළපෙමින් පිල්ලේට කියයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_29.html
නවි පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් - ගම්මන්පිලhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_5669.html
නවිනීදන් පිල්ලේ යනු කවුද???http://denethharinna.blogspot.com/2013/08/blog-post_9415.html
]

බුදුන්වහන්සේගේ පාත්‍රය කාබුල් කෞතුකාගාරයේ

බුදුන් වහන්සේගේ පාත්‍රය ඇෆ්ගනිස්‌ථානයේ කාබුල් කෞතුකාගාරයේ ඇති බවත් එය ෙඓතිහාසික වෛශාලි නුවරට ගෙන ඒම සඳහා පියවර ගත යුතුව ඇතැයිද රාශ්ටි්‍රය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ශ් සිං ප්‍රසාද් කියා සිටී.

වසර ගණනාවකට පෙර ඉන්දියාවෙන් ගෙන ගොස්‌ ඇති එය වෛශාලි පුරවරය වෙත ලබාගැනීමට ඉන්දීය රජය ක්‍රියා කළ යුතු බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඇප්ගන් රජය ඉන්දීය ඉල්ලීම ගැන ප්‍රතිචාරය දක්‌වා නැත.

කාබුල් කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂක ඕමාර් කාන් පවසන්නේ කළුගලින් නිර්මාණය වී ඇති මෙම පාත්‍රය කහන්දාර් නගරයේ තිබී හමු වූ බවත් එය කාබුල් වෙත ගෙන ආ බවත්ය.

බුදුන් වහන්සේ පිඩු සිඟා යැමට මේ පාත්‍රය භාවිතා කර ඇතැයි සැක කෙරේ.

http://www.divaina.com/2013/08/30/forign03.html

සබැඳි ලිපි -
[
බුදුන් වහන්සේ පිඬු සිඟා වැඩි පාත‍්‍ර ධාතූන් වහන්සේ ඇෆ්ගනිස්තානයෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1150.html
]

කොටි නායකයන් ඇතුළු දෙමළ ඩයස්‌පෝරාව පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ හමුවට කැඳවන්න - මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව

වසර 30 ක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදයට සම්බන්ධ කොටි නායකයන් ඇතුළු දෙමළ ඩයස්‌පෝරාව විශේෂ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ හමුවට කැඳවා ප්‍රශ්න කරන ලෙසට ඉල්ලා මියගිය සහ අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව මගින් මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලෙයි මහත්මියට අද (30 වැනිදා) සංදේශයක්‌ භාරදීමට නියමිතය. 

ත්‍රස්‌තවාදය නිසා අතුරුදන්වූවන් සහ මියගිය අහිංසක වැසියන් විශාල පිරිසක්‌ සිටින බවද ඔවුන්ට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස ද එම සංදේශයෙන් ඉල්ලා සිටින බව එම එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද ජයමාන්න මහතා ඊයේ (29 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව ඊයේ (29 දා) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ද්‍රවිඩ ජාතික මවක්‌ තම දරු දෙදෙනා අහිමි වීමේ ශෝකය ප්‍රකාශ කළ අයුරු. ඡායාරූපය - සුජාතා ජයරත්න

නවිපිල්ලේ මහත්මිය බුද්ධිමත් කාන්තාවක්‌ වශයෙන් යුද්ධයෙන් පසුව සිදුවූ දේවල් නොව වසර 30 ක්‌ තිස්‌සේ පැවැති කොටි ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් ගැන පමණක්‌ සොයා බැලිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

චැනල් 4 නාලිකාවේ චිත්‍රපටය වැනි කොටි ත්‍රස්‌තවාදීන්ගේ සියලුම ක්‍රියාකාරකම් අඩංගු වීඩියෝ චිත්‍රපටයක්‌ ඉදිරියේදී මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය සමුළුවට ඉදිරිපත් කරන බවද ආනන්ද ජයමාන්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳව නවි පිල්ලෙයි මහත්මියගේ සිතේ තිබූ වැරදි චිත්‍රය මේ වන විට වෙනස්‌ව ඇති බව කී ජයමාන්න මහතා මේ වන විට අප රට ගැන ධනාත්මකව සිතනු ඇතැයි විශ්වාස කරන බවද කීවේය.

මෙම මාධ්‍ය හමුවේදී කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලද දරුවන්ගේ සහ පවුලේ හිතවතුන්ගේ ඥතීහු ද අදහස්‌ දැක්‌වූහ.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/08/30/news16.html

තම්බිමුත්තුගේ තාර්කික වාග් ප්‍රහාර පිල්ලේ නිහඬ කරයි

"කොටි මගේ තාත්තවයි, අම්මවයි මහ දවල් ඝාතනය කරද්දී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන පාර්ශ්වයන් නිහඬව සිටියා" යෑයි මඩකලපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක අරුන් තම්බිමුත්තු මහතා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය හමුවෙමින් ප්‍රකාශ කර ඇත.

මේ සාකච්ඡාව දැඩි උණුසුම්කාරී ස්‌වභාවයක්‌ ගත් බව වාර්තා වේ. මඩකලපුව හිටපු මන්ත්‍රී සැමී තම්බිමුත්තු සහ ඔහුගේ බිරියද කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලදී. 

මගේ මවුපියන් මරා දැමීමෙන් පසු එදා දරුවකුව සිටි මාවද කොටි පැහැර ගත්තා. මානව හිමිකම් ගැන හඬ නගන අය මාව බේරා ගැනීමට ක්‍රියා කළේ නැතැයි අරුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදුවු බව කියන ක්‍රියාකාරකම් ගැන රජය වගකීම දැරිය යුතු යෑයි මම කියනවා. එසේ නම් කොළඹ සිදුකළ අපරාධ ගැන වගකියන්නේ කවුදැයි අරුන් තම්බිමුත්තු මහතා ප්‍රශ්න කිරීමෙන් නවිපිල්ලේ මහත්මිය දැඩි අපහසුතාවකට පත්ව ඇත. 

ද්‍රවිඩ ජාතික හමුදාව තමන් සන්නද්ධ අංශයක්‌ පිහිටුවා ළමයින්ව බලහත්කාරයෙන් බඳවාගත් අය දැන් ද්‍රවිඩ සංවිධානය නියෝජනය කරන බවත්, ඔබ ඒ ගැන නිහඬව ඉන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් විමසීම නිසා නවිපිල්ලේ මහත්මියට ඊට උත්තර නැතිව නිහඬව බලා සිටීමට සිදුව ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/30/news12.html

සත්ත්ව ඝාතන වළක්‌වමින් ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි - ඕමල්පේ සෝභිත හිමි

බිලි පූජා සඳහා සිදුකෙරෙන සත්ව ඝාතනය වළක්‌වමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක්‌ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියේ ප්‍රකාශ කරති.

මෙම තීන්දුව අනුව සතුන් මැරීමට අයිතිය ඇත්තේ සත්ව ඝාතකයනට පමණක්‌ බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මෙම තීන්දුව සත්ව ඝාතනයට එරෙහිව සටන් කළ සංවිධාන ලැබූ ජයක්‌ බවත් එය මානව හිතවාදීන්ගේ මෙන්ම සත්ව හිතවාදීන්ගේද ජයග්‍රහණයක්‌ බවත් උන්වහන්සේ  පැවැසූහ.

http://www.divaina.com/2013/08/30/news08.html

සබැඳි ලිපි -
[

මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය තහනම්!http://denethharinna.blogspot.com/2013/08/blog-post_7025.htmlමුන්නේෂ්වරම් ඇතුලු සියළු බිලිපූජා මින්මතු තහනම්. මස් සඳහා ඝාතනයද අවසර ලත් ඝාතකාගාරවල පමණයි! - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_8317.html
]

මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය තහනම්!

මුන්නේශ්වරම ඇතුළු කෝවිල්වල බිලි පූජා නැවැත්වීමට පොලිසියට බලය ඇත.

බලපත්‍රයක්‌ නැතිව හලාවත මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සිදුකෙරෙන සත්ව ඝාතන නැවැත්වීමට පොලිසියට පැවරී ඇති නීතිමය බලතල යොදාගෙන නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලකරමින් අභියාචනාධිකරණය ඊයේ (29 වැනිදා) පොලිස්‌පති, පුත්තලම දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය පොලිස්‌පති, හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හා හලාවත පොලිස්‌ මූලස්‌ථානාධිපතිට නියෝගයක්‌ නිකුත් කළේය.

අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවට අනුව මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් වෙනු ඇත.

අභියාචනාධිකරණය එකී නියෝගය නිකුත් කළේ මුන්නේශ්වරම් භද්‍රකාලි කෝවිලේ සත්ව බිලි පූජා පැවැත්වීම් තහනම් කරන්නැයි ඉල්ලා ජාතික සංඝ සම්මේලනය, සත්ව සුබසාධන සංවිධාන ඇතුළු 14 දෙනකු විසින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. සිසිර ද ආබෲ, දීපාල් විඡේසුන්දර ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ. හලාවත මුන්නේශ්වරම් භද්‍රකාලි කෝවිලේ සත්ව බිලි පූජා පවත්වන බව එහි ප්‍රධාන පූජක හා පූසාරිවරු උසාවිය හමුවේ පිළිගෙන ඇත. කෝවිල් භූමියේ සතුන් මැරීමට බලපත්‍රයක්‌ ලබාගෙන නැති බවද පිළිගෙන ඇති අතර ඉදිරි උත්සව සමයේදීත් එහි සත්ව බිලි පූජා නොපවත්වන බවට පොරොන්දුවක්‌ හෝ සහතිකයක්‌ ද දී නැත. කිසියම් ස්‌ථානයක බලපත්‍රයක්‌ නැතිව සතුන් ඝාතනය කිරීම සත්ව ඝාතන පනතේ රෙගුලාසි කඩ කිරීමක්‌ වන බැවින් එම නීති විරෝධී ක්‍රියාව නැවැත්වීමට පොලිසියට අයිතියක්‌ හා බලයක්‌ ඇත.

ආගමික කටයුත්තක්‌ වශයෙන් කෝවිල් භූමියේ සතුන් මැරීමට අවශ්‍ය නම් ඒ සඳහා පළාතේ නිසි බලධාරීන්ගෙන් බලපත්‍රයක්‌ ලබාගත යුතුය. ආගමික හෝ කිසිදු ස්‌ථානයක සතුන් මස්‌ සඳහා ඝාතනය කිරීම හෝ බලපත්‍රයක්‌ නැතිව කළ නොහැක. කෝවිල් භූමියේ ඝාතනය කළ සතුන්ගේ මස්‌ ආහාරය සඳහා පිළියෙළ කර බැතිමතුන්ට පිළිගැන්වූ බව ප්‍රධාන පූජකවරයා ප්‍රකාශ කර ඇත. එය නිදහසට කරුණක්‌ හැටියට පිළිගත නොහැක.

අනිත් කාරණාව සතුන්ට අමානුෂික ලෙස වධ හිංසා කර කෝවිල් භූමියේ විශාල පිරිසක්‌ බලාසිටියදී ඝාතනය කිරීම බවට පෙත්සම්වලින් කළ චෝදනාව ගැන කෝවිලේ ප්‍රධාන පූජකවරයා කිසිවක්‌ ප්‍රකාශ කර නැත.

සතුන් ඝාතනය කරන ආකාරය ඔහු උසාවියට විස්‌තර කර නැත. මේ අනුව සත්ව හිංසා පනතේ රෙගුලාසි කෝවිල් පූජකවරුන් කඩ කර ඇති බවටද තීන්දු කරන අතර ඒ චෝදනාව යටතේ කෝවිල් භාරකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට බලය ඇති බවට තීරණය කරන බව නීතිඥවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අධිනීතිඥ රාජා ඩෙප් මහතා පෙත්සම්කරුවකු වන ජාතික සංඝ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ සී. ආර්. ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

සරත් ධර්මසේන
http://www.divaina.com/2013/08/30/news01.html

සබැඳි ලිපි -
[
මුන්නේෂ්වරම් ඇතුලු සියළු බිලිපූජා මින්මතු තහනම්. මස් සඳහා ඝාතනයද අවසර ලත් ඝාතකාගාරවල පමණයි! - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_8317.html
]

Thursday, August 29, 2013

මුන්නේෂ්වරම් ඇතුලු සියළු බිලිපූජා මින්මතු තහනම්. මස් සඳහා ඝාතනයද අවසර ලත් ඝාතකාගාරවල පමණයි! - අභියාචනාධිකරණය

සංඝ සම්මේලනය සහ සතුන් ආරක්ෂා කිරීමේ සංවිධාන විසින් එක්ව ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය අද නියෝග කර ඇත්තේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව බිලි පූජාව වහා නතර කරන ලෙසයි.

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සතුන් මරා බිලි පූජා කිරීමේ සිද්ධියට විරුද්ධව පැමිණිල්ල ගොනු කර තිබූ අතර එහිදී පැමිණිල්ලේ නීතීඥයන් අධිකරණයට කියා සිටියේ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ පනතට මෙම බිලි පූජාව විරුද්ධ බවයි.

අදාල නියෝගය නිකුත් කරමින් විනිසුරුවන් කියා සිටියේ සතුන් මැරීම සඳහා අවසර ඇත්තේ මස් අලෙවිය සඳහා පමණක් බවත්, එයත් බලපත්‍රයක් යටතේ පමණක් බවත්ය.

August 29, 2013 at 12:01 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/100186/

කොටි සංවිධානයේ කුරිරු බව තමා තරම් දන්නා කෙනෙකු නෑ. පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන්න - කතෝලික පූජකවරයකු හඬාවැළපෙමින් පිල්ලේට කියයි

මෙරට සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ඊයේ (28) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය. එහිදී මහ කොමසාරිස්වරිය පෙරවරුවේ නැගෙනහිර ආණ්ඩුකාර රියල් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා වරාය පාරේ පිහිටි එම කාර්යාලයේදී හමුවිය.

එම හමුවේදී මහ කොමසාරිස්වරිය නැගෙනහිර පළාතේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක නිරත විය. එහිදී නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා නැවත පදිංචි කිරීම් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය ආණ්ඩුකාරවරයාට සිය සතුට පළකර සිටි අතර, මහ කොමසාරිස්වරිය ඇතැම් කාරණා සම්බන්ධයෙන් තිබූ අනවබෝධය තුරන් කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබුණි.

ආණ්ඩුකාරවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව නවනීදන් පිල්ලේ මහත්මිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේදී ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව යන  දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ‍ලේකම්වරු හමු වූ අතර, එහිදී මහ කොමසාරිස්වරිය ප්‍රදේශයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරතවිය. නවනීදන් මහත්මිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය වෙත පැමිණෙන අවස්ථාවේ උතුරු නැගෙනහිර සිංහල සංවිධානය හා යුද්ධයෙන් මියගිය සහ අතුරුදන් වූවන්ගේ මා පිය එකමුතු සංවිධානවලට අයත් පන්සියකට පමණ පිරිසක් එම ස්ථානයේ විරෝධතා ව්‍යාපාරයක නිරත විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙබිඩි පිළිවෙතට හා පක්ෂග්‍රාහි වැඩපිළිවෙළට එරෙහිව සටන් පාඨකියමින් විරෝධතා ව්‍යාපාරයේ නිරත වූ උද්ඝෝෂකයන් යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පසුගිය කාලයේ පැහැරගෙන ගිය හා ඝාතනය කළ වුන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලකරමින් සංදේශයක් භාරදීමට කටයුතු කළ අතර, එම සංදේශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස්වරියගේ උපදේශක ක්ලෝරිමුංගවන් මහතා විසින් භාරගන්නා ලදී.

අනතුරුව නවනීදන් පිල්‍ලේ මහත්මිය ත්‍රිකුණාමලය, උප්පුවේලි, ජේකොබ් පාර්ක් හෝටලයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සාමාජිකයන් හමුවී සාකච්ඡාවක නිරත විය. එහිදී යුද්ධය පැවැති සමයේ යාපනයේ සිටි කතෝලික පූජකවරයකු   නවනීදන් පිල්‍ලේ මහත්මියට හඬා වැළපෙමින් කියා ඇත්තේ කොටි සංවිධානයේ කුරිරු බව තමන් තරම් දන්නා තවත් කෙනෙකු සිටිය නොහැකි බවයි. එබැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සාධාරණ හා අපක්ෂපාතිව සිදුකරන ලෙසත් කතෝලික  පූජකවරයා නවනීදන් පිල්ලේ මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

මෙම හමුවෙන් පසු නවනිදන් පිල්‍ලේ මහත්මිය මුතූර් කිලිවෙඩ්ඩි පිහිටි සුබසාධක කඳවුරට ගොස් ඇති අතර, මහ කොමසාරිස්වරිය එහිදී අවතැන්වූවන් සමග කෙටි කතා බහකද නිරතව සිට ඇත. අනතුරුව නවනීදන්පිල්‍ලේ මහත්මිය සාම්පුර් ප්‍රදේශයේ නැවත පදිංචිකිරීම් සිදුකර ඇති නාවල් අඩි ගම්මානය දැකබලා ගැනීමට පිටත්ව ගොස් ඇත.

මංගලනාත් ලියනාරච්චි - ත්‍රිකුණාමලය - 2013 අගෝස්තු 29 09:00 a:m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16712:2013-08-29-03-32-11&catid=34:news&Itemid=62

බොදු ලියවිලි වල ගව මස් ඔතන අන්තවාදී ගාලු මස් මඩුව

බුදුදහමට නිගා වන අයුරින් බුද්ධ රූප හා බුදු දහමට අදාළ ලිපි ඇතුළත් පුවත්පත් වල හරක් මස් කුකුල් මස් ඔතා අලවි කරන ගාල්ල නගරයේ මස් අලෙවි කරන වෙළදසලක් සම්බන්ධයෙන්  ගාල්ල මහ නගර සභිවේදී සාකච්චා විය.

ගාල්ල මහනගරසභාවේ එ.ජා.ප නාගරික මන්තී‍්‍ර ප‍්‍රභාත් සෙනවිරත්න මහතා තරුණයන් පිරිසක් සමග එම වෙළදසලට ගොස් වෙළදසලේ තිබූ බුදුසරණ හා බුදුදහමට අදාළ ලිපි තොගයක් රැුගෙනවිත් ඇත.

මෙම පුවත්පත් වල මස් ඔතා අලෙවි නොකරන ලෙසද වෙළදසල් හිමියාට ප‍්‍රභාත් සෙනවිරත්න මහතා අවවාද කොට ඇත.

August 29, 2013 at 9:16 am | lanka C news
http://lankacnews.com/sinhala/news/100166/

සිරියාවෙන් ඇරඹෙන්නේ ඉරානයට එරෙහි යුද්ධයයි! සිරියාව, ඉරාකය සහ ලෙබනනයේ ෂියා චන්ද්‍රවංකය බිඳ දැමීමට,සෞදිය සහ කටාරයේ සුන්නි බලකඳවුරුවල සහාය

ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපා සහ ඊශ‍්‍රායෙල් මිතුරන් මැදපෙරදිග කලාපයට යළි මැදිහත්වීම තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ භූ දේශපාලන අරමුණු පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂක එරික් ඩෙ‍්‍රයිට්සර් පවසයි.

රසායනික අවි ප‍්‍රහාරය සිරියානු රජය විසින් එල්ල කළා නම් එය ඔවුන් විසින් කුසායිර්, හොම්ස් සහ අලෙප්පෝ ප‍්‍රදේශවල සිරියානු කැරලිකරුවන් පරාජය කරමින් ලැබූ ජයග‍්‍රහණ ආපසු හැරවීමකි.

සැබැවින්ම එම ප‍්‍රහාර දාමය නවත්වාගැනීම සඳහා සිරියානු කැරලිකරුවන්ට සහ ඔවුන්ගේ විදෙස් මිතුරන්ට අවශ්‍යව පැවති අතර මානුෂික යයි කියාගන්නා මෙම සාහසික මැදිහත්වීම හරහා සැපිරෙන්නේ එයයි.

තුර්කිය සහ ඊශ‍්‍රායලය විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් දෙවසරක යුද්ධය තුළ සිරියාවට මැදිහත්වූ සෑම විටකදීම සිරියාව විමසිලිමත්ව හැසිරුනු බව ඩෙ‍්‍රයිට්සර් දක්වයි.

සිරියානු ප‍්‍රහාරයේ සැබෑ අරමුණ වන්නේ නව යටත්විජිතවාදී ව්‍යාපෘතිය හරහා නතු කරගෙන නොමැති ඉතිරි ප‍්‍රදේශ කිහිපය ඇමරිකාවට අවශ්‍ය පරිදි සකස් කිරීම බව දක්වන ඔහුගේ අදහස වන්නේ සැබෑ ඉලක්කය වන්නේ ඉරානය බිඳ දැමීම බවයි.

1979දී මුස්ලිම් විප්ලවයෙන් පසු ඉරානයට එරෙහි සතුරු ප‍්‍රතිපත්තියක සිට කටයුතු කළ ඇමරිකාව විසින් පසුගිය කාලයේ දිගින් දිගටම අධික සම්බාධක පැණවීම සමග කඩාවැටුණු ඉරාන බලශක්ති වෙළඳපොළ යළි ස්ථාපිත කිරීමට සිරියාව සහය ලබාදෙන ලදී.  පසුගිය මාසයේදී අත්සන් තබන ලද ඉරාක-ඉරාන-සිරියා තෙල් නළය එයට හොඳම නිදසුනයි.

ඉරානයේ ආරක්‍ෂාව සඳහා පැමිණි සිරියාව, ඉරාකය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් සමන්විත ෂියා චන්ද්‍රවංකය බිඳ දැමීම ඇමරිකාවේත් කලාපීය බලශක්ති තරගකරුවන් වන සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය වැනි සුන්නි බලකඳවුරුවලත් ඊශ‍්‍රායලයේත් අපේක්‍ෂාව බව ඩෙ‍්‍රයිට්සර් පවසයි.  මේ සන්දර්භයේදී සිරියාව යනු ඉරානයට එරෙහි යුද්ධයේ සංග‍්‍රාම භූමිය බව ඔහු දක්වා තිබේ.

August 29, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100170/

බුදුන් වහන්සේ පිඬු සිඟා වැඩි පාත‍්‍ර ධාතූන් වහන්සේ ඇෆ්ගනිස්තානයෙන් හමුවේ

බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් රශ්ට්‍රීය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ෂ් ප්‍රසාද් සිංග් ඉන්දීය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.

වසර දහසකට පෙර ඉන්දියාවෙන් පිටතට ගෙන ගිය බව පවසන මෙම කෞතුක වස්තුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට නික්ම යාමට පෙර වෛශාලි පුරවරයේ උපාසික උපාසිකාවන් වෙත පරිත්‍යාග කළ බව මන්ත්‍රීවරයා පවසයි.

මේ පාත්‍රය බුදුන් වහන්සේ පිඬු සිඟා යාමට භාවිතා කල බවක් විශ්වාශ කල හැකිදැයි කාබුල් කෞතුකාගරයේ අධ්‍යක්ෂ ඕමාර් ඛාන් මෙසේ සඳහන් කරයි.

‘මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ’

ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි පවසන්නේ මෙය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බවයි.

පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුල මෙය බුදුන් පරිහරණය කල ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ප්‍රකාශ කරයි.

“බුදුන් වහන්සේ ඇත්තටම භාවිතා කරපු පාත්‍රය කියල අපිට කියන්න බෑ. නමුත් මේ වගේ විශාල පාත්‍ර කිහිපයක්ම හම්බ වෙලා තියෙනව,” බව මහාචාර්යවරයාගේ මතයයි.

කෙසේ නමුත් මෙම පාත්‍රවල විශාල කෞතුක වටිනාකමක් තිබෙන බව ඔහු අවධාරණය කරයි.

කෞතුක වටිනාකමක් ඇති මෙම පාත්‍රය මහා අධිරාජ්‍යයක් පුරා බුදු දහම පැතිර ගිය යුගයක නිර්මාණය වන්නට ඇති බව පුරා විද්‍යාඥ මතයයි.

සියවස් ගණනාවකට පසු ලොව පුරා විහිදුනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වඩා විශාලව විහිදුනු මෙම බෞද්ධ අධිරාජ්‍යය පසුව ක්‍රමයෙන් මුස්ලිම් ආධිපත්‍යයට යටපත් විය.

ඉන්දීය බලපෑම් කෙසේ වුවත් පාත්‍රය යලි ලබාගැනීම පහසු වන්නේ නැති බව, මේ අතර ඇෆ්ඝනිස්තානය ප්‍රකාශ කරයි.

- BBC
August 29, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/100158/

මධ්‍යම නේපාලයේ පැරණි රාජධානියකට අයත් අබිරහස්‌ ගුහා 10,000 ක්‌!!

මධ්‍යම නේපාලයේ උතුරු මස්‌ටැන්හි මීටර් 155 ක්‌ උසින් පිහිටි කඳු යායක තිබූ අබිරහස්‌ ගුහා 10,000 ක්‌ හමුවී ඇත.

ගවේෂණ කණ්‌ඩායමක්‌ දක්‌වන්නේ මේ ගුහා පැරණි රාජධානියක්‌ බවයි. 

මේ ගුහා කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්‌දැයි හෙළි වී නැත.

වසර දසදහස්‌ ගණනක්‌ පැරණි මෙම ගුහාවලට යැම සඳහා මාර්ගයක්‌ ද තිබී නැත.

http://www.divaina.com/2013/08/29/forign03.html

බ්‍රිතාන්‍යයේ හාර්ලෝහි මුස්‌ලිම් පල්ලියකට ගිනිතබලා...

බ්‍රිතාන්‍යයේ හාර්ලෝහි මුස්‌ලිම් දේවස්‌ථානයකට කඩාකප්පල්කාරීන් පිරිසක්‌ ගිනිතබා ඇත.

මෙය කනගාටුදායක සිද්ධියක්‌ යෑයි හාර්ලෝ ඉස්‌ලාම් මධ්‍යස්‌ථානයේ උප සභාපති සියා රහ්මන් පළ කළේය.

මුස්‌ලිම් දේවස්‌ථානයට සුළු හානියක්‌ සිදුවී ඇතිබව ද ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එච්. වේල්ස්‌ පවසා ඇත. මෙහිදී මුස්‌ලිම් ප්‍රජාව ක්‍රියා කළ ආකාරය ගැන අපි සතුටට පත්වෙනවා යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මෙයට පෙරද හාර්ලෝහිදී මුස්‌ලිම් පවුලක්‌ මරා දැමීමට උත්සාහ ගත් 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබිණි.

http://www.divaina.com/2013/08/29/forign02.html

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය- 2013

සිරිලක පමණක්‌ නොව දේශාන්තරවල ජනී ජනයාගේ අභිමානයට පාත්‍ර වූ ඇසළ මහ පෙරහැරක්‌ පවත්වන මහ පුදබිමකි, බෙල්ලන්විල රාජමහා විහාරය. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුදබිමක්‌ වූ බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස්‌ යුගය දක්‌වා ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්‌ ඵල රුහ බෝධි අංකුරයක්‌ බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි. ව. 1303 - 1333 විල්ගම්මුල මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ. අරීසෙන් අහුබුදු ශූරීන් රචිත ''බෝ පුද'' නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

සිවුවන ඵලයෙන් හටගත් බෝධිය

බෙල්ලන්විල මහ වෙහෙරෙහි බෝධිය

බාර හාර නිම නැති මේ බෝධිය

තිස්‌ වෙනුවට නමදිමු මේ බෝධිය

මාතෘභූමිය අවස්‌ථා කීපයකදීම විදේශ ආක්‍රමණවලට ලක්‌වීමෙන් මෙරට ඓතිහාසිත පෞරාණික සිද්ධස්‌ථාන රාශියක්‌ විනාශයට ලක්‌විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බෙල්ලන්විල රාජ මහා විහාරයද ඒ අවට ප්‍රදේශයන්ද විනාශ වී ජනශූන්‍ය විය. 1860 ගණන් වලදී අත්තිඩියේ විහාරයේ වැඩ විසූ තේන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා වැටී ඇති කටු ඇළ මාර්ගයේ පාරුවකින් වඩිමින් සිටියදී ජනශුන්‍ය වූ ප්‍රදේශයකින් ඇසුණ බෙරහඬ පිළිබඳව විමසිලිමත් වීමෙන් බෙල්ලන්විල බෝධීන් වහන්සේ දකින ලදුව මෙම ස්‌ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන භූමියක්‌ බවට තේරුම් ගෙන ජනතාවටද වැඳුම් පිදුම් කරන ස්‌ථානයක්‌ බවට පත්කරන ලදී. මෙසේ පුදබිමක්‌ බවට පත් වූ බෙල්ලන්විල රාජමහා විහාරයේ වර්තමාන පුනරුදයට පුරෝගාමීව කටයුතු කරන ලද මහා යතිවරයාණෝ අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට විහාරස්‌ථානය දෙස්‌ විදෙස්‌ හි බෞද්ධ අබෞද්ධ ජනී ජනයා අතර අභිමානය දනවන අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක්‌ බවට පත්වී ඇත.

1946 වර්ෂයේ විහාරාධිපති ධුරයට පත්වූ සෝමරතන නාහිමිපාණන් වහන්සේ පොළොන්නරුව විහාර සම්ප්‍රදායට අනුකූලව විහාර මන්දිරය නිර්මාණය කරන ලදී. අර්ථාන්විත කැටයම් රූප ආදියෙන් මෙම විහාර මන්දිරය සමන්විත වන අතර ජනතාවගේ භක්‌තිය පමණක්‌ නොව නුවණද දැනුමද ඒ තුළින් වර්ධනය කරයි. සුවිශේෂී වූත් ආවේණික වූත් විශේෂ බිතුසිතුවම් කලාවක්‌ බෙල්ලන්විල විහාර මන්දිරය තුළ දක්‌නට ලැබෙන අතර අර්ථාන්විත වූ මෙම චිත්‍ර සම්ප්‍රදාය අප ගුරු දේවෝත්තම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පී සෝමබන්දු විද්‍යාපති කලාකරුවන් විසින් අර්ථ ගන්වා ඇත.

ආගමික වශයෙන් ජනතාවට විශාල මෙහෙවරක්‌ සිදු කරන බෙල්ලන්විල රාජමහා විහාරස්‌ථානය පන්සලෙන් ජනතාවට යන තේමාව යටතේ විශාල සමාජ මෙහෙවරක ද නියුතුවේ. වසර මුළුල්ලේ ලක්‍ෂ සංඛ්‍යාවක මුදල් වැය කරමින් ළමා, යොවුන්, තරුණ පිරිස්‌ වෙනුවෙන් සිදු කරන අධ්‍යාපන සේවා, ප්‍රජා සංවර්ධන පදනමේ සේවාවන්, ප්‍රජා සත්කාරක සේවාවන්, අධ්‍යාත්මික දියුණුව සඳහා සිදු කරන සේවාවන්, වැඩිහිටි සත්කාරක සේවාවන්, වෛද්‍යාධාර හා උපකරණ ලබාදීම, ගම්මාන නඟා සිටුවීම නිවාස ලබාදීම ඒ 1983 වර්ෂයේදී අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් 1950 වර්ෂයේදී ආරම්භ කරන ලද බෙල්aලන්විල ඇසළ මහා පෙරහැර දේශීය කලාව හා සංස්‌කෘතිය ඔප් නැංවීමට දරන ලද ප්‍රයත්නයේ මල්පල ගැන්වීමකි. රටටත්, ප්‍රදේශයටත් සෙතක්‌ ශාන්තියක්‌ ලබාදීමේ අරමුණින් ආගමානුකූල චාරිත්‍ර විධි වලට ප්‍රමුඛස්‌ථානය ලබාදෙමින් ආරම්භ කරන ලද ඇසළ මහා පෙරහැර මෙවර පවත්වනු ලබන්නේ 63 වැනි වතාවටය.

සියලු ආගමික වතාවත් වලට මුල් තැනක්‌ දෙමින් ආරම්භ කළ බෙල්ලන්විල ඇසළ පෙරහැරේ විශේෂත්වය වන්නේ දළදා පෙරහැරට ප්‍රමුඛත්වය ලබාදෙමින් විෂ්ණු, කතරගම සමන්, විභීSSෂණ, යන දේව රූප හා දේවාභරණ පෙරහැරේ වැඩම කරවීමයි.

පෞරාණික චාරිත්‍ර විධීන් නොඉක්‌මවා යමින් ඒ සඳහාම ප්‍රමුඛත්වය දෙමින් පවත්වන මෙම පෙරහැර ඒ නිසාම සාමාන්‍ය පෙරහැරේ සංදර්ශනයක්‌ ලෙස සැලකිය නොහැකිය. බුද්ධ වන්දනාවක්‌ හා දේව වන්දනාවක්‌ ලෙසින් ද මෙම ඇසළ උළෙල නව සංස්‌කෘතිකාංග සමගින් වසරින් වසර ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය වෙයි.

වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක මාහිමිපාණන් හා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමිපාණන් වහන්සේ යන මා ගුරුදේවෝත්මයාණන් වහන්සේලාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ස්‌ථාපිත කරන ලද බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුව හා ඒ හා බැඳුණු තවත් අනු කමිටු විසින් සංවිධානය කරන මෙවර ඇසළ පෙරහැර උත්සවයට පොදු ජනතාවගේත් දානපතියන්ගේත්, විහාරස්‌ථ දායක සභාව කුළඟන සමිතිය, තරුණ බෞද්ධ සංසදය, තරුණ බෞද්ධ සමිතිය, ප්‍රජා සංවර්ධන පදනම, ශ්‍රී බෝධිරාජ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල් දෙකත් ආදී විහාරස්‌ථානයට අනුබද්ධ සියලු සමිති සමාගම්වල පූර්ණ සහයෝගය ලැබීම ඉතා අගේ කළ යුත්තකි.

උඩරට, පහත රට හා සබරගමු නැටුම් වලින්ද අලි ඇතුන් විශාල ප්‍රමාණයකින්ද සමන්විතව සිවු මහා දේවාල පෙරහැර ද සමග අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර එහි නිර්මාතෘ අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන සෝමරතන නාහිමිපාණන්ගේ ගුණසමරු ධර්මදේශනා පිංකම්මාලාව හා දානමය පිංකමත් සමගින් අරඹන ලදුව සති පිරිත් දේශනාවකින් රටටත් ජනතාවටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාදීමෙන් පසුව අගෝස්‌තු 25, 26, 27 හා 28 වැනි දිනවල මල් පෙරහැර පැවැත්වෙයි.

අගෝස්‌තු 29 වැනි දින පාවාඩ පෙරහැරද අගෝස්‌තු 30 වන දින රන්සිවිලි පෙරහැරද අගෝස්‌තු 31 වැනි දින රන්දෝලි මහා පෙරහැර ද පවත්වා සැප්තැම්බර් 01 වැනි දින දියකැපීමේ මංගල්‍ය හා දේව දානය පිදීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවයේ කටයුතු නිමාවට පත්වේ.

ආධ්‍යාත්මික වශයෙන්ද භෞතික වශයෙන්ද මහඟු සේවාවක්‌ සිදු කරන බෙල්ලන්විල රාජමහා විහාරය එහි සුවිශේෂී වූත් අභිමානී වූත් ආකර්ෂණීය වූත් ඇසළ මහා පෙරහැර තව චිරාත් කාලයක්‌ පැවතෙත්වා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

බෙල්ලන්විල විහාරවාසී, ශාස්‌ත්‍රපති බොරලැස්‌ගමුවේ පේමරතන ස්‌ථවිර
http://www.divaina.com/2013/08/29/news19.html

කිලිනොච්චිය දක්‌වා දුම්රිය ධාවනය ලබන 14 දා ඇරැඹේ!

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය දක්‌වා දුම්රිය ධාවනය ලබන මස (සැප්තැම්බර්) 14 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඕමන්තේ දක්‌වා පමණක්‌ සිදු කෙරෙන අතර ලබන 14 වැනිදා කිලිනොච්චිය තෙක්‌ එම ධාවන කටයුතු දීර්ඝ කොට කිලිනොච්චිය ප්‍රධාන දුම්රිය ස්‌ථානයද විවෘත කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

ඉන්දීය ඉර්කෝන් සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදු කරන අතර මෙම විවෘත කිරීම සඳහා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් ද සහභාගි වීමට නියමිතය.

අකිත පෙරේරා
http://www.divaina.com/2013/08/29/news23.html

උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්‌ථාන සංවර්ධනයට වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුයි - ධම්මදීප සභාව තීරණය කරයි

උතුරු නැගෙනහිර පළාත්වල අඩු පහසුකම් සහිත විහාරස්‌ථාන සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතු බව ධම්මදීප සභාවේ නිර්දේශන හා අධීක්‍ෂණ කටයුතු පිළිබඳ ගිහි පැවිදි විද්වත් මණ්‌ඩලය විසින් අවධානය යොමු කර තිබේ.

සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්‌ථිතිය සඳහා ෙත්‍රෙනිකායික මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමන්ගේ මැදිහත්වීමෙන් පිහිටුවා ගන්නා ලද ධම්මදීප සභාවේ නිර්දේශන හා අධීක්‍ෂණ කටයුතු පිළිබඳ ගිහි පැවිදි විද්වත් මණ්‌ඩලය විසින් පෙරේදා (27 වැනිදා) ශ්‍රී දළදා මාළිගාවේදී රැස්‌වූ අවස්‌ථාවේ මෙම තීරණය ගන්නා ලදී.

එහිදී ආගමික සහජීවනය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් හින්දු පූජකතුමන්ලා සහ ඉස්‌ලාම් උලේමාවරුන් සමග සුහද සාකච්ඡාවක්‌ පැවැත්වීම, නිර්දේශනහා අධීක්‍ෂණ මණ්‌ඩලය සඳහා ෙත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලාට අමතරව සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය වන පරිදි විද්වත් ගිහි පිරිස්‌ ඒකරාශි කර ගැනීම හා සිංහල ජාතියටත්, බෞද්ධාගමටත් දේශීයව හා විදේශීයව ඇතිවන විවිධාකාරයේ ප්‍රශ්න හා ගැටලුවලට වැඩපිළිවෙළසක්‌ සකස්‌ කිරීම යන කාරණා කෙරෙහිද විශේෂ අවධානය යොමු කරන ලදී.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2013/08/29/news18.html

කොටි අතින් ඝාතනයට ලක්‌ වූ සිවිල් ජනතාව ගැනත් සොයන්න

තිස්‌ වසරක යුද සමයේදී අතුරුදන් වූවන් හා කොටි ත්‍රස්‌තවාදීන් විසින් මරා දමන ලද සිවිල් ජනතාව ගැනත් පරීක්‍ෂණ පවත්වා සාධාරණය ඉටු කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මියගෙන් ත්‍රිකුණාමලයේ ජනතාව ඊයේ (28 දා) ඉල්ලා සිටියහ. පිල්ලේ මහත්මිය නැඟෙනහිර පළාත් ආණ්‌ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම මහතා හා පළාතේ ලේකම්වරුන් හමුවීමට පැමිණි අවස්‌ථාවේ උතුර - නැඟෙනහිර සිංහල සංවිධානය හා නැඟෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමය පැවැත්වූ උද්ඝෝෂණයකදී මෙම ඉල්ලීම කළ අතර එහි අවස්‌ථාවකි මේ. උද්ඝෝෂණය පැවැත්වූ ජනතාව පිල්ලේ මහත්මිය වෙත සංදේශයක්‌ ද බාර දුන්හ. පිල්ලේ මහත්මිය සාම්පූර් ප්‍රදේශයේ අවතැන් වූවන්ගේ කඳවුරු පරීක්‍ෂාවට ද ගියාය. 

ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
http://www.divaina.com/2013/08/29/news11.html

හෙළ බොදු බිමේදී කසාවතට මැර ප්‍රහාර. පහර කෑ බංගලි හිමියෝ අපවත් වෙති!

රාජගිරිය කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ වැඩ විසූ බංගලිදේශ ජාතික බුරාවා නම් හිමිනමක දරුණු ලෙස පහරදී අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ වැලිකඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයට කඩාවැදී ඇති නාඳුනන මැර පිරිසක්‌ බුරාවා හිමියන්ට පහරදී උන්වහන්සේගේ සිවුරු ගලවා දමා තිබුණේ ඉකුත් 20 වැනිදා රාත්‍රියේදීය.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම හිමියන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28 වැනිදා) අලුයම අපවත් වූහ.

බුරාවා හිමියන්ගේ හිසට එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

බංගලිදේශ ජාතික හිමියන් වසර කීපයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරමින් සිටි බව පොලිසිය පවසයි. ඉකුත් 20 වැනිදා රාත්‍රි මෙම හිමියන් විහාර භූමිය ඉදිරිපිට නිරුවතින් වැටී සිටියදී එහි විසූ තවත් භික්‍ෂුන් වහන්සේ කීපනමක්‌ විසින් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

බුරාවා හිමියන්ගේ හිසට එල්ල වූ ප්‍රහාර කීපයක්‌ නිසා එම හිමියන් ශල්‍යකර්මයකට භාජනය කර ඇත. එම හිමියන්ගෙන් පොලිසිය අවස්‌ථා කීපයකදීම කටඋත්තර ලබා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. 

දින 8 ක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලබමින් සිටි බුරාවා හිමියෝ ඊයේ අලුයම අපවත් වූහ. මෙම හිමියන්ට පිරිසක්‌ පහර දෙනු කීපදෙනකු දැක ඇති බවද පැවසේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

වැලිකඩ පොලිසිය සාහසිකයන් සොයමින් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

බංගලි හිමිගේ මරුවන් පසුපස පොලිසිය පන්නයි. කලපළුවාවේ පන්සල් භූමියේදීම දරුණු ලෙස පහරදී ඝාතනය කරලා
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/08/29/news01.html

Wednesday, August 28, 2013

ඉරුදින හා පෝය දින ටියුෂන් පැවැත්වුවහෝත් සබරගමුවේ භික්‍ෂුන් වහන්සේලා මාරාන්තික උපවාසයකට සූදානම්!

ඉරු දින හා පෝය දින පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳව 2010 දී සම්මත කරගත් ප්‍රඥප්තිය ක්‍රියාත්මක නොවන්නේ නම් සබරගමු පළාතේ සියලු භික්‍ෂුන් වහන්සේ මාරාන්තික උපවාසයකට සූදානම්ව සිටින බැව් ගොඩකවෙල මහින්දාරාම විහාරාධිපති රත්නපුර දිස්‌ත්‍රික්‌ ශාසනාරක්‍ෂක බල මණ්‌ඩල ලේඛකාධිකාරී කෝම්පිටියේ සුසිල මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එම ප්‍රකාශය කරනු ලැබුවේ රත්නපුර සමුදි උත්සව ශාලාවේ පළාතේ 100 නමක්‌ පමණ වන භික්‍ෂූන් වහන්සේ පළාත් සමාජ සුභ සාධන අමාත්‍ය රංජිත් බණ්‌ඩාර, රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර රාජ්‍ය නිලධාරීන් හා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2013.08.21 දින පැවැති හමුවේදීය.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ කෝම්පිටියේ සුසිල හිමියෝ පැවසුවේ මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක නොකිරීම සඳහා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ මැදිහත්වීම දේශපාලන සාධකයක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඒ සඳහා පොලිස්‌ ස්‌ථානයන්ට පවා බලපෑම් සිදුකෙරෙන බැව් හෙළිවිය. පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අදහස වූයේ ඉරුදින ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ පන්ති නොපැත්වීමෙන් එම විභාගය සඳහා ඉදිරිපත් වන ග්‍රාමීය දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහළ වැටෙන බව යෑයි සභාවේදී ප්‍රකාශ විය.

එහෙත් මහා සංඝරත්නයේ අදහස වූයේ පළාතේ රජයේ පාසල්වල අධ්‍යාපන තත්ත්වය ඒ තරමටම පිරිහී ඇත්ද යන්නය. එසේ නම් එයට සමස්‌ත පළාත් අධ්‍යාපන බලධාරීන් හා ගුරු පරපුරම වගකිවයුතු බව සුසිල හිමි ප්‍රකාශ කළහ.

රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර මහතා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ වටිනාකම ඓතිහාසික හා සමාජීය කරුණු රැසක්‌ ගෙන හැර දක්‌වමින් අදහස්‌ දැක්‌වීය.

පළාත් සමාජ සුබ සාධන අමාත්‍ය රංජිත් බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් පළාත් සභාවේ පක්‍ෂ, විපක්‍ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ ඒකඡන්දයෙන් සම්මත වූ මෙම ප්‍රඥප්තිය පුද්ගලයකුගේ දෙදෙනකුගේ අවශ්‍යතාව මත වෙනස්‌ කළ නොහැකි බව පැවසීය. එළඹෙන ආසන්නම පළාත් කැබිනට්‌ මණ්‌ඩලයට මෙම ප්‍රශ්නය යොමුකොට ප්‍රඥප්තිය ඉක්‌මනින් ක්‍රියාත්මක කරවීමේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කළේය.

කේ. හෙට්‌ටිආරච්චි - රත්නපුර අතිරේක
http://www.divaina.com/2013/08/28/provin04.html

නවි පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් - ගම්මන්පිල

gammanpilaඑක්සත් ජාතීන්ගේ නාකව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් යයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවා අංශයේ ත්‍රීරෝද රථ සේවාව ප්‍රජා හිතකර ස්වයං රැකියාවක් බවට පත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ ත්‍රීරෝද රථ සඳහා නොමිලේ මීටර් ලබා දීමේ රෝද තුනට මනු සවියක් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ගම්මන්පිල මහතා එහිදී මෙසේද කීය.

‘මේ දවස්වල අපේ රටට ඇවිල්ලා ඉන්නවා නෝනා කෙනෙක් නවි පිල්ලෙ නෝනා. පිල්ලේ නෝනා එනකොටම අපි කිව්වා පිල්ලේ නෝනා අපිට වානා කියලා. සමහරු අපෙන් අහනවා තමුන්නාන්සේලා පිල්ලේ නෝනා වානා කියලා කිව්වට නෝනාට එන්න කිව්වේ ආණ්ඩුවෙන් නේද ඇයි මේ අහක යන නයි ගෙනල්ලා රෙද්දේ අස්සේ දාගන්නේ කියලා.

මිත්‍රවරුණි ආණ්ඩුවට එහෙම එන්න කියන්න සිද්ධ වුනේ පසුගිය මාර්තු මාසෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරපු යෝජනාවේ තියෙනවා  එතුමියට ලංකාවට ගිහිල්ලා මානව හිමිකම් රැකීමේ ලංකාවේ තත්ත්වය පරික්ෂා කරලා බලලා ලබන සැප්තැම්බර් මාසෙ තියෙන 24 වැනි සැසි වාරයට වාචිකවත් 25 වන සැසි වාරයට ලිඛිතවත් කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුවටත් අද සිද්ධ වෙලා තියෙනවා කපන්න බැරි අත සිඹින්න. ඇයි අපි පිල්ලේ නොනාට වානා කියන්නේ අන්න ඒක අපි හොයලා බලන්න ඕනේ.පිල්ලේ නෝනා නීතිඥ නෝනා කෙනෙක්. නීතියේ තියෙනවා ස්වභාවික යුක්ති මූලධර්ම කියලා කාරණයක්.

පළවෙනිම නීතිය තමයි ඒකේ තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුයි කියලා. අර සිංහල කියමනක් තියෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපාය කියලා. ඒකම තමයි මේකෙත් කියන්නේ. කෙනෙක් තමන්ගෙ මිත්‍රයෙක්, තමන්ගෙ නෑදෑයෙක් තමන් කුමන ආකාරයකින් හෝ බැඳුනු කණ්ඩායමක් ගැන නඩු නොඇසිය යුතුයි කියලා නීතියේ නියමයක් තියෙනවා. අපි හැමෝම දන්නවා නවිනීදන් පිල්ලේ මැතිණිය දෙමළ ජාතික කාන්තාවක්. එතුමිය ලංකාවට එන්නේ උතුරේ අහිංසක දෙමළ ජනතාව හතළිස් දහසක් අපේ රණවිරුවන් මරා දැම්මාය කියන චෝදනාව ගැන ඇත්ත නැත්ත හොයා බලන්න. එහෙම නම් තමන්ගෙ අය ගැන, තමන්ගෙ අයව මරා දැමුවාද නැද්ද කියන කාරණය හොයා බලන්නයි මෙතුමිය එන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතුමිය කුඩා කාලෙ ඉතාම දිළිඳු කාන්තාවක්. තාත්තා රියදුරෙක්. ඒ නිසා විශ්ව විද්‍යාලෙ ගියාම උගන්වන්න අම්මට තාත්තට සල්ලි තිබ්බේ නෑ. නගරෙ හිටපු දෙමළ ජනතාවගෙ සල්ලි එකතු කරලා තමයි මෙතුමියට අධ්‍යාපනය ලබා දුන්නේ. ඒ නිසා තමන්ගෙ ජනතාව වෙනුවෙන් ලොකු යුතුකමක් කරන්න බැඳියාවක් තියෙන කාන්තාවක්. අපි එතුමියගෙ ජාතිය සිහිපත් කරනවා නෙවෙයි. ඕනම පුද්ගලයෙක් තමන්ගේ වර්ගයා වෙනුවෙන් නඩු අසන්නට සුදුසු නැහැ කියන එක තමයි අර තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුයි කියලා නීති මූලධර්මයක් තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි නවිපිල්ලේ මැතිණියගේ සැමියා ගැබි පිල්ලේ 1971 අත්අඩංගුවට ගන්නවා ත්‍රස්තවාදී සැකකරුවෙක් විදිහට. එතකොට ගැබි පිල්ලේ වෙනුවෙන් බේරගන්න උසාවි ගිහිල්ල කතා කරන්නේ නවි පිල්ලේ නෝනා. දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළවෙනි වතාවට මෙතුමියගේ තර්කවලට ඇහුම්කම් දීලා ත්‍රස්තවාදී සැකකරුවා වෙච්ච ගැබි පිල්ලේව උසාවි නියෝගයකින් එළියට දානවා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේ කවුරුහරි ත්‍රස්තවාදී සැකකරුවෙක් විදිහට අත්අඩංගුවට ගත්තම හැමෝම දුවගෙන ගියේ නවි පිල්ලේ නීතිඥ නෝනා අල්ලගන්න. එතකොට මෙතුමිය ත්‍රස්තවාදී සැකකරුවන් සියගණනක් වෙනුවෙන් පෙනී සිටිය නීතිඥවරියක්. එතකොට දකුණු අප්‍රිකාවේ කරපු අරගලය සාධාරණ වෙන්න පුළුවන් නමුත් එතුමියට ත්‍රස්තවාදීන් කියපු ගමන් මතක් වෙන්නේ තමන්ගෙ සැමියා. සෑම ත්‍රස්තවාදියෙක්ගෙන්ම නවි පිල්ලේ නෝනා දකින්නේ තමන්ගේ සැමියා. සෑම ත්‍රස්තවාදියෙක්ගෙන්ම නවි පිල්ලේ නෝනා දකින්නේ තමන්ට හැඟීම්බර කතා කිව්ව සේවාදායකයා. එහෙම කෙනෙක් කොහොමද සාධාරණව ත්‍රස්තවාදී නඩුවක් අහන්නේ ? සාධාරණව ත්‍රස්තවාදය ගැන හොයලා බලන්නේ ?

ඒ විතරක් නෙවෙයි මේ ලංකාවෙ අහිංසක දෙමළ ජනතාව හතළිස් දහසක් මරා දැම්මාය කියන කෙප්පය ගෙතුවේ දරුස්මාන් වාර්තාව කියන වාර්තාවෙන්.  ඒ වාර්තාව හැදුවා තුන් දෙනෙක්. තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි යස්මින් සූකා. මේ යස්මින් සූකා තමයි නවි පිල්ලේ නෝනත් එක්ක එකට එන්.ජී.ඕ කරන තමන්ගෙම හොඳම මිතුරිය. දෙන්නා එකට එන්.ජී.ඕ කරනවා. දෙන්නා එකට මැගසින් ගහනවා. දෙන්නා තමයි දකුණු අප්‍රිකාවේ බොහොම කිට්ටුම මිතුරියන් දෙන්නා. මෙදා පාර අර සූකා දුන්න වාර්තාව නවි පිල්ලේට භාර දෙනවා කියන්නේ හෙරගෙ යාළුවාගෙන් පේන අහනවා වගේ වැඩක්. අන්න ඒ නිසයි අපි නවි පිල්ලේ නෝනාගේ වාර්තාව දකින්නත් කලින් මේක කෙප්ප වාර්තාවක් මේක පච වාර්තාවක් මේක ප්‍රතික්ෂේප කළ යුතු වාර්තාවක් කියලා අපි කියන්නේ.

අපේ නවනීදන් පිල්ලේ නෝනට මානව හිමිකම් කඩවීම් ගැන හොයලා බලන්න ඕනේ නම් අන්න යන්න ඉරාකෙට. අන්න යන්න ඇෆ්ගනිස්ථානෙට. අහිංසක ජනතාව දශ ලක්ෂයකට වැඩි පිරිසක් අමරිකානු හමුදා ටෝරා බෝරා කන්දට ටොන් ගණනින් බෝම්බ අතඇරලා මරලා දැම්මා. ඇයි මේවා ගැන හොයන්නේ නැත්තේ ? එතුමියට ඒ පැත්තේ යන්න වීසා නෑ. ඊශ්‍රායලයේ ගාසා තීරයේ අහිංසක පලස්තීන ජනතාව සිය ගණනින් මරලා දානවා දිනපතා එතුමියට ඊශ්‍රායලයට යන්න වීසා නෑ. මෙ අහිංසක පුංචි ලංකාවටම රිදවන්න. වනසන්න තමයි එතුමිය එන්න හදන්නෙ.

ලිබියාවේ හිටියා මුහම්මර් ගඩාෆි කියලා ජනාධිපති කෙනෙක් ජනතාව පත් කරගත්ත ජනප්‍රිය ජනාධිපති ඇමරිකාවෙ මැරයො පාරෙ දිගේ ඇදගෙන ගිහිල්ලා කාණුවකට දාලා, මහ පාරේ මරලා දැම්මා. දස දහස් ගණන් ජනතාව බලං ඉද්දි මරලා දැම්මේ. මේ ගැන වීඩියෝ පට අන්න යූටියුබ් එකේ තියෙනවා. කෝ එයාට යුක්තිය ? මුලු ලිබියාවේම ජනාධිපති. ලිබියාවේම මානව හිමිකම් කඩ කරලා. කෝ ඒ ගැන විමර්ශනය කරන්න මෙතුමිය යනවද ?  ලිබියාවේ ජනාධිපතිතුමාට පෞද්ගලික ආරක්ෂක බළකායක් තිබ්බා ඒ ආරක්ෂක බළකායේ හිටියේ සම්පූර්ණයෙන්ම කාන්තාවන්. ජනාධිපති මරලා මේ ඇමරිකානු මැරයෝ නිකන් හිටියේ නෑ. අර සෙබළියන් ප්‍රසිද්ධියේ දූෂණය කරලා, වධහිංසා දීලා ගිණි තියලා මරා දැම්මා. ලිඛිත සාක්ෂි තියෙනවා, වීඩියෝ පට තියෙනවා. ඇසින් දුටුව පිරිස් දාස් ගණනක් ඉන්නවා. කෝ ඒ අයගේ මානව හිමිකම්?

ඊජිප්තුවේ ජනතාව ඡන්දයෙන් පත් කරගත්තා මුස්ලිම් සහෝදරත්වය කියන පක්ෂයේ නායකයා රටේ ජනාධිපති විදිහට මොහොමඩ් මොර්සි. ඇමරිකාව මැදිහත් වෙලා හමුදා කුමන්ත්‍රණයක් කරවලා ඒ ජනාධිපතිව ගෙදර යවලා නිවාස අඩස්සියට දාලා හමුදාව අද රට පාලනය කරන් යනවා අමරිකාවට ඕනෙ විදිහට. කෝ මෙතන මානව හිමකම් හොයන්න නවනීදන් පිල්ලේ මහත්මිය යනවද ? මේක මායාවක් මේක බොරුවක්.

අපේ රණවිරුවන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන්, ඇමරිකාවට බැරි දෙයක් මේ පුංචි රටේ රණවිරුවා කරපු නිසා අපේ රණවිරුවන්ට දඬුවම් දෙන්නයි නවනීදන් පිල්ලේ එවලා තියෙන්නේ. මෙයා පිල්ලේ නෙවෙයි. මෙයා පිල්ළියක්. රට වනසන්න. රට නැති කරන්න එව්ව බටහිර පිල්ළියක්. මේ පිල්ළේ කියන්නේ මර පිල්ළයක් කියන එක මේ නිසා අපි සිහිපත් කරන්න ඕනේ.

August 28, 2013 at 9:51 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/100108/

නීතිය සහ සම්ප්‍රදාය කඩමින් මුසලු නාගරික මන්ත්‍රී සභා ගැබේ

මධ්‍යම පළාත් සභා මැතිවරණයේ අපේක්‍ෂකයකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කර තිබියදී මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සඳුදා (26 දා) මහ නගර සභා රැස්‌වීමේ අසුන්ගෙන සිටි අස්‌මින් මරික්‌කාර් මහතා පුරපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ දැනුම්දීමක්‌ අනුව පිටවී ගියේය.

අස්‌මින් මරික්‌කාර් මහතා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ අපේක්‍ෂකයකු ලෙස නාමයෝජනා භාරදී තිබිණි.

නාමයෝජනා බාරදීමෙන් පසුව නගර සභා රැස්‌වීමට සහභාගි වීමෙන් මරික්‌කාර් මහතා සම්ප්‍රදායයන් කඩකළ බව පුරපති රත්වත්තේ මහතා පෙන්වා දුනි. 

අස්‌මින් මරික්‌කාර්Êමහතා සභා රැස්‌වීමට සහභාගි වීම සම්ප්‍රදායයක්‌ මෙන්ම මැතිවරණ කොමසාරිස්‌වරයාගේ දැනුම්දීමකට පටහැනි බව නගර සභාවේ විපක්‌ෂ නායක (එජාප) නෙරංජින් විජයරත්න මහතා මුලින්ම පෙන්වා දුනි. නාමයෝජනා භාරදුන් නාගරික මන්ත්‍රීවරුන් නිවාඩු ගත යුතු බව මැතිවරණ කොමසාරිස්‌වරයා දැනුම්දී තිබුණු බව නෙරන්ජන් විජයරත්න මහතා පැවසීය. 

නාමයෝජනා ඉදිරිපත් කර අපේක්‍ෂකයන් ලෙස කටයුතු කරන සෙසු නාගරික මන්ත්‍රීවරුන් සභා රැස්‌වීමට පැමිණ සිටියේ නැත.

මධ්‍යම පළාත් සභා අපේක්‍ෂක අස්‌මින් නගර රැස්‌වීමට ඇවිල්ලා - සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/08/28/news25.html

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවල තවමත් ත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මකයි. ලංකාව ගැන පමණක් පිල්ලේට ඇති අමාරුව මොකක්ද?

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධව අනවශ්‍ය ලෙස මැදිහත්වීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බැවින් ඊට දැඩි විරුද්ධත්වය පළකරන බව ප්‍රවාහන ඇමැති සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති කුමාර වෙල්ගම මහතා පැවසීය.

නවනීදන් පිල්ලේ මහත්මියට හෝ ජාත්‍යන්තරයට සැඟවීමට කිසිවක්‌ ශ්‍රී ලංකාවේ නැති බව අවධාරණය කළ ඇමැතිවරයා ඕනෑම තැනක සංචාරය කිරීමටත්, සාකච්ඡා කිරීමටත් රජය අවස්‌ථාව සලසා දී තිබෙන බව ද සිහිපත් කළේය.

මතුගම ප්‍රදේශයේ පැවති ජනහමුවක්‌ අමතමින් මේ බව සඳහන් කළ කුමාර වෙල්ගම ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර රටවල මානව හිමිකම් කඩවීම් පිළිබඳව කතා නොකරන නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට පමණක්‌ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම තරයේ හෙළාදකිනවා කියාය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවල තවමත් ත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මක වන බවත් එවැනි පසුබිමක්‌ තුළ ශ්‍රී ලංකාව තවමත් එම පනත ඉවත් නොකළේ මන්දැයි නවනීදන් පිල්ලේ මහත්මිය ප්‍රශ්න කිරීම යුක්‌ති සහගත නොවන බවත් ඒ මහතා කීය.

දශක තුනකට අධික කාලයක්‌ පැවැති යුද්ධය අවසන් කර සාමය උදාකර රට සංවර්ධනය කරා ගෙනයන මෙවන් අවස්‌ථාවක අභ්‍යන්තර ප්‍රශ්න කෙරෙහි අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම තරයේ හෙළාදකින බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2013/08/28/news03.html

පිල්ලේ උතුරේ සංචාර අරඹයි

යාපනය එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඇයව හමුවීමට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පහළොස්‌ දෙනකුට හා ස්‌වෙච්ඡා සංවිධාන 10 ක නියෝජිතයන්ට අවස්‌ථා ලැබිණි. පැය 3 ක කාලයක්‌ පැවැති එම සාකච්ඡාවේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයන්ගේ පවුල්වල අය විසින් පිල්ලේ මහත්මිය වෙත සංදේශ භාරදී තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය පෙරේදා උතුරු පළාතේ සංචාරයක නිරත වූවාය. යාපනය මහජන පුස්‌තකාලයේදී උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳව පරිපාලන නිලධාරීහු විසින් පිල්ලේ මහත්මිය දැනුවත් කරනු ලැබූහ.

උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි හා වවුනියාව යාපනය මන්නාරාම කිලිනොච්චිය මුලතිව් දිස්‌ත්‍රික්‌ක පහේම පරිපාලන නිලධාරීහු ඊට එක්‌ව සිටියහ. 

ඊට පසුව යාපනය එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඇයව හමුවීමට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පහළොස්‌ දෙනකුට හා ස්‌වෙච්ඡා සංවිධාන 10 ක නියෝජිතයන්ට අවස්‌ථා ලැබිණි. පැය 3 ක කාලයක්‌ පැවැති එම සාකච්ඡාවේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයන්ගේ පවුල්වල අය විසින් පිල්ලේ මහත්මිය වෙත සංදේශ භාරදී තිබේ.

සිවිල් සංවිධාන හා සෙසු අංශ තමන් වෙත කළ යෝජනා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවී ඉදිරිපත් කර තවදුරටත් සාකච්ඡා කරන බව නවනීදන් පිල්ලේ මහත්මිය පවසා සිටියාය.

ඊට අමතරව ලබන 30 දා කොළඹදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදීද ජනතා ඉල්ලීම් පිළිබඳව තවදුරටත් කරුණු පරීක්‌ෂා කරන බවද පිල්ලේ මහත්මිය පවසා සිටියාය. යාපනය මුලතිව් කිලිනොච්චි යන දිස්‌ත්‍රික්‌කවලද ඇය සංචාරය කළාය.

මේ අතර නවනීදන් පිල්ලේ මහත්මිය අද (28 දා) සවස ත්‍රිකුණාමලය හා නැගෙනහිර පළාතේ සෙසු ස්‌ථානවල ද සංචාරය කර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

දිනසේන රතුගමගේ , මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්
http://www.divaina.com/2013/08/28/news02.html

තිස්‌ස මස්‌ කඩේ දොර යළි ඇරේ කලින් සිටි ළමයින් ආපසු ගෙන්වා ගනී

සත්ත්ව ඝාතන සඳහා දරුවන් යොදාගත් බවට ලැබුණු චෝදනා මත වසා දමන ලද තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස අගාපේ ළමා නිවාසයේදී යළිත් දරුවන් යොදවමින් සත්ත්ව ඝාතන හා ළමා හිංසන සිදු වන බවට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

ඒ අනුව වහාම ඒ පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් යෙදවූ බව එම අධිකාරිය පවසයි.

මෙම වසරේ මාර්තු මාසයේදී අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අධිකරණ නියෝග මත වැටලීම් සිදුකර අධිකාරිය භාරයට පවරාගත් දරුවන් අතර සිටි දරුවන් 9 දෙනකු ද නැවතත් මෙම ළමා නිවාසයේ සිටින බවට අධිකාරියට තොරතුරු ලැබී තිබේ.

අධිකරණ නියෝග මත එම ළමා නිවාසයේ සිටි දරුවන් 90 දෙනකු අධිකාරිය භාරයට ගත් බවත් පසුව එම දරුවන් දෙමවුපිය, භාරකරුවන් සිටින දරුවන් බව තහවුරු වීමෙන් අනතුරුව එම දෙමවුපිය භාරකරුවන් ගෙන්වා අධිකරණ නියෝග ලබාගනිමින් දරුවන් ඔවුන්ට භාරදීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය ක්‍රියා කරන ලදී.

ඉන්පසුව දෙමවුපිය භාරයේ සිටින දරුවන්, එම දෙමවුපිය භාරකරුවන්ගේ අනුදැනුම හා පෙළඹවීම මත යළිත් ළමා නිවාසයට ගෙන්වාගෙන සිටින බවත් එම දරුවන් හා තවත් දරුවන් දේව මෙහෙයුම් සඳහා යෑයි ගෙන්වා ගනිමින් දහවල් කාලයේ සත්ත්ව ඝාතන සඳහා යොදවා ගන්නා බවත් අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ බලධාරියෙක්‌ වහාම ඒ පිළිබඳ පරීක්‍ෂණ යළි ආරම්භ කර ඇති බව පැවසීය.

මෙම ළමා නිවාසයේ දරුවන්ට හිංසා සිදුවීම, ගැහැනු දරුවන් ගැබ් ගැනීම වැනි දැ දැනගැනීමත් සමඟ මෙය වසා දමන ලෙසට ප්‍රදේශවාසීන් 2004 වසරේදී ඒ ඉදිරිපිටදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීය.

පසුව 2013 දී හෙළිදරව් වූයේ ළමා නිවාසයට සමගාමීව වසර 8 ක්‌ තිස්‌සේ සත්ත්ව ඝාතකාගාරයක්‌ මෙහි පවත්වාගෙන යන බව ය.

ගබ්සා කිරීම්වලට යොමු වූ ගැහැනු දරුවන් 9 දෙනකු පිළිබඳව ද මෙම ළමා නිවාසයෙන් වාර්තා වී තිබිණි.

රාජ්‍ය ආයතනයක මාසික වැටුපක්‌ ලබන මවුපියවරුන්ගේ දරුවන් ද මෙම නිවසේ සිටින බව හෙළිදරව් වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ සිද්ධිය පිළිබඳ සොයාබලන මාධ්‍යවේදීන්ට ද මරණ තර්ජන, අපහාස කිරීම්, බොරු පැමිණිලි ආදිය සිදුකරන බව ද වාර්තා වේ.

තුෂාරී කළුබෝවිල, කේ. ඩී. දේවප්‍රිය - කතරගම
http://www.divaina.com/2013/08/28/news01.html

[
සබැඳි ලිපි -

බෝගහපැලැස්‌ස පාස්‌ටර්ට එරෙහිව තිස්‌සේ උද්ඝෝෂණhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_4574.htmlදේවගැතිවරයකු යටතේ තිබූ තිස්ස තවත් ළමා නිවාස දෙකක් අල්ලයිhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8664.htmlතිස්‌ස නිවසේ භාරකාරත්වයෙන් පාස්‌ටර්ගේ නැගණිය ඉවතටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6277.htmlබෝගහපැලැස්ස ළමා නිවාසය ගැන කිතුනු සභාවත් අගරදගුරුත් නිහඬ ඇයි? - JHUhttp://denethharinna.blogspot.com/2013/04/jhu_5517.htmlතිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6264.html
අනාථ දරුවන් ලවා ඌරන් මැවූ දේවගැතිවරයා අත්අඩංගුවට
http://denethharinna.blogspot.com/2013/03/blog-post_439.html
]

Tuesday, August 27, 2013

සනත් සිවුරු පෙරවීම - භික්ෂුන්ගේ ප්‍රතිචාර

ප‍්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක විසින් ලබා ගෙන සිටින කාවකාලික පැවිදිකම සමස්‌ත සංඝ සමාජයම නිග්‍රහයට ලක්‌කිරීමක්‌ බවත් මෙමගින් භික්‌ෂූත්වය හෑල්ලු වන බවත් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති.

ශාසනික හැගීම ඇති ගිහි හෝ පැවිදි අයකු මෙවැනි ක්‍රියාවන්ට අනුබල නොදෙන බවත් පවසන උන් වහන්සේ නළුකම උදෙසා ආරාමිත ජීවිතයකට ඇතුළත් නොවිය යුතු බවත් ආරාමිත ජීවිතයට ඇතුළත් වන්නේ නම් ගිහිගෙයින් වෙන්ව ගිහි සම්පත් අතහැරිය යුතු බවත් ප‍්‍රකාශ කරති.

‘සනත් ගුණතිලක මහත්තයා හෝ වේවා මොන කවුරු හෝ වේවා තමන්ගේ රස්සාව රඟපෑම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශාසනයට ඇතුළත්වන්න පැවිදි වූවා නම් එය ශාසනයේ ගෞරවය කෙලසීමක්. පැවිදි වීමේදි ආරාමික ශාසනික සම්ප්‍රදාය අනුගමනය කිරීමක් සිදුවෙලා නැහැ. පැවිදි දිවියට ඇතුළත් වෙද්දි පැවිද්ද ඉල්ලන්නේ’ සබ්බ දුක්ඛ, නිස්සරණ කියා පවසන වාක්‍ය, ඒ කියන්නේ සසර දුකින් අත්මිදිම පිණිස මාව පැවිදි කරන්න කියා තමයි ඉල්ලන්නේ. එහෙත් සනත් කියන්න ඇත්තේ මගේ රඟපෑමේ වැඩිදියුණුව ඉටුවීම පිණිස, ජනප්‍රියවීම පිණිස මාව පැවිදි කරන්න කියලා.

ඉල්ලන්න ඇත්තේ. ‘අගාරස්මා අනගාරින් පබ්බජි’ කියන්නේ ගීහිගෙයින් නික්මී පැවිදිකමට එනවා කියලා. සියලු වත් පිළිවෙත්වලට මේ දේ සිදු වුණා නම් එහෙම දෙයක් වෙනවාද මෙතැන. පැවිදි විය යුත්තේ ගීහි ජීවිතෙන් ඉවත් වෙලා සියලු සම්බන්ධකම්වලින් නිදහස් වෙලා පවුල් ජීවිතයෙන් ඉවත්වෙලා, අපි කියන්නේ සිවුර නළුකම පුහුණු කරගැනීමට යොදා ගැනීම ශාසනික ගෞරවය විනාශ කිරීමක්. මෙහිදි වංක අදහසක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ පිළිබඳ මාධ්‍යවලට කියලා මාධ්‍ය මඟීන් ප්‍රචාරය කරල තමයි මේ පැවිදිවීම කරලා තිබෙන්නේ. මේ කරලා තිබෙන්නේ බරපතළ වැරැද්දක්. ශාසනික සදාචාරය විහිළුවට ලක් කිරීමක්. භික්‍ෂුත්වය හෑල්ලු කිරීමක්. මෙය කිසිදු බෞද්ධ භික්‍ෂුවක් අනුමත කරන ක්‍රියාවක් නොවේ. කිසිම බෞද්ධයෙක්ද අනුමත කරන ක්‍රියාවක් නොවේ’ යනුවෙන්ද සෝභිත හිමියෝ කියා සිටිති.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

සමහරු විවිධ නාට්‍ය චිත්‍රපට සඳහා භික්‍ෂු චරිතයකට පණ පොවන්න එම චරිතයට සාධාරණත්වයක් ලබා දිමට මෙමගින් උත්සාහයක් ගන්නවා. මෙම පැවිදිවීම ගැටලුවක් නැහැ. ඒ සඳහා තමයි තාවකාලිකව පැවිදි වෙන්නේ. මේ ආකාරයට සාමණේර අයුරින් පැවිදි වුණා කියලා භික්‍ෂුවකගේ ගණයට වැටෙන්නේ නැහැ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි. සාමණේරයන් ලක්‍ෂයක් හිටියත් වැඩක් නැහැ උපසම්පදා භික්‍ෂුවක් නැතිව. උපසම්පදාවට පත්වුවහොත් පමණයි භික්‍ෂුවක් විදියට පිළිගන්නේ. තමන්ට දවස් 10ක් සාමණේර අයුරින් ඉන්න අවශ්‍යනම් පන්සිල් සමාදන් වෙලා සාමණේර විදියට ඉන්න පුළුවන්. මේ සිද්ධිය ශාසනික විරෝධී ක්‍රියාවක්වත් සාම්ප්‍රදාය විරෝධී කතන්දරයක්වත් නොවේ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි.

රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි 

චිත්‍රපටයකට අත්දැකීමක් හෝ පෙරහුරුවක් ලබාගැනීම සඳහා නීත්‍යනුකූල අයුරින් මහණ වුණානම් ඒ තරම් තවත් බලු වැඩක් නැහැ. බුදු දහමට ළැදිව ඒ අනුව කටයුතු කිරීම සඳහා බුදු දහම එල්බ ගැනීම සඳහා සද්භාවයෙන් මහණ වූවානම් එය උතුම් ක්‍රියාවක්. මහණ වීමේ අත්දැකීමක් ලබාගෙන චිත්‍රපටවල රඟපාන්න පැවිදි වෙන්න ශාසනය අම්බලමක් නොවේ. තමන්ට ඕන ඕන දේවල් පුහුණු වෙන්න ශාසනය මඟීන් බැහැ. ශාසනික සම්ප්‍රදාය පිළිගෙන සද්භාවයෙන් මහණ වුණා නම් සතියක්ද දවස් දෙකක්ද කියලා ඊට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පාඨලී චම්පික මහත්තයාත් මහණ වුණේ චිත්‍රපට සඳහා පෙරපුහුණුවක් ගන්න ශාසනය පාවිච්චි කරන්න බැහැ. මහණවීමේ බෞද්ධ සම්ප්‍රදාය අවබෝධ කරගෙන රඟපානවා කියන්නේ කොපමණ දුෂ්ට වැඩක්ද. ඔය මහත්තයාව මහණ කරවපු ඇත්තෝත් මේවා දැනගන්න ඕනෑ. මහණ කරවද්දි එහි අරමුණ දැනගෙන නොවෙයිද ඒ ඇත්තෝ මහණ කරලා තිබෙන්නේ.

පිරිතක් කියද්දිත් දැහැත්දිලා හාමුදුරුවන්ට අරමුණ පැහැදිලි කරන්න ඕන. රඟපෑම සඳහා පෙර පුහුණු වන්න අත්දැකීම් ලබා ගන්න ඕන නම් ශාසනයට එන්නේ නැතිව වෙන ඕන තැනක් හොයා ගන්න ඕන.

සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි

භික්‍ෂු ජීවිතයක් කියන්නේ රඟපෑම්වලට භාවිත කරන දෙයක් නොවේ. පැවිද්දත්වය කියන්නේ ජීවිතය පිළිබඳ අවබෝධකර ගැනීමක්. ශාසනය කියන්නේ ජීවිතය එතෙර කරවීමට තිබෙන මාර්ගයක්. පැවිදි බවට පත්වෙලා තමන්ගේ ජීවිතය යහපත් අතට පත්කර ගත යුතුයි. කුසල් දහම් රැස්කරගත යුතුයි. පැවිද්ද කියන්නේ සිත සකස් කරගැනීම, සිත මනා ලෙස පාලනය කර ගැනීම. ශාසනයට එන්නත් පුළුවන්. ඇවිල්ලා යන්නත් පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ කාලයේ හොරුන් මංකොල්ලකරුවන් පවා පැවිදි වූවා.

නමුත් ඔවුන්ගේ අරමුණු වෙනස්. ඔවුන් පැවිදි වූයේ පටු අරමුණු ඇතිවයි. අපි හිතනවා සනත් ගුණතිලක මහත්තයාගේ සිතුවිල්ල යහපත් අයුරින් පැවිදි වූවානම් පැවිදි බවේ සුවතාව අවබෝධකරගෙන ලෝකයාව යහපත් මාර්ගයක් වෙත ගෙන යන්න කටයුතු කරයි කියලා. එහෙත් පැවිදි වූයේ චිත්‍රපටය රඟපාන්න පුහුණු වන්න නම් එය බරපතළ වැරැද්දක්. භික්‍ෂුවකට රඟපෑම් සිද්ධ කිරීම බරපතළ පාපයක්. ඒ සඳහා කටයුතු කළ අනෙකුත් භික්‍ෂුන් පවා මේ මඟීන් කරලා තිබෙන්නේ බරපතළ වැරැද්දක්.

August 27, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/100035/

මුල් පුවත -
[
සනත් ගුණතිලක පැවිදි වෙයි
ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22දා) හඟුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

අගෝස්තු 22 වැනිදා පෙරවරු 7.22 ට යෙදුණු සුභ මොහොතින් පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරුන් ලෙස කටයුතු කර ඇත්තේ කෝට්ටේ ශ්‍රී  කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ එම සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චය කාරක සභාවේ ‍ලේකම් ශාස්ත්‍රපති දෙදදියවල තිලකසිරි හා එම සංඝ සභාවේම කාරක සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමිවරුන්ය.

මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමිපාණෝ සියලු වත් පිළිවෙත්  පුරමින් සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.

පැවිදි දිවියට ඇතුළත් වීමට පෙරාතුව සනත් ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වත් පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය.

- චන්දන කාරියවසම් / Rivira
August 26, 2013 at 10:14 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/99987/
]

සබැඳි ලිපි -
[
සනත් ගුණතිලකගේ පැවිද්ද සංඝ සමාජයට නිග්‍රහයක්‌ - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1728.html
]

ආගමික සහජීවනය ගොඩනැගීමට ආයතන ව්‍යුහයක් මුස්ලිම් ඇමැතිවරු ඉල්ලති

පසුගියදා ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ මුස්ලිම් යාච්ඤා මධ්‍යස්ථානයට සැලසුම් සහගතව එල්ල කරන ලද ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින රජයේ මුස්ලිම් අමැතිවරු ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයිනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ප‍්‍රහාරය හේතුවෙන් දේපළ හානිවූවන්ට වන්දි ලබාදිය යුතු යැයිද රජයේ මුස්ලිම් මැති ඇමැතිවරුන් අටදෙනකුගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ආගමික සහජීවනය ගොඩනැගීමට  විධිමත් ආයතන ව්‍යුහයක් ඇතිකරන්න යැයිද මුස්ලිම් මැති ඇමැතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරති.

ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ මුස්ලිම් යාච්ඤා මධ්‍යස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකිමින් නිකුත් කර ඇති නිවේදනයට ඇමැතිවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, ඒ.එල්.එම්. අතාවුල්ලා බසීර් සේගු දාවුද් නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ෆයිසර් මුස්තාපා සහ අබ්දුල් කාදර් යන මහත්වරුන් අත්සන් කර ඇත.

August 26, 2013 at 9:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99978/

ප.ලි.
අති බිහිසුණු මුසලු ත්‍රස්තවාදය වෙනුවෙන් උඩගෙඩි දෙන මුසලු අන්තවාදී මැති ඇමතිවරු සහ සංවිධාන ගැන කතා සොයාබලන්න කවුරුත් නැති හැටි...

[
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
"මේ ගැටුම වෙලාවේ වත්තල, තිහාරිය වගේ දුර පළාත්වල මුස්‌ලිම් අයත් ඇවිල්ලා ග්‍රෑන්ඩ්පාස්‌ ගම වට කළා. ඔවුන්ගේ අතේ කඩු පොලු විතරක්‌ නෙමේ පිස්‌තෝල පවා තිබුණා. එත් පොලිසිය කළේ නිකම් බලාගෙන ඉන්න එක. 

එහෙම ආපු මුස්‌ලිම් කණ්‌ඩායම් අතරේ මුහුණු වහගෙන එකම ජාතියේ කඩු අත්වල තියාගෙන හිටපු පන්සියයක විතර පිරිසක්‌ හිටියා. මේ හැම දෙයක්‌ම වුණේ ඉතාම සංවිධානාත්මකව කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. ඒත් පොලිසිය කළේ දැක්‌කේ නැහැ වගේ ඉන්න එක.""

http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
]

නැගෙනහිර, පැරණි රජවරු ගොඩනඟපු, මහා වටිනා ඓතිහාසික උරුමය ඩෝසර් කරල, වනසල දමන ගමන්, ඉතාම සූක්ෂමව ගබඩාවක් ලෙස පෙන්නල, රහසිගත පල්ලියක් ගොඩනඟල, අවුරුදු 3ක් තිස්සෙ සිහලුන්ව, බොදුනුවන්ව රවටල, ආගමික සහජීවනය බිඳ දමල, අනතුරුව සංවිධානාත්මකව, ත්‍රස්ත කල්ලි අවටින් ගෙන්නල, මුසලු අන්තවාදයේ බලය පෙන්වල, බොදුනුවන් පිට වරද පටවල, ලෝකය ඉඳිරියෙ අහිංසක, ආගමික සහජීවනවාදී බොදුනුවන්ව අන්තවාදීන් කරන මුසලු සංවිධාන ශක්තිය, රටට ඇති අනතුර ගැන පාලකයන්ගෙ ඇස් නොඇරෙන්නෙ, මුසලු ආර්ථික සහ දේශපාලන බලය නිසාද? බොදුනුවනි, මේ අන්තවාදය පරාජය කළ හැක්කේ අපේ දැනුවත්වීම සහ සමඟියෙන් පමණි.

[
සබැඳි ලිපි 1 -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.htmlමුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]