Pages

Friday, August 30, 2013

තම්බිමුත්තුගේ තාර්කික වාග් ප්‍රහාර පිල්ලේ නිහඬ කරයි

"කොටි මගේ තාත්තවයි, අම්මවයි මහ දවල් ඝාතනය කරද්දී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන පාර්ශ්වයන් නිහඬව සිටියා" යෑයි මඩකලපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක අරුන් තම්බිමුත්තු මහතා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය හමුවෙමින් ප්‍රකාශ කර ඇත.

මේ සාකච්ඡාව දැඩි උණුසුම්කාරී ස්‌වභාවයක්‌ ගත් බව වාර්තා වේ. මඩකලපුව හිටපු මන්ත්‍රී සැමී තම්බිමුත්තු සහ ඔහුගේ බිරියද කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලදී. 

මගේ මවුපියන් මරා දැමීමෙන් පසු එදා දරුවකුව සිටි මාවද කොටි පැහැර ගත්තා. මානව හිමිකම් ගැන හඬ නගන අය මාව බේරා ගැනීමට ක්‍රියා කළේ නැතැයි අරුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදුවු බව කියන ක්‍රියාකාරකම් ගැන රජය වගකීම දැරිය යුතු යෑයි මම කියනවා. එසේ නම් කොළඹ සිදුකළ අපරාධ ගැන වගකියන්නේ කවුදැයි අරුන් තම්බිමුත්තු මහතා ප්‍රශ්න කිරීමෙන් නවිපිල්ලේ මහත්මිය දැඩි අපහසුතාවකට පත්ව ඇත. 

ද්‍රවිඩ ජාතික හමුදාව තමන් සන්නද්ධ අංශයක්‌ පිහිටුවා ළමයින්ව බලහත්කාරයෙන් බඳවාගත් අය දැන් ද්‍රවිඩ සංවිධානය නියෝජනය කරන බවත්, ඔබ ඒ ගැන නිහඬව ඉන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් විමසීම නිසා නවිපිල්ලේ මහත්මියට ඊට උත්තර නැතිව නිහඬව බලා සිටීමට සිදුව ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/30/news12.html

0 comments: