Pages

Friday, August 16, 2013

තවත් රටවිරු ගෘහ සේවිකාවක් සෞදි අරාබියේ ශීතකරණයක - ඩිලාන් නිහඬයි!

ශ‍්‍රී ලාංකීය යුවතියක් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාව සඳහා පිටත්ව ගිය පසු දහසක් වධ බන්ධනයන්ට මුහුණ අයුරු සිය සැමියා අමතා දුරකතනයෙන් පවසා තිබේ.

නිල්මිණි දයාරත්න නම් වයස අවුරුදු 26 ක් වූ ඇය පසුගිය ජූලි 13 වැනිදා සිට සවුදි අරාබියේ රියාද් නගරයේ නිවසක සේවය කරන අතර මහල් 6 ක නිවාස සංකීර්ණයක් තනිවම පවිත‍්‍ර කිරීමට ඇයට සිදුව ඇත්තේ පොරොන්දු වූ වැටුප තබා නිසි පරිදි කුසට අහරක්වත් නොලැබයි.


ඇතැම් අවස්ථාවල ගෙහිමියන් තමන් ශීතකරණයට දමා වසා තබන බවත්, තවත් අවස්ථාවල බාල්කයේ එල්ලා තබන බවත් ඇය සැමියාට දන්වා තිබේ.

ඇයව මෙරටට නැවත ගෙන්වා ගැනීම සඳහා ඇගේ සැමියා විදේශ රැකියා නියුක්ති කාර්යංශයටත්, විදේශ රැකියා ආයතනයටත් ගියද ඉන් සැලකිය යුතු තරමේ ප‍්‍රතිචාරයක් නොලද බවද සඳහන් කරයි.

August 16, 2013 at 1:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99419/

0 comments: