Pages

Friday, August 16, 2013

බුද්ධගයා ප්‍රහාරයේ සැකකරුවෙක් කොටුවේ

පසුගිය ජුලි මස 7 වෙනිදා අලූයම ඉන්දියාවේ බුද්ධගයා විහාරස්ථානයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු එරට ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අරුප් බ‍්‍රහ්මචාරී නමැති මෙම පුද්ගලයා බටහිර බෙන්ගාලයේ පදිංචිකරුවෙකු වන අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටියේ හින්දු පූජකවරයෙකු ලෙස ඔහු පෙනී සිට ඇති බවය.

ඉන්දීය ජාතික ආරක්ෂක ඒජන්සිය සහ ගයා පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී ගයා ප‍්‍රාන්තයේ රැඳීසිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවට ප‍්‍රශ්න කිරීම්වලදී තහවුරු වී ඇති බව ගයා ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විනේ කුමාර් ‘ද හින්දු’ පුවත්පත පවසයි. ඉන්දීය ජාතික ආරක්ෂක ඒජන්සිය පෙන්වා දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවය.
 
හින්දු පූජකයෙක් වගේ ඉඳලා - 2013 අගෝස්තු 15 09:10 a:m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=15876:2013-08-15-03-38-39&catid=34:news&Itemid=62

1 comments:

EMoney said...

මානසික රෝගය ඇක්ටින් පාරක් වෙන්නත් බැරි නෑ.