Pages

Tuesday, August 27, 2013

නැගෙනහිර සිහලුන්ගේ ඛේදවාචකය - කෙවිලියාමඩුව

යුද්ධය නිමවී ඇතත්, යුද අනාථයන් තවදුරටත් නැති බව අප කල්පනා කළත් එය එසේ නොවන බව පෙනෙන්ට තිබේ. යුද්ධයේදී දෙමළ, මුස්‌ලිම් මෙන්ම සිංහලයෝ ද යුද අනාථයන් බවට පත්වූහ. අම්පාරේ කෙවිලියාමඩුqව ගම්මානයේ සිංහල මිනිස්‌සු අදටත් ඉන්නට - හිටින්නට තැනක්‌ නැති යුද අනාථයෝ ය. මේ රටේ අන්තිම යුද අනාථයන් බලා ගැනීමට නම් නවනීදන් පිල්ලේ මහත්මිය යා යුත්තේ කෙවිලියාමඩුවට ය. එහෙත් එහිදී ඇයට දකින්නට ලැබෙන්නේ ඇය දැකීමට අපේක්‍ෂා කරන දෙමළ යුද අනාථයන් නොවන නිසා ඇයගේ හිත නරක්‌ වනවා ඇත.

බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේදී කෙවිලියාමඩුqව ගමට විශාල වශයෙන් තර්ජන එල්ල විය. සිංහල ගම්මානවලට පැන මන්න පිහිවලින් කොටා ජනයා සංහාරය කිරීම ඒ කාලයේදී කොටි ත්‍රස්‌තවාදීන් සතුව තිබූ ඉතා ජනප්‍රිය ක්‍රමවේදයකි. ජන සංහාරය සඳහා පතරොම් යොදා ගැනීමට වඩා මන්න පිහි යොදාගැනීම එල්. ටී. ටී. ඊ. යට ලොකු ලාභයක්‌ විය. කොටි ත්‍රස්‌තවාදීන් විසින් කපා කොටා මරන ලද අසරණ සිංහල දරුවන්ගේත් ගැමියන්ගේත් මළ මිනී පෝලිම් ගසා තිබෙන අයුරු මේ රටේ ජනයා පින්තූරවලින් දැක ඇත. කෙවිලියාමඩුව ගමේ ජනයා තම වාසභූමිය වූ පාරම්පරික ගම්බිම් අත්හරින්නේ මෙබඳු කැති ගා දමනු ලැබීමේ තර්ජනයක්‌ වුව විටදී ය. යුද්ධය නිම වූ විට ආපසු විත් පදිංචි වීමේ අපේක්‍ෂාව මත ඔවුහු තාවකාලිකව තම ගම් බිම් අත්හරිති. එහෙත් යුද්ධය නිම වී, ආපසු ගමට එන ගැමියන්ට තම ගේදොර සහ වගා ඉඩම් ආපසු ලැබෙන්නේ නැත. මේ ප්‍රශ්නය දැන් වසර කිහිපයක්‌ම පරණ ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ජනයා එදත් යුද අනාථයන් යá අදත් යුද අනාථයන් ය. ඉතාම නරක තත්ත්වය වන්නේ ඔවුන් අද අනාථභාවයට පත්ව සිටින්නේ තම පාරම්පරික වාස භූමියෙහි වීම ය.

යුද්ධයක්‌ නිසා කිසියම් ගමක්‌ ජනයාගෙන් හිස්‌ වූ විට එම ගමට ඡන්ද ලැයිස්‌තු හැදුවත් එම ලැයිස්‌තුවල ලියාපදිංචි වීමේ හැකියාවක්‌ ජනයාට ලැබෙන්නේ නැත. කෙවිලියාමඩුව වැසියන්ට ද අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ ලියාපදිංචියක්‌ නැත. එය, ඔවුන් හොර වැසියන් බවට පත්වීමට හේතුවක්‌ ද නැත. මේ මිනිසුන් වැඩි දෙනාට සමෘද්ධි හිමිකම නැත. එයද, ඔවුන් හොර වැසියන් වීමට හේතුවක්‌ වන්නේ නැත. තමන් උපන් හැදුණු වැඩුණු ගමට යළි පැමිණි ඔවුන් එහි පදිංචි වීම නීතිය විසින් වළක්‌වාලන කල්හි කෙවිලියාමඩුව වැසියෝ පොලිසියට ගියහ. ඔවුන්ට අදාළ පොලිසිය මංගලගම පොලිසියයි. එහෙත් ඔවුන්ට පිළිසරණක්‌ ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට පොලිසියේ එස්‌. අයි. ලා සූදානම් වූහ. මෙය වූ කලී පොලිසිය කලිසමට උඩින් ජංගිය අඳින ලද අවස්‌ථාවකි. මේ කාලකණ්‌ණි එස්‌. අයි. ලාට නියමානුකූලව ජංගි හැඳ ගැනීමට බල කරන ලෙස අපි පොලිස්‌පතිතුමාගෙන් ඉල්ලමු.

තමන් උපන් බිමේ හිමිකාරිත්වය නීතිය සහ පොලිසිය එක්‌ව වළක්‌වන විට එල්. ටී. ටී. ඊ. ය තිබුණා නම් වඩා හොඳ බව කෙවිලියාමඩුව අසරණයන්ට හිතුණොත් එයට විරුද්ධව ක්‍රියා කිරීමට කාටවත් බැරිය. වඩාත් භයානක තත්ත්වය වන්නේ මේ අසරණයන් නීතයේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරවන රාජ්‍ය සේවයට සහ පොලිසියට එරෙහිව මන්න පිහි අතට ගතහොත් ය.

කෙවිලියාමඩුව ගම්මානය භාර පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම්වරිය කියන්නේ ගම්වැසියන් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගන්නා බව ය. ගැමියන් දීර්ඝ කාලයක සිට එම ඉඩම් වගා කරන ලද්දේ නම් සහ එම ඉඩම්වලින් ජීවත් වූයේ නම් සින්නක්‌කර පැවැරුම් හෝ ඔප්පු තිරප්පු නැතත් ඒවායෙහි යළි වගා කිරීමට ඔවුන්ට අයිතියක්‌ තිබේ. එසේ වගා කිරීමට ඉඩ දීමට ආණ්‌ඩුවට බැරි නම් ඒ මිනිසුන්ට විකල්ප ආදායම් මාර්ගයක්‌ සලසා දිය යුතු ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ගොවීන්ට සහ එම ගොවි ඉඩම්වල අත්තමට වැඩ කරන කම්කරුවන්ට පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියන්නන් ලෙස වැඩ කළ නොහැකි ය. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් දීම හැර වෙන විසඳුමක්‌ නැත.

කෙවිලියාමඩුව ෙ€දවාචකය ඊයේ (26 දා) "දිවයිනේ" 6 වැනි පිටුවේ පළ වී තිබේ.
[සුසන්ත අමරබන්දු - අම්පාර විශේෂ http://www.divaina.com/2013/08/26/news20.html]

දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/08/27/editor.html

සබැඳි ලිපි -
[

මුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
]

1 comments:

Amila Chathuranga said...

කෙවිලියාමඩුව කියන්නෙ යුද්ධයෙන් අනාථ වෙච්චි එක ගමක් විතරයි.. සියලු ලෝ සතුන්ට කරුණාව දක්වන්න කියන දහමක් මුල් කරගත්තු බෞද්ධයො දෙමල අය ගැන අඩු තක්සේරුවෙන් හිතන එක ලෝකෙටම බෞද්ධයාගේ හෙලුව පෙන්වන අවස්ථාවක්..