Pages

Friday, August 23, 2013

13 වන සංශෝධනය රකින්න ජී.එල්. ඉන්දියාවට සහතික වෙයි

GL-3ඉන්දු ලංකා  ගිවිසුමට වටිනාකමක් දෙමින් 13 වන සංශෝධනය සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට ලක් රජය කටයුතු කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර සිටී. ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං  මහතා සමග පෙරේදා (19)  පැවැති ද්වි පාර්ශ්වීය හමුවේදී   විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇති අතර, දෙමළ භාෂාවට රට තුළ නිසි තැනක් ලබා දෙමින්  සංස්කෘතික සහ දේශපාලනික වටිනාකමක් නිර්මාණය කර ඇති බවද ඇමැති ජී. එල්. පීරිස් මහතා  එහිදී පෙන්වා දී ඇත. 

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං (19)  මුණ ගැසුණේ  ලබන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‍පොදු රාජ්‍ය   මණ්ඩලීය රාජ්‍ය  නායක සමුළුව  සඳහා නිල ආරාධනය සිදු කිරීමටය.

මෙම ආරාධනය පිළිබඳව  ඉන්දීය  අග්‍රාමාත්‍යවරයා තම සතුට පළකර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම සමුළුව සඳහා තමාගේ සහභාගිත්වය පිළිබඳව මන් මොහාන් සිං මහතා මෙහිදී   කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද තානාපති ආරංචි මාර්ග සඳහක් කරයි.
ඒ අනුව මෙම සමුළුවට සහභාගි වන ඉන්දීය නියෝජිත පිරිසේ සංයුතිය පිළිබඳවද මන් මොහාන්  සිං මහතා මෙහිදී ප්‍රකාශ කර නොමැත.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් අතර පැවැති  සාකච්ඡාවේදී තමිල්නාඩු සහ ශ්‍රී ලංකා  ධීවර ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා  වී ඇති අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුමක් කඩිනමින් ලබා දිය යුතු බවට දෙදෙනාම එකඟ වී ඇත.

2013 අගෝස්තු 21  12:10 a:m - පැතුම් වික්‍රමරත්න
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16246:13-&catid=34:news&Itemid=62

1 comments:

EMoney said...

ගැටලූ නිරාකරණය කර ගත යුතුයි.