Pages

Saturday, August 17, 2013

වස කිරි ගැන කියූ දොස්තරලා පහක් මරා දමලා. සේනක බිබිලේගේ මරණයද අභිරහසක්...

ලෝක සිතියමේ ගයනාව පිහිටා ඇත්තේ දකුණු ඇමෙරික මහද්වීපයේ අධිරාජ්‍යවාදයට එරෙහිව හඩනැගූ හියුගෝ චාවේස් නම් සිංහ හදවතක් තිබූ මිනිසාගේ රට වන වෙනිසියුලාවේ මායිමේය. ගයනාව කැරිබියන් රාජ්‍යයකි. එයද එක්තරා ආකාරයකට ශ‍්‍රී ලංකාව තරම්ම  සුන්දර හරිත වර්ණ රාජ්‍යයකි. සොදුරු මුහුදු වෙරළ, වන පෙත්, ගොවි බිම් ඇතුළු ස්වාභාවික අලංකරණයෙන්  යුක්තය. අප මෙම සටහන පූර්විකා කරගන්නේ එවන්වූ අපූරු සුන්දරත්වයෙන් හෙබි ගයනාවේ සංචාරය කරමින් සිටි විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයෙක් අභිරහස් ලෙස මරණයට පත්වුයේ මීට වසර 36කට ආසන්න කාලයකට පෙරෙදී වීම හේතුවෙනි. සොබාදහමට සමස්ත මානවයාට ආදරය කළ සේනක බිබිලේ නම් වූ මේ අපූරු මිනිසා ගයනාවේ රාජකාරි කටයුත්තකට සහභාගී වෙමින් සිටියෙදී හදිසියේ අභාවප‍්‍රාප්ත වූයේය. ඔහුගේ මරණයට බහුජාතික ඖෂධ  සමාගම්වලට ඇගිල්ල දිගුවූ නමුත් ඒවා ඔප්පු කරන්නට සාක්ෂි ඉදිරිපත් කරන්නට එය තව දුරටත් ඉදිරියට රැුගෙන යන්නට කිසිවෙක් ප‍්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමක් සිදු නොකළ බව සත්‍යයක්ය. කාලයේ වැලිතලාවෙන් සදාකාලයටම වැසී යන්නටත් පොදු ජන මතකයේත් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 150 ක ක‍්‍රියාත්මක ඖෂධ ප‍්‍රතිපත්තියක් හදුන්වාදුන් ඔහු අමරණීය කළ බව පැවසිය යුතුය.

අපට සේනක බිබිලේ නම් වූ ඒ උත්කෘෂ්ඨ මිනිසාගේ මතකයන් සිහියට නැගෙන්නේ මේ දිනවල ශ‍්‍රී අංකාව මතුනොව ලෝකයේ බොහෝ දැවැන්ත රටවල කතිකාවට බදුන්ව ඇති කිරිපිටි මාෆියාව පිළිබද කතාබහය. අප එසේ කියන්නේ පසුගිය කාලයේ මෙම් කිරිපිටි මාෆියාව පිළිබද හෙළිදරව් කරන්නට උත්සාහා ගත් දේශීය වෛද්‍යවරුන් පස්දෙනෙක් අකල් මරණයට ලක්ව ඇති බැවිනි. ඔවුන් සියලූදෙනාගේම පෞද්ගලික පරිගණකයන් තුළ හා ලිපි ගොනු අතර කිරිපිටි මාෆියාව සම්බන්ධයෙන් කළ හෙළිදරව් කිරීම් අධීක්ෂණයන් පිළිබද තොරතුරු තිබෙනු අප කළ විමර්ශනයකදී සොයාගන්නට ලැබුණේය. සේනක බිබිලේ නම්වූ මානව දයාවෙන් පිරිපුන් වෛද්‍යවරයාගේ, මහාචාර්යවරයාගේ දැවැන්ත පියසටහන් අනුව යෑමට උත්සුක වූ මෙම තරුණ වෛද්‍යවරුන් අකාලයේ අභිරහස් ලෙස මරණයන්ට ගොදුරුවීම කිසිවෙකුගේත් ඇසට ලක්නොවී යටපත්වනේත් බහුජාතික සමාගම්වල මාෆියාවෙන් සියල්ල පාලනය කරන්නට හැකියාව ලැබෙන නිසා බව දැන් ලැබෙමින් පවතින සාක්ෂි වලින් අනාවරණය වෙමින් තිබේ. අප මෙම් ලිපියෙන් අනාවරණය කරන්නට යන්නේ එවනි වෙළෙද මාෆියාවන් සදහා බහුජාතික කිරිපිටි සමාගම් ක‍්‍රියාවට නංවන ව්‍යාපෘති පිළිබදවය. පහතින් අප හෙළිදරව් කරනුයේ පසුගිය මාස   කිහිපය තුළ දේශීය වශයෙන් ක‍්‍රියාත්මක මුල් පෙළේ කිරිපිටි සමාගමක් තම නිෂ්පාදන අරබයා ගැටලූකාරී තත්ත්වයක් මතුවීමට පෙර උපක‍්‍රමික වශයෙන් ජනමතය වෙනස් කිරීමේ අරමුණින් දියත් කළ ව්‍යාපෘතීන් කිහිපයකි.

පර්යේෂණ සදහා මුදල් ප‍්‍රතිපාදන

පසුගිය කාලයේ ලෝකයේ කිරිපිටි නිෂ්පාදන බහුජාතික සමාගම් විසින් තමන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය අරබයා ගොඩනැගෙමින් පැවති අර්බුද වසා ගැනීම සදහා මූල්‍යමය ආධාර ප‍්‍රධානය කිරීම් සිදුකෙරිණි.   මෙහිදී ශ‍්‍රී ලංකාව තුළ පමණක් එක්තරා දැවැන්ත කිරිපිටි නිෂ්පාදන ආයතනයක් විසින් පසුගිය මාස කිහිපය තුළ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ හා මහාචාර්යවරුන්ගේ පර්යේෂණ සදහා ලක්ෂ 112 ක මූල්‍යමය ප‍්‍රතිපාදන වෙන්කර තිබිණි.

සමාජ සත්කාරක ක‍්‍රියා සදහා ආධාර

අප සදහන් කරන සමාගමේ අභ්‍යන්තරයෙන්  අපට ලැබුණු ලිපි ලේඛනවලට අනුව සමාජ සත්කාර ක‍්‍රියාවන් උදෙසා ඔවුන් වියපැහැදම් කොට ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් ලක්ෂ 150 කි. මෙම   ව්‍යාපෘතීන් යටතේ කිරි ගොවීන්ගේ කිරි මිලට ගැනීමක්ද අදාළ ශ‍්‍රී ලංකා සමාගම විසින් සිදුකොට ඇති අතර එම දියර කිරි නිෂ්පාදන ක‍්‍රියාවලියට බදුන් නොකොට ඉවත් කර ඇතැයි පැවසෙයි. මෙහිදී ඔවුන් අරමුණු කිහිපයක් සාර්ථක කරගැනීමට අපේක්ෂා කළ බව පෙනෙන්නට තිබේ. ඉන් පළමු වැන්න දේශීය වශයෙන්  ඔවුන්ගේ නිෂ්පාදන සදහා ජනාකර්ෂණ වැඩි දියුණු කරගනිමින් සන්නාම නාමයන් වශයෙන් ඇති බැදීම් තවතවත් වැඩි දියුණු කරගැනීමයි. දෙවැන්න දේශීය කිරි ගොවීන්ට අතහිත දෙන බවත් එමගින් ගව පට්ටි පවත්වාගෙන යන සත්ව පාලකයන්ට වැඩි මිලක් ලබාගත හැකි බවත් සමාජගත කිරීමටය එයින් සිදුවනුයේ යම් කාලයකදී අදාළ දියර කිරි දේශීය නිෂ්පාදකයාගෙන් මිලට ගැනීම ඔවුන් අතහැර දැමුවහොත් දේශීය කිරි ගොවීන් අධෛර්යයට  පත්කිරීමත් එමගින් දේශීය සුළු කිරි නිෂ්පාදනයන් විනාශ කිරීමටත් ඉන් වක‍්‍රව අවස්ථාව උදාවීමයි. දේශිය සුළු කිරි ගොවීන්ට වැඩි මිලක් ගෙවීම මගින් ඔවුන් එයින් උපයා ගන්නා මුදල් ප‍්‍රාග්ධනය වශයෙන් භාවිතා කොට වෙනත් ව්‍යාපාර  ඇරඹීමේ ශක්‍යතාව සම්බන්ධයෙන් ඔවුන් එහිදී සලකා බලන බවද නොසලකා හැරිය නොහැකි තර්කයකි.

වැඩිම මිලක් ගෙව කීර්ති නාමයන් ප‍්‍රයෝජනයට ගැනීම්

පසුගිය වකවානුවේ ශ‍්‍රී ලංකාවේ වඩා කීර්තිධර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් යොදවාගනිමින් එක්තරා දැවැන්ත බහුජාතික සමාගමක් දියත් කළ වෙළෙද ප‍්‍රචාරණයේදී ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 335කි මෙහිදි එක්තර විශ්ෂිටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වෙනුවෙන් කිරිපිටි දැන්වීමකට පෙනී සිටීම පිණිස රුපියල් ලක්ෂ 46 ක් ගෙවා ඇති අතර එය සැලකෙන්නේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවූ දැන්වීමක් වශයෙනි. එම දැන්වීම වාර්ෂිකව ගිවිසුම් මුදල් වදාළ ක‍්‍රීඩකයාට ලැබෙන ආකාරයේ එකගතාවයක්ද ගොඩනගාගෙන තිබේ. ඊට අමතරව තාරුණ්‍යයේ වඩා ආකර්ෂණය දිනාගත් ගායන ශිල්පීන් දෙදෙනෙකුද තමන්ගේ ප‍්‍රචාරක ව්‍යාපෘතිය උදෙසා ඔවුන් යොදවාගෙන ඇති අතර මොවුන් මගින්ද තරුණ පරපුරේ විශ්වාසය තමන්ගේ ළදරු කිරිපිටි නිෂ්පාදන උදෙසා යොදාගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ බව පෙනේ. අදාළ සමාගම් පසුගිය කාලවකවානුවේ ප‍්‍රචාරක දැන්වීම් වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 1800 ක් වියදම් කොට තිබේ.

වෛද්‍යවරුන් බිලි බාගැනීම

අප මෙම ලිපියේ පූර්විකාවේදී සදහන් කළ ආකාරයට කිරිපිටි මාෆියාවට එරෙහිව ක‍්‍රියාකර හදිසියේ අතුරුදහන් වූ අදිසි මරණයන්ට පත්වූ වෛද්‍යවරුන් පස්දෙනාට අමතරව තමන්ගේ මුදල් භාවිතා කොටගනිමින් හීලෑ කරගත් වෛද්‍යවරුන් පිරිසක් මෙරට ක‍්‍රියාත්මක බහුජාතික කිරිපිටි සමාගම් මගින්  වක‍්‍ර ප‍්‍රචාරණය උදෙසා භාවිතා කරමින් සිටී. සෑම දිනකම රූපවාහිනියේ හෝ ගුවන්විදුලියේ විකාශය කෙරෙන සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින දිවයිනේ ජනප‍්‍රිය අගනුවරට ආසන්න රෝහල් වල සේවය කරන බොහෝ වෛද්‍යවරුන්ට  මුදල් ගෙවීමක් සිදුකරන බව පෙනේ. එක් බහුජාතික සමාගමක් ළමා වෛද්‍යවරුන් පෙරකී සමාගම පිළිබද හෝ ඔවුන්ගේ නිෂ්පාදන පිළිබද කිසිදු ප‍්‍රකාශයක් සිදුනොකළ යුතු වීමද එහි ඇති තවත් වැදගත් කොන්දේසියකි. මෙමගින් ඝෘජු ප‍්‍රචාරණයට වඩා ඵලදායී ප‍්‍රචාරණයක් සිදුවන බව අදාළ සමාගමේ අලෙවි ප‍්‍රචාරක අංශය කළ පරීක්ෂණවලින් සොයාගෙන තිබීම එයට හේතුවය. දැනට ඒ ආකාරයෙන් මෙම සමගමෙන් ගෙවීම් ලබන වෛද්‍යවරුන් 29 දෙනෙකුගේ ලේඛනයක් අපවෙත ලැබී තිබේ.

මෙහිදී එක් වෛද්‍යවරයෙක් මිනිත්තු 15 වෛද්‍යමය වැඩසටහනක් සදහා රුපියල් දස දහසේ  සිට තිස් දහස දක්වා ගෙවීමක් සිදුකරනු ලැබේ. මෙම මුල්‍යමය ගෙවීම් බදු රහිත වීමත් විශේෂයකි. ප‍්‍රවාහන පහසුමක් සහිතව අදාළ ගෙවීම් සිදුකරන අතර සේවා කාලය තුල මෙවැනි වැඩසටහන් සදහා දෛනිකව සහභාගී වන වෛද්‍යවරුන් සහභාගී වන යම් යම් සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන් හා දේශන උදෙසා රුපියල් දස දහසක මූල්‍ය ප‍්‍රදානයක් ලබාදීමට බහුජාතික කිරිපිටි සමාගම් කටයුතු කර ඇත.

ලිපි ද්‍රව්‍ය මගින් ප‍්‍රචාරණය 

වෛද්‍යවරුන් සදහා ලිපි ශීර්ෂ රෝග තොරතුරු ලියා දක්වනු ලබන හා ප‍්‍රතිකාර සටහන් කරනු ලබන ප‍්‍රතිකාවන් වෙනත් ලිපි ද්‍රව්‍ය තමන්ගේ වෙළෙද නාමය යටතේ නොමිලේ ලබාදීමට අප සදහන් කරන කිරිපිටි සමාගම් කටයුතු කරනු ලැබේ. මෙම ලිපි ශීර්ෂ පෝෂණවේදීන් වශයෙන් කටයුතු කරනු ලබන වෛද්‍යවරුන් සදහා විශේෂ මූල්‍ය ප‍්‍රතිපාදනයක් නිර්මාණය කරදෙන ආකාරයට සකස් කොට තිබෙන බව කළ විමර්ශනයේදී සොයාගැනීමට ලැබුණේය. එහිදී හෙළිදරව් වූයේ අදාළ කිරිපිටි සමාගම් තමන්ගේ නිෂ්පාදනයන් පිළිබද සදහන් කොට ඇති පත‍්‍රිකා ඇතුළත් ගොනු පෝෂණවේදී වෛද්‍යවරුන් නිකුත් කොට ඇති බවය. පෝෂණ අර්බුද සම්බන්ධයෙන් උපදෙස් පතාගෙන එන මාපියන් සමග සාකච්ජා කොට අදාළ පෝෂණවේදියා මෙවැනි සමාගමේ නිෂ්පාදනයක් එක් පෑන් පහරකින් රවුම් කොට වක‍්‍රාකාරයෙන් නිර්දේශ කරනුයේ කිරිපිටි සමාගම සමග ඇති ගිවිසුම් ප‍්‍රකාරවය ඒ ආකාරයෙන් පෝෂණ උපදෙස් 100-250 ත් අතර ප‍්‍රමාණයක් නිර්දේශ කළ පසු අදාළ බහුජාතික  සමාගම මගින් එකී නිිර්දේශයන් කළ වෛද්‍යවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිංගප්පූරුවේ සවාරියක් වෙනුවෙන් පූර්ණ මුදල් ප‍්‍රදානයක් සිදුකරනු ලැබේ.

මේ අනුව අප ඉහත සංක්ෂිප්ත කළ තොරතුරු මගින් පෙන්වා දුන්නේ මෙරට ක‍්‍රියාත්මක බහුජාතික කිරිපිටි සමාගමක ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක වන ආකාරයයි. මේ අනුව බලන කළ සේනක බිබිලේ මහතා හෙළිදරව් කළ ඖෂධ  මාෆියාව ඉක්මවා ලෝක කිරිපිටි මාෆියාව ක‍්‍රියාත්මක  වෙමින් ඇති බව පෙනේ. මෙවැනි තත්ත්වයකට එරෙහිවීමට යනවාට වඩා පවතින තත්ත්වයෙන් තමන්ට යම් වාසියක් අත්කරගැනීමේ මිනිස් ස්වභාවය ඉක්මවා බුදුන්වහන්සේ භික්ෂූ සමාජය පිහිටුවා දේශනා කල බහුජන හිතාය බහුජන සුඛාය යන්න ගිහි සමාජය උදෙසා භාවිතා කළ යුතු කාලය එළැඹ  තිබේ. එකී අස්ථානයේ පිහිටා  කටයුතු කරන්නට වෛද්‍යවරුන් දේශපාලනඥයන් හා ජනමාධ්‍ය ඇතුළු ජනතාවට වග කියන සෙසු ආයතන කටයුතු කළ යුතු බව මෙහිදි අවධාරණය කරන්නේ වගකීම් සහගතවය. නැණවත් මවුවරුන්ගේ තේරීම මවුකිරි වන්නේත් නැණවත් රාජ්‍යයන් මෙහෙය වන ප‍්‍රතිපත්ති සම්පාදකයන් ඇති බව අවබෝධ වන්නේත් මෙවැනි නිෂ්පාදන සම්බන්ධව  සම්බන්ධව නිසි අධීක්ෂණයක් කරන්නේ නම් පමණි. ඉදිරියේදී අපි මේ ආකාරයෙන් මාෆියා ව්‍යාපාරයන්  පිළියබද හෙළිදරව් කරන්නට ගොස් අභිරහස් මරණයට අත්වූ වෛද්‍යවරුන්ගේ අත්දැකීම් පර්යේෂණ තොඅර්තුරු හා ඔවුන්ගේ අවසන් සටහන් පිළිබද ලිපි පෙළක් සැකසීමට අපේක්ෂවෙන් සිටින බවත් සදහ ප‍්‍රමාණවත් තොරතුරු අපි සතු  බවද මෙහිදී පාඨක ඔබට දැනුම් දීමට කැමැත්තෙමු .

(විශේෂ ස්තුතිය එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවේ වෛද්‍ය අසංග විජේරත්න මහතාට හා තොරතුරු ලබාදුන් සැමට)

—————

මුදල් විදේශ සංචාර ගන්න වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඉන්නවා
වෛද්‍ය නලීන් ද හේරත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක

අපේ වෛද්‍යවරු  බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසා වක‍්‍රාකාරයෙන් ඔය කිරිපිටි සමාගම්වල ප‍්‍රචාරණයට අහුවෙලා ඉන්නවා. අපේ වෛද්‍යවරුන් දැනුවත් වුණානම් ඔය ලාභ ප‍්‍රයෝජන අමතක් කරලා මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙනවා. මේ උගුලට අපේ වෛද්‍යවරුන් නොදැනුවත්වම අහුවෙලා ඉන්නේ. ඒ වගේම  විශේෂඥ  සමුළු ආදියට ඔය සමාගම් අනුග‍්‍රහය දක්වනවා. ඒවායේද බෑග් වගේ දේවල් දෙනවා. එතකොට නොදැනුවත්වම ගැති භාවයක් ඇති වෙනවා.

මහා පරිමාණයෙන් මුදල් විදේශ සංචාර වගේ දේවල් ලබාගන්න  විශේෂඥ  වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි මේවා යටගහන්න උත්සාහා කරන්නෙ. ඔවුන් කරන මේ දේ අපි හෙළා දකිනවා.

- රන්දිව පුවත්පතිනි
August 17, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/99471/

0 comments: