Pages

Saturday, August 17, 2013

ආගම්වලට අපහාස කිරීම්වලට එරෙහිව නීති සැකසේ… කෙටුම්පත නීතිපති අනුමැතියට

ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට ප‍්‍රධාන ආගම්වල දර්ශනයන්ට හා සම්ප‍්‍රදායන්ට අවමන් කරන ආකාරයේ ප‍්‍රකාශන නැවැත්වීමට අවශ්‍ය නීති සකස් කිරීමට කටයුතු යොදා තිබේ.

ජනතාවට වඩාත් සංවේදී ආගමික විශ්වාස වලට හා ඇදහිලි වලට අපහාස කරන ප‍්‍රකාශ අන්තර්ජාලය තුළ පළවීමට එරෙහිව කටයුතු කිරීමටද මෙම නීති යොදාගැනීමට අදහස් කර ඇති අතර මෙහිදී බෞද්ධ ආගමට, එහි දර්ශනයට හා සම්ප‍්‍රදායන්ට එරෙහි ප‍්‍රකාශ වලට අදාළ නීති කි‍්‍රයාත්මක කිරීමට යෝජිත පනත් කෙටුම්පත දැනටමත් සකස් කොට අවසන් කර තිබේ. එය දැනට නීතිපති අනුමැතිය සදහා යවා ඇත.


නව පනතට අනුව බෞද්ධ ප‍්‍රකාශන නියාමන මණ්ඩලයක් පිහිටු වීමට අපේක්ෂා කරන බවද සදහන් වෙයි. එම මණ්ඩලයට සිව් නිකායන්හි මහානායක හිමිවරුන්ගේ නියෝජිතයන් පත් කිරීමට නියමිතය. අමාත්‍යාංශ ලේකම්ද එහි සාමාජිකයෙක් වෙයි. සෙසු ආගම් සම්බන්ධයෙන්ද නීති සැකසීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

August 16, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99442/

0 comments: