බලයෙන් පහකළ ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සි හිතවාදී උද්ඝෝෂණකරුවන් කයිරෝ අගනුවර රැඳී සිටි ස්ථාන 2කින් විසුරුවා හැරීම සඳහා ඊජිප්තු හමුදා එල්ල කළ ප‍්‍රහාරයකින් 2200ක් පමණ මියගොස් තවත් 10000ක් පමණ තුවාල ලබා ඇතැයි මුස්ලිම් සහෝදරත්වය පවසයි.
විරෝධතාකරුවන් හා ඇවිලූනු ගැටුම්වලදී සෙබළුන් සිව් දෙනෙක් මියගොස් ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසා ඇත.
කඳුළු ගෑස්, සන්නද්ධ රථ සහ ඩෝසර් රථ උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීම සඳහා භාවිතා කර ඇති අතර රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ රබා අල් අඩාවියා දෙව්මැදුර සහ නහ්ඩා චතුරස‍්‍රයේ පිහිටුවා තිබූ කඳවුරු ආරක්ෂක අංශ විසින් අත්පත් කරගනු ලැබූ බවයි.
විරෝධතාකරුවන්ට නගරයෙන් පිටව යාමට නොහැකි වන සේ සියලූම දුම්රිය මාර්ගද වසා දමා ඇතැයි වාර්තා වේ. අත්අඩංගුවට පත් මොර්සි හිතවාදී උද්ඝෝෂණකරුවන් 200ක පමණ අත ගිනි අවි තිබූ බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මේ අතර මුස්ලිම් සහෝදරත්වයේ නායකයන් ගණනාවක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇකැයි පැවසේ.

August 15, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/99380/

0 comments:
Post a Comment