Pages

Saturday, August 17, 2013

චීන රජය දරු දෙදෙනකුට අවසර දෙයි!

චීනය තම වැසියන් මත පනවා ඇති "එක්‌දරුවකු පමණයි" නීතිය ඉවත් කිරීමට සූදානම් වන බව ෂින්හුවා පුවත් සේවය කියයි.

චීන පවුල් සංවිධාන කොමිසම මේ ගැන කරුණු හදාරමින් සිටින බවත් දරු දෙදෙනකු හදාගැනීම සඳහා ඉඩ ලබාදීමට සූදානම් වන බවත් එම පුවත් සේවාව අනාවරණය කර සිටී.

මෙම නව නීතිය 2014 සිට ක්‍රියාත්මක වනු ඇත.
චීනය එක්‌දරු ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ 1979 දී වන අතර ඒ නිසා ගබ්සා මිලියන 336 ක්‌ සිදුකර තිබේ.

චීනයේ ජනගහනය වේගයෙන් වියපත් වී ශ්‍රමිකයන් හිඟවීම නිසා මෙම ප්‍රතිපත්තිය වෙනස්‌ කිරීමට රජය තීරණය කර ඇත. චීනයේ කම්කරුවන් 5 දෙනකුට එක්‌ විශ්‍රාමිකයෙක්‌ සිටී. 2035 දී කම්කරුවන් පහක්‌ වනවිට විශ්‍රාමිකයන්ගේ ප්‍රමාණය දෙකක්‌ වනු ඇත.

එක්‌දරු ප්‍රතිපත්තිය නිසා 1980 - 2000 කාලය තුළ උපත් මිලියන 250 ක්‌ වැළකී ඇති අතර 1979 සිට 2011 දක්‌වා කාලය අතර උපත් මිලියන 400 ක්‌ වැළකී ඇත.

2008 වසරේ කළ සමීක්‍ෂණයකදී හෙළි වූයේ චීන ජනගහනයෙන් 76% ක්‌ මෙම ප්‍රතිපත්තියට කැමැති බවයි.

කවරක්‌ නමුත් වර්තමාන ජනාධිපති ෂී ජින්ග්පින් මේ ප්‍රතිපත්තිය වෙනස්‌ කිරීමට තීරණය කර ඇත.

0 comments: