Pages

Sunday, August 25, 2013

පරිසරයත් ඔබත් වනසන සේදුම් කුඩුවල ඇත්ත පැත්ත

අප අඳින ඇඳුම් ඉක්‌මන්ටත්, පහසුවටත් සෝදා දෙන්නටත් ඒවාට ආශ්චර්යJත් බැබලීමක්‌ ලබා දෙන්නටත්, ඕනෑම තද කුණු පැල්ලමක්‌ වුව සුටුස්‌ ගාලා ඉවත් කර දෙන්නටත්, තමන්ට පිළිවනැයි කියමින්, රූප පෙට්‌ටියේ පෙළහර පානා විසූක දස්‌සනයන් දෙස බලා සිටිනා අපි දෙපාරක්‌ නොසිතාම ඔවුන් කියන කියන ජාතිවලින් රෙදි සෝදන්නෙමු. එපමණකින් සෑහීමකට පත් නොවී රෙදි මෘදු කාරක දැමීමෙන් තවද සුවඳවත් කළ, ඔපවත් කළ රෙදි ඇඳගෙන, අපගේ ජීවිත මේ තරම් පහසු කළ රෙදි කුඩු වෙළෙන්දන්ට පින් දෙමින් සිටින්නෙමු.

අන්තර්ගතය හා ප්‍රමිතිය පිළිබඳව ඒ හැටි සැලකිල්ලක්‌ නොදක්‌වන සහ ඒවා සම්බන්ධයෙන් වන දැනුමෙන් යාවත්කාලීන නොවන පාරිභෝගිකයන් බහුතරයක්‌ සිටින රටක ජීවත් වන අප හට, සෞඛ්‍යයට හා පරිසරයට හානිකර, කිසිදු වැදගැන්මකටද නැති, පාරිභෝගික භාණ්‌ඩ විශාල ප්‍රමාණයක්‌ කට්‌ට කපටි වෙළෙන්දන් විසින් විකුණමින් සිටින බව අප භාවිත කරන බොහොමයක්‌ පාරිභෝගික භාණ්‌ඩ දෙස විමසිලිමත්ව බැලීමෙන් තහවුරු වෙයි.

දියුණු රටවල්වල මෙම පාරිභෝගික නිෂ්පාදනයන් පිළිබඳව පර්යේෂණ හා අධ්‍යයනයන් නිරතුරුවම සිදු කෙරෙන අතර ඒවායින් හෙළි කෙරෙන දැනුමෙන්ද එරට ජනයා නිතර යාවත්කාලීන වෙයි.

එබැවින් මෙරට ජනයාගේ අවධානයට තවමත් ලක්‌ නොවුණු එහෙත් දියුණු රටවල නීතියේ රැහැනින් පවා තදින් බැඳ දමා තිබෙන රෙදි සේදුම් කුඩු සහ රෙදි මෘදුකාරක පිළිබඳ ඔබගේ අවධානය යොමු කරවමි.

සේදුම්කාරකවල තිබෙන රසායනික සංයෝගවල පැටිකිරිය

රෙදි සේදීමට භාවිත කෙරෙන රෙදි සේදුම් කාරක කුඩු හා දියර වර්ග යනු (detergents) විවිධ රසායනික ගුණ හා ප්‍රතිඵල ලබාදීමට හේතු වන රසායනික සංයෝග මිශ්‍රණයකි. ඒවායේ තිබිය හැකි සුලභ රසායනික ද්‍රව්‍යයන් කිහිපයක පැටිකිරිය මෙසේය.

(Linear alky (benzene or sodium) sulfonates
සේදුම් කාරක වර්ග බොහොමයකම තිබෙන කුණු පැල්ලම් ඉවත් කිරීමට ඉවහල් වන ප්‍රධාන රසායනිකය මෙය වේ. මෙම රසායනිකය පිළිබඳව ලොව පුරා විවිධ විද්‍යාඥයන් විසින් සිදුකර ඇති අධ්‍යයනවලට අනුව (එවැනි අධ්‍යයනයන් 16,000 ක්‌ පමණ සිදුකෙරී ඇතැයි ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ නිල වෙබ් අඩවියේ දැක්‌වේ. (http:/www.ncbi.nlm.nih.gov/pubmed) මෙම රසායනිකය නිසාවෙන් සමේ ඇති වන අසාත්මිකතා, පළු දැමීමේ සිට දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් පිළිකා පවා ඇති විය හැකි බව පැවසේ.

phenol-
ඇතැම් රෙදි සේදුම් කාරක වර්ගවල විෂ සහිත ෆිනෝල් සංයෝග තිබෙන බව මහජන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ තොරතුරු වාර්තා කරන වෙබ් අඩවියක්‌ වන www.Six Wise.com වෙබ් අඩවියේ දැක්‌වෙයි.

ඇමරිකානු ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අර්ථ දැක්‌වීම්වලට අනුව ඇමරිකානු වෙළෙඳ පොළේ පවා සුලභව අලෙවි කෙරෙන ඇතැම් සේදුම් කාරක වර්ගවල පියයුරු පිළිකා කාරකයක්‌ සහ පරිසරයේදී ජෛව වියෝජනය (biodegradaba) නොවන ප්‍රබල රසායනිකයක්‌ වන, ෆිනෝල් එතොසයිලේට්‌ රසායනිකය අඩංගු වී තිබුණු බව මෙම අධ්‍යයන වලින් හෙළිවී ඇත. පිsරිමි මාළුන් තුළ ස්‌ත්‍රී ලක්‍ෂණ වර්ධනය වීමටද ඉවහල් වන මෙම රසායනිකය, යුරෝපා රටවල් වල තහනම් කර තිබේ (මෙය අපේ රටේ අලෙවි කෙරෙනා සේදුම් කුඩුවල නොතිබේවා කියා පමණක්‌ දැනට අපි ප්‍රාර්ථනා කරමු.)

sodium hypochlorite
සෝඩියම් හයිපොක්‌ලෝරයිඩ් යනු සුලභ විරංජකයකි. මෙම රසායනිකය පිළිබඳ WIKIPEDIA THE FREE ENCYCLOPEDIA හි දැක්‌වෙන්නේ සේදුම් කාරක වර්ගවල තිබෙන ඇතැම් කාබනික රසායනික සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීමෙන්, (සේදීමේ ක්‍රියාවලිය අතර තුර දී) විෂ සහිත සහ පිළිකාකාරක වන ක්‌ලෝරෝෙෆාaම්, කාබන් ටෙට්‌රාක්‌ලෝරියඩ් වැනි වාෂ්පශීලී ක්‌ලෝරිනේටඩ් කාබනික සංයෝග (VOCs) සෑදෙන බවයි.

පොස්‌ෙෆ්ට්‌ සංයෝග
සේදුම්කාරක වර්ගවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහාත්, ලවණ මිශ්‍රිත සහ කිවුල් ජලයේ සේදුම් කාරක හොඳින් දියවීම සඳහාත් පොස්‌ෙෆ්ට්‌ අඩංගු රසායනික සංයෝග භාවිත කරනු ලැබේ. සාමාන්‍යයෙන් මුළු බරෙන් 50% ක්‌ම පොස්‌ෙෆ්ට්‌ වෙයි.

මෙම රසායනිකයද සම මත ස්‌පර්ශ වීමෙන් අසාත්මිකතා ඇතිවිය හැකි බව පැවසේ. මෙහි ඇති භයානකම කාරණාව වන්නේ, පොස්‌ෙෆ්ට්‌ ගංගා ඇළ දොළවල් සහ ජලාශවලට එකතු වී ඒවායේ ඇල්ගි ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය කරන්නට හේතු වීමයි. සුපෝෂණය (eutrophication) නමින් හඳුන්වනු ලබන මෙම ක්‍රියාවලිය නිසාවෙන් එම ජලාශවල ඔක්‌සිජන් හීනවීම නිසාවෙන් ජලජ ජීවීන් මිය යැමත්,විෂ රසායනික ද්‍රව්‍යයන් (Algii toxins) සෑදීම නිසාවෙන් ජීවීන්ට සහ මිනිසාට විෂ වීමත් සිදුවේ. මෙම තත්ත්වය නිසාවෙන් පොස්‌ෙෆ්ට්‌ අඩංගු සේදුම් කාරක වර්ග අලෙවි කිරීම ඇතැම් රටවල්වල සපුරා තහනම් කර ඇත.

දිදුළන සුදකට හේතුවන, ඇස රවටන ප්‍රතිදීප්ත වර්ණක (optical brighteners/fluorescent dyes)
ඇතැම් සේදුම්කාරක වර්ගවල තිබෙන මෙම රසායනික සංයෝගවලින් හිරුඑළියේ තිබෙන අපේ ඇසට නොපෙනෙන පාරජම්බුල කිරණ මිනිස්‌ ඇසට පෙනෙන ආලෝක කිරණයන් බවට පත් කරයි. මේ නිසාවෙන් සේදූ රෙදිවලට වඩාත් බැබලෙන, දිදුලන සුදක්‌ ලැබෙනු ඇත. මෙම දිදුලන පෙනුම ඇති වන්නේ රෙදි පිරිසිදු වීම නිසාම නොව, දෘෂ්ටි මායාවක්‌ නිසාවෙනි.

මෙම ප්‍රතිදීප්ත වර්ණක පිළිබඳව කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත්තේ බොහොමයක්‌ එවැනි වර්ණක ජලජ ජීවීන්ට විෂ සහිත වන බවත්, ඇතැම් බැක්‌ටීරියා වර්ගවල ජාන විකෘති (mutation) ඇතිවන බවත්ය. මෙකී කාරණාව ඉතාමත් බරපතළ තත්ත්වයක්‌ වන්නේ ප්‍රතිරෝධී ව්‍යාධිජනක බැක්‌ටීරීයා විශේෂ ඇතිවන්නටද මෙය ඉවහල් විය හැකි නිසාය.

ඇමරිකානු රජයේ නිල පරිසර ආරක්‍ෂණ ඒජන්සිය (EPA) විසින් Aminotriazine කාණ්‌ඩයේ ප්‍රතිදීප්ත වර්ණක, පිළිකාකාරක ලක්‍ෂණ පෙන්නුම් කරන බවත්, මේවා පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු බවත් පිළිගෙන තිබේ.

dioxane
මෙය ප්‍රභල පිළිකාකාරකයකි. සේදුම් කුඩු වර්ග අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමේදී නිපදවෙන අතුරු ඵලයකි. (byproduct) ඇමරිකානු හරිත දේශප්‍රේමී ක්‍රියාකාරී සමූහය (GPWG) මගින් කර ඇති අධ්‍යයනයකට අනුව ඇමරිකාවේ අලෙවි කෙරෙන ජනප්‍රිය රෙදි සෝදන කුඩු වර්ග 2/3 කම මෙම රසායනිකය තිබෙන බව හෙළි වී ඇත.

මෙම රසායනිකය ජෛව වියෝජනයට ප්‍රතිරෝධී ලක්‍ෂණ පෙන්නුම් කරන බැවින් සේදුම් අප ජලයෙන් දූෂිත පානීය ජලය භාවිත කරන මිනිසාටද බරපතළ හානියක්‌ අත්කර දිය හැකි බවට විද්‍යාඥයන් බිය පළ කර තිබේ. විශේෂයෙන් වකුගඩුවලට, අක්‌මාවට, මොළයට, හා ස්‌නායු පද්දතියට හානි කළ හැකි බව වැඩිදුරටත් දැක්‌වේ.

රෙදි මෘදුකාරක (fabric softners)
රෙදි මෘදුකාරක නමින් හඳුන්වනු ලබන්නේ රෙදිවලට ඔපවත් බවක්‌, කල්පැවැත්මක්‌ මෘදු බවක්‌, සුවඳවත් බවක්‌ ලබා දෙන්නට යොදනු ලබන රසායනික දියර හෝ කුඩු මිශ්‍රණයකි. මේවා අධික සුගන්ධයකින් යුතු වන අතර සාමාන්‍යයෙන් ශැම්පෝ වර්ග මෙන් 50 ගුණයක්‌ පමණ සැර සුවඳකින් යුතු වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධි මාත්‍රාවකින් කෘත්‍රිම සුවඳකාරක රසායනික ද්‍රව්‍යයන් මේවායේ අන්තර්ගත වන බවයි.

මේවා නිෂ්පාදනය කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක්‌ භාවිත කරන බවත්, ඒවා බොහොමයක්‌ම පරිසරයට සහ මිනිසාට අහිතකර විය හැකි බවත් විද්‍යාඥයන් අනතුරු හඟවා ඇත.

රෙදි මෘදුකාරක වල අඩංගු විය හැකි එවැනි සුලභ රසායනික ද්‍රව්‍යයන් කිහිපයක්‌ මෙසේය.

Benzyl acetate/ benzyl alcohol
මේවා සම හරහා ලෙහෙසියෙන්ම ශරීරගත විය හැකිය. ස්‌වසන ආබාධ, ආසාත්මිකතා, ක්‌ලාන්තය, වමනය, විශාදයටද හේතු වන බව පැවසේ. මෙම රසායනික ද්‍රව්‍යයන් රෙදි මෘදුකාරක, සුවඳ විලවුන්, ශැම්පෝ, රෙදි සෝදන කුඩු. නිය පාට ඉවත්කරණයන්, පිඟන් සේදුම්කාරක, එයාර් ෙµ්‍රස්‌නර්ස්‌, ශරීර ආලේපන වර්ගවල තිබිය හැකිය. බෙන්සිල් ඇසිටේට්‌ යනු ප්‍රභල අග්න්‍යාශයික පිළිකාකාරයක්‌ ද වෙයි.

Limonene
වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යයක්‌ වන මෙය සැලකිය යුතු මානව පිළිකාකාරකයක්‌ ලෙස සැලකේ. සම මත ගැටීමෙන් ආඝ්‍රාහණය කිරීමෙන් වැළකිය යුතුය. ස්‌පර්ශ කළ පසු හොඳින් දැත් සේදිය යුතුය.

A-terpinela
ස්‌වසන ආබාධ, ඇදුම වැනි ආබාධ ඇතිවිය හැකිය. දීර්ඝ කාලයක්‌ මෙම රසායනිකය සම මත ගැටීම අනතුරුදායක බවයි පැවසෙන්නේ.

Ethyl acetate
ඇමරිකානු පාරිසරික ආරක්‍ෂණ ඒජන්සිය විසින් අන්තරයදායක මත්කාරක රසායනිකයක්‌ ලෙස නම්කර ඇත. ස මත වියළීම්, පැලීම්, ඇතිවිය හැකි බවත්, වකුගඩුවලට අක්‌මාවට හානි කරන බවත් සොයා ගෙන තිබෙනවා. භාවිත කළ පසු හොඳින් දැත් සේදිය යුතු බවද පැවසෙනවා.

pentane දීර්ඝ කාලීනව සම හරහා ශරීර ගත වීමෙන් dermatitis නමින් හඳුන්වනු ලබන චර්ම රෝගය ඇති විය හැකි රසායනික ද්‍රව්‍යයකි.

කෙසේ වෙතත් රෙදි මෘදුකාරක වල තිබෙන ඇතැම් රසායනික ද්‍රව්‍යයන් පිළිබඳ කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත්තේ ඒවායින් යම් හානිකර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි. මෙම මෘදුකාරක භාවිතයෙන් සේදූ රෙදිවලින් ෙෆාaමැල්ඩිහයිඩ් නිකුත් කෙරෙන බව Wikipedia‌ වෙබ් අඩවියේද සඳහන්වන අතර ඇදුම, සොරයිසීස්‌, පණු කැවිලි (Eczema) ඉරුවාරදය වැනි රෝග තත්ත්වයන් උත්සන්න කෙරෙන බව ඇතැම් අධ්‍යයනවලදී පෙනී ගොස්‌ ඇතැයි විද්‍යාඥයන් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ඇතැම් රටවල් රෙදි සේදීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයන්වලට වැට බඳී

ඉහත කී සහ නොකී හානිකර තත්ත්වයන් රාශියක්‌ම නිසාවෙන්, විශේෂයෙන් යුරෝපා රටවල් මේ වන විට මෙම නිෂ්පාදන වර්ගවල තිබෙන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන්වලට එරෙහිව දැඩි නීති සම්පාදනය කර ඇත. උදාහරණයක්‌ ලෙස ගතහොත් වර්ෂ 2004 දී යුරෝපා සංගමය විසින් රෙදි සේදීම සඳහා භාවිත කරන සියලුම නිෂ්පාදන සඳහා ජෛව වියෝජනයට ලක්‌වන පරිසර හිතකාමී රසායනික ද්‍රව්‍යයන් පමණක්‌ භාවිත කළ යුතු බවට නීති පනවා ඇත. එමෙන්ම, පොස්‌ෙෆ්ට්‌ අඩංගු සියලුම නිෂ්පාදන තහනම් කිරීමද කර ඇත.

මෙකී නීතිමය ප්‍රතිපාදන නිසාවෙන් සහ සංවර්ධිත රටවල්වල ජනයා සහ විද්‍යාඥයන් මේවා පිළිබඳ නිරතුරු අවධානයෙන් පසුවීම නිසාවෙන්, මේවා නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් සෞඛ්‍යයට සහ පරිසරයට හිතකර නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරමින් සිටී.

අපේ රටේ තත්ත්වය
ඉහත කී හානිකර රසායනික ද්‍රව්‍යයන් අපේ රටේ රෙදි සේදීමේදී භාවිත කෙරෙන නිෂ්පාදන වර්ගවල තිබෙනවාද නැතිද යන්න නිර්ණය කළ නොහැකිය. එයට හේතුව වන්නේ අපේ රටේ වෙළෙඳ පොළේ තිබෙනා එවැනි නිෂ්පාදන වර්ග බොහොමයකම තිබෙන රසායනික ද්‍රව්‍යයන් පිළිබඳ ඒවායේ ලේබල්වල විශ්වාසනීය සටහනක්‌ නොමැති වීමයි. (Ingredients)

අපේ රටේ ආසන්න වශයෙන් පවුල් ලක්‍ෂ 50 ක්‌ පමණ සිටී. මෙයින් පවුල් ලක්‍ෂ 30 ක්‌ පමණ රෙදි සෝදන කුඩු වර්ග භාවිත කරනවා සහ එම එක්‌ පවුලක්‌ සතියකට රෙදි සෝදන කුඩු ග්‍රෑම් 30 ක්‌ භාවිත කරනවා යෑයි උපකල්පනය කළොත් වසරකදී රෙදි සෝදන කුඩු කිලෝ ග්‍රෑම් ලක්‍ෂ 40 ක්‌ පමණ අපි අපේ ගංගා ඇළ දොළවල්වලට පරිසරයට මුදා හරිමින් සිටින්නෙමු. මේසා විශාල රසායනික ද්‍රව්‍යය ප්‍රමාණයක්‌ පරිසරය තුළ ඔහේ නිකන් ඉඳිවීද? අප විසින් දැනටමත් තොග පිටින් පරිසරයට මුදා හරිමින් සිටිනා කෘෂි රසායනික ද්‍රව්‍යයන් සමග මේවා ප්‍රතික්‍රියා නොකරන්නේද? ඒවා අපේ ශරීර සෞඛ්‍යයට කිසිදු බලපෑමක්‌ ඇති නොකරාවිද?

පරිසරයට හා සෞඛ්‍යයට හිතකර රෙදි සේදීමකට උපදෙස්‌

පරිසර පද්ධතිය මත තැබූ ඔබේ කිළිටි පා සටහන් ආපසු ඉවත්කර ගැනීමටත්, ඔබේ නිරෝගී සුවයටත් ඉවහල් වන රෙදි සේදීමකට පහත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න.

  • රෙදි සේදීමට හැකිතාක්‌ සබන් වර්ග භාවිත කරන්න.
  • රෙදි සෝදන කුඩු වර්ගයක්‌ භාවිත කරනවා නම්, සැර අඩු, මෘදු, වර්ණක නොමැති, සුවඳින් අඩු වර්ගයක්‌ භාවිත කරන්න.
  • රෙදි ටික ටික සේදීම වෙනුවට
  • එකවර රෙදි ගොඩක්‌ සෝදන්න.
  • වොෂින් මැෂින් එකෙන් රෙදි වියළීම වෙනුවට හිරු එළියෙන් වේලන්න. (හිරු එළිය හමුවේ ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් ඉවත් වන බව සොයාගෙන ඇත.)
  • උණුවතුර වෙනුවට ඇල් වතුරෙන් රෙදි සෝදන්න. (උණු ජලය රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරනු ඇත.)
  • සියයට සියයක්‌ පරිසර හිතකාමී සහ ජෛව වියෝජනයට ලක්‌ වන නිෂ්පාදන මිලදී ගන්න.
  • ශාක මූලාශ්‍ර එන්සයිම භාවිත කර ඇතැයි සඳහන් නිෂ්පාදන මිලදී ගන්න.
  • පොස්‌ෙෆ්ට්‌ සහ සල්ෙෆ්ට්‌ අඩංගු නොවන නිෂ්පාදන මිලදී ගන්න.
  • පෙට්‌ට්‍රොaලියම් ආශ්‍රිත රසායනික ද්‍රව්‍යයන් අඩංගු නැතැයි ලේබලයේ සඳහන් නිෂ්පාදන මිලදී ගන්න.
  • විරංජක, කෘත්‍රිම වර්ණක, කෘත්‍රිම සුවඳකාරක, ෆ්ලොරසන්ට්‌ වර්ණක වලින් තොරයි. ලෙස ලේබලයේ සඳහන් නිෂ්පාදන මිලදී ගන්න.
  • සාන්ද්‍රිත, දියරමය සේදුම් නිෂ්පාදන භාවිත කරන්න. (Concentrated detergents) ශාක මූලාශ්‍ර මත පදනම් වූ රෙදි මෘදුකාරක භාවිත කරන්න.
කෙසේ වෙතත් සෞඛ්‍යයට සහ පරිසරයට අදාළ අන්තර්ජාල වෙබ් අඩවිවල සඳහන් පෙර කී බොහොමයක්‌ උපදෙස්‌ මාලාවන්, අපේ රටේ එවැනි නිෂ්පාදනවලට ආදාළ කර ගත හැකිදැයි මා නොදනිමි.

සෞඛ්‍යය - ගැමුණු සාලිය පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක - ඇල්ල.
http://www.divaina.com/2013/08/25/feature08.html

1 comments:

www.emoneyd.blogspot.com said...

අපි කරන යම් ක්‍රියාකාරකමකින් පරිසරයට යම් දූසකාරකයක් එකතු වී එහි පැවැත්මට යම් බලපෑමක් වන්නේද එහි විපාක පෙරලා මිනිසාටද අතවිදින්නට සිදුවේ.