Pages

Wednesday, August 21, 2013

ෆොන්ටේරා ලොක්කන් පස් දෙනෙකුට නොතීසි

ෆොන්ටේරා සමාගම විසින් අධිකරණයට අපහාස කර කිරීමේ චෝදනාවකට අදාළව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 5 දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ති‍‍බේ. 

අද (21) ගම්පහ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

ෆොන්ටේරා සමාගම විසින් ගෙන්වා බෙදාහරිනු ලබන කිරි පිටි නිෂ්පාදන අලෙවිය, බෙදාහැරීම හා ප්‍රචාරණය වළකමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී එකී නියෝග නොතකා සමාගම විසින් ක්‍රියාකිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් වී ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත්වීමෙන් පසුව මෙම නියෝගය කර තිබේ. 

වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් 17-19 යන දිනවල ෆොන්ටේරා නිෂ්පාදන සම්බන්ධයෙන් අත්පත්‍රිකා මගින් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම හා ෆොන්ටේරා නිෂ්පාදනවල සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය නොමැති බවට ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවී තිබේ. 

ෆොන්ටේරා නිෂ්පාදනවලට අදාළ වාරණ නියෝගය තවදුරටත් ක්‍රියාත්මකය.

සබැඳි ලිපි -
[
නව පෙනුමකින් ඇන්කර් වෙළඳ පොලේ - ෆොන්ටෙරා උසාවි නියෝග බිඳ අධිකරණයට අපහාස කරයි!http://denethharinna.blogspot.com/2013/08/blog-post_5276.html
ෆොන්ටෙරා සියලු නිෂ්පාදන අලෙවිය තහනම්
http://denethharinna.blogspot.com/2013/08/blog-post_17.html
]

1 comments:

EMoney said...

කාලයක් තිස්සේ ලංකාවේ අපිට වහත් දීලා, ලංකාවේ සල්ලිත් අරන් ගියා.