ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙසින් අප රට හදුන්වන්නට වූයේ මෑත අතීතයේ සිය වුවත් ඒ මුතු ඇටයේ වටිනාකම ඈත අතීතයේ සිටම ලෝකයා දැන සිටියේය. සුරයන්ගේ සිට ඉංග‍්‍රීසීන් දක්වා චෝළ, සොළී, පාණ්ඩ්‍ය, පෘතුගීසි හා ලන්දේසි යන විවිධ ජාතීහු අප රට අල්ල ගන්නට උත්සාහ දැරුවේ ඒ වටිනාකම නිසාය. ලන්දේසි පෘතුගීසි හා ඉංශ‍්‍රීසි ආක‍්‍රමණවලින් අප රටට සිදුවූ හානියට වඩා වැඩි හානියක් මෙන්ම වැඩි ආක‍්‍රමණයන් ප‍්‍රමාණයක්ද එල්ල වූයේ දකුණු ඉන්දියානු රාජ්‍යයන් වෙතිනි. අනුරාධපුර පොළොන්නරු රාජධානි සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නට තරම් දකුණු ඉන්දියානු ආක‍්‍රමණ බලවත් විය.
දකුණු ඉන්දියානු බලපෑම් වලට බොහෝ සෙයින් හේතුවූයේ ලංකාවේ බලය අල්ලා ගැනීමට වඩා ලංකාවේ වතුවල බලය පාලනය කිරීමේ අවශ්‍යතාවකි. එයට බොහෝ සෙයින් හේතු වනුයේ රාම රාවණා නම් වූ ඓතිහාසික පුරාවෘත්තයයි. ඉන්දියාව වූ කලී රාම් රාවණ කතාව දේවත්වයෙන් අදහන රටක් වීමත් රාම හා විෂ්ණු භක්තිකයන් එහි බලවත්ව සිටීමත් මේ ආක‍්‍රමණයන්ට බොහෝ සෙයින් හේතු විය. රාම රාවණා පුරාවෘත්තයට වසර පනස්දහස් ගණනක් ගෙවීගොස් ඇතත් ලංකාවේ ආර්ථිකමය හෝ දේශපාලනිකව ශක්තිමත්ව නැගී සිටින සෑම අවස්ථාවකදීම අප රටට එල්ල වන්නා වූ ඉන්දීය බලපෑමට තවමත් හේතු කාරණා වනුයේද එයමය. එනම් දකුණු ඉන්දියානු ලංකා විරෝධය හරහා ඉන්දියානු මධ්‍යම රජය වෙත වෙතිකරනු ලබන පීඩනයයි.
ඉන්දියාව තුළ ප‍්‍රාන්ත විසි හතක් පැවතියත් ඉන්දීය මධ්‍යම අණ්ඩුවේ පැවත්ම තීරණය කරන්නට දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත කිහිපයට හැකියාව තිබේ. මෙය ලංකාව හා ඉන්දියාව අතර යහපත් සබදතාවක් ගොඩනැගෙන්නට මෑත යුගයේ ඇති ප‍්‍රධානතම බාධාවද වෙයි. අප මෙය ආර්ථිකමය දේශපාලනිකමය පාගා දැමීමක් ලෙස පමණක් දුටුවද මේ වන විට ඉන්දියානු රහස් ඔත්තු සේවා පවා මැදිහත් වූ ඉතා සූක්ෂම සොබාදහම් ශක්ති පාලන ක‍්‍රමවේදයක් හරහා ලංකාවේ නැගී සිටීම පාලනය කිරීමට දරන උත්සහයන් පිළිබදද තොරතුරු හෙළි වෙමින් පවති.
2008 වසරේදී සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය හරහා ක‍්‍රියාත්මක වූ ‘රාමයන් ගමන් මග’ වැඩසටහන හරහා රාම කුමරා ලංකාවට පැමිණ රාවණ පරාජය කළ කතාවට අදාළව ඉන්දියානු සංචාරක අවශ්‍යහා මත නිර්මාණය වූ මාර්ග සටහනක් හා ස්ථාන කරා සංචාරකයන් ගෙන යෑමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක විය. මෙම වැඩසටහනේ පැවති ගැටලූ සහගත තත්ත්වයට එකල්හි දේශීය සංවිධානවලින් බලපෑම් එල්ලවීම හරහා යම් මට්ටමකට අඩපණ වුවද එහි අයහපත් වූ බලපෑම් යළි ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙහි පවතින පළමු ගැටලූව වනුයේ මෙම රාම ගමන්මග දිගට සවිකිරීම උදෙසා හනුමාන් පිළිම ඉන්දියානු මැදිහත් වීම හරහා ලංකාවට ලැබීමයි රාම හිතවාදීන් මේ හරහා ලංකාවේ මතුවීම ඉතා සූක්ෂමව යටපත් කිරීමේ සැලසුමක් ක‍්‍රියාවට නගා ඇති බව ස්වාභාවික ශක්තීන් පිළිබද ගවේෂණය කරන්නන්ගේ මතයයි. මෙසේ රැුගෙන ආ පිළිමවලින් කිහිපයක මේ වනවිටත් සවිකර අවසානය. සංචාරක ප‍්‍රවර්ධනය යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වුවද එහිදී නිසි ගවේෂණයකින් තොරව ලංකාවේ ශක්ති කලාප ලෙස ඉන්දියානුවන් මේ වන විටත් හදුනාගත් ප‍්‍රදේශ ඔස්සේ මෙම සංචාරය නිර්මාණය කර ඇත. ඒ අනුව පෙනී යන්නේ හුදෙක්ම මෙය දේශීය අවශ්‍යතාව මතින් නිර්මාණය වූවක් නොවන බවය.
මෙම සංචාරයත් සමග සීතා දේවිය අග්නි පරීක්ෂාවට ලක් වූ ස්ථානය ලෙසින් පෙන්වා දුන් වර්තමාන වැලිමඩ දිවුරුම් පෙළ රජමහා විහාර භූමිය ලංකාවේ ඉහලින්ම ඇති ශක්ති කලාපයයි. මේ තුළ ඉදිකරන්නට යන සීතා කෝවිල ලංකාව තුළ ඉදිකරන්නට සැලසුම් කර ඇති රාම කෝවිල් හැටහතරින් ප‍්‍රධාන කෝවිලයි. එය සීතා කෝවිලක් ලෙසින් පෙන්වා දුන්නද මේ තුළ අඩි දාහතක් උස රාම පිළිමයක් ස්ථාපිත කෙරෙන බවත් එය මේ වන විටත් ඉන්දියාවේ නිර්මාණය වෙමින් පවතින බවටත් ආරංචිමාර්ග හෙළි කරයි.
සති කිහිපයකට පෙර සීත කෝවිලක් තනන්නට ඉන්දියාව එකග වූ බව මධ්‍යයට වාර්තා වුවත් මෙයට වසර තුනක පමණ සිට දිවුරුම් හෙළ රජමහා විහාර භූමියේ රාම දෙවොල හා රාම අධ්‍යයන කේන්ද්‍රයක් ක‍්‍රියාත්මක වෙමින් පවතියි. එසේ බලන කළ අපට මතුවන ප‍්‍රධාන ගැටලූව වනුයේ රජමහා විහාර භූමියක් තුළ කෝවිලක් නිර්මාණය වූයේ කෙසේද යන්නය. දෙවැනි කාරණය වූයේ ඉන්දියානු රාම සංචාරකයන් හෝ රහස් අවශ්‍යතා මත සීතා දිවුරුම් දුන් තැන ලෙස දිවුරුම් හෙළ පෙන්වා දුන්නද දේශීය හෙළ ගවේෂකයන් හා විද්වතුන් පෙන්වා දුන්නේ දිවුරුම් හෙළ යනු යක්ෂ ගෝත‍්‍රයේ ප‍්‍රධාන සටන් මෙහෙයුම් මධ්‍යස්ථානය පැවති භූමිය බවය.
ඉන්දියානු පුරාවිද්‍යාව මේ වනවිට රාමායන හා මහාභාරත පුරාවෘත්ත අධ්‍යයනය හරහා සම්පූර්ණ කතාවටම අදාළ ගම් නගර මතුකරගෙන හමාරය. මේ රාම සංචාර කෝවිල් පිහිටුවීම හා පිළිම සවිකිරීම හරහා රාම වප්තිවාදය පැතිරවීමේ දැඩි උත්සාහයක් පවතින බව මේ වන විට හොදින්ම පෙනී යන කරුණකි.
රාම රාවණා යුද්ධයේදී විනාශ නොවී ඉතිරිවූ ගලකින් නිර්මාණය කරන ලද විශේෂිත රාම ස්වරූපී විෂ්ණු රූපයක් ලංකාවට එවීමේ ප‍්‍රබල උත්සාහයක් පසුගිය කාලය තුළ පැවතියේය. කොළඹට ආසන්න ප‍්‍රධාන පන්සල් කිහිපයකින්ම මෙම පිළිමය සවි කිරීමට ඉඩක් වෙන් කිරීමට ඉන්දියානු ව්‍යාපාරිකයන් පිරිසක් හා ලංකාවේ කෝවිලක දමිල පූජකයෙකු දැඩි වෙහෙසක් දැරූහ. උතුරේ යුද්ධය නිමාවීමට පෙර මෙය රට තුළට ගෙන ඒමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ පැවතියේය. මේ සදහා ඔවුන් ඉදිරිපත් කළේද පුරාවෘත්තයකි රාම උමරු විභීෂණය වූ පොරොන්දුවක් ඉටු කිරීම වස් මෙම පිළිමය ගෙන එන බවය. කුමනාකාරයෙන් හෝ එම පිළිමයද මේ වන විට ලංකාවේ දෙවොළක් තුළ සවි කර අවසානය.
අලූත්ම ඉන්දියානු කුමන්ත‍්‍රණය වූයේ රාම ස්වරූපී නැතහොත් දකුණු ඉන්දියානු හුරුව සහිත රාවණ පිළිම ලංකාව පුරා පිහිටුවීමයි. මේ උදෙසා ඉන්දියා මව් සමාගමක් හරහා ක‍්‍රියාතමක වන ලංකාවේ ප‍්‍රබල ව්‍යාපාරික ආයතනයක් මුදල් යොදවමින් සිටියි. පසුගිය කාලය තුළ මෙම රාම කතාවට පණපෙවීමට මුදල් යෙදවූ බොහෝ පිරිස් දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රබල චරිත ලෙස මේ වන විට ලාංකේය බුද්ධි අංශ හදුනාගෙන තිබීම හා සමහර පිරිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් හරහා අත්අඩංගුවේ පසුවීම තුළම අපිට පෙනීයන කරුණ වනුයේ රාම කතාව වෙනත් අවශ්‍යතාවක් පවතින බවය.
ඇත්තෙන්ම මේ පසුබිම ක‍්‍රියාත්මක වන්නා වූ අවශ්‍යතාව කුමක් විය හැකිද? එය අනෙකක් නොව දමිළ ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව මතින් යළිත් වරක් දමිළ පිවිසුම්වාදය නැතහොත් නිජබිම් සංකල්පයට පණදීම උදෙසාය. 1982 වසරේදී දමිළ මහාචාර්යවරයකු වූ ඉන්ද්‍රපාල කාර්තිකේට් විසින් සොයා ගන්නා ලද රිදී මංජුවාවක වූ වචනයක් අනුව එය දමිළ වචනයක් සේ අර්ථකථනය කර දමිළ නිජබිම් රාම රාවණා යුගය දක්වා ව්‍යාප්ත වන බවට දමිළ පිවිසුම්වාදය ඉදිරිපත් කරලීය. එහෙත් ඒ මතය මහාචාර්ය රාජ් සෝමාදේවයන්ගේ ගවේෂණ හරහා බිද ඇටුණු අතර ඔහු පෙන්වා දුන්නේ එහි සදහන් වන්නෙ ”කෙවිට” යන අර්ථය බවයි. මෙය පූජ්‍ය මානෑවේ විමලරත්න හා ජලිත අමරසිංහ වැනි හෙළ ගවේෂකයන් පෙන්වා දෙන්නේ කේවේසස්ථා යන රාවණා රජුගේ මුණුබුරන්ගේ නම් මේ තුළ සටහන්ව ඇති බවය. මේ මතවාදයන් සමග ලෝකයම දෙමළ පිවිසුම්වාදය බැහැර කරලීය. ඒ කෙසේ වෙතත් යළිත් දමිළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත ඔස්ටේ‍්‍රලියාවේදී මහාචාර්ය ඉන්ද්‍රපාල කාර්තිකේට් දමිළ පිවිසුම්වාදය සනාථ කරමින් පොතක් එළි දක්වා ඇත .
මෙවන් පරිසරයක් තුළ රාම් සංකල්පය අප රට තුළ ස්ථාපිත කිරීම හරහා උත්සාහා දරනුයේ දමිළ පිවිසුම්වාදයේ මුල් ලංකා පොළොව තුළ පැළ කිරීමය. මෙයට ඉන්දියානු රහස් ඔත්තු සේවාවලද සහය ලැබෙමින් පවතින බවට පැහැදිලි සාධක මතුවෙමින් පවතී. කෙසේ වෙතත් රාම කෝවිල් හැටහතරක් ඉදිකරන්නට යන වැඩපිළිවෙළේ දෙවැනි අදියරද ක‍්‍රියාත්මක වී අවසානය වැල්ලවත්තේ ඉදිවූ රාමපුරම් නිවාස සංකීර්ණයද එහිම එක් කෙළවරකි.
ඉන්දියානු මහ කොමසාරිස් තනතුර සදහා ලංකාවට පැමිණි සෑම පුද්ලගයෙකුටම තම නිල කාලය අවසන් වූ පසු ඉන්දියාවේදී හිමි වනුයේ සුවිශේෂී තනතුරකි. එය රාජ්‍ය පාලනයේ උපරිම බලතල සහිත තනතුරක් වන බව පසුගිය කාලවකවානුව දෙස බැලූවිට පෙනී යයි ඒ හරහා අපට අවබෝධ වන්නේ ඉන්දියාවට ලංකාව ඉතා වැදගත් වූ සංධිස්ථානයක් බවය. එනම් තානාපති සබදතා ඉතා කල්පනාකාරීව ගෙන යා හැකි දක්ෂයකු සෑමවිටම අප රටට එවන බවය. ඒ තුළ ඇත්තේ ලංකාව කොතරම් ඉන්දීය පාලනයට වැදගත් වන්නේද යන්නය.
මෙය ආගමික ප‍්‍රශ්නයක් නොව රාජ්‍ය බලය පිළිබද ඉතිහාසගත ප‍්‍රශ්නයකි අප රාමලා සීතලා හෝ හනුමන්තලා අලූතෙන් අවැසි නැත. තියෙන දේ තියෙන ලෙස පවතින්නට හැර දෙඇස් හැර කටයුතු නොකළොත් අප ජාතියක් ලෙස නැගීසිටින්නට උත්සාහා දරන මොහොතක යළිත් දෙපයින්ම ඇදවැටෙනු ඇත. අප ස්වාභාවික ශක්තීන් විශ්වාස නොකළද ඉන්දියාව මෙන්ම අතිනවීන තාක්ෂණය සහිත ඇමරිකාවද ස්වාභාවික ශක්තීන් අතිශයින් විශ්වාස කරයි. මේ බල තරගය සිදුවන්නේ ඒ උදෙසාමය.
- කාංචන මනමේන්ද්‍ර
August 15, 2013 at 12:01 am | lanka C news

0 comments:
Post a Comment