Pages

Friday, August 16, 2013

උසාවි නියෝගයෙන් අනුරපුර අනවසර මුසලු පල්ලිය ඉවතට


අනුරාධපුර පූජා බිමේ මල්වතු පෙදෙසේ ස්ථාපිත කර තිබූ ‘මිනන්’ නැමැති මුස්ලිම් පල්ලිය අධිකරණ නියෝගයක් මත අද (15) දහවල් අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරින් විසින් බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කරන ලදි. අනුරාධපුර මහ නගර සභාව විසින් මෙම පල්ලියට එරෙහිව පැවරූ නඩුවක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණ අතර එහිදී මෙම පල්ලිය අනවසරයෙන් ඉදිකළ එකක් බවට උසාවිය තීරණය කළේය.

ඒ අනුව පල්ලිය කඩා ඉවත් කිරීම සිදු කෙරිණ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අනුරාධපුරයේ මුස්ලිම් ජනමාධ්‍යවේදියකු වන මොහොමඩ් මහරුෆ් රිස්වි මහතා පවසා සිටියේ මෙම සිද්ධියට අනුරාධපුරයේ ජුම්මා මුස්ලිම් සභාපතිවරයා ඇතුලු එහි පාලනාධිකාරිය සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි. ඔවුන් උසාවියට පැමිණ මෙම පල්ලියට කිසිවෙක් වන්දනා කරන්නට එන්නේ නැතැයි පැවසීම අත්තනෝමතික ප්‍රකාශයක් බව ඔහු සඳහන් කරයි.

පල්ලිය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ සිංහල ජනතාව, මහ නගර සභාව හෝ ස්වාමීන් වහන්සේලා කිසිවෙක් වගකිව යුතු නැතැයි පෙන්වා දුන් රිස්වි මහතා පල්ලිය කඩා ඉවත් කරන්නට මොහොතකට පෙර දහවල් 12 දේව මෙහෙයද එහි පැවැත් වූ බව පැවසීය.

මෙම පල්ලිය ආසන්නයේ මුස්ලිම් පවුල් 45ක් ජීවත් වෙයි. දේව මෙහෙයන් සඳහා දිනපතා පිරිමින් සියයක් පමණ සහභාගි වෙති. ළමුන් 45 දෙනෙක් මුස්ලිම් දහම් අධ්‍යාපනය මෙහි ලැබුවා නම් එම පල්ලිය කිසිවෙක් වන්දනා නොකරන එකක් යැයි ජුම්මා මුස්ලිම් සංවිධානය පැවසීම මුසාවක් බව රිස්වි මහතා කියයි.

උසාවි නියෝගයකින් අනුරාධපුර මල්වතු පෙදෙසේ මුස්ලිම් පල්ලිය කඩා ඉවත් කරයි - 2013 අගෝස්තු 15 04:05 p:m
ඡායාරූප සහ සටහන - බුද්ධික මහේෂ් විජේසූරිය (අනුරාධපුරය)

1 comments:

Shiz said...

පල්ලි කැඩීමෙන් සිදුවන්නේ සෑම මුස්ලිම් ගෙයක්ම පල්ලි වීමයි...