Pages

Saturday, August 17, 2013

මුසලු අන්තවාදීන් මගේ රැවුලට වෛර කරනවා - පකිස්ථනු ව්‍යාපාරික මොහොමඩ් ඛාන්

මගේ ජීවිතය මගේ රැවුලයි!

පකිස්‌තාන ව්‍යාපාරික මලික්‌ අමීර් මොහොමඩ් ඛාන් මුස්‌ලිම් අන්තවාදීන්ගේ මරණ තර්ජනවලට මුහුණ දී සිටින පුද්ගලයෙකි. පෙෂාවා හි වෙසෙනා මේ 48 හැවිරිදි ව්‍යාපාරිකයා මරණ තර්ජනවලට මුහුණ පා සිටින්නේ ඔහුගේ රැවුල නිසාය. අඟල් 30 ක්‌ දිගැති මෙම උඩුරැවුල නිසා ඛාන් බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටී. නමුත් මුස්‌ලිම් අන්තවාදී සංවිධානය නම් මේ රැවුලට අකැමැතිය. මේ රැවුල කපා දැමිය යුතු බවත් නැත්නම් මසකට ඩොලර් 500 ක කප්පමක්‌ ගෙවිය යුතු බවත් ලක්‍ෂාර් ඊ ඉස්‌ලාම් යන සංවිධානය මොහුට දන්වන ලදී. පසුව මොහු මේ කප්පම ගෙවීම ප්‍රතික්‍ෂේප කළ නිසා 2009 දී මේ ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස්‌ ගුහාවක සිරකර තබන ලදී. මසකට පසුව ඛාන් නිදහස්‌ කරනු ලැබුවේ රැවුල කපා දමන බවට වූ පොරොන්දුව මතයි.

මේ තර්ජන නිසා පන්ජාබ් ප්‍රාන්තයේ µයිසලාබාද්වලට පදිංචියට පැමිණි ඛාන් නැවතත් රැවුල වැව්වේය. මේ රැවුල නඩත්තු කිරීම සඳහා ඛාන්ට මසකට ඩොලර් 150 ක්‌ වැය වන අතර එය පකිස්‌තාන ගුරුවරයකු මසකට ලබන වැටුපට වැඩිය.

රැවුල නැවත වැවීමෙන් පසුව ඔහුට නැවතත් මරණ තර්ජන එල්ල වී ඇති අතර සිය ඥතින් බැලීමට පෙෂාවර් නුවරට ගියත් එය ඉතාම හොර රහසේ කිරීමට ඔහු වගබලා ගනී.

මේ රැවුල ගැන මලික්‌ ඛාන්ගේ බිරිඳ හා දරුවන් දස දෙනා වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ නෑ. සමහර වෙලාවට මගේ පවුලේ අය කියන්නේ මේ රැවුල කපා දමන්න කියලයි.

රැවුලට වඩා ජීවිතය වටිනවා කියලයි ඔවුන් කියන්නේ. මට මගේ පවුලෙන් වෙන්වෙලා ඉන්න පුළුවන්. පකිස්‌තානයෙන් පිටවෙලා ඉන්නත් පුළුවන්. නමුත් මගේ රැවුල නම් කපන්නේ නැහැ. රැවුල තමයි මගේ ජීවිතය. මගේ ජීවිතයේ එකම විනෝදාංශය තමයි, මේ රැවුල නඩත්තුව. මෙය ජීවිතයේ කොටසක්‌ නොවෙයි. එය ජීවිතයයි.

මේ තර්ජන නිසා මම කැමැතියි ඇමරිකාවට, කැනඩාවට, බ්‍රිතාන්‍යයට ගිහිල්ලා දේශපාලන

රැකවරණ ලබාගන්න. මගේ රැවුලට මම ආදරෙයි, යනුවෙන් මලික්‌ ඛාන් කියයි.

වරදත්ත අකලංක

0 comments: