Pages

Sunday, August 18, 2013

'වේ ප්‍රෝටීන්' කිරිපිටි තවමත් වෙළෙඳපොළේ

රට පුරා වෙළෙඳසල් හා පෞද්ගලික ඔසුසල් බොහොමයක තවමත් මෙරට භාවිත කිරීම තහනම් කර ඇති "ක්‌ලොස්‌ටි්‍රඩියම්" බැක්‌ටීරියාව මුසුවී ඇති බවට සැක කෙරෙන "වේ ප්‍රෝටීන්" අඩංගු ළදරු කිරිපිටි වර්ග, අමතර පෝෂණ ශක්‌තිජනක කිරිපිටි වර්ග හා පානයන් මහජනතාවට අලෙවි කෙරෙන බව වාර්තා වේ.

කොළඹ නගරයේ පිහිටි වෙළෙඳසල් හා පෞද්ගලික ඔසුසල් 1100 ක පමණ තවමත් මෙම විශේෂිත කිරිපිටි වර්ග හා පානයන් නිදැල්ලේ මහජනතාවට අලෙවි කරන අතර එම කිරි පිටි සමාගම් ඒවා වෙළෙඳසල්වලින් ඉවත් කර ගෙන නැතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය. "වේ ප්‍රෝටීන්" සහිත කිරි පිටි වර්ගයකට එකතු වී ඇතැයි කියන බැක්‌ටීරියාව පිළිබඳ දැනට සිදුකෙරෙන පරීක්‍ෂණ කටයුතු අවසන් වනතෙක්‌ එම කිරිපිටි වර්ග හා ශක්‌තිජනක පානයන් වෙළෙඳපලෙන් ඉවත්කර ගන්නා ලෙසට ඉකුත් සතියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් කිරිපිටි සමාගම් හා අලෙවිකරුවන් වෙත දැනුම් දී ඇතත් මෙතෙක්‌ එය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/08/18/news05.html

0 comments: