සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ වැඩබලන මහානායක ධුරයට අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමිපාණන් වහන්සේ පත්ව සිsටිති.
සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිමහානායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ මඳක් වයෝවෘද්ධව පසුවන බැවින් උන්වහන්සේගේ දැනුම්දීම මත එම සංඝ සභාව මගින් මෙම පත්වීම සිදුකර තිබේ.
පන්නිපිටිය රුක්මලේ ධර්ම විජයාලෝක විහාරය ඇතුළු විහාර ගණයේ අධිපතීත්වය හොබවන උන්වහන්සේ දීර්ඝ කාලයක සිට ධර්ම ශාස්ත්රීයේ නිරතව අග්‍රගණ්‍ය පඬිවරයෙකි. ප්‍රසිද්ධ ලේඛකයකු මෙන්ම ධර්ම දේශකයකු වන උන්වහන්සේ සමාජ මෙහෙවරෙහි නිරතව සිටින උදාර යතිවරයෙකි.
උන්වහන්සේ වැඩබලන මහානායක ධුරයට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පත්ව සිටිති.

0 comments:
Post a Comment