Pages

Thursday, August 29, 2013

කොටි අතින් ඝාතනයට ලක්‌ වූ සිවිල් ජනතාව ගැනත් සොයන්න

තිස්‌ වසරක යුද සමයේදී අතුරුදන් වූවන් හා කොටි ත්‍රස්‌තවාදීන් විසින් මරා දමන ලද සිවිල් ජනතාව ගැනත් පරීක්‍ෂණ පවත්වා සාධාරණය ඉටු කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මියගෙන් ත්‍රිකුණාමලයේ ජනතාව ඊයේ (28 දා) ඉල්ලා සිටියහ. පිල්ලේ මහත්මිය නැඟෙනහිර පළාත් ආණ්‌ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම මහතා හා පළාතේ ලේකම්වරුන් හමුවීමට පැමිණි අවස්‌ථාවේ උතුර - නැඟෙනහිර සිංහල සංවිධානය හා නැඟෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමය පැවැත්වූ උද්ඝෝෂණයකදී මෙම ඉල්ලීම කළ අතර එහි අවස්‌ථාවකි මේ. උද්ඝෝෂණය පැවැත්වූ ජනතාව පිල්ලේ මහත්මිය වෙත සංදේශයක්‌ ද බාර දුන්හ. පිල්ලේ මහත්මිය සාම්පූර් ප්‍රදේශයේ අවතැන් වූවන්ගේ කඳවුරු පරීක්‍ෂාවට ද ගියාය. 

ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
http://www.divaina.com/2013/08/29/news11.html

1 comments:

Unknown said...

කොටි සංවිධානය කරපු වේලු පිල්ලා, ත්‍රස්තවාදියෙක් නෙමෙයි දෙමල ජාතිහිතර්ෂියෙක් කියලා නේ දකුණු ඉන්දියාවේ උන් කියන්නේ...
මෙච්චර මිනි මරපු තිරිසනාට ඔහොම කියයි නම්, තව මොනවා කියයි ද ? ඔව්වට සාදාරණය ඉෂ්ට වෙන්න කල්ප ගානක් යාවී..

Bora Diyaka Induwara