Pages

Wednesday, August 21, 2013

දියර කිරි නිසා සෙම් රෝග නෑ – රජයේ වෛද්‍යවරු

ජනතාව තුල දියර කිරි පානය කිරීම ඉසා සෙම් රෝග සෑදෙන බවට මිත්‍යා මතයක් ඇතිවී තිබුණද එය එසේ නොවන බවත් කිරිපිටි සකස් කරන්නේද දියර කිරි සහ වෙනත් සංඝටක කිහිපයක් එකතු කිරීමෙන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

දේශීය කිරි කර්මාන්තය ප‍්‍රචලිත කිරීමට වගකිව යුත්තන් කටයුතු  කළ යුතු බවත් දෙමාපියද දරුවන් දේශීය දියර ඉරි භාවිතයට හුරු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා ප‍්‍රකාශ කළේය.

දරුවෙකුට පළමු මාස 06 තුළ මවුකිරි පමණක් ලබාදී ඉන්පසුව දරුවාට වසර දෙකක් පිරෙනතුරු මවුකිරි සහ අතිරේක ආහාර ලබාදී එතැන් පටන් දිය කිරි ලබාදීමට කටයුතු කිරීම තුළින් කිසිදු ආබාධයක් ඇති නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන බවද සොයිසා මහතා සදහන් කළේය.

මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුව වසර 2020 දී මේ රට දේශීය කිරිවලින් ස්වයංපෝෂිත කරන බව පැවසූවත් මේ වසරේදී කිරිපිටි ආනයනය කිරීමට රජය රුපියල් බිලියන 43ක් වෙන්කර තිබෙන බවත් එහෙත් රටේ ඖෂධ  අවශ්‍යතාව සැපිරීමට වෙන්කර තිබෙන්නේ බිලියන 10 කට ආසන්න මුදලක් පමණක් බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

බිලියන 43ක් වියදම් කර ගෙන්වන කිරිපිටි නිසා රෝගීවන ජනතවට ප‍්‍රතිකාර කිරීමට සිදුව තිබෙන්නේද ඖෂධ  සදහා වෙන් කරන මුදලින් බවද එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සදහන් කළේය.

කිරිපිටි ආනයනය කිරීමට එතරම් මුදලඅක් වියදම් කළද දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියිණු කිරීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා ලක්ෂ 12කට අධික කිරි ගව  සම්පතින් ප‍්‍රයෝජන ලබාගන්නේ කිරි ගවයන් ලක්ෂ දෙක හමාරක් වැනි සුළු ප‍්‍රමාණයකින් පමණක් බවට හෙළි වී ඇතැයිද ඔහු පවසා    සිටියේය.

මේ නිසා දේශීය කිරි කර්මාන්තය ප‍්‍රචලිත කිරීමට වගකිවයුත්තන් කටයුතු කළ  යුතු බවත් දෙමාපියන්ද දරුවන් දේශීය දියර කිරි භාවිතයට හුරු කළ යුතු බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

August 19, 2013 at 8:35 am | lanka C news
කටකතා බොරු… දියර කිරි නිසා සෙම් රෝග නෑ – රජයේ වෛද්‍යවරු
http://lankacnews.com/sinhala/news/99590/

සබැඳි ලිපි කිහිපයක්-
[

ඉතා වැදගත්, කියවිය යුතුම ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments: