Pages

Tuesday, August 27, 2013

ජනවාර්ගික අර්බුදය විසඳීමේ දෙජාස මතය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න - දේවානන්ද අහියෝග කරයි

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමට දෙමළ ජාතික මතවාද හෙළිදරව් කිරීමට ඕනෑම මාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයක්‌ සඳහා දෙමළ සන්ධානයේ ඕනෑම අයෙකුට ආරාධනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක තමන් සූදානම් බවත් අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්ද මහතා මන්නාරමේදී ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා පැවැසුවේ දෙමළ සන්ධාන මහ ඇමැති අපේක්‍ෂක විග්නේෂ්වරන් මහතා එකිනෙකට පරස්‌පර කරුණු ඉදිරිපත් කරන බවයි. දෙමළ ජනතාවගේ ගැටලු සඳහා ස්‌ථිර විසඳුමක්‌ ලබාදීමට ඔවුන් සතුව නිසි වැඩපිළිවෙළක්‌ නොමැති බවත් අමාත්‍යවරයා පැවැසීය. අනාගතයේදී උතුරේ සංවර්ධනය වේගවත්ව කිරීමට අවශ්‍ය නම් රජයට සහයෝගය ලබාදී රජයේ නියෝජිතයන් මෙම පළාත් සභා මැතිවරණයෙන් පත්කර ගන්නා ලෙස දේවානන්දා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අද දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ එක්‌සත් බව ජාත්‍යන්තරයට පෙන්වා දීමට කතාකරන බවත් නමුත් ඔවුන්ට එදා ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ වෙල්ලමුල්ලි වයික්‌කාල්හි ඇතිවූ විනාශය වළක්‌වා ගැනීමට නොහැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

දෙමළ මතවාද හෙළි කරන්නැයි දෙමළ සන්ධානයට ඇරියුම් කරනවා, මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
http://www.divaina.com/2013/08/27/news16.html

ප.ලි.
ජනවාර්ගික අර්බුදයක් මෙරට තුළ නැත. දමිළයන් වඩාත්ම සුරක්ෂිත, දමිළයන් බහුල යාපනයේ නොව, සිහලුන් බහුල කොළඹය. යාපනයේ අඩුකුළ ජනයා තලා පෙළා දැමීම සිදුවේ. වැල්ලවත්තේ අඩුකුල ජනයාට පදිංචි වීමටවත් නොහැකිය.

0 comments: