Pages

Saturday, August 17, 2013

‘නිශ්ශබ්ද වෙනු’ ඉස්ලාම් පල්ලිය ඉදිරිපිට පුවරුව ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

මාවතගම පරගහදෙනිය මුස්ලිම් පල්ලිය ඉදිරිපිට සවිකර ඇති ‘පල්ලිය ඉදිරිපිටදී නිශ්ශබ්ද වන්න’ යනුවෙන් සදහන් පුවරුව දින 14ක් ඇතුළත ගලවා ඉවත් කරන ලෙස පිලැස්ස මහේස්ත‍්‍රාත් නාමල් පෙරේරා මහතා පරගහදෙනිය මහ පල්ලියේ මවුලවිතුමාට සහ මාර්ග සංවර්ධන අධිකරණයට නියම කළේය.
එමෙන්ම ලබන 28 වෙනිදා ඒ සම්බන්ධයෙන් වු කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.

මාවතගම පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාගයට ගනිමින් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සිංහල බෞද්ධ ජනතාවගේ විරෝධයට ලක්ව තිබෙන මෙම පුවරුව පොලිස් ආඥා පනතේ 98 වැනි වගන්තිය යටතේ මහජන කැළඹීමක් ඇතිවීම වළක්වාගැනීම සදහා අදාළ පුවරුව ගලවා ඉවත් කිරීමට නියෝගයක් පනවන ලෙස මාවතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්න මහතා අධිකරනයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා විවාදයට තුඩුදී තිබෙන එම පුවරුව දින 14 ක් ඇතුළත ඉවත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට සහ පරගහදෙනිය මහ පල්ලියේ ප‍්‍රධාන මවුලවිතුමාට නියම කොට,එම පුවරුව ඉවත් නොකරන්නේ නම් ලබන 28 වෙනිදා ඊට හේතුවන කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.

August 16, 2013 at 1:46 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99453/

0 comments: