Pages

Thursday, August 15, 2013

ප්‍රංශයේ මුසලු විරෝධී රැල්ලක්

ප‍්‍රංශයේ ඉස්ලාම් ෆෝබියාවට එරෙහි ක‍්‍රියාමාර්ග ගන්නයි ඉල්ලති

ප‍්‍රංශයේ ලියොන් නගරයේ එල් ෆොර්කානේ මුස්ලිම් දෙව්මැදුරට ප‍්‍රහාරයක් එල්ල තිරීම සඳහා සූදානම් වූ 23 හැවිරිදි හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට පත්වීමේ සිදුවීම ප‍්‍රංශ මුස්ලිම්වරුන්ට එරෙහි මතවාදයේ නැගීම සනිටුහන් කරන බව එම දේවස්ථානයේ ප‍්‍රධානි කාමෙල් කබ්ටානේ පවසා තිබේ.

ප‍්‍රංශයේ පවතින ඉස්ලාම් භීතිකාවේ වර්ධනය කිසිවකුට නොතකා හැරිය නොහැකි බවත් හමුදාව තුළ මෙවැනි තත්වයක් මතුවීම අන්ත දක්‍ෂිණාංශික මතවාදය හමුදාව කරා ගලා එමින් පවතින බවට සාක්‍ෂියක් බවත් ඔහු පවසා ඇත.

මුස්ලිම්වරුන් දැඩි බියකින් පසුවන බවත් කාන්තාවන් නිවසින් බැහැරවීමට බියෙන් සිටින බවත් දැක්වූ පූජකවරයා මේ අදහස් පළකර ඇත්තේ දේවස්ථානය ඉදිරිපිටට රැස්වූ 100ක පමණ බැතිමතුන් පිරිසක් අමතමිනි.  පසුගිය වසරට සාපේක්ෂව මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් 60%කින් වර්ධනය වී ඇති බව දක්වන කබ්ටානේ පවසා ඇත්තේ අගමැති හොලන්ඬේ රජය ඉස්ලාම් භීතිකාවට එරෙහිව පියවර ගතයුතු බවයි.

මුස්ලිම් කටයුතු වලට මැදිහත්නොවීම නිසා ප‍්‍රංශය ජාතිවාදී යයි හංවඩු ගසන බව උග‍්‍ර දක්‍ෂිණාංශික ජාතික පෙරමුණේ උප සභාපති ෆ්ලෝරියන් ෆිලිප්පෝ පවසා තිබේ.  ඔහු දක්වා ඇත්තේ ප‍්‍රංශය නිදහස් රටක් වුවද ප‍්‍රංශයේ සුළු ජාතික කණ්ඩායම් වල වර්ගවාදය තමන් හෙළාදකින බවයි.

මිලියන 5ක මුස්ලිම් ජනගහනයක් සහිත ප‍්‍රංශය තුළ පසුගිය වසරට සාපේක්ෂව මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් සංඛ්‍යාව 298 සිට 469 දක්වා වර්ධනය වී ඇති බවත් දේවස්ථානයන්ට එල්ල කළ ප‍්‍රහාරයන් 40 දක්වා දෙගුණයකින් වැඩි වී ඇති බවත් ඉස්ලාම් භීතිකාවට එරෙහි කමිටුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මුස්ලිම් කාන්තාවන්ට මුහුණ ආවරණය කෙරෙන නිකාබය සහ බුර්කාව පැළඳීම තහනම් කරන නීතියක් 2011 සිට ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක වන අතර පසුගියදා අනුකලනය පිළිබඳ ඉහළ කවුන්සිලය මගින් විශ්වවිද්‍යාල තුළ කි‍්‍රස්තියානි කුරුසි, යුදෙව් කිප්පා හිස්වැසුම් සහ මුස්ලිම් හිස් ආවරණ ඇතුළු ආගමික සංකේත පැළඳීම තහනම් කිරීමට නිර්දේශ කර ඇති බවද වාර්තා වේ.

August 15, 2013 at 3:25 am | lanka C news

මුස්ලිම් කාන්තාවකගේ බුර්කාව ඉරා දමා මහ මගදී පහර දෙයි

පැරිස් අගනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශයකදී 16 හැවිරිදි මුස්ලිම් දැරියකට පහරදී ඇගේ මුහුණු ආවරණය ඉරා දැමීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.

ට‍්‍රැපේස්හි පිහිටි සිය මිතුරෙකුගේ නිවසින් බැහැරව ඇවිද යද්දී යුරෝපීය ලෙස පෙනෙන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මුස්ලිම් විරෝධී සහ ජාතිවාදී වදනින් බැණවදිමින් ඇයට පහරදී ඇති අතර ඉන් එක් අයෙකු හිස මුඩු කර තිබූ බව පොලිසිය වෙත කළ පැමිණිල්ලේදී ඇය පවසා ඇත.

මුහුණු ආවරණය ඉරා දමා බිම පෙරළා පහර දෙන විටදී තවත් පුද්ගලයෙකු පැමිණ ඇය ගලවාගෙන ඇති අතර පහර දුන් පුද්ගලයන් මෝටර් රථයක නැග පලා ගොස් තිබේ.

පසුගිය මාසයේදී මුස්ලිම් කාන්තාවක් පරීක්ෂවට ලක්කිරීමේ සිදුවීමෙන් පසු උණුසුම් තත්වයක් නිර්මාණය වූ ට‍්‍රැපේස් ප‍්‍රදේශයේ ඇතිවූ මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකින අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැනුවෙල් වාල්ස් පවසන්නේ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර කළ යුතු බවයි.

ප‍්‍රංශයේ මුස්ලිම් විරෝධී පහරදීම් 60%කින් ඉහළ නැග ඇතැයි වාර්තා වේ.

මින් පෙර ආර්ගෙන්ටියුල් හිදී කාන්තාවන් කිහිපදෙනෙකුට පහරදීම් වාර්තා වූ අතර පැලෙයිස් ඩෙස් පැපේස් නම් යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයේ මුස්ලිම් විරෝධී පාඨ සටහන් කළ පුද්ගලයෙකු පසුගියදා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

August 15, 2013 at 1:45 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/99403/

1 comments:

Anonymous said...

එල රට රැකගන්න ප්‍රංශයට ජයවේවා...