Pages

Sunday, August 25, 2013

ලංකා සිතියමේ හැඩය වෙනස්‌ වෙයි

හම්බන්තොට හා දකුණු කොළඹ වරායන් ඇතුළු වෙරළ තීරය ආශ්‍රිතව සිදුකර ගෙන යන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ශ්‍රී ලංකා සිතියමේ හැඩය සහ රටේ මුළු භූමි ප්‍රමාණය වෙනස්‌ වී ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මැනුම්පති උදයකාන්ත මහතා zදිවයින ඉරිදා සංග්‍රහයZට පැවැසීය.

වර්ග සැතපුම් 25,332 ක්‌ව පැවැති ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය සංවර්ධනයත් සමඟ වර්ග සැතපුම් 25,334 දක්‌වා වැඩි වී ඇති බව හෙතෙම පැවැසීය.

එමෙන්ම සංගමන්කන්ද තුඩුවේ සිට කොළඹ දක්‌වා වන ශ්‍රී ලංකාවේ පළල කිලෝමීටර් 219 ක්‌ වන අතර, එම ප්‍රමාණයත් මේ වන විට කිලෝමීටර් 220 ඉක්‌මවා ගොස්‌ ඇති බව ඒ මහතා පවසයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී සමස්‌ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි මැනුම් කටයුතු කර අලුතෙන් සකස්‌ කරන සිතියම තුළින් දැක ගත හැකි යෑයි ද උදයකාන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/08/25/news05.html

1 comments:

Anonymous said...

භූමිය නම් වැඩිවෙයි. හැබැයි ලංකාවේ ලස්සන මුතු ඇට හැඩය වෙනස් වෙනවා. ගංකබරයින්ගේ ගොන් වැඩ.