Pages

Friday, August 30, 2013

පෝක් සමුද්‍ර සංධිය හෑරීමේ 'සේතු සමුද්‍රම්' ව්‍යාපෘතිය - විශාල හානියක්, ආර්ථික වටිනාකමකුත් නෑ – ඉන්දියාවෙන්ම චෝදනා

ඉන්දියානු හා ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ ඉදිකෙරෙන සේතු සමුද්‍රම් ඇළ මාර්ගය මගින් පරිසරයට විශාල බලපෑමක් සිදු වන බවත්,එම ඇළ මාර්ගයේ ආර්ථික වටිනාකමක් නොමැති බවත් ඉන්දීය පරිසර සංරක්ෂණ සංවිධානයක් යළි අනාවරණය කළ බව ”ද හින්දු”පුවත් සේවය වාර්ථා කරයි.

වෙරළ කි‍්‍රයාකාරී ජාලය (Coastal Action Network CAN) නම්වූ මෙම සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ ව්‍යාපෘතිය හරහා ලෝක භූ විද්‍යාත්මක උරුමයක් වශයෙන් හදුනාගෙන ඇති ආදම්ගේ පාලමට (රාම් සේතු) විශාල වශයෙන් හානි පැමිණිය හැකි බවයි.එසේම මෙම ව්‍යාපෘතිය හරහා සාමුද්‍රික-ජෛව පරිසරයට විහාල වශයෙන් ගැටලූ ඇතිවන බව ඔවුන් සදහන් කර ඇතැයිද හින්දු පුවත් සේවය වාර්ථා කළේය.

මේ අතර ඉන්දු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ගෝපාල කි‍්‍රෂ්ණන් පවසන්නේ යෝජිත නෞකා ඇළ මාර්ගය හේතුවෙන් මන්නාරම් බොක්කේ මුහුදු පතුලටද දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බවයි.

මෙම ව්‍යාපෘතියට 2007 වසරේ විරෝධතා එල්ලවීමත් සමග එම විරෝධතා සලකා බැලූවද ඉන්දීය මහඅධිකරණය ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සදහා අවසර ලබා දුන්නේය. නමුත් ඉන් අනතුරුව නැවත වරක් එම තීරණයට එරෙහිව පරිසර සංවිධානය විසින් අභියාචනාවක් ගොනුකළ අතර,අභියාචනාධිකරණය තීරණය සදහන් කළේ ව්‍යාපෘතියට අදාළව පරිසර තත්ත්ව වාර්තාවක් සකස් කරන ලෙසයි.

August 30, 2013 at 4:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/100222/

0 comments: