Pages

Thursday, August 15, 2013

ඉන්දීය නිදහස් දිනය අද… තමිල්නාඩු ආක‍්‍රමණ නෑ… නාවික හමුදාව කච්චතිවු රකී

කිසිවෙකුටත් මෙරටට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් අවට මුහුදේ පෙර සේම ආරක්ෂක විධිවිධාන තරකොට ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි.

අදට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයේදී ශ්‍රී ලංකාවට විරෝධය දක්වා තමිල්නාඩු ධීවරයින් සහ ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් කළු කොඩි රැගෙන කච්චතිව් දුපතට පැමිණීමට සූදානමක් ඇති බවට ඉන්දීය මාධ්‍ය කර තිබූ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් කළ විමුසමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

මීට ඉහතදී ද ශ්‍රී ලංකාවට විරෝධය දක්වමින් විරෝධතාවේ නිරතවීමට ඉන්දීය ධීවරයින් කිහිප වතාවක් උත්සාහ ගත්තද ඉන්දීය වෙරළාරක්ෂක බළකා නිලධාරීන් එය වලක්වා තිබුණි.

August 15, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99400/

සබැඳි ලිපි -
[

කච්චතිව් දුපතේ ඉන්දීය ධජය ඔසවන්න සැලසුම්

http://denethharinna.blogspot.com/2013/08/blog-post_3917.html 

]

0 comments: