Pages

Saturday, August 17, 2013

රජරටට කුඩා ජල පවිත්‍රාගාර 100 ක්‌

රජරට ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගයට පිළියමක්‌ වශයෙන් කුඩා ජල පවිත්‍රාගාර සියයක්‌ වහාම එම ප්‍රදේශයන්හි ඉදිකිරීමට තීරණය කර ඇතැයි ජල සම්පාදන හා ජලා පවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (16 දා) අනුරාධපුරයේදී පැවසීය.

වකුගඩු රෝගය බහුල වශයෙන් පවතින ප්‍රදේශ සියයක්‌ ආවරණය වන පරිදි මෙම ජල පවිත්‍රාගාර ඉදිකෙරෙන බවද හෙතෙම කීය.


රෝගයට පිළියම් ලෙස කෙටිකාලීන පියවරක්‌ වශයෙන් මෙම ජල පවිත්‍රාගාර ඉදිකරන බව ද කී ඇමැතිවරයා ඉදිරියේදී මහා පරිමාණ වශයෙන් ජල පවිත්‍රාගාර ඉදිකරන බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (16 දා) ආරම්භ වූ "ජල සහයෝගීතාවය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ" සමාරම්භක සැසියේදී අදහස්‌ දක්‌වමිනි.

සිරිමන්ත රත්නසේකර, සිරිල් බස්‌නායක - අනුරාධපුරයේ සිට
http://www.divaina.com/2013/08/17/news04.html

0 comments: